Sperm bank බඩා මාමාගේ ළමා කතන්දර බොහෝ රටවල් වල වගේම අපේ රටේත් විවාහ වූ අයගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට තියෙන ප්‍රශ්නයක් තමයි මඳ සරු භාවය (subfertility). මේ නිසා දරුවකු හදා ගැනීමට පමාවීමේ විද්‍යමය ප්රශ්නවල ඉඳලා සමාජීය ප්‍රශ්න දක්වා පුළුල් පරාසයක ප්‍රශ්න ඇතිවෙනවා. මඳ සරු භාවයට හේතුව එක්කෝ පුරුෂයා, නැත්නම් ස්ත්‍රියගේ සහ බොහෝ විට දෙදෙනාගේම ප්‍රශ්නයක්. සමහර පිරිමි අයගේ සිරුරේ ශුක්‍රාණු නිපදවෙන්නේ නැහ. සමහරුන්ගේ නිපදවෙන ශුක්‍රාණු වලට පිහිනීමේ ...
අතේ ද? කකුලෙ ද? බඩා මාමාගේ ළමා කතන්දර මේ සිද්ධියත් අපි සායනික පන්ති වලට යද්දී සිද්ධ වෙච්ච දෙයක්. ආයෙත් ශල්‍ය වාට්ටුවමයි, වෛද්‍යතුමාත් කලින් කෙනාමයි. බඩේ කැක්කුමක් එක්ක ආපු ලෙඩෙක්ව පරීක්ෂා කරන ගමන් ගුරුතුමා කියනවා "you have to ask about testicular pain" කියල. දැන් "testicular pain" කියන එක සිංහලෙන් අහන එක ගැන අපේ අර කොට ජීවිත සෙට් එකට හරි ප්‍රශ්නයක්. හැබැයි මේ ලෙඩාගෙන් අදාල වෛද්‍යතුමා ඇහුවේ "වෘෂණ කෝෂය පැත්තට ...
ගෝනි බිල්ලා බඩා මාමාගේ ළමා කතන්දර පහු ගිය සති කීපයේ අන්තර්ජාලයේ වෙච්ච වැදගත් කතිකාවක් තමයි මොරටුවේ නිකාබ් සිද්ධිය. මේ ප්රශ්නය බ්ලොග් අවකාශයට අළුත් වුණාට බඩාට නම් අළුත් එකක් නෙවෙයි. මොකද මේ සම්බන්ධව රසවත් කතා වෛද්‍ය විද්‍යාලය පැත්තෙන් එමට තියෙන නිසා.බඩාගේ කණ්ඩායමේ හිටියේ එකම එක මුස්ලිම් ශිෂ්‍යාවයි. ඇය හිජාබ් ඇන්ද බවක් වත් මතකයක් නැහැ. කොටින්ම ඇය මුස්ලිම් කියල අඳුන ගන්නෙත් නමෙන් විතරයි. අපේ සිංහල කෙල්ලන් බොහොමයකට වඩා ...
දඩයමේ යනවද? බඩා මාමාගේ ළමා කතන්දර මේ කතාව සිද්ධ වෙන්නේ බඩා මාමා වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිටියදී. කොළඹ වෛද්‍ය පීඨයේ ඒ දවස් වල ක්‍රියාත්මක වුණේ අළුත්ම විෂය මාලාවක්. මේ වෙනස නිසා අනෙක් පීඨ වල වගේ තුන්වෙනි වසර වෙනකම් ඉන්නේ නැතුව අපට දෙවැනි වසරේ ඉඳන්ම සායනික පන්ති වලට සහභාගි වෙන්න සිද්ධ වුණා. සායනික පන්ති උදෙසා බඩාගේ බැච් එක කණ්ඩායම් 14කට බෙදුවා. බඩා හිටියේ 13 වෙනි කණ්ඩායමේ. මුලින්ම ...
Referral බඩා මාමාගේ ළමා කතන්දර වෛද්‍යවරුන් අතර තියෙන සිරිතක් තමයි තම විෂය පථයෙන් එහා ගිය ප්‍රශ්නයක් රෝගියෙකුට තියෙනකොට, ඒ ප්රශ්නය විසඳන්නට හැකි වෛද්‍යවරයෙකු වෙත රෝගියා යොමු කරන එක. මේකට යොමුව නැත්නම් referral එකක් කියල කියනවා. උදාහරණයක් විදියට බඩා ප්‍රතිකාර කරන වකුගඩු රෝගියෙකුට කකුලේ සැරව ගෙඩියක් මතු වීමක් වුණොත් ඒ රෝගියාව ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමු කරනවා. ඔන්න පහතින් තියෙන්නේ බඩා ඒ විදියට විශේෂඥ වාහිණික ශල්‍ය වෛද්‍යතුමෙකුට ...
