The Road Trip (Escaping from Monsoon) – Part 01 The වල වෙසක් පෝයට කලින් දවසේ අපි යාළුවෝ සෙට්එක නුවරඑළියේ යන්න දාගෙන තිබුනා. ඒත් ඒ දවස්වල කඩාපාත්වුන වැස්සත් එක්ක අනිත් අය නුවරඑළිය පැත්තට යන්න බයවුනා. මටයි තුෂාරිටයි නම් ඔය අව්ව වැස්ස රෑ දවල් ගානක් නැති වෙච්චිකොට සහ අපි දෙන්නා යන එන තැන් ගැන හොයන්න ඉන්නේ අපි දෙන්නම විතරක් වෙචිචිකොට, ගමනේ ලොකු අවුලක් තිබුනේම නෑ. ඒ උනත් අනිත් අයව බලෙන් ඇදගෙන යන්න බෑනේ, ...
මමත් මීඩියම් යන්න හිතුවා The වල කාලයක් මේ බ්ලොග්එක ලියලිය ඉඳලා වැඩ වැඩිකමත් එක්කම ලියවිල්ල අතපසු වෙලාම ගියා. එත් වෙලාව ලැබෙන විදියට සිංහල බ්ලොග් කියවන එක නම් කරා. ඩ්‍රැකීගේ අඩවියේ මීඩියම් ගැන දාල තිබුන නිසා ගිහින් බලන්න හිතුනා“දැනට ඒකෙ සිංහල කන්ටෙන්ට් එකට තියෙන ඉඩ ඉතාම අඩුයි. අපි උත්සාහ කරනව ඒක තව තවත් වැඩි කරලා, සිංහල රචකයන්ට තියෙන පිළිගැනීම වැඩි කරගන්න...“ මටත් දැනට ලොකුවට ලියන්න වෙලාව ...
ආදරය........... The වල අපේක්ෂා, අපේක්ෂා කළ කිසිදු ප්‍රතිචාරයක් නලින්දගෙන් දක්නට නොවිණි. "මම කවුද" යනුවෙන් පමණක් ඔහු ප්‍රශ්ණ කලේය. අපේක්ෂා නිහඬය. අපේක්ෂා ඇඬූ කඳුළින් ඇඳ මත මුනින් අතට වැතිර සිටින්නීය....---------------"රෑ දහය වෙනකොට මාව නිදි කරවනව. අනේ නිදිමතයි කීවම මමත් නිදාගන්නවා උදේ වෙනකල් මිස් කෝල් එකක්වත් දෙන්නෙ නෑ. මේක තමයි හේතුව. නොදකිං මං වගේ කාලකන්නියෙක්." සුසුම් හෙළූ නලින්ද "ඇයි අපේක්ෂා මට මෙහෙම කරන්නෙ. මම ඩබල් ...
මේ දවස්වල හිට් වෙන කතන්දර.... The වල මේ දවස් වල වැඩිපුරම කතාබහට ගැනුන මාතෘකා ගැන කට්ටියගේ ආතල් ප්‍රබන්ධ ගනනාවක් ඊයෙ පෙරේදා දැක්කා. ඒ හින්දා මම හිතුවා ඒ කතා ටිකක් මට දැනුන විදියට රේට් කරන්න....එහෙනම් මුලින්ම ඉන්නේ -වාසනාවන්ත-මාතලී මාතලී..... මෙහාට එනවා...කෝ මේ මාතලී....උදේ පාන්දරම සක්කර දෙවියන්ගේ පස්ස රත් වී මෙරිහන් දෙන හඩ ඇසුනු මම කෙලගෙන් අවුත් දේව සබාවට ගොඩ බැස්සා...මාතලී... ඉක්මනට යන්න ලෑස්ති වෙනවා....කොහාටද....ලංකාවට.....ඒ අර අහවල් එකකට ද ...
