Kedr - තරු ඇල්ලු මිනිසා කුරුන්ද 2012 වෙසක් මස 24 වනදාපිදුමලා රෝස පැහෙයෙන් යුතුව වැඩෙන කුරුඳු දල්ලක් සේ සෙමෙන් වැඩෙන කුරුන්ද නම් වූ ලපටි බ්ලොග් අඩවියේ උන්නතිය වෙනුවෙන්, සිය කාලය ශ්‍රමය වැයකරමින් කළ ඉමහත් සේවය අගය කරනු වස්, කෙසෙල් කොටුවේ චූටි එකා නොහොත් බුද්ධිට මෙම ලිපිය මෙසේ පිළිගන්වා සිටිමි. ~~~~~~~ ඒ 1934 වසරේ මාර්තු මාසයයි. තොටිල්ල මත සිට බෙරිහන් දෙන සිය පවුලේ නවතම සාමාජිකයා දෙස ඔහුගේ ...
" Los - 33 " හෙවත් පණපිටින් මිහිදන් වූ 33 න් දෙනාගේ කතාව.... කුරුන්ද දුරුතු 07, 2012 / ශනිදාමොහොතක් සිතන්න...සුළු මොහොතකට, ඔබව පණ පිටින් වැළලී ඇතැයි සිතන්න.. නැවත කිසිදා ගැලවිය නොහැකි ලෙස, පණ පිටින් වැළලී ඇතැයි සිතන්න. බාහිර ලෝකය සමඟ පැවති සියළු සබඳතා බිඳ දමමින්, අදුරු බිම් ගෙයක් තුල, යලි කිසිදා හිරු එළිය නොදකින ලෙස, කිසිඳු ගැලවීමක් නොමැති ලෙස වැළලී ඇතැයි සිතන්න. තව මොහොතකින්, දිනකින් හෝ දෙකකින්.. හුස්ම ගැනීමට නොහැකිව, ආහාර ජලය නොමැතිව, හාමතේ, ...
අපූරු තෝල්කයා කුරුන්ද දුරුතු 14, 2012 / ශනිදාගිය සතියේ පතල් අස්සේ රිංගලා කට්ටියට මහන්සිත් නැතැයි.. ඒක හින්දා ටිකක් හිනා යන කතාවක් ලියන්ඩ හිතුනා. හිනා යයිද දන්නෙ නම් නෑ.සුද්දා අපේ රට පාලනය කරන කාලේ වෙච්ච අලකලන්චියක් මේක. කට්ටිය ලංකාව අතෑරලා යන්ඩ ඔන්න මෙන්න කියලා වෙච්ච දෙයක් කියලා හිතමුකො.ඔය අදිරාජ්යවාදීන් බලහත් කාරයෙන් රටවල් අල්ලගන පාලනය කරනකොට ඉතින් නිකම්ම දෙගොල්ලන්ගේ ගති සිරිත්, නම් ගම් එහෙම එහෙට ...
බෝතලේ විත්ති | අලියා පිටේ කටුස්සා..... කුරුන්ද 2013 බක් මස 20 වනදාSource : http://www.lankajournal.com/"මල්ලීඊඊඊ අන්න එනෝ....." ඒ ලොකු අයියාගේ හඬයි..නැන්දාගේ පරණ ශ්‍රී සඟරා මිටිය අවුස්සාගෙන අමුතුම ලෝකය මනසින් සැරිසරමින් සිටි මා පියවි ලෝකයට ආවේ ඒ හඬිනි."මල්ලී අන්න අලියා එනවා"යි කියමින් ලොකු අයියා සහ සේන පඩි පෙළෙහි පහතට දිවීම ඒ වනවිටත් අරඹා තිබුණි. ශ්‍රී සඟරා ගොඩ පසෙකට හෙළු මමද දෙවරක් නොසිතාම ඔවුන් පස්සෙන් වැටුණෙමි.තනිකරම කළුගල් එකටෙක පුරුද්දා, බදාම ...
