දොස්තර බලේ ඇත්ත කතා කතන්දරගේ "මහරාජා ගේ දොස්තර ක්‍රොස් එක - Mr Maharaja's doctor cross" කතන්දරේ කියෙව්වම මටත් මතක්වුනා කාලෙකට කලින් අහන්න ලැබුණු කතාවක්. කියවලම බලන්නකො... මේ කතාව ඇත්තටම මට අහන්න ලැබුනෙ පේරාදෙණිය සරසවියෙ ගතකපු කාලෙ. ඒ කියන්නෙ දැන් අවුරුදු හතකට විතර කලින්... මට මතක විදියට අපි දෙවෙනි නැත්නම් තුන්වෙනි වසරෙ ඉන්න කාලෙ අපිට එක විෂයක දේශණ කරන්න ආවා ආචාර්ය ලියනගේ. එයා තමයි මේ කතාව ...
එදිනෙදා කියවෙන පිරුලු කීපයක්... ඇත්ත කතා සිංහල භාෂාවෙ බොහොම වැදගත් අංගයක්නෙ ඔය කතා කිරීමෙදි පාවිච්චි වෙන විවිධ පිරුලු. මං හිතන්නෙ පිරුලු කිව්වම සෑහෙන ප්‍රමාණයක් ඇති අපේ භාෂාවෙ. ඕවා ගැන ගැඹුරට හදාරන්නෙ "වාග් විද්‍යාව" කියන විෂයෙදි. අපේ මහාචාර්ය ජේ. බී. දිසානායකයන් තමයි මං දන්න විදියට මේ විෂයට ලංකාවෙ ඉන්න ප්‍රාමාණික විද්වතා. මම ඉතිං ඔය විෂය නම් කවදාවත් හදාරලා නෑ... නමුත් පොඩි උනන්දුවක් තියෙනවා. ඒ නිසා අපි අහල ...
ඔබේ රථය අනතුරට පත්කල බස් රියදුරෙකුට දඬුවම් කරන පහසු ආකාරය... ඇත්ත කතා ඉස්සෙල්ලම කියන්න ඕනෙ ඉතිං පහසුම දේ තමයි තමන්ගේ රථය අනතුරට පත්වෙන්න නොදී පරිස්සම් කරගන්න එක. නමුත් අපි කොච්චර පරිස්සම් උනත් තවත් කෙනෙකුගේ වැරැද්දක් හෝ අත්පසුවීමක් නිසා අපි අනතුරට ලක්වෙන්න ඉඩ තියෙනවනේ. මම නම් වාර ගනනාවක්ම ඉතිං අනතුරු වලට මුහුණදීලා තියෙනවා. කොහොමහරි ඔය අනතුරුවලින් වෙන්න හොඳම නැති එකක් තමයි මං හිතන්නෙ බස් එකක වැදෙන එක. මොකද මගේ අත්දැකීම්වල හැටියට බස් කාරයො තමයි ...
ආදරය ඇත්ත කතා ආදරය පූස් පැටියෙක් වැනිය... ලඟට ගත් විට සූරා පලා යයි... ඈත් කල විට ලඟට විත් කකුලේ දැවටෙයි... (පේරාදෙණිය සරසවි කුරුටු ගී) මේ රසවත් කෙටි නිසඳැස මා දුටුවේ පේරාදෙණිය සරසවියේදී කුරුටු ගීයක් ලෙසයි... සරසවි කුරුටු ගී කොතෙකුත් අන්තර්ජාලයට එක්කර තිබුනත් මෙය නම් ඒ අතර තිබුනේ නෑ... ඒ නිසයි ඔබ සමඟ මේ රස බෙදා ගන්නේ! Image: piyaphantawong / FreeDigitalPhotos.net ...
මී පාසානම් ඇත්ත කතා මීට අවුරුදු දෙකකට විතර කලින් දවසක ඔන්න අපේ අම්මයි තාත්තයි ගිහින් ජ්‍යොතිශාස්ත්‍රඥයෙක් මුණගැහෙන්න මොකද්දෝ වැඩකට. ජ්‍යොතිශාස්ත්‍රඥයෙක් කිව්වට ඇත්තටම මෙයා කාන්තාවක්, ජ්යොතිශාස්ත්රඥවරියක්. ඉතිං ගිහින් ඇවිත් මේගොල්ලෝ මෙයා ගැන මාර වර්ණනාව. කියන විදියට ඉතින් මෙයා මහ පුදුම විදියට කේන්දරේ බලලා තොරතුරු කියනවලු. හරියට බලන් හිටියා වගේ වෙච්ච දේවල් කියනවා කියල තමයි කිව්වේ. ඒ විතරක් නම් මදැයි, හොඳම ටික තමයි ...
