කෙහෙල් කුරුල්ලනි! දඩයක්කාරයාගේ කතාව සංකා සිහින දැල් අසහනයෙ නිදි විකල් සෝදනා පිණි මැදින් උදේ හිමිදිරි පැයින් පිය නඟමි දොරකඩින් කැති උදලු කර තබන්. වෙනදාට උදැහැනෙන් මිදුල අතුගාන හඬ රුවැති තුන්පත් රටා පෙනෙන් නැත ඇසෙන් නැත. ලවන් මැද රැඳී ඇත හුලඟෙ ගිය රොඩු බොරඩු වත්ත වට හැම තැනම. යසරුවට ඒ මැදින් පෙනේ මතුවෙන ගොබුඩු පීදෙනා පැතුම් මෙන් ගිය මහේ ඈ සිටවූ ලා කෙහෙල් කුරුල්ලන්. ...
ටොක් ටොක් ටොක්… දඩයක්කාරයාගේ කතාව ටොක් ටොක් ටොක් හඬ නඟන්නෙ කේන්තියෙන් විත් බලන්නෙ “සමාවෙන්ඩ මට වැරදිල හතරෙ ගෙයයි මං හොයන්නෙ” ටොක් ටොක් ටොක් හඬ නඟන්නෙ හැරිලාවත් නෑ බලන්නෙ කවුද දොරට පහර දෙන්නෙ? “කවුද යකෝ දොර කඩන්නෙ?” “මොකද යකෝ ඇහෙන් නැද්ද? මහත්තයා ගෙදර ඇවිත් දෑත පුරා බඩු ඇරගෙන දෙනව පයින් දොර කැඩෙන්ඩ!” “උදේ ඉඳං බුදි උනා ද? මං හිතුව මැරිල කියල තක් බීරිව බලන්නැතුව ගන්නව ...
සයිමන් නවගත්තේගම ලද මරණ තර්ජනය දඩයක්කාරයාගේ කතාව සයිමන් නවගත්තේගම දේශ ද්‍රෝහියා වෙත, දේශ ප්‍රේමි ජනතා ව්‍යාපාරයේ අවසාන නිවේදනය. ඉතිහාසයේදී සමාජවාදී කලාකරුවෙකුලෙස වෙස් මවා ජනතා ගෞරවය දිනාගනිමින්, ජන කලා ක්ෂේත්රයේ ඉහලටම ගොස්, පසුව එම ජන ගෞරවය නිසාම, දේශද්‍රෝහී ධනපති පාලකයන්ගේ අවධානය දිනාගනිමින්, තමන්ගේ සියළුම ප්‍රතිපත්ති පාවා දෙමින්, දේශද්‍රෝහී ධනපති පාලකයන්ගේ අත කොළුවක්, හොරනෑවක් වූ දේශද්‍රෝහී නරුමය, 1982 ජුලි මස 11 වන ඉරු දින, කොලඹ ජෝන් ද සිල්වා ...
ඔහුගේ කතාව… දඩයක්කාරයාගේ කතාව මා මහනුවර ගිය පළමුවන වාරය එය නොවූ නමුත් ඊට පෙර ගිය හැම වතාවකදීම දවසකට දෙකකට වඩා මම එහි නොනැවතුණෙමි. එහෙත් විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා එහි ගිය මම දින පහළොවක්ම මෙවර ගත කෙළෙමි. මා ගොස් සිටියේ මගේ අනාගතය කෙරෙහි මහත් සේ බලපෑ හැකි විභාගයක් ගැනීම සඳහායි. එහෙත් නුවර ගත කළ කාලය තුළ විභාගය ගැන පමණක් නොව මා ඇසූ දුටු දේ ...
ආලෝකය මට එපා… දඩයක්කාරයාගේ කතාව මගේ ඇඟින් නඟිනා උණුහුම උරා ගන්නා අඳුරු පොරෝනය දවටාගෙන මා වැතිරී ඉන්නේ කුකුළන් පිබිදී අඬන ජාමයේ එකට පියවුනු දොර පියන් පත් තදට අගුලුලා වැහුනු ගුහාවේ ටක්, ටක් හඬින් දෝරට ගසා “ඇතුළට ගන්නැ”යි හිරු ආලෝකය කොඳුරා කියනු අඩ-සිහින ලෝකයෙහි මං මුලා වූ මට දැනෙයි. ……………..බැහැ! ……………..මම තොප වැද්ද නොගනිමි ……………..වෙනතක පළා යව! මගේ පිය සටහන් හැම ඉරියව්වක් ම මැන බලා, ගැන ...