Kedr - තරු ඇල්ලු මිනිසා - අවසාන කොටස කුරුන්ද 2012 පොසොන් මස 09 වනදාමුලින්ම අභ්‍යාවකාශගත වන මිනිසා වීම සඳහා, යූරි ගගාරින් හා හර්මන් ටිටෝෆ් අතර තියුණු තරගයක් විය. දෙදෙනාම කරට කර සිටියහ. ඇත්තෙන්ම මුලින්ම බලධාරින්ගේ වැඩි කැමැත්ත වූයේ හර්මන් ටිටෝෆ් වෙතය. අවසානයේදී පෙර සඳහන් විභාග ප්‍රතිඵලය සහ යූරිගේ පවුල් පසුබිම ලොව මුල්ම ගගනගාමියා වීමේ වාසනාව යූරි වෙත ගෙන ආහ. ඔබ සැම දන්නා පරිදි සෝවියට් සමූහාණ්ඩුව යනු එවකට ලොව පැවති ...
ලොවම ත්‍රස්ත කල " පුංචි කොළුවා " සහ " මහත මිනිසා " - දෙවන කොටස කුරුන්ද 2012.02.04ලිපිය කියවීමට මෙතනින් යන්න.
බයිසි මොටෝ එක... කුරුන්ද 2013 වෙසක් මස 11වනදාඅසූව දශකයේ මුල ඇතිවූ ඒ දීපව්‍යාප්ත වැඩවර්ජන රැල්ල, තාත්තාගේත්, අම්මාගෙත් රැකියාවන් අහිමි කොට දමා තිබීම නිසා දරිද්‍රතාවය ඉදිරි දොරටුවට තට්ටු දමමින් තිබුණි. වසරකට ආසන්න අති දුෂ්කර කාලයකට පසු තාත්තාට රැකියාවක් ලැබුණද, එය දරු පස් දෙනෙකුගෙන් යුතු පවුලක කුදු මහත් කටයුතු වෙනුවෙන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවුණේය. කොරේ පිටට මරේ යැයි කියමින්, තාත්තාගේ මතට ඇබ්බැහිවීම තත්ත්වය තව තවත් නරක අතට ...
ලොවම ත්‍රස්ත කල " පුංචි කොළුවා " සහ " මහත මිනිසා " කුරුන්ද 2012 හේ දුරුතු මස 24 වන කුජදාසියල්ල සන්සුන්, මහා කුණාටුවකට පෙර පවතින භයානක සන්සුන් කමකට එය සමාන කල හැකිය. කිසිඳු වෙනසකින් තොරව, වෙනදා මෙන්ම සූර්යයා ද නගරය එළිය කරමින් අහසේ දිදුලමින් තිබින. යුධ බිය පැවතුනද, ගුවන් ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීම ඉවත් වූයේ සුළු මොහොතොකට පෙර වුවද, නගර වැසියන් සිය සුපුරුදු දින චර්යාව වෙත යොමු වෙමින් සිටියහ. සමහරුන් ලහි ලහියේ සිය ...
බළල් පණක් තිබූ පූජකයා.. කුරුන්ද 2012 මදින් මස 23 වනදා,සාමාන්‍යයෙන් මිනිසෙකුව මැරීමට කෙතරම් සයනයිඩ් ප්‍රමාණයක් අවශ්‍යද ? මෙය ඒ පිළිබඳව අත්දැකීම් ඇත්තෙකුට හෝ ඒ පිළිබඳ පරීක්ශණ කරන පුද්ගලයෙකුට, වෛද්‍යවරයකුට හැරුන කොට එක එල්ලේ සාමාන්‍යය පුද්ගලයෙකුට පිළිතුරු දිය නොහැකි පැනයක් බවට සැකයක් නැත. කොටි ත්‍රස්තවාදීහූද සයනයිඩ් කරලක් පාවිච්චි කළ බවට අප අසා ඇත්තෙමු. එහි කෙතරම් ප්‍රමාණයක් සයනයිඩ් නම් වූ වස අඩංගුව තිබෙන්නට ඇත්ද ? ඒ කෙසේ ...
දොරුව පරාදයි..... කුරුන්ද 2013 නිකිණි මස 15 වනදානිර්භීත, නොපසුබස්නා, දරුණු තීරණ ගත හැකි, අධිෂ්ඨානශීලී, උත්සහවන්ත මිනිසෙකුව කිසිවෙකුටත්, කිසිදා සිරගත කල නොහැකිය. ඇරන් රාල්ස්ටන්ගේ කතාව අපිට කියාපාන්නේ මෙම සත්‍යය නොවන්නේද ?XXXXXXXඇරන් රාල්ස්ටන් යනු කඳු නැගීම හා ගවේෂණය සිය විනෝදාංශය කොටගත්, මෙම සිදුවීම වන විට විසි හත් හැවිරිදිවූ, ඇමෙරිකානු ජාතික තරුණ ඉන්ජිනේරුවෙකි. 1975 ඔක්තෝබර් මස 27වන දින ඔහියෝ හී මරියොන් නගරයේ උපත ලද ඇරොන්, ඔහුට ...
