මැඩම් බය ද? බඩා මාමාගේ ළමා කතන්දර බඩා ගේ උසස් පෙළ පන්තිය ගැන දැනටමත් කීප දෙනක් දන්නව ඇති. මේ පන්තියට "සූ" එක කියල කියපු බවත්, පන්තියේ දීප්තිමත් ශිෂ්‍යයන් කියල කියන අයත් "කීකරු සිසුන්" නොවෙන බවත් පාඨකයන්ට මතක ඇති. රාජකීය විද්‍යාලයේ උසස් පෙළ එක විෂයයක් ගුරුවරුන් දෙන්නෙක් උගන්නනවා. සත්ත්ව විද්‍යාව උගන්නපු එක ගුරුතුමියක් "සෛලිකා" බව මම කලින් කිවුවා. අනික් ගුරුතුමිය බොබ් කට් කපපු, උස, කෙට්ටු, තෙළෙලු කාන්තාවක්. ඉස්සරහ ...
ෂොට් මචං! බඩා මාමාගේ ළමා කතන්දර වෛද්‍ය පීඨයේ ඉන්න කාලේ අපි නිතරම කරන වැඩක් තමයි කැරම් ගහන එක. බොහොම හොඳට නඩත්තු වෙන කැරම් බෝඩ් තුනක් පීඨයේ තිබුණ. බෝරික් පව්ඩර් හෙම ගෙනාවේ කිලෝ ගාණට. මේ හින්දම හොඳ කැරම් ක්‍රීඩකයෝ ටිකකුත් බිහිවෙලා හිටියා. කොටින්ම විශ්ව විද්‍යාල කණ්ඩායමෙන් 90%ක්ම හිටියේ වෛද්‍ය පීඨයෙන්. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායමෙන් භාගයකට වැඩිය හිටියෙත් කොළඹ මෙඩ්ඩොම තමා. මේ කැරම් බෝඩ් එක කියන්නේ රස ...
බම්බා බඩා මාමාගේ ළමා කතන්දර මේ බම්බා බූ බම්බා නම් නෙමෙයි. බම්බා කිව්වෙ අපේ කෘෂිකර්ම ගුරුතුමාට. ආසලේ හිටපු ජ්‍යේෂ්ඨතම ගුරුතුමෙක්. කොච්චර ජ්‍යේෂ්ඨ ද කියල කියනව නම් (කට කහන දුමී ගෙ කිංචා වගේ) බඩා ගේ නැන්දා පළමු පත්වීම අරන් පාසලට එද්දිත් (අවුරුදු 40කට විතර ඉස්සර මයෙ හිතේ), බම්බ අම්බානක ජ්‍යේෂ්ඨයි. හැබැයි කෘෂිකර්මය උගන්නන්න කියාපු ගුරුතුමා. හැම දේම මූලධර්මය විතරක් නෙවෙයි, ඒක කරන හැටි හිටන් කියල දුන්න. ...
මීයා ඇල්ලීම බඩා මාමාගේ ළමා කතන්දර මේක සිද්ධ වුණේ අපි සරසවියට ආ අළුතම වගේ. ඔය සමහර කට්ටියට වගේ නෙවෙයි, වෛද්‍ය සිසුන්ට නේවාසිකාගාර හම්බ වෙන්නේ ජ්යෙෂ්ටත්ව අනුපිළිවෙල අනුව. ඒ නිසා ෆ්‍රෙෂාලා කාලේ අපි නතර වෙලා හිටියේ පුද්ගලික නවාතැන් පොළවල්වල. මේ බෝඩිම් ජ්‍යෙෂ්ටයන්ගෙන් කණිෂ්ටයින්ට යන විදියට තමයි තියෙන්නේ. ඒත්, ජ්‍යෙෂ්ට (උත්තම) යින්ට නේවාසිකාගාර හම්බ වීමත්, අපේ කණ්ඩායම පටන් ගැනීමත් අතර මාසයක් හමාරක් විතර ඉඩ තියෙනව. මේ කාලෙට ඔය ...