පොල් ගෙඩියකුත්, ගම්මිරිස් ඇට 13ක්... ඇත්ත කතා පොල් ගෙඩියකුත්, ගම්මිරිස් ඇට 13 කුත් රැගෙන එන ලෙස ඉල්ලා තිබේ... මෙලෙස ඉල්ලා ඇත්තේ පබිලිස් සිල්වා උන්නැහේ නොවේය, එන්නට කියා ඇත්තේ ගල්කිස්ස මහ හෝටලයටද නොවේය. මේ ඉල්ලීම කර ඇත්තේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනෙකු විසිනි, එන්නට කියා ඇත්තේ සීනිගම දේවාල භූමියටය! සීනිගම දේවාලයට පොලුත් ගම්මිරිසුත් රැගෙන යන්නේ කුමන අරමුණකින්දැයි කවුරුත් දන්නෝය. දෙවොල් දෙවියන් ඉදිරියේ පොල් ගහන්නෝත්, ගම්මිරිස් පුච්චන්නෝත්, ...
"අපි වෙනුවෙන් අපි" ඇත්ත කතා මේ කවිය දස දහස්වරක් විවිධ භාෂාවන්ට පරිවර්තනය කෙරී ඇති! සියක්වරක් සිංහලයට පෙරැලී ඇති!! නමුත් මෙහි ගැබ්වී ඇති සදාකාලික සත්‍යයට ආචාරයක් වශයෙන් තවත් වරක් මගේ පරිවර්තනය රසවිඳින්න..... පළමුව ඔවුහු කොමියුනිස්ට්වාදීන් සොයා පැමිණියහ මම කොමියුනිස්ට්වාදියෙකු නොවන බැවින් කතා නොකලෙමි දෙවනුව ඔවුහු වෘත්තීය සටන්කරුවන් සොයා පැමිණියහ මම වෘත්තීය සටන්කරුවෙකුද නොවන බැවින් කතා නොකලෙමි තෙවනුව ඔවුහු ...
ආයෙත් ඇවිල්ලා... ඇත්ත කතා හෝරා යන්තරයේ කටු තත්පරයෙන් තත්පරය කැරකී ගොස් උදාවිය අලුත් දවසක්... යුතුකම් ගොඩ ගැසුනු කරන්නට වැඩ පිරුනු ඉටුකරගන්නට ප්‍රාර්ථනා කඳු ගැසුනු මහන්සිය දැනෙන විට... අනේ අද දවස ඉක්මනට ගෙවිලා යනවානම් සිතුනු දින සති මාස විය කාටත් නොදැනීම මෙච්චර ඉක්මණට අවුරුද්ද ගෙවුනාදැයි ඇසෙන තරමට උදාවිය තවත් අලුත් දවසක්... වසරකට මුල පුරන හදවතින් පතන්නට ලැබුවාවූ නව වසර සාමය සතුට සපිරුණු සියලු පැතුම් ඉටුවන සෞභාග්‍යමත් ...
පෞද්ගලික විශ්වවිද්‍යාල වලිප්පුව ඇත්ත කතා (මගේ මේ බ්ලොගය ආරම්භ කලේම දේශපාලන කරුණු ගැන නොලියන අදහසින්. මේ කාරණය දේශපාලනය හා තදින්ම බැඳී තිබුනත්, ඊට වඩා එය මේ සමාජයට කරන බලපෑම ගැන සිතූ විට මේ සටහන නොලියාම බැහැ ) නිමිත්ත: Sri Lanka News-Adaderana-Truth First - First Private Uni by April 2011 - SB අපේ ගරු උසස් අධ්‍යාපන ඇමතිතුමා තනතුරේ වැඩ භාරගත්තේම මෙරට තුල පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීම තම න්යායපත්රයේ මූලික කරුණක් ...
උසස් පෙළින් පසු… ඇත්ත කතා තවත් උසස් පෙළ විභාගයක ප්‍රතිඵල නිකුත් වී ඇත!!! විශය ධාරාවන් හතරෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන්ගේ නම් ප්‍රධාන පුවතක් ලෙස ප්‍රචාරය වී තිබුනේ මෙසේය; භෞතික විද්‍යා අංශයෙන් රාජකීය විදුහලේ විදුරංග බණ්ඩාර විජේකෝන් කලා අංශයෙන් කොළඹ කාන්තා විදුහලේ ශලෝමි ඩැනියෙල් ජීව විද්‍යා අංශයෙන් පින්නවල ජාතික පාසලේ දසුන් උපමාල් කලුගල වාණිජ අංශයෙන් කුලියාපිටිය මැදි මහ විදුහලේ ආලෝකා වනමලී ඇන්තනි මේ ...