මේ ස්තූතිය නුඹලාටයි ! කුරුන්ද 2012 උඳුවප් මස 03 වනදා-----------------------------------------------------------ආයුබෝවන් !!!උඳුවප් 03, 2011අද තුන.තුන් වෙනිදා කියන්නෙ, අපේ ජීවිත වල විශේෂ සිදුවීම් වෙච්ච දවසක්. ඒ අතරිනුත් උඳුවප් තුන විශේෂයි, මොකද අද අපේ විවාහ සංවත්සරය. හය.ඉතින් ඒ විශේෂ දවසෙම, මට හිතුනා මගේ බ්ලොග් එකත් පටන් ගත්තොත් හොඳයි, කියලා. මේක තමයි, මෙදා සැරේ බිරිඳට ලැබෙන තෑග්ග. හොඳයි නේද.පටන් ගත්තේ නම්, හැමෝම කරනවා දැකලා මිසක්, කිසිම අරමුණක් ඇතුව නෙමේ. ...
හිමකතරක අතරමංව කුරුන්ද 2012 මැදින් මස 13 වනදා,අද 13. සාමාන්‍යයෙන් 13 අසුභ ලකුණක් කියලා තමා පොදු පිළිගැනීම. සිකුරාදා දිනය 13 වැටුනොත් තවත් නපුරු බව පැවසෙයි. ජේසු තුමාව කුරුසියේ ඇණ ගසා ඝාතනය කළේත් එවැනි දවසක බවටද මතයක් ඇත. ජේසු තුමාගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගන්ඩ ඕනානම් ඒකට වඩාම සුදුසුම පුද්ගලය තමා, මම කවදාවත් නොදැන සිටි මේ කතාව ගැන දැනුවත් කොට ඒ ගැන ලිපියක් ...
සැවුලෙකුගේ විලාපය කුරුන්ද 2012 ඇසල මස 27 වනදායාන්තම් ඇහැ පියවීගන ආවා විතරයි, එතකොටම වගේ ඇහැරුණා වගේ තමා මතක. ඒ ඉතින් අපේ හැටිනෙ. තාම හොඳටම කළුවරයි. එළිය බැලුවට එච්චරම පැහැදිලිත් නෑ. මම වාඩි වෙලා හිටපු පටිය දිගේ බිත්තිය අයිනට ගියේ යාන්තම් හරි එළියක් පේනවද බලන්ඩ. මොන, පට්ට කළුවරයි. අල්ලපු ගෙදර කුකුල් රාජයනම් අඬලන සද්දෙ ඇහුණා. ඒ කියන්නෙ තව සෑහෙන වෙලාවක් මෙහෙම ලැගගන ඉන්ඩ ඕනා ...
ඒ රුහුණේ කොල්ලා, මුළු ලෝකෙම හොල්ලා... | සංශෝධිත නිකුතුව කුරුන්ද 2013 නවම් මස 07වනදාමතකද "ඒ රුහුණේ කොල්ලා, මුළු ලෝකෙම හොල්ලා" ?ඕක තමයි කුරුන්දෙ දිශානතිය වෙනස් කරපු ලිපිය. නොහිතපු විදිහට පාඨක ආකර්ෂණයට ලක් වෙච්ච ලිපිය. අදටත්, කුරුන්දෙ ලිපි අතරින් වැඩිම පිරිසක් කියවපු ලිපිය. මේක කුරුන්දෙ තුන්වෙනි ලිපිය. ඊට කලින් දාපු ලිපි දෙකට මගේ ප්‍රතිචාරත් එක්ක ප්‍රතිචාර දහයක් දොළහක් තමා තිබුණෙ. හැබැයි මේක රොකට් එක වගේ කඩාගන උඩට ගියා. දවස් දෙකතුනක් යනකොට ...
