ලෝකයේ අරුම පුදුම දේවල් සහ නොවිසදුනු අභිරහස් World Mysteries වල් පල් හැමදාම වල් පල් ලිය ලිය ඉදලා හරියන්නේ නැහැනේ.වැදගත් යමක් ලියන්නත් ඕනානේ.ලෝකයේ අරුම පුදුම දේවල් සහ නොවිසදුනු අභිරහස් ගැන මම හොයා ගත්තු දැනුම ඔයාලත් එක්ක බෙදා හදා ගන්න හිතුවා.මම පුංචි කාලේ ඉදන්ම අභිරහස් දේවල් ගැන දැන ගන්න හරිම ආසයි.මම වගේම ඔයාලත් ආස ඇති කියලා මම හිතනවා.හරි වැල් වටාරම් නැතුව අපි වැඩේට බහිමු.ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය ...
හුග කාලෙකින්... වල් පල් අප්පේ මේකේ තියෙන මකුලු දැල් තොගේ...ඉතින් ඔන්න පිස්සු පූසා මේ මකුලුදැල් තොගේ කඩලා දාලා ආයෙමත් කොටන්නයි සූජානම.ඔහොම ඉන්ට මේකේ මකුලු දැල් තොගේ කඩනකන්.පොඩි උදව්වකුත් ඕනා මේවා කඩන්න.මොකද මට තනියෙන් මේක සුද්ද කරන්න බෑනේ.හරි හැමෝම බලනවා ඇති මම කොහේද අතුරුදහන් උනේ කියලා.මේ සමෙස්ටර් එකේ ෆයිනල් එක්සෑම් තිබ්බ නිසා තමයි මට කොටන්න බැරි උනේ.ඔන්න ඒ ඔක්කොම ඉවර කරලා අද තමා වෙලාවක් හම්බුනේ ...
කේක් ඕනා කට්ටිය මේහෙට එන්න වල් පල් දිනය :1990.10.02ස්ථානය :ගාල්ල මහමෝදර රජයේ රෝහලවේලාව :හරියටම මතක නැහැදැනට අවුරුදු 21 කට කලින් අද වගේ දවසක බෙන්තර ගගෙන් එහා සුන්දර දකුණු බිමේ කවුරුවත් නොදන්නා එක්තරා සිදුවීමක්.ඒ දවස අපේ පවුලේ කාටවත් අමතක නොවෙන දිනයක් වෙන්න ඇති.පවුලේ වැඩිමහල් පුතාට හා බිරිදට පුත්‍රයෙක් උපත ලැබුවා."තවත් යගම පරම්පරාවට කොලු පැටියෙක්"හැමෝම සතුටු උනා.උපතින් කොච්චර කැත උනත් උණහපුලු අම්මාට තමන්ගේ පැටියා වටිනවා සේම එම දයාබර අම්මා ...
පොඩි කාලේ කියවපු පොත් සෙට් එකක්..... වල් පල් ඔන්න සාහිත්‍ය මාසයත් ඉවර වේගන යන නිසා පිස්සු පූසට හිතුනා ඉස්සර ඒ කියන්නේ අපි පුංචි කාලේ කියවපු පොත් සෙට් එකක් ගැන ලියන්න.මේකට අදහස ආවේ මුහුදු කොල්ලකාරයාගේ දිනපොතේ මෙන්න මේ ලිපිය දැකලා.පරණ මතකයන් එලියට ඇද්ද ඒ සහෝදරයාට මගේ ස්තූතිය.මම මුලින්ම කියවන්න කතා පොතක් ගෙනත් දුන්නේ අපේ අම්මා.ඒ පොතේ නම නම් මතක නැහැ.තිබ්බේ අලි පොල්ගෙඩි සයිස් අකුරුවලින් ලියපු චිත්‍ර තියෙන ලස්සන පොතක්.මට ...