හාවා..... Updated.... The වල අවුරුදු හතරකට විතර කලින් මම ලියපු පෝස්ට් එකක් ආයෙත් මතක් වුනා ඊයෙ කුරුටු ගෑ ගී පවුරේ තිබුන පෝස්ට් එකක් දැකලා....ඒහින්දා මම ඒකම කෙටියෙන් ආයෙ ලියනවා....ලෝකෙ සියලුම පොලිසි අතර තරඟයක් තිබ්බා අපරාධ පරීක්ෂණයට දක්ෂම කවුද කියලා හොයන්න. අන්තිමේදි රටවල් තුනක පොලිසි අන්තිම වටයට තේරුනා. ඒ තමයි ඇමරිකානු පොලිසිය, එංගලන්ත පොලිසිය සහ ශ්‍රී ලංකා පොලිසිය.දැන් තරඟේ අන්තිම වටය.... ඒක කරන්නේ මෙහෙමයි; කැළෑවකට ...
පිස්සු කතා..... The වල සෑහෙන කාලෙකින් මොනවත් ලියුවේ නැති හින්දමත්, පහුගිය කාලේ වැඩ නැතිවට වගේ අවුරුද්දට නෑයොන්ට දන්සල් දීලා වෙසක් එකට පන්සල් යන ඈයොන්ට දන්සල් දීලා... වැඩ වවාගෙන අනාගෙන පිස්සු හැදිලා ඉන්න හින්දමත්, මම හිතුවා පිස්සන් කොටුවේ කතා දෙකක් ලියලා දාන්න.....මේ කතා දෙකම මට කීවේ පිස්සන් කොටුවේ ලොකු පිස්සා දොස්තර මහත්තයා තනතුරට මේ වතාවේ චන්දේ ඉල්ලන්න හිතාගෙන ඉන්න අපේ ලොක්කයියාදවසක් පිස්සන් කොටුවේ ලොකු දොස්තර ...
පූසා ගහේ බැඳීම හා pk.... The වල ඊයෙ රෑ ඉන්න ගමන් pk හින්දි චිත්‍රපටිය බැලුවා..... මම කොහොමටත් හින්දි චිත්‍රපටි වලට වැඩි කැමැත්තක් නෑ.... මම අන්තිමටම සම්පූර්ණයෙන්ම බැලුවෙ "3 Idiots"..... ඒ හින්දමත්, ගොඩක් අය හොඳයි කියපු නිසාත්, මේක download කරගත්තා. නිකමට වගේ රෑ 10ට විතර උඩින් පල්ලෙන් බලලා ඔය කියන තරම්ම හොඳයිද කියලා හොයන්න හදපුඑක නැවතුනේ සම්පූර්ණයෙන්ම film එක බලල ඉවරවෙලා. කොහොම හරි නිදාගන්නකොට පාන්දර 1ත් පහුවෙලා.pk කතාව ...
මෙත්තා. කරුණා, මුදිතා...... The වල මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ගුණාංගයන් හතර අපි හදුන්වන්නේ "සතර භ්‍රහ්ම විහරණ" කියලා. මේක වැරදිනම් බනින්නේ නැතිව දැනුවත් කරන්න හොඳ්.... මොකද මම පොඩිකාලේ හරියකට දහම් පාසල් ගියේ නෑ... යනවා කියලා කොල්ලොත් එක්ක වල බැහැපු එකමයි කරේ.මේ ගැන මීට ගොඩකාලෙකට කලින් ඇතිවුන කථාවක් ලියලා දාන්න හිතුනා.... අහලත් ඇති... කමක්නෑ ආයෙ කියවන්න.එක පොරක් යාළුවෙකුගෙ ගෙදර ගියාලු. යාලුවාගේ තාත්තා ගමේ වැදගත් හැමෝම ගරුකරපු ...
කලාකරුවන්ගේ ඔළු පලන... ඔළු ගලවන.... ඩිස්නිලන්තය......... The වල මම මේ බ්ලොග් එකේ දේශපාලනයට සම්බන්ධ දේවල් කතාකරන්නේ නෑ කියලා ප්රතිපත්තියක ඉන්නේ... මේ ලිපියෙත් ලොකුවට එහෙම කතා නොකලත්, සෑහෙන දුරට වර්තමාන දේශපාලනයට සම්බන්ධ නිසා, දවස් දෙකක් තිස්සේ හිතලා අන්තිමටම මේක දානවා කියලා හිතුවා... එහෙත් මේ අදහස් දැක්වීමක් පමණි... සංවාදයට විවෘත නැත.......----------------------------------------ලංකාවේ දේශපාලන තත්වය පිළිබඳව මගේ දැනුම බිංදුවය... නැතිනම් NILය... හේතුව මට මේ ලාංකික දේශපාලනය නම් ජරා මඩ ගොහොරුව පිළිකුල් වීමය... ...