Rain Rain Go Away, Come Again Another Day… ඇත්ත කතා වැස්ස… වැස්ස… වැස්ස… උදේ ඉඳන්ම වහිනවනෙ අද! අපේ ඔෆිස් එකෙත් මිදුලේ මේ වගේ වැස්සකට වතුර පිරෙනවා. ඔෆිස් එකේ නම් බැරියැ, අපේ ගෙදරත් එහෙමයි (අපේ කිවුවට ඒක අපි කුලියට ඉන්න ගෙදර ). වටේටම තාප්ප බැඳල කොටුකරගෙන, හරියට වතුර බහින්න කානු ටික මදි උනාම ඕක වෙනවනෙ. ඉතින් ඒ හින්දම හිතුන මේ වැස්ස නිසාම ඔලුවට එන දේවල් ටිකක් ලියන්න… මේ දවස් වල වැස්ස කොයි ...
ඔන්න "ඇත්ත කතා" පටන් ගත්තා!!! ඇත්ත කතා ඕන් ඉතින් මාත් කාලෙක ඉඳන් බ්ලොග් එකක් ලියන්න හිතන් හිටියා...ඔය හිතන හැම එකක්ම කෙරෙන ඒවා නෙවේනෙ ඉතින්… අනික් අතට දිගටම කරගෙන යන්න පුලුවන් දේවල් විතරක් තොරල බේරල කරන්න ඕනෙනෙ නේද?කොහොමෙන් හරි ඔන්න වැඩේ පටන් ගන්නයි යන්නෙ!!! ඔන්න නම දැම්ම “ඇත්ත කතා” කියල… ඒ කියන්නෙ මේකෙ තියෙන ඒව පරම සත්‍ය කියන එක නෙවෙයි... මේවා ඇත්ත කියල හිතෙන්නෙ මට විතරක් වෙන්නත් පුලුවන්, ...
උත්සාහවන්තයාගේ පුතා ජයගනී! ඇත්ත කතා "උත්සාහවන්තයා ජයගනී!" කියලා කියමනක් තියෙනවා අහලා ඇතිනේ... මේක ඉතින් චිරාත් කාලයක ඉඳන් පට්ට ගහපු එකක් බව අමුතුවෙන් නොකීවට, පොඩි කාලේ ඉඳන් දහස් වතාවක් ඕක වැඩිහිටියන්ගෙන් අහගෙන තියෙන අපි කවුරුත් දන්නවා. ඒ වුනාට මට වෙලාවකට හිතෙනවා ඔය කතාවෙ පොඩි දෝසයක් තියෙනවා කියලා... යම්කිසි අරමුණක් වෙනුවෙන් උත්සාහ කරලා ජයගන්නවා කියන්නේ ඒ ඉලක්කය සපුරාගන්න එක තමා.. ඒක හරි! ඒ වුනත් ලබාගත්ත ජයග්‍රහණයේ
හොරිබල් අයිස් චොක්ස් ඇත්ත කතා ඔන්න දවසක් අපේ කොල්ලො කට්ටියක් ගියාලු ෆිල්ම් එකක් බලන්න. ගිහින් තියෙන්න කටුගස්තොට සීගිරි හෝල් එකේ පෙන්නපු හොරර් (Horror) ෆිල්ම් එකක් බලන්න. චිත්‍රපටයේ නම නම් මතක නැති වුනාට මේකේ තිබිලා තියෙන්නේ දැවැන්ත බූවල්ලෙක් නැවක ඉන්න මිනිස්සු බිලිගන්න කතාවක්! ඔන්න කොහොමහරි එක තැනකදි අර කියපු බූවල්ලා මනුස්සයෙක් අල්ලගන්න හදන ජවනිකාවකදි චිත්‍රපටයේ විවේක කාලය ආවා. ඔය වෙලාවට එනවනේ අර රටකජු, කඩල,