ලොක්කා අවුල් නෑ බඩා මාමාගේ ළමා කතන්දර රාජකීය විද්‍යාලය කියන්නේ මහ විසාල ගොඩනැගිලි සංකීර්ණයක්. දහය වසරේ පන්ති තිබුණේ වෙනම ගොඩනැගිල්ලක. මේ ගොඩනැගිල්ලේ තට්ටු තුනට විද්‍යාගාර තුනක් තිබිල තියෙනවා. ඒත් 1992 වෙද්දී ඒවා එතනින් අයින් කරලා ඒ කාමර වලත් පන්ති. බඩා හිටපු 10 වසරේ පන්තියත් ඒ වගේ එකක්. විද්‍යාගාරයක් නිසා පන්ති කාමරය මහා විසාලයි. ඩෙස්ක්, පුටු, ගුරු මේස ඈ ආදිය ඇති තරම් ඉඩ අරන් තිබ්බත් පන්තියේ තුනෙන් දෙකක ...
පෙට්ටිය කැඩුණොත් . . . බඩා මාමාගේ ළමා කතන්දර හැම පාසලකම කලා සංගමයක් තියෙනවා. රාජකීය විද්‍යාලයේත් ඒ වගේමයි. මේ සංගමය 1990 ගණන වල මැද හරියේදී තිබුණේ බොහොම උසස් මට්ටමක බව බෝහෝ දෙනාගේ මතය වුණා. සිංහල සාහිත්‍ය දිනය සහ කලා උළෙල කියන උත්සව දෙක තමයි සිසුන්ගේ දක්ෂතා එළි දක්වන්න තියෙන අවස්ථා. ඒ නිසාම මේ උත්සව ජයට පැවත්වුනා. ඒ වගේම පාසලේ නම නිසාම බොහෝ ආධාර උපකාර ලැබුණු නිසා කලා උළෙල ගත්තේ ...
බෝඩ් ගහගන්න බඩා මාමාගේ ළමා කතන්දර මේ කතාවත් මහාචාර්ය කතන්දරයක්. මීට කලින් හොස්ටල් රවුන්ඩ්ස් කරන්න ගිහින්, කොටු පැනලා සහ සුද්දන්ට තෙල බෙදන්න ගිහින් ඇදගෙන නාගත්තු මහචාර්යතුමාලා ගැන බඩා ලිවුවා මතක ඇති. මේ මහාචාර්යතුමාත් ඉතාම ප්‍රසිද්ධ තුමෙක්. කොටින්ම තමන්ගේ විෂයය ගැන අසියාවේම ඉන්න නොම්මර එකේ විද්වතෙක්. හබැයි මළ පැනීම සුපිරියි. මේ මහාචාර්යතුමාට තද වුණාම වෙන්නේ ගෙම්බෙක් පිම්බෙනවා වගේ මූණ පිම්බෙන එක. ඔන්න මෙන්න පුපුරන ගානට මූණ පිම්බෙනවා. ...
සුද්ද නිසා බේරුණා බඩා මාමාගේ ළමා කතන්දර මේ කතාව සිද්ධ වෙන්නේ 2001 අවුරුද්දේ. ඒ වෙනකොට අපි හතර වන වසර ශිෂ්‍යයෝ. මේ සිද්ධියට පාදක වෙන්නේ අපේ ජ්‍යේෂ්ඨ කණ්ඩායම, මහාචාර්ය සායනික ඒකක වල වැඩ කරපු කාලය. මහාචාර්ය ඒකක වල ප්‍රධානියා බොහෝ විට ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙක් බව ඔබ දන්නවා ඇති. මේ මහාචාර්ය තුමාත් එහෙමයි. උසස් පාසලකින් ඉගෙන ගත්තු, උසට සරිලන මහත තියෙන බොහොම තේජවන්ත මහාචාර්යතුමෙක්. තරුණ කාලයේදී වෙඩි උණ්ඩ වගේ වේගයෙන් ...
කොයි පකද? (18+ ) බඩා මාමාගේ ළමා කතන්දර කතන්දර කාරයා විසින් පුක යනු කුණු හරුපයන් නොවෙන බව අති සාර්ථක විදියට ඔප්පු කළා. ඒ අතරම "පයිය" යැනු පැසට කියන තවත් නමක් විනා කුණු හරුපයක් නොවෙන වග කෝරලේ මහත්මයා විසින් මෑතකදී අති සර්ථකව ඔප්පු කරන ලැබුවා. අද බඩා මාමා පෙන්නන්න යන්නේ "පක" කියන්නෙත් කුණු හරුපයක් නොවෙන වග. මේකට අදාල කර ගන්නෙත් පරණ කතාවක්මයි.සාමාන්‍ය පෙළ සිංහල පන්තියකට බඩා ගියේ මාස කීපයක් ...