අහිංසක දර කපන්නා වල් පල් මේක ඔයාල සමහර විට අහලත් ඇති.මේක මට මේල් එකකින් ආපු එකක්.අතීත කතාව රීමික්ස් කරලා ගත්තු එකක් මේක.අතීත කතාවදර කපන්නෙක් කැලයට යන අතරතුර පාලමක් හම්බ උනාලු.ඉතින් මේ දර කපන්නා මේ පාලම පහුකරනකොට තමන්ගේ පොරව ගගට වැටුනා.දර කපන්නා ගග අයිනට වී අඩ අඩ ඉන්නකොට ඒ අසලින් මතු උන රුක් දෙවියෙක් මේ දර කපන්නගේ දුක දැක පොරව සොයා දෙන්නම් යැයි පවසා මුලින්ම රන් ...
සමහර පිරිමි කසාද බදින්නේ නැතුව බල්ලෝ හදන්නේ ඇයි??මෙන්න ඒකට හේතු.... වල් පල් මේක මට මේල් එකකින් ආපු එකක්.බලන්නකෝ හොදද කියලා1.මිනිහා පරක්කු වෙන තරමට ඒක දකින්න ආසාවෙන් ඉන්නේ බල්ලා වීම.2.ඔබේ බල්ලාට වෙන බල්ලෙකුගේ නමින් කතා කරාට ඌට නෝටිස් නොවීම.3.ඔබේ බඩු බාහිරාදිය බිම විසුරුවා දමා යන තරමට බල්ලාට ආතල් වීම.4.බල්ලාගේ දෙමාපියන් කිසි දිනෙක බල්ලා සොයා නො ඒම.5.ඔබ හයියෙන් කෑගහන තරමට බල්ලාට ෆුල් ෆන් වීම.6.ඕනෑම වෙලාවක ඕනෑම මගුලකට රෙඩි පිට සිටීම.7.මිනිහා බීලා ඉන්න විට බල්ලාට ...
පුතාගේ වැඩ වල් පල් මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි උන නිසා මේ පැත්තේ එන්නත් බැරි උනා.අප්පේ මේකේ තියෙන මකුලු දැල් තොගේ.කඩලා දාන්න ඕනා.යාලුවන්ගේ පෝස්ට් වලටත් පුලුවන් තරමින් කොමෙන්ට් කරා.මට අද පොඩි කතාවක් මතක් උනා.ඒකත් දාලාම යනවා කියලා හිතුනා.මේක අපේ අයියා කෙනෙක්ට වෙච්ච සීන් එකක්.දවසක් බුවාට අම්මා දවල්ට උයන්න කඩෙන් ගේන්න බඩු ලිස්ට් එකක් දීලා.බුවා ඉතින් කඩේට ගිහින් බඩු ගන්න අතරේ පොරගේ යාලුවෙක් හම්බ වෙලා.කොහොම ...
වැරදි බස් එක වල් පල් ඔන්න පානදුර පිටකොටුව බස් එකක මගී ජනතාව සෙට් එකක් වාඩිවෙලා ඉන්නවලු….. කට්ටියක් පවන් ගහගන්නව. කට්ටියක් රටකජු කනව. තව සමහරු මල් කඩනව. මේ අතරෙ කොන්දොස්තර මහතා බසයට ගොඩවෙලා ටිකට් කැඩීම ඇරඹුවා. ඔන්න පලවෙනි එක්කෙනා ගාවට ගිහින්“මල්ලි කොහෙද?”.1 මගියා – කෙසෙල්වත්තකොන්ද – මේක කෙසෙල්වත්තේ යන්නේ නෑනේ1 මගියා බැස ගියාකොන්ද – ඔය නෝනා කොහෙටද?2 මගියා – වලානකොන්ද – මේක කොහෙද වලානේ යන්නේ? බෝඩ් ...