අක්බාර් හෝටලේ ඇත්ත කතා පේරා කම්මලට අල්ලපු වත්තේ තියෙන අක්බාර් ශාලාවේ භෝජනාගාරයට අපි කවුරුත් පුරුද්දට කිව්වේ 'අක්බාර් කැන්ටිම' කියලා තමයි. හැබැයි දැන් ටික කාලෙකට කලින් කතන්දරකාරයා දාපු පෝස්ට් එකක තිබුනු විදියට මේවා 'කැන්ටින්' නෙවෙයි 'කැෆටේරියා'. බලාගෙන ගියාම ඒ කතාව හරි තමයි... ඒ කොහොම වුනත් ගොඩක් දෙනෙක් අහලා නැතිව ඇති ඔය කියන භෝජනාගාරය හෝටලයක් වෙච්ච කතාව! අපි කම්මලට ඇතුල් වුනු 2001 වසරේ ඔක්තෝබර් මාසෙ
බෑන්ඩ් ගහන එකා... ඇත්ත කතා මේ සිද්ධිය මීට අවුරුදු 13 - 14 කට කලින් කොළොම්පුරේ ප්‍රධාන පිරිමි පාසලක වෙච්ච එකක්... උසස් පෙළ ගණිත පංතියකට එදා ෆ්‍රී පීරියඩ් එකක්! මේ වගේ චාන්ස් ඉතිං හැමදාම හම්බවෙන එකක්යැ, අනික ඉතිං සද්දයක් බද්දයක් නැතුව ඉන්න පුළුවන්ද ඒ වයසෙ කොල්ලො සෙට් එකකට? පංතියේ මුල්ලක හෙමින් පටන්ගත්ත සිංදුවෙ සද්දෙ වැඩිවෙලා ටික වෙලාවක් යනකොට කට්ටිය බජව්වක් දාන්න පටන් ගත්තා! ඔය වගේ හදිස්සියකට ගන්න සංගීත ...
ඔන්න අපිත් ගියා... ඇත්ත කතා හැමදාමත් වගේ මේ අවුරුද්දෙත් පොත් ප්‍රදර්ශනේ පටන් ගන්නකන් මමයි අපේ බිරින්දෑයි හිටියේ ඇඟිලි ගැන ගැන. මොකද අපි දෙන්නම ඒ කාලේ ඉඳන්ම පොත් ගුල්ලෝ දෙන්නෙක් කිව්වොත් වැරදි නෑ. 2008, 2009, 2010 අවුරුදුවල කොළඹ පොත් ප්‍රදර්ශනේ බලන්න අපි දෙන්නා ජෝඩු දාගෙන ගියත් මේ වතාවෙ ඕය වැඩේ කරන්න බැරි වුනේ දැන් මාස කීපයකට කලින් අපේ පවුලට එකතුවුනු කොළු පැංචා නිසා... අපේ බිරින්දෑට ඉතිං ...
කතන්දර තුනක්... ඇත්ත කතා පහුගිය දවස් ටිකේ ලියපු සටහන් දිග වැඩිදෝ කියලත් වෙලාවකට හිතෙනවා... කියවන්න ගියාම එපා වුනාද දන්නෙ නෑ! ඒක නිසාම අද උත්සාහ කරන්නම් සටහන කෙටි කරන්න. හැබැයි ලියලා ඉවරවෙනකොට තමයි හරියටම බලාගන්න වෙන්නේ... හික්ස්! ඕගොල්ලො මේ බ්ලොග් එක ගැන හිතනදේ මට වැදගත් බව දන්නවනේ. ඒ නිසා මං ඔන්න පොඩි අදහස් විමසීමක් දැම්මා... දකුණු පැත්තෙ තීරුවෙ උඩින්ම තියෙන්නෙ ඒක තමයි. මේ පැත්තෙ ඇවිත් යනවනම් එතනට ...
පාසැල් හතකට ගියෙමි ඇත්ත කතා මම අන්තිමට ලියපු සටහන ගැන දක්වපු අදහසක කතන්දර කාරයා කියලා තිබුනනේ හුඟදෙනෙක් තමන් ඉගෙනගත්තු ඉස්කෝලෙ හෙලිකරන්න බයයි, ඒ වගේම ඒකට හේතුවකුත් තියෙනවා කියලා... මට නම් තාමත් හිතාගන්න බෑ ඔය කියපු හේතුව මොකක්ද කියලා. අනෙක් අතට මට නම් කිසිම බයක් නෑ මං ගිය ඉස්කෝලේ මොකක්ද කියලා කියන්න! ඒ සමහරවිට අර කියපු හේතුව මං නොදන්න නිසාම වෙන්නත් පුලුවන්... සමහරවිට කතන්දර කාරයා මේ ...