ඉස්කෝලෙ වෙනුවෙන්, තිරය පිටිපස්සෙ වැඩ isuru71s Note මොකක් හරි ඉස්කෝලෙක විද්‍යා සංගමය කියන්නෙ ඉස්කෝලෙ තියන ලොකුම සංගම් වලින් එකක්. ඒකෙනුත් විද්‍යා දිනය කියන්නෙ ඉස්කෝලෙක තියෙන හොඳම දිනය කියලත් කියන්න පුලුවන්. සාමාන්‍යයෙන් විද්‍යා සංගමයෙ සාමාජිකත්ව තියෙන්නෙ ඉස්කෝලෙ ගණිත විද්‍යා කරන උ/පෙළ අංශයට විතරයි (අපේ ඉස්කෝලෙනම් එහෙමයි). ඒත් මමයි මගේ යාළුවො දෙන්නෙකුයි විද්‍යා දිනයට සම්බන්ධ වුනේ 10 වසරෙදිමයි. ඒ ග්‍රැෆික් නිර්මාණ වලටයි, ත්‍රිමාණ සජීවීකරණ වලටයි සහය ගන්න. මේකෙන් කියන්න ...
වලියකට යද්දි ඇරන් යන්න ඕන සෙට් එක isuru71s Note කලින් පෝස්ට් එකක ලිව්ව වගේ මේ අවුරුද්දෙ මුල මාසයම සෙට් වුනෙ වලි විතරමයි. ඉතිං ඔය වලියකට දෙකකට සෙට් වෙලා දැන් වලියකට යද්දි මොන වගේ සෙට් එකක්ද එක්කගෙන යන්නෙ ඕනෙ කියල යන්තමට වගේ තේරෙනව. ඕනෙම වලියකට ඇරන් යන්න ඕනෙ මේ වගෙ සෙට් එකක් තමයි. හොදට කතා කරන්න පුලුවන් එකෙක්: ඉස්කෝලෙ විවාද කණ්ඩායමේ එකෙක් හරි කමක් නෑ හොදට කතා කරන්න පුලුවන් නම්. ...
ඉස්කෝලෙ සර්ගෙ බත් පැකට් එක කාපු හැටි isuru71s Note මේක දැන් ටික දවසකට කලින් වෙච්ච සිද්ධියක්. ලියන්න ඕනෙ කියල හිතාගෙන හිටියත් වෙලාවක් ආවෙම නෑ. ඉස්කෝලෙදි වෙච්ච සිද්දියක් වුනත් මම මේ කියන දවසෙ හිටියෙ නෑ. ඉතිං කතාව යාළුවන්ගෙන අහ ගත්ත විදිහට තමයි ලියන්නෙ. අපේ ඉස්කෝලෙ නීතියක් තියෙනව බත් පැකට් ගේන්න බෑ. දන්න කාලෙ ඉඳන්ම එහෙමයි. ඒත් ඉතිං කොල්ලො ඉන්න ඉස්කෝලෙක කොච්චර කීවත් බත් පාර්සල් ගේනව. ගේන්න එපා කියන එකට හේතුව තමයි ...
දෙමළ පීරියඩ් එක isuru71s Note පොඩි කාලෙ ඉස්කෝලෙදි එපාම කරපු චාටර්ම විෂය තමයි දෙමළ. 6 වසරෙ ඉදන් 9 වසරට එනකම් මාව කන්න ආපු විෂයක් තමයි දෙමළ කියන්නෙ. ලංකාවෙ රාජ්‍ය භාෂාවක් කොහෙද දෙමළ කියන්නෙ. ඒ වුනාට මටනම් දෙමළ කිව්වහම නිකන් ඊජිප්තුවට ගියා වගෙ. මෙලො සංසාරයක් තේරෙන්නෙ නෑ. 6, 7 වසර වලදිනම් හිටියෙ මැඩම්ල දෙන්නෙක් (අපේ ඉස්කෝලෙ මිස්ලට කියන්නෙ මැඩම් කියල). 8, 9 වසරෙ හිටියෙ සෑර් කෙනෙක් ...
පීඩනමානයකින් උස් සොයන දෙවනි ක්‍රමය isuru71s Note මේක ලංකාවෙ කෙනෙක්ට වෙච්ච කතාවක් නෙමෙයි. ඒත් ලංතාවෙ මෙහෙම දෙයක් වුනා කියල පුදුම වෙන්න ඕනෙත් නෑ. වටේ යන්නෙ නැතුව මේකයි කාතාව. ලංකාවෙ වගේම මේ රටෙත් විභාග කියල ඒව තියෙනව. අපිට විභාග කිව්වම අභාගෙ වගේ මේ රටෙත් එහෙම ඇති. මේ කියන කතාව භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට සම්බන්ද දෙයක්. භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ තිබ්බලු පීඩනමානය, සිංහලෙන් කියනවනම් බැරෝමීටර් එක පාවිච්චි කරල යම් ...