සුදු සහ කලු… දඩයක්කාරයාගේ කතාව සුදුම සුදු කඩදාසියකි! බලාසිටියෙමි බොහෝ වේලාවක් කලුම කලු තීන්ත ධාරාවක් සේ ගලා එන්නේ ය කවියක්! අඩුවක් ඇත නැත කලු පෑණක්! කවිය ලියවෙයි – නිතැතින් - කිසිඳු පෑණක් නොමැතිව! සුදුම සුදු කඩදාසියකි! - සයිමන් නවගත්තේගම (පැරීසියේ සිට) 02-07-96 ...
ආත්මාර්ථකාමය අමතා … දඩයක්කාරයාගේ කතාව “අනේ!…..අහෝ!….අහෝ!….. ඔබ…මගෙන්…..වෙන් උනේ…… ඔබව….සදා…………….” එම්බා! හුලං බිංදු වැනි හිස් වචන ගොඩ! මම තොප හඳුනමි. තොප, ම හදෙහි කිසි ශෝකී හැඟුමක් ඇති නො කරයි. මා වෙනුවෙන් හැඬවුන ද, ආත්මාර්ථකාමය ආත්මය කොට ගත් තොප, මගේ කන පිළිකුලින් පුරවයි! තවත් වරෙක, කොක්සනින් මා සිනා ගන්වයි. හොඃ ! හොඃ ! හිඃ ! හිඃ ! හඃ ! හඃ ! හා!!! (18-01-1963) ප්‍රකාශයට පත් නොකළ ...
ක්‍රිස්ටීන්ගේ ලෝකය… දඩයක්කාරයාගේ කතාව හන්තානා කඳු මිටියාවතේ, සරසවි උයනේ, රෝසියා මල් පාවරයක් මත මුනින් තලාව, අතපය දිගහැර, උදාසීනව මම වැතිර සිටිමි. එය එක්දහස් නවසීය හැටේ අවුරුද්දයි. වසරේ පළමු වන නිවාඩු කාලයයි. අලුත් අවුරුද්දට ගෙවල් වලට යන්නට ආසාවක් නොමැති අපි කීප දෙනෙක් පමණක් විශේෂ අවසරයක් ලබා සරසවි නේවාසිකාගාරවල නැවතී සිටියෙමු. කී දෙනෙකුන් රැඳී සිටියද තට්ටු හත අටක් පුරා පුස්තකාලයේ පූරවා ඇති සෑම පොතකම පැහැදිලි හා ...
පුස්ලෝඩං දඩයක්කාරයාගේ කතාව ස්ථානය : ගං වතුරෙන් යටවූ කුඩා ගොඩැල්ලක් වගෙයි. කාලය : මද්දහනක් වගෙයි. පේනතෙක් මානයේ අන් කිසිවක් නොපෙනේ, මහා වතුරක් මැද, ඉතාම පටු ගොඩැල්ලක් පෙනෙයි. ගොඩැල්ල අයිනේ ගසක් තිබේ. කොළ දෙකක් පමණක් ඇති අමුතු වර්ගයක ගසකි. එහි එකම අත්තේ අමුතුම විදියක විශාල ගෙඩියකි. ගස් දෙබලේ හිඳිනා සර්පයෙක්, නිශ්චලව හිඳී. මිනිසෙක් වෙහෙසින් හා සා ගින්නෙන් ගොඩැල්ල මත වැතිරී සිටිනු පෙනේ. වෙලාවකට ...
The Addict දඩයක්කාරයාගේ කතාව The English translated version of the short story “කසිප්පුකාරය”. Translated by Ranjini Obesekara. You may download the PDF of the story from the following URL –> The Addict_Download from here
“සංසාරාරණ්‍ය අසබඩ” සංවාදය දඩයක්කාරයාගේ කතාව “ආගන්තුකයා හාමුදුරුවන්ට වැන්දේ නැත. උසට උසේ සිටගෙන සිටියේය. මුහුණේ නිශ්චිත හැඟීමක් ද නොවීය. ‘ඉඳගන්න.’ අන්තිමේදී ලොකු හාමුදුරුවෝ කීහ. ඔහු කුමක් නම් කරන්නේද කවුරුත් බලා සිටියහ.ටික වෙලාවකට පසු ඔහු හිඳ ගත්තේය. ඒ ලොකු හාමුදුරුවන්ට මුහුණලා ගල් ආසනය පාමුල ය. ඔහුගේ නළලේ ලේ කැටි ගැසුණු තුවාලය මනාව පෙනී ගියේය. ලොකු හාමුදුරුවෝ ඒ දිහා නොව, ඔහු දෑස හරහා යන තියුණු සන්සුන් බැල්මකින් බලා ...