ලෝකය සරලව ළමයකුගේ ඇසින් කුරුන්ද 2012 උඳුවප් 16 වනදාඅද වැඩිය කියවන්ඩ නෑ.. පින්තූර විතරයි. කම්මැලි පෝස්ට්...ළමයෙක් ලෝකය දකින්නෙ කොහොමද කියලා බලන්ඩකො.සමහර ඒවානම් වටහා ගන්න අමාරුයි. ළමා මනස කියවීමේ විශේෂඥයො ඉන්නවනම් දෙන්න පුළුවන් ඒවා ගැන විශ්ලේෂණ හෝ විචාර.වැඩි කතා මොකටද.. ඔහොම්ම යමු පල්ලෙහෑට...1. කඩල-පළතුරු...2. මල හා ළමයා...3. දෙන්න බලන්න විශ්ලේෂණයක්... 4. අල්ල භාවිතයෙන් ඇඳපු කුරුල්ලෙක්. පෙර පාසලෙන් උගත් දෙයක්.. 5. උදය6. සත්තු වත්ත7. අපට උදව් කරන්නෝ8. ...
9/11 අතුරු කතාවක් | The Miracle of Stairwell B කුරුන්ද 2012 ඇසල මස 20 වනදාමහල් එකසිය ගණනකින් යුත් ගොඩනැගිල්ලක් මහලින් මහල ගැටෙමින් කඩා වැටන විට, ඔබ එම ගොඩ නැගිල්ලේ සිව්වන මහලේ සිටියොත් දැනෙන හැඟීම කිනම් වේවිද ? එසේ සිටි අයකු දිවි ගලවා ගනීද ? එසේ සිටි එක් අයකු නොව පිරිසක්ම දිවිගලවා ගත් කතාවක් අසා තිබේද ?ටොන් මිලියන භාගයක් තරම් වූ යකඩ සහ කොන්ක්‍රීට් ප්රවාහයකට හසුව දිවි ගලවා ගැනීම ඇත්තෙන්ම හාස්කමකි. ...
HMS Coventry | ජයග්‍රහණයේ නියමුවාගේ නික්මයෑම.... කුරුන්ද 2013 නවම් මස 22 වනදා=========================================================================යමුද ලෝකය වටේ රවුමක් ?ශ්‍රී ලංකාව / ඉතාලිය / තායිලන්තයචිලී දේශයඇමෙරිකා එක්සත් ජනපදය / ජපානයඇන්ඩීස් කඳු වැටියරුසියාවඑක්සත් රාජධානිය / අත්ලන්තික් සාගරය / ඇමෙරිකාවසෝවියට් දේශයජපානය / පිලීපීන දූපත්ඇමෙරිකා එක්සත් ජනපදයඉතාලිය / එක්සත් රාජධානියපැපුවා නිව් ගිනි / පේරු / අප්රිකාවජර්මනියඊලඟට ????=========================================================================අදින් වසර තිහකට පමණ පෙර, හරියටම කිවහොත් 1982 අප්‍රේල් 02වෙ
නොකැපූ නියපොත්ත කුරුන්ද 2012 නවම් මස 29 වන දා,මම මේ කියන්ඩ යන කථාවේ නිධාන කථාව තියෙන්නේ මෙන්න මෙතන. මේ කථාව තව දිගට කියවන්ඩ කලින්, ඒ කතාව කියවීම තදින්ම නිර්දේශ කරමි. ඔන්න එහෙම නොකර මේ කථාව තේරුනේ නැහැ කියලා මට දොස් කීම සපුරා තහනම්ය.=====================================XX================================සිද්ධිය පොලීසියට වාර්ථා වූ සැනින්, ස්ථානාධිපතිවරයාගේ අනින් උපපොලිස් පරික්ෂක රොබින් නිරිඇල්ල සහ ඔහුගේ සහයකයා වූ සාජන්ට් වීරවංශ සිද්ධිය සිදුවූ නිවසට හෙවත් ...
යුද්ධය අවසන්... එළියට එන්න.... කුරුන්ද "ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත." අසා තිබේද මේ ආප්තෝපදේශය ? පිළිගැනීමට අපහසුතාවයක් දැනෙනවානම්, කියවමු මේ කතාව.මෙන්න අණ ! ~~~ඔබට සිය දිවි නසා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්ය. අවුරුදු තුනක් හෝ පහක් විය හැකියි, මොනදේ සිදු වූවත් අපි ආපහු ඔබ වෙතට එන්නෙමු. ඒතාක්, එක් සොල්දාදුවෙක් ඉතුරු වෙනතාක්, ඔබ ඔහුට නායකත්වය දිය යුතුයි. සමහර විට ඔබට පොල් කෑමෙන් පමණක් දිවි රැකගැනීමට සිදු වේවි ...