Happy New Year 2015.......! The වල අම්මේ.... 2014 ගෙවුනා දැනුනෙම නෑ........ තවම මම 2014 ජනවාරි 01 වෙනිදා මේවගේ පින්තූර දෙකක් පෝස්ට් එකකට දැම්මා ඊයෙ වගේ මතකයි......කොහෙම උනත් ඒ ගෙවුන අවුරුද්දේ ලැබුනු දේවල් බොහොමයි.......ඉතින් තවත් පරක්කු වෙන්න ඕනෙ නෑ එහෙනම්.........මේ ලැබුවා වූ 2015 නව වසර ඔබ සැමට සාමය, සතුට, සොම්නස පිරි සුභ නව වසරක් වේවා...................! ...
හොල්මන් කතාවක්....... The වල අද අපි පරණ හොල්මන් කථාවක් ටිකක් මොඩිෆයි කරලා අරුන් මල්ලිට මඩක් ගැහුව නිසා මෙතනත් ඒක කියලා දාන්න කියල හිතුවා.හැබැයි මේව කියවලා ගිහින් රෑට බය වුනොත් නම් මම නෑ හොඳඳ....අපේ අරුන් මල්ලී හොල්මන් වලට, කරුවලට එහෙම මාර බයයි. කොල්ලො කියන්නේ රෑට කරන්ට් නැතිවුනොත් එහෙම මූ දුවලා ගිහින් නෝනව බදාගන්නවලු... වැරදිලා හරි නෝනා හිටියේ නැතිනම් අල්ලපු ගෙදර නෝනව බදාගන්නවලු... වල් කමකට නෙමේ ...
පුහුල් හොරා ඇප ගනී... The වල එකමත් එක ගොවිරාල කෙනෙකුගෙ සරුවට වැඩුනු පුහුල් වැලක පලගත්තු ලොකු පුහුල් ගෙඩියක් හොරු ගත්ත. ගමේ ප්‍රධානියෙකුගෙ උපදෙස් පිට අර ගොවිරාල සීනුවක් හඬවමින් "පුහුල් හොරා කරෙන් දැනේ"කිය කියා ගම වටේම ගියා. මේ ප්‍රධානියත් ගොවිරාලට නොදැනෙන්න පස්සෙන් ගියා. මේ අතර සීනුව සද්දෙට තම ගෙයින් එළියට ආ එක මිනිහෙක් ගොවිරාල "පුහුල් හොරා කරෙන් දැනේ" කියනකොටම තමන්ගේ කර පිසදැමුවා. එවිට මෙයා තමයි පුහුල් හොරා ...
අලියා සහ චිකන්........ The වල අලියගෙයි චිකන් වලයි අතර තියන සම්බන්දෙ මොකක් කියලද හිතන්නෙ??? මේ ෆොටෝ එකේ වගේ සම්බන්ධයක් ගැන එහෙම වරදවා වටහාගන්න එපා ඕං.... මම මේ කියන කතන්දර දෙකේම කතානායකය අපේ රංග මල්ලිගෙ ලොකු අම්මගෙ පුතා වීම හැරුනහම වෙන කිසිම සම්බන්ධයක් ඒ අතරෙ නෑ හොඳේ....අපේ රංග මල්ලියි පොරගේ ලොකු අම්මගේ පුතයි දෙන්නම එක ලඟ වයස්වල. ඒ නිසා ඥාතිකමට මල්ලි උනත් ඩබල හිටියේ යාලුවෝ වගේ. ...