සයිමන්ගේ කෘතිවලට වුනේ විශාල අසාධාරණයක් දඩයක්කාරයාගේ කතාව K. K. Saman Kumara “අපේ විචාර කෝදුවල දිග පළල මදිකමෙන් සයිමන්ගේ කෘතිවලට වුනේ විශාල අසාධාරණයක්”, කේ. කේ. සමන් කුමාර බුදු රදුන් විසින් දේශනා කරන ලද සංසාරය පිළිබඳ අදහස අපේ ලේ, මස් නහර ඇතුළට කාවැදිලයි තියෙන්නේ, මොන විදිහේ software දැම්මත් මේ මුලික අදහස අපෙන් delete වෙන්නේ නැහැ. සයිමන් නවගත්තේගමත් මේ පොළොවේ කෙනෙක් නිසා ඔහුටත් මේ තත්ත්වය පොදුයි. ඒ වගේම ඔහුගේ මාක්ස්වාදී ...
නමස්කාරය දඩයක්කාරයාගේ කතාව මගේ මළගම් ගමනේ දී මට බුදුන් හමු විය. මම කිසිවක් නොකීවෙමි. උන්වහන්සේ ද මට කිසිවක් නොකීවහ. බොහෝ වේලාවක් උන්වහන්සේ මගේ මළ සිරුර දෙස භාවනාවෙන් බලා සිටියහ. වසන්ත්යේ ආ ගිය විනොද චාරිකාවකින් හිතින් ගතින් විඩා පත් වූ තරුණයෙකු තරුණියක සේ උන්වහන්සේ උන්වහන්සේගේ නම මට පෙනෙන සේ සටහන් කොට තැබූ සේක. ඓතිහාසික සිහිවටනයක් සේ ගල්පුවරුවක! ශාඛ්‍ය ගෞතම! ...
සාරධා ගේ මංගල්‍යය දඩයක්කාරයාගේ කතාව සාරධා ගේ සරණ මංගල්‍යයට මම සහභාගී වූයෙමි. එදා ඊට මම සහභාගී වූයේ මන්දැයි අද මම පුදුම වෙමි. උදේ ම නවයට වැදගත් සාකච්ඡාවක් යෙදී තිබුණි. කොළඔ නගරයේ පෝලියෝ රෝගය නැවත හිස ඔසවන බවට බලගතු සාකෂි වාර්තා වී තිබුණ හෙයින්, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා කාර්ය්යාලයේ මෙම සාකච්ඡාව පැවැත්විණි. ප්‍රජා සෞඛ්‍ය භාර වෛද්‍යවරුන්ගේ, උපදේශකයින්ගේ, සාත්තු සේවිකාවන්ගේ සංඛ්‍යාලේඛණ, වගු සටහන් හා දත්තයන්ගේ ...
දඩයක්කාරයාගේ කතාව කෘතියේ මුල් පිටපතින් උපුටා ගන්නා ලදි. දඩයක්කාරයාගේ කතාව දඩයක්කාරයාගේ කතාව කෘතියේ මුල් පිටපතින්
දඩයක්කාරයාගේ කතාවෙන් දඩයක්කාරයාගේ කතාව දඩයක්කාරයා පද්මාසනයෙන් ගුහාව මධ්‍යයෙහි හිඳගෙන, ගුහාව එළියේ ඇට වූ උගුල දිහා, ධ්‍යානගත ව මෙන් බලා සිටියේ ය. ඔහුගේ අත ක්‍රමයෙන් එස වී පිටුපස්සට පැමිණ, ඇගේ අතක් ගෙන ඇය සිටුවුයේ ය. ඉන්පසු ඉදිරිපස ආරම්මණය දිහා බලාගෙන ම, ඇය තමා ඉදිරියට ගත්තේ ය. තමා ඉදිරියෙහි සිටගත් සසල ඇගේ දෙවටොර වටා දෑත තබා, ආයාසයකින් තොරව ඇය ගෙන තම උකුළෙහි වාඩි කරවා ගත්තේ ය. ...