නූතන වෛද්‍ය විද්‍යාවේ ව්‍යුහය ගොඩ නැංවූ හිපොක්‍රටීස් | (ක්‍රි. පූ. 460-375 ) ඉතිහාසය වෙනස් කළ මිනිස්සු හෙරක්ලිඩිස් නම් වූ ග්‍රීක වෛද්‍යවරයකුට පුත් ව කොස් නම් දූපතේ උපන් හිපොක්‍රටීස්, සිය පියා ගේ අඩිපාරේ යමින් වෛද්‍යවරයකු වීමට උගත්තේ ය. ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වලට බල පෑ විවිධ පොත් පත් හා ශාස්ත්‍රීය නිබන්ධ 100 කට වඩා ඔහු රචනා කෙළේ ය. හිපොක්‍රටීස් ඔහු ජීවත් වූ කාලයට වඩා බොහෝ ඉදිරියෙන් සිටියේ ය. වෛද්‍ය ප්‍රතිකාර සඳහා මන්ත්‍ර කරුවන්, යක්දෙස්සන් ආදීන් ...
පාරාවෝ මේනස් (ඊජිප්තුව - ක්‍රි. පූ. 3100) ඉතිහාසය වෙනස් කළ මිනිස්සු පාරාවෝ මේනස්ලෝක ඉතිහාසයේ පළමු අධිරාජයා ද, ඓතිහාසික එක්සත් ඊජිප්තුවේ ආදිකර්තෘ වරයා ද, එහි ප්‍රථම රාජ වංශයේ ප්‍රථම නරේන්ද්‍රයා ද ලෙස සැලකෙන්නේ පාරාවෝ මේනස් ය. ඉතිහාසය හැඩ ගැස්වීමේ ලා හැකියාවක් ඇති පුද්ගලයකු ගේ බිහි වීම, එවැන්නක් සිදු විය හැකි පසුතලයක පරිණාමය මත රඳා පවතී. යමකුට එවැනි චරිතයක් රඟපෑම සඳහා කිසි යම් වේදිකාවක් තිබිය යුතු ය. ඒ අනුව මේනස් රඟ පෑ වේදිකාව ...