දුම්රියේ ඛේදවාචකය (සිතන්න යමක්)........... The වල ළමයින් කණ්ඩායමක් දුම්රිය මාර්ග දෙකක් ඇති තැනක සෙල්ලම් කරමින් ඉන්නවා. මේ මාර්ග දෙකෙන් එකක් දැනටත් දුම්රිය ගමනාගමනයට භාවිතා වන අතර, අනෙක භාවිතා නොකරන පැරණි මාර්ගයක්. මෙම ළමයින් කණ්ඩායමෙන් එක් ළමයෙක් පමණක් තනිව පැරණි මාර්ගයේ සෙල්ලම් කරමින් සිටින අතර අනෙකුත් සියලුම ළමයින් සිටින්නේ දැනට භාවිතාවන මාර්ගයේ. හදිසියේම දුම්රියක් එනවා..... මේ අවස්ථාවේ එම දුම්රිය මාර්ගයේ සෙල්ලම් කරන ළමයින් බේරාගැනීමට ඔබට කරන්න පුළුවන් ...
කාලෙකට පස්සේ..... The වල ගොඩ කාලයක් තිස්සේ බ්ලොග් එක පැත්ත බලන්න බැරිවෙලා තිබුනේ වැඩ වැඩි හින්දා. ඒත් දැන් ආයෙ ටිකක් විතර නිදහසක් ලැබිලා තියෙන නිසා ආයෙමත් කතන්දරයක් දෙකක් පුළුවන් විදියට ලියලා දාන්න හිතුවා. දැනට මාස කීපෙකට උඩදි මම අපේ ලොක්කයියාටත් බ්ලොග් එක කියවන්න දුන්නා, අපි කට්ටිය ට්‍රිප් එකක් ගිහින් මහ කැලයක් මැද චාටර් වෙවී හිටපු වෙලාවක. ඌ ඒක ටිකක් කියවන අතරේ කියනවා "යකෝ මමත් ...
හෙළබස (18+)...... The වල අහලා තියනවද හෙලබසින් කතාකරන එක ගැන... නැතිනම් අර අමු සිංහලෙන් කතාකරන එක ගැන...ඔය කතන්දරකාරයා එහෙම දන්නවා මේ ගැන. භාෂා විශාරදයෝ විතරයි එහෙම කතා කරන්නේ. අමුතු වචන සෙට් තියෙන්නේ... "තෙළ බනුව = දුරකථනය" වගේ ඒවා.ටික දවසකට කලින් අපේ අය මේ ගැන බුද්ධිමය සංවාදයකුත් පැවැත්වුවා. ඒ අස්සේ ඇදිච්ච මේ කතා දෙක කියනවද නොකියනවද කියලා සති දෙකක් විතර හිත හිතා ඉඳලා අන්තිමේ 18+ ...
ත්‍රස්තවාදී ප්‍රහාරයක්..... The වල මෙහි පහත සඳහන් සිද්ධිය සිදුවන්නේ වෙනත් සමාන්තර විශ්වයක් තුල බව කරුණාවෙන් සලකන්න. Meanwhile in a parallel universe............ස්ථානය : පාර්ලිමේන්තුව ආසන්නයේ ඇති මාර්ගයක්පරිසර ස්වභාවය : මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතී.... එම වාහන තදබදය අතරේ ආධාර එකතු කරමින් ගමන්කරන කණ්ඩායමකි..... මේ අතර, වාහනයක රියදුරෙක් එම කණ්ඩායමේ තරුණයෙකු සමග සංවාදයක යෙදෙයි....රියදුරා : මල්ලි... මොකද මේ වෙන්නේ...?තරුණයා : පාර්ලිමේන්තුවට ත්‍රස්තවාදී කණ්ඩායමක් ඇතුල්වෙලා.... එයාලා පාර්ලිමේන්තු ...
Android...... The වල අළුත් අවුරුද්දේ මම හිතුවා පුළුවන් විදියට හරි පොඩි පොඩි කතා ටිකක් ලියලා දාන්න. මොකද දිග කතා ලියන්න වෙලාවක් හොයාගන්න අමාරු හින්දා..... මුලින්ම ලියන්නේ අපේ චූටි මල්ලි මේ අවුරුද්දේ කරපු නවතම සොයාගැනීමක් ගැන. මොකක්ද දන්නවද ....??? අළුතින්ම නිකුත්වෙන්න තියන Android Version එක...දැන් Android OS ගැන නොදන්න කෙනෙක් හරි Android Phone එකක් පාවිච්චි නොකරපු කෙනෙක් හරි හොයාගන්න නැති වුනත්, මම දැනට තියන ...