පාරෙ ඉදල ගනන් isuru71s Note මේක අපේ ඉස්කෝලෙ හිටපු පරණ, හොද ගණිතය විෂය උගන්නපු සර් කෙනෙක් ගැන. උසස් පෙළ ගණිතය තමයි සර් උගන්නල තියෙන්නෙ. අවාසනාවකට මට ඒ සර්ගෙන් ඉගෙන ගන්න ලැබිල නෑ. දැන් සර් විශ්‍රාම ගිහින්. සර්ට හැමෝම ආදරෙට කියන්නෙ කල්ලා කියල. ඇයි එහෙම කියන්නෙ කියලනම් අහන්න එපා. සර්ට ඉදල තියෙනව ලස්සන දුවෙක්. අපේ ඉස්කෝලෙ එවුන්ටත් ඉතිං ලස්සන කෙල්ලෙක් කිව්වොත් වෙන මොකුත් ඕනෙ නෑනේ. සර් ඉස්කෝලෙට ...
පංතිය ඇතුලෙ අලියට ඇහැ තැබීම – සිඟිති අපේ අවුරුදු උළෙල isuru71s Note කට්ටිය සයිබර් සිහින උළෙලට ගිහින් පෝස්ට් දානව දානව මට ඊරිසියාවෙ බෑ. ලබන සැරේ නම් කොහොම හරි ඕකට සහභාගි වෙනව. ඉතිං මට ඕකට සහභාගි වෙන්න බැරි වුන එකේ දුකට මම අපේ ඉස්කෝලෙ අපේ පංතිය ඇතුලෙ තිබ්බ සිඟිති අපේ අවුරුදු උළෙල ගැන පෝසටුවක් දාන්න කියල හිතුව. අලුත් අවුරුද්දෙ කිසිම අවුරුදු උත්සවයකට යන්නත් බැරි වුන එකේ, ඉස්කෝලෙන් තිබ්බ අවුරුදු උත්සවෙ පොඩි එවුන්ට විතරක් ...
මම වලහෙක් නෙමෙයි! isuru71s Note ඔන්න අලුත් අවුරුද්දෙ ඉස්සෙල්ලාම කියල පෝස්ට් එකක් දාන්නයි හදන්නෙ. මේ කතාව ඔය මහා පරිමාණයෙන් බොරු කියන අයව බයිට් කරන්න යොදා ගන්න කතාවක්. අපේ පංතියෙත් ඉන්නව ඔය වගේ මහා පරිමානයෙන් කාටව්ත් තේරෙන්නෙ නැති වෙන්න බොරු කියන එකෙක්. පොඩි කාලෙ ඉදල බොරු කියල කියල දැන් ඇත්තක් කිව්වත් අපේ එවුන්ට ෂුවර් නෑ. මේකය කතාව. කකා නායකය බොරු කියන එකා. දවසක් කොල්ලො දෙන්නෙක් (බොරු කියන එකයි තව ...
සුක්කානම අතට ගත් පයිලට් isuru71s Note පොඩි කාලෙ ඉඳල පයිලට් කෙනෙක් වෙන්න ආසාවෙන් හිටියට ජීවිතේට වෙන්නෙ නෑ කියල දන්න නිසා පයිලට් නැත්නම් අඩුම ගානෙ මැරෙන්න කලින් ප්ලේන් එකකවත් යන්න කියල තමයි මාර දුකක් විදල වීසා, පාස්පෝට් හදා ගත්තෙ. පාස්පෝට් අනම් මනම් හදාගන්න බර ගානක් වියදම් වුන නිසා ලබෙට ප්ලේන් එකක යන්න කියල රාජ්‍ය අංශයේ ගුවන් සේවාවක් හොයා ගත්තෙ. මේ ස’විස් එකටම තියෙන්නෙ ප්ලේන් හයක්ද කොහෙද. ඒවත් ...
විකල්පයක් නැති තැන අරමුණටම යාම isuru71s Note කෙනෙක්ට ජීවිතයේ අරමුණක් තියෙන්න ඕන. එතකොට ඒ අරමුණට කොහොම හරි ලගා වෙන්න පුලුවන්. නමුත් එම අරමුණට යන ගමනෙදි විකල්ප මාර්ග තිබුනොත්, තමන්ගෙ අරමුණ ඉටු කරගන්නෙ නැතුව ඒ විකල්පයක් තොරා ගන්න බොහෝ ඉඩ කඩක් තියෙනව. උදාහරණයක් කියනවනම් උසස් පෙළ කරද්දි ජීව විද්‍යාව තොර ගන්න කෙනෙක්ගෙ අරමූණ වෙන්නෙ වෛද්‍යවරයෙක් වෙන්න. එහෙම වෛද්‍යවරයෙක් වෙන්න නම් උසස් පෙළ ඉහළින් සමත් වෙලා වෛද්‍ය විද්‍යාව සදහ විශ්ව ...