මාමා බඩා මාමාගේ ළමා කතන්දර වෛද්‍ය විද්‍යාලයේ විභාග වලින් අසමත් වෙලා පහළ වසර වලට සිසුන් එක් වෙන එක ඒ තරම් දුර්ලභ දෙයක් නෙවෙයි. බඩා ගේ කණ්ඩායම නම් මේ අතින් කප් ගහපු කණ්ඩායමක්. පළමු වසර විභාගයෙන් 17ක් "බැච් මිස්" වෙලා තියපු වාර්තාව අද වෙන තුරුත් කඩලා නෑ. මෙහෙම ලොකු ගානක් බැච් මිස් වුණාට ඉහළ වසර වලින් බැච් මිස් වෙලා අපේ කණ්ඩායමට ආවේ බොහොම සීමිත ප්‍රමාණයක්. මෙන්න ...
කවුද බ්රේක් ගහන්නේ? බඩා මාමාගේ ළමා කතන්දර වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසර කියන්නේ බොහොම් දරුණුවට සායනික ක්‍රියාකාරකම් සිදුවන කාලයක්. මේ කාලයේදී අපේ දවසෙන් වැඩි කාලයක් ගෙවෙන්නේ මහාචාර්ය ඒකක වල (ඒ කියන්නේ විශ්වවිද්‍යාල වලින් කෙරෙන වාට්ටු). උදේ හතහමාරට වාට්ටුවට ආවාම, එයින් පිටවෙන්නේ හවස පහ විතර වෙද්දී. සමහර දාර රාත්‍රී කාලයේත් එන්න සිද්ධ වෙනවා. හැබැයි බඩා සහ මිතුරු කැල පිස්සු නටන්න මේ කාලයේත් වෙලාව හොයා ගත්තා. සිකුරාදා දවසක රාත්‍රියේ මධුවිත ...
අන්න බබෝ ඇතින්නියා බඩා මාමාගේ ළමා කතන්දර බඩා ඇතුළු කණ්ඩායම මගින් කළ අති සාර්ථක නම් තැබීමක් වුණු කොණ්ඩයා ගැන කියවන පිරිසට මතකයි කියල හිතනවා. කොණ්ඩයා යකඩ උස්සලා ඇඟ පුම්බ ගත්තට මොකද කලාවට බර, සින්දු කියන්න පුළුවන් බොහොම මෘදු මනුස්සයෙක්. ඒ කාලේ ඉඳලාම ළමයින්ට දැක්කුවේ පුදුම ලෙන්ගතු කමක්. මේ අපි ළමා වාට්ටුවේ වැඩ කරද්දී වුණු රස කතා කීපයක්.සාමාන්‍යයෙන් සැත්කමකට කලින් රෝගියෙක්ව පැය හයක් විතර නිරාහාරව තබනවා. වතුර බොන්න ...
ඡන්දේ බඩා මාමාගේ ළමා කතන්දර 1990 ගණන් වල මැද හරියේ උසස් පෙළ පන්ති වල තිබුන තවත් ලස්සන වැඩක් තමයි පෝස්ටර් ගැහිල්ල. තමන්ගේ ප්‍රතිවාදියෙකුට මඩ සහිත අපහාසාත්මක පෝස්ටරයක් ගහලා විනෝද වීම ඒ දවස් වල බහුලව වෙච්ච වැඩක්. දැන් වගේ මූණු පොතෙන්, අරහෙන් මෙහෙන් කෙනෙක්ගේ ඡායාරූප හොයා ගන්න බැරි කාලෙක මේ පෝස්ටර් වැදුනේ කාගේ හරි ඇල්බම් එකකින් පින්තූරයක් හොරකම් කර ගත්තාම. එහෙම නැත්නම් කියනෙන කවුද කියලා ඇඟවෙන ...
නම් තැබීම බඩා මාමාගේ ළමා කතන්දර ලංකාවේ විශ්වවිද්‍යාල කියන්නේ උප සංස්කෘතියක්. මේ උප සංස්කෘතිය ඇතුලේ සමාජයීය, පුද්ගලික සහ භාෂාමය වෙනස්කම් පවා තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට, සහ එකම විශ්වවිද්‍යාලයේ පීඨ අතර පවා මේ වෙනස්කම් තියෙනවා. පළමු වසරට සිසුන් ඇතුලත් උණාම ලබා දෙන "කාඩ්" එක එහෙම නැත්නම් අන්වර්ථ නාමය ඒ වගේ එකක්. පේරාදෙණියේදී නම් පළමුවෙනි වසරේදීම මේ නම් ලබා දෙනවා. පෙනුම, කතා විලාසය, නම, ගම වගේ ...