බටයක් දෙන්න බඩා මාමාගේ ළමා කතන්දර බඩා ගේ උසස් පෙළ පන්තියේ කොට කොල්ලෙක් හිටිය. බොහොම පැහැපත්, පොඩි දරුවෙකුගේ පෙනුම තියෙන, හිනා වෙනකොට කම්මුල් දෙපැත්ත වල ගැහෙන (සංගීතා වීරරත්නගෙ වගේ!) කොලුවෙක්. මේකා ඉගෙනීමටත් හරි දක්ෂයා. බොහොම තැන්පත් විදියට තමයි පාසලේ හිටියෙත්. කොහොම කොහොම හරි මේ තැන්පත් කොලුවා (අපි ක්‍රිෂා කියල කියමු), ඇවිත් වැටුනේ උසස් පෙළ ජීව විද්‍යා අංශයේ තිබිච්ච "අන්තිම" කියල සම්මත පන්තියට. ටික කාලයක් යද්දී මූට ...
මරූටිය බඩා මාමාගේ ළමා කතන්දර මේක විශ්ව විද්‍යාල සන්දියේ වෙච්ච අකරතැබ්බයක්. කොලඹ වෛද්‍ය පීඨය තියෙන්නෙ කින්සි පාරේ කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඔය කිට්ටුවම තමයි අපේ පිරිමි නේවාසිකාගාරය වෙච්ච බ්ලොම්ෆොන්ටේන් එහෙම නැත්නම් බ්ලොම් එක තියෙන්නෙ. වෛද්‍ය ශිෂ්‍යයෝ විදියට අපිට පාඩම් වැඩ බොහොම තිබුණ. ඒ නිසා ජනේරුවට අපි හිටියෙත් නේවාසිකාගාරයේමයි. දෙසම්බර් 31 වෙනිදා රෑට බ්ලොම් එකේ හොඳ හොඳ සෙල්ලම් කෙරෙනවා. බ්ලොම් එකට මීටර 500 විතර දුරින් ...
ඉබෝලා බඩා මාමාගේ ළමා කතන්දර මේ සිද්ධිය වුණේ 1995 දී. ඒ දවස් වල ඉබෝලා වසංගතයක් අප්‍රිකාවේ පැතිරෙමින් තිබුණා. ඉබෝලා කියන්නේ වයිරස් රෝගයක්, අවසානයේ මස් දියවීම ඇති කරවන. ඔය දවස් වලම තමයි අපේ උසස් පෙළ පන්තියට අළුත් ගුරුතුමියක් ආවෙත්. "ආසියාවේ රිදී සීනුව" විශ්‍රාම ගත්තට පස්සේ ආපු මේ ගුරුතුමියගේ පළමු පත්වීම තමයි මේ! ඇයට වයස 27ක් බව තමයි ඒ දවස් වල කිවුවේ. බොහොම මිටියි, කෙට්ටුයි. ඒකට හරියන්නම ...
සුදෙන් තන්ඩර් බඩා මාමාගේ ළමා කතන්දර මේ කතාව සිද්ද උණේ මම දහය වසරේ විතර ඉන්න කාලේ. අපේ පන්තියේ හිටිය පැණියයි, මමයි, පොඩි උවමනාවකට බොරැල්ලට ආ ගමන්. (උවමනාව පස්සෙ දවසක!) රිට්ස් සිනමා හල ඉස්සරහින් බස් එකට නගින්න ඉන්දැද්දී පැණියා බෙල්ල කරකව කරකව මොකද්ද එකක් බලනවා. මමත් ඉතින් පැණියගෙන් ඇහුව බලන්නෙ මොකද්ද කියල. "බඩෝ, උඹට ඉංග්‍රීසි ටිකක් ඇහැක්නෙ, මොකද්ද බන් අර බෝඩ් එකේ ගහල තියෙන්නේ "සුදෙන් තන්ඩර්" කියල?" ...
ඇරඹුම . . . බඩා මාමාගේ ළමා කතන්දර කාලෙකට කලින් මම බ්ලොග් වල ලිවුව බව ඔය අය දන්නව ඇති. ජීවිතේ දශක තුනහමාරක් විතර ජීවත් වෙලා, වසර දහතුනක පාසල් අත්දැකීම්, වසර හයක විශ්ව විද්‍යාල අත්දැකීම් සහ වසර හයක් වෛද්‍යවරයෙක් විදියට ලබපු අත් දැකීම් ගැන ලියන්න හිතුණා. අන්න ඒ කතා වලට ඉඩක් දෙන්න තමයි මේ අඩවිය වෙන් වෙන්නේ.මේ කතා වල එන බොහොමයක් අය අද වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, විශ්ව විද්‍යාල ආචාර්යවරු, විධායක ...