කොහොම හරි අල්ලගෙන.... වල් පල් ඔයාලා කවුරුත් බලලා ඇති නේ Looney Tunes කාටූන්.මේ ඒවල පින්තූර ටිකක්.බලලා හොදනම් කියන්නකෝ.මුලින්ම Sylvester and Tweety.ඔයාලට මතක ඇතිනේ Sylvester Tweety ව අල්ලන්න දෙන ගේම.ඔන්න අන්තිමට මෙයා Tweety ව කොහොම හරි අල්ලගෙන.ඊලගට ටොම් ඇන්ඩ් ජෙරීරෝඩ් රනර් මතකද. Wile E. Coyote Road Runner ව අල්ලන කරන දේවල්.මෙන්න මෙයා අන්තිමට කොහොම හරි Road Runner ව අල්ලගෙන.ඊලගට Daffy Duck And Bugs Bunny.දෙන්නා කොහොම හරි ...
පුසාට වඩා බල්ලා හොදයි කියන්නේ ඇයි.... වල් පල් ඔබ කතා කරන සෑම වචනයක්ම බල්ලා කන් හරවා හරවා ඇහුන්කම් දීමට උත්සහ කරන අතර පූසා කිසිවක් ගණන් නොගෙන නිදා ගැනීම ගැන සිතයි..ඔබ හවසට ගෙදර එන විට බල්ලට එය ඉතා සතුටු අවස්ථාවක් වේ, මුණ සිප ගැනීමටද උත්සහ කරන අතර පූසා ඔබ ගෙදරින් යන විට සිටි තැනම නිදාගෙන සිටි...බල්ලන් මිය යන දවස දක්වාම තම ස්වාමියට අපරමිත ආදරයක් දක්වයි.පුසාන් ඔබ කුඩා කල සිට ...
මෙන්න අපේ වැඩ... වල් පල් හුග කලෙකින් කොටන්න හම්බුනේ නැහැනේ.ඔන්න දැන් තමා වෙලාවක් හම්බුනේ.ටැලන් ශෝ එකේ ඩාන්ස් එකට ප්‍රැක්ටිස් කරලා කැදත් නැතුව හිටියේ.හරියටම ටැලන්ට් ශෝ එක තිබ්බේ ගිය 2 වෙනිදා.ඉතින් සතියක් එක දිගට ප්‍රැක්ටිස් කලා.අප්පා අපේ උන් මැටි පාගනවා වගේ ඩාන්ස් කරේ.මොන හිපොප්ද.මුන් හොදයි කුඹුරු කොටන්න.ඔය කිව්වට මාත් එහෙම තමා.හික් හික්.ඕකට අපිට පුරුදු කරේ ඉශාර කියලා බුවෙක්.මිනිහානම් පට්ට ප්‍රොෆෙශනල් ඩාන්සර් කෙනෙක්.ඉතින් බුවා හෙන ගේමක් දීලා ...
කාලය....... වල් පල් ගෙවුනු පාසැල් දිවිය ......සුන්දරද මට කෙතරම්.......සැහැල්ලුයි... ලෙන්ගතුයි....සමනලුන් මෙන්...... පියඹිය අහස්කුස.....විටෙක අප නැවතෙමින්.....තව විටෙක දුව පනිමින්.....ගෙවූ ඒ සොදුරු වූ කාලය...කොහෙදෝ සැග උනේ...පලි:මේ ටිකේ වැඩ පොඩ්ඩක් වැඩිවෙලා මේ පැත්තේ එන්නත් බැරි උනා.බුදු අම්මෝ කියවන්න තියෙන පෝස්ට් ටික.කොනක ඉදන් කියවන්න ගන්න ඕනා දැන්.ඊයේ මගේ ඉස්කෝලේ යාලුවෝ ටිකක් සෙට් උනා.ඒකයි මෙහෙම කවියක් දාන්න හිතුවේ.කතා ගොඩක් තිබේ.ටික ටික දාන්නම් ඉතින් ඕං... ...