නින්දෙන් මාළු ගේන්න ගිය හැටි isuru71s Note අපේ තාත්තගෙ ගම තියෙන්නෙ වේයන්ගොඩ. වේයන්ගොඩිනුත් ටිකක් ඇතුලට වෙන්න ගමක් තමයි. කිරිඅම්මා ඉන්න කාලෙ, අපේ තාත්තගෙ අම්ම ඉන්න කාලෙ අපි ගමට යන්න පුලුවන් අවස්ථාවක් ආව ගමන්ම එහෙ යනව. ඒත් මං 4 වසරෙදි විතර කිරිඅම්ම නැති වුනා. ඊට පස්සෙ අධ්‍යාපන කටයුතුත් එකක් ටිකෙන් ටික එහෙ යන එක අඩු වුනා. සීයා නැති වුනාට පස්සෙ එහෙ යන එක අලුත් අවුරුද්දට විතරක්ම සීමා වුනා. ...
පටන් ගන්න අලුතින්ම: 2012 isuru71s Note අමතක කරන්න, සියලුම නරක දේවල් මතක තියාගන්න හොද දේවල් 2011ට සමු දෙන්න පිළිගන්න 2012, අලුතින්ම Download High Resolution from here.
“නැගුම” : නගින්නෙ නැති එවුන්ට! isuru71s Note ලංකාවේ ආණ්ඩුවේ තියරිය නැග්ග වීමය. ප්‍රතිපත්ති වල තියෙන්නෙම නග්ගවන කතාය. සෑම ව්‍යාපෘතියකම “නෑගීම” යන වචනය කොහෙ හරි ගෑවිලාය. මඟ නැගුම, ගම නැගුම උදාහරණය. ඔය නගින කතා කියන එවුන්ගෙ මොන මොනවා රෑට නගිනවාද යන්න අප දන්නෙ නැත. නමුත් මොන මොනවා හෝ නගින බවනම් ඕනෑම කෙනෙකුට පැහැදිළිය. ඔය නැගුම් වලින් රට සංවර්ධනය වන බව ඇත්තය. නමුත් අපිත් ජීවත් විය යුතුය. ආණ්ඩුවේ අලුත්ම ...
ෆ්‍රිජ් එක ඇතුලට දාලා රෙදි වේලපු හැටි isuru71s Note සා/පෙ අවුරුද්දේ, නැත්නම් 11 වසරෙදි කරපු ගොන්ම ගොන් වැඩක් තමයි මේක. 11 වසරෙ අන්තිම මාස දෙක තුනෙ ඉස්කෝලෙ පට්ටම ආතල් එකක් තිබ්බෙ. අපේ පංතියෙ ගොඩක් අය ඉස්කෝලෙ ආව. ඒ නිසා ඒ කාලෙ මාරම ෆන් එකක් තිබ්බෙ. තාමත් ආස ඒ කාලෙට. දැන් වගෙ මනෝ ගහන එවුන් ඒ කාලෙ හිටියෙ නෑ. හැම එකාම ආතල් එකෙ හිටිය. ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බනම් හොඳයි ...
නුවර එළියෙ ගිහින් මල් හොයපු හැටි isuru71s Note මාසෙකට විතර පස්සෙ තමයි පෝස්ට් එකක් ලියන්නෙ. ගිය මාසෙ මහ ලොකු වැඩක් තිබ්බෙ නෑ වාර විභාග ඇරෙන්න. ඒත් එන්න හම්බ වුනෙ නෑ මේ පැත්තට. අද නිවාඩු දුන්න දවසෙ ඉස්කෝලෙදි අහන්න ලැබුන කතාවක් ලියන්න හදන්නෙ. අපේ ඉස්කෝලෙ අපේ වයසෙම ටිකක වැදගත් නම්බු නාමයක් දරන පොරකට උන වැඩක් තමයි. නම් ගම් තනතුරු කියන්නෙ නෑ ඉතිං. ගිය වාරෙ තමයි අපේ ඉස්කෝලෙ අපෙ වයසෙ එවුන් ...