වැලා බඩා මාමාගේ ළමා කතන්දර දරු සම්පත් එහෙම ලබලා පියෙක් වුණ නිසා බඩා මාමා පහු ගිය මාස 10ක් විතර කාලයකට බ්ලොග් අඩවිය යාවත්කාලීන කරන්න හම්බ වුණේ නෑ. හදිස්සියෙම මෙහෙම බ්ලොගක් ලිව්වාය කියලා මතක් වෙච්ච නිසා ආයෙත් ආවා. වැඩිය කතා නැතුව කතාවකටම බහිමු. බඩා වෛද්‍ය පීඨයට ආපු අළුතම (ඒ කියන්නේ 1998 දී - යකෝ මම නාකියි!) වෙච්ච සිද්ධියක් තමයි මේක. අපේ කතා නායකයා මොරටුව පැත්තෙන් ආපු, ...
මගුල් ගෙදර ජරමරය (18+) බඩා මාමාගේ ළමා කතන්දර බඩා වැඩ කරන රෝහලේම වැඩකරන වෛද්යතුමෙක් තමයි පියා. පියා කියන්නේ සුරතලේට කියන නම. හැබැයි වයස 35 පැන්නුවත් පියා කට ඇරියොත් කියන්නෙ කුණුහරුප. ඒ වුණත් ඉඳල හිටල නියම සිද්ධි වලට පියා පැටලෙනවා. උදේ දහයට විතර තේ එකක් බොන්න 520 කැන්ටිම වෙත යන්න ආපු බඩාට පියා ප්ලග් වුණා. මේ ගමන යැවෙන්නේ හදිසි අනතුරු අංශය මැදින්. එතෙන්ට මහ සෙනගක් ඇවිත්, ලස්සන ලස්සන ඇඳුම් ...
කිං කොං බඩා මාමාගේ ළමා කතන්දර බඩාගේ කට අන්තිම සවුත්තු බව දන් මේ "ළමා" කතන්දර පිටුව කියවන ඔක්කොම අය දන්නවානෙ. මේ සවුත්තු කට හින්දා නිතරම පීඩාවට පත්වෙච්ච කෙනෙක් තමයි අපේ භෞතික විද්‍යා ටියුෂන් ගුරුතුමා වෙච්ච ග්‍රේරෝ මහත්මයා. බඩා පන්තියේ ඉඳන් කියන පොඩි පොඩි කතා කෑලි, අනික් අය අහුලන් ලොකු රණ්ඩු ඇති කර ගන්න නිසා ග්‍රේරෝ ගුරුතුමා බඩා ගැන හිටියේ "දෙන්නම් ජම්බු" ස්ථාවරයේ. මේ කතාව සිද්ධ වුණේ ...
33 කාමරය බඩා මාමාගේ ළමා කතන්දර බොහොම දවසකට පස්සේ බඩාට කතාවක් ලියන්න අවස්ථාවක් හම්බ වුණා. කථාවක් කිව්වට මේක කථා සමුදායක්. ලිංගාශ්‍රිත රෝග (Venereal Diseases) කියන්නේ වෛද්‍ය විද්‍යාවේ වැදගත් කොටසක්. දැන් ලිංගාශ්‍රිත රෝග ඒකකය විදියට වෙනම ගොඩනැගිල්ලක, සාමාන්‍ය වාට්ටු වලින් දුරස්ව පිහිටුවලා තියෙන්නේ රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන්න. නමුත් මීට දශකයකට කලින් මේ ගොඩනැගිල්ල එතන තිබුණේ නෑ. ඒ වෙනුවට, බාහිර රෝගී අංශයේ, 33 කාමරයේ තමයි මේ සායනය තිබුණේ. ...
ස්පෝර්ටි මදි බඩා මාමාගේ ළමා කතන්දර පසා කියල කියන්නේ බඩාලත් එක්ක උසස් පෙළ පන්ති වලට සහභාගී වෙච්ච කොලුවෙක්. කොළඹ තියෙන සුප්‍රසිද්ධ බෞද්ධ පාසලකට තමයි පසා ගියේ. උසස් පෙළත් ඉහළින්ම සමත් වුණා. පසා එක විදියක අදහස් තියෙන එකෙක් බව අපි දන්නවා. ඒ නිසාම බඩාලා සෙට් එක කොළඹ විද්‍ය පීඨය තෝරා ගනිද්දී පසා තෝරා ගත්තේ පේරාදෙණිය. පසාට ඒ පැත්තේ ස්ත්‍රී සම්බන්ධයක් තිබුණා කියලත් කණින් කොණින් කියවුණා. ඔන්න කොහොම ...