න, ණ, ල, ළ භේදය isuru71s Note සිංහල භාෂාවට ඉංග්‍රීසි වචන එකතු කරල තියෙන විදිහ ගැන සමහර වෙලාවට කල කිරෙන අය ගොඩක් ඉන්නව. සිංහල පිළබඳව මහාචාර්ය ජේ.බී. දිසානායකත් ඒ වගෙ කෙනෙක් කියල මට ලගදි අහන්න ලැබුනා. සිංහල පිළබඳවම මහාචාර්ය වුනත් දිසානායක මහත්මයගෙ අදහස් අමුතුයි. එතුමා කියන්නෙ සිංහල භාෂාවය නයනු ලයනු දෙක ගානෙත් ඕනෙ නෑ කියල ලු. ඒත් සමහර වෙලාවට ලයනු, නයනු දෙක ගානෙ ඕනෙත් වෙනවලු. ඒ මේ වගේ තැන් ...
කෙල්ලන්ගෙ ෂෝ! [updated] isuru71s Note ඊයේ (17) අපේ අක්කගෙ ඉස්කෝලෙ concert එකක් තිබුන. අකක් විභාගෙත් ලියල ඉවර නිසා එයාගෙ අන්තිම concert එක. මටත් එක්ක ටිකට් එකක් ඇරගෙන තිබුන නිසා තව යාළුවෙකුත් එක්ක සෙට් වෙලා මේක බලන්න කියල ගියා. හවස 6ට විතර ඉස්කෝලෙ ඇතුලට ගියා, කෙල්ලො වැහි වැහැල. ඉස්කෝලෙන අවුට් වෙච්ච අක්කල, තාම ඉගෙන ගන්න අක්කල. කියල වැඩක් නෑ. අපිට නිකන් හොල්මන් වගෙ. ප.ලි. ඒ අස්සෙ ...
තීරණය, මුදල් සහ ගුරුවරුන් isuru71s Note ශ්‍රී ලංකාවෙ උසස් පෙළ විද්‍යා අංශයෙන් කරන අය ඒ කියන්නෙ ජීව විද්‍යාව හරි ගණිතය හරි ප්‍රධාන විෂයක් හැටියට කරන අයට යන්න පුලුවන් උපරිමය තමයි ඉන්ජිනේරුවෙක් හරි නැත්නම් වෛද්‍යවරයෙක් හරි වෙන එක. ගොඩක් දෙනෙකුගෙ මූලික අරමුන වෙන්නෙත් ඒ දේමයි. ඉංජිනේරුවරයෙක් හරි වෛද්‍යවරයෙක් හරි වුනොත් ඒ දෙගොල්ලොම තමන්ට පහත්ව සේවය කරන අයට වඩා අඩුවෙනුයි වැඩ කරන්නෙ. නමුත් පඩි දෙන්න ගියහම ඒ අඩුවෙන් වැඩ ...
තල්ලු කලා සෑර් isuru71s Note ඔන්න රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙලා හිටපු කාලෙ දවසක් වරායක් බලන්න ගියාලු (මොන වරායද කියල මගෙන් අහන්න එපා, හම්බන්තොට එක නෙවෙයි කියලනම් ෂුවර්). ඉතිං වරායෙ ජැටියක් උඩින් ඇවිදගෙන යද්දි කකුල ලිස්සල ජනාධිපති වතුරට වැටුනලු. ජැටියක් කිව්වහම එසේ මෙසේ ගැඹුරකුත් නෙමෙයිනෙ. ඒ මදිවට සරමත් ගහගෙන වැටිල තියෙන්නෙ. පීනන්නත් බෑලු. වටේ හිටපු කවුරුත් පැනල ජනාධිපතිව බේර ගන්න ට්‍රයි එකක්වත් දෙන්නෙ නෑ. කට්ටියම වටවෙලා බලාගෙන ...
කට්ටිය සෙට් වෙලා isuru71s Note අද අපේ ඉස්කෝලෙ කටින පිංකම වෙනුවෙන් තියෙන ධර්ම දේශනාව තිබ්බා. එහෙම ධර්ම දේශනාවක් තියෙනව කියල කලින් ඉදලම කියල තිබ්බා. අපේ පංතියේ එවුන් පොදු වැඩක් තියෙන දවසකට ඉස්කෝලෙ එන්නෙම නෑ. අදත් ඒ වගේ දවසක්. උදේ පාන්දර (7.30 විතර) ඉස්කෝලෙට යද්දි හත් අට දෙනෙක් පංතියේ දොර ඉස්සරහ බෑග් ටිකත් එල්ලගෙන ඉන්නව. පංතියෙ දොරට දාල තියෙන ඉබ්බගෙ යතුර ගෙනියන එකා ඇවිල්ල නෑ. උදේ පාන්දරම ...