දළඳා මාළිගාව පෙනි පෙනී හරක් මැරීම හොඳද? ගේ බ්ලොග් එක ළඟදී දවසක මට මහනුවර ගවඝාතකාගාරයට යන්න අවස්ථාවක් හම්බවුණා. මේ තැනනම් නුවර පැත්තේ ඉන්න අය දන්නවා ඇති.හරියටම කියනවා නම් සුදුහුම්පල මාවතේ තමා තියෙන්නේ. එලියට මොනවත් පේන්නේ නෑ. තාප්ප බැඳලා ගේට්ටු දාල තියෙන්නේ.මට අවසර ඇතුවතමයි යන්න හම්බවුණේ.හොරන් රිංගන්න ගිහින්හරි photoගහන්න ගිහින් හරි මොනවාහරි වුනොත් මමනම් වගකියන්නේ නෑ. මෙතන ප්‍රධාන පශුවෙද්‍යතුමා කියපු දේවල් සාමාන්‍ය අයටත් වැදගත් නිසා ඒදේවල් බෙදාගන්න තමා අද මේ ලිපිය වෙන්වෙන්නේ. මෙතන ...
සිගරට් බොනවානම් මේක බලලා බොන්න.. ගේ බ්ලොග් එක ආයෙම පාරක් සිගරට් ගැන ලියන්න හිතුණේ ළඟකදී මා දන්නා අයෙකුටත් එහි ආදීනව විඳින්න වූ නිසයි.මේ රෝගියාට මේ ඉරණම උදාවුණේ දුම්බීමෙන් ඇතිවන PVD රෝග තත්ත්වය නිසයි. මේක අපි හැමෝම දැනුවත් වියයුතුදෙයක් හින්දා තමයි ඡායාරූප සෑහෙන්න "චාටර්" වුණත් පළකරන්න සිදුවූ බව සලකන්න..කලින් ලිපියේ විස්තරාත්මකව තිබ්බ නිසා මෙතනදී වැඩිවිස්තර මොනවත් නෑ. ඒත් මේවා ඇත්තම ඒවා. ඉතින් මේ දේ ඔබට හෝ අඳුනන කාටහරි වෙන්න ...
සියල්ල අත්හරින්න ඔබට ඒ සියල්ල ලැබේවි ගේ බ්ලොග් එක "අපේ තාත්තට ඉස්සර කඩයක් තිබුණා. කඩේ දුම්වැටි විකුණනවට මම කැමති වුණේ නෑ. හැබැයි කඩේට ආව ගොඩක් අය කඩෙන් වෙන බඩු ගත්තෙත් දුම්වැටියක් දල්වාගෙනමයි. මම කඩේ දුම්වැටි විකුණන එක කොහොමහරි නැවැත්තුවා.බලාගෙන ඉඳද්දී වෙළඳාම කඩන් වැටුණා. මොකටද ප්‍රාණඝාතයට අනුබල දෙන්නේ කියලා ඊට පස්සේ මස් මාලු කරවල විකුණන එකත් නැවැත්තුවා. තවත් වෙළඳාම කඩන් වැටුණා. ඉතුරුවුණේ පාසල් ලිපි ද්‍රව්‍ය වගේ දේවල් තමා. මම කළේ ...
20-20ට වඩා වැදගත් 20-20-20 !!! ගේ බ්ලොග් එක මේ දවස්වල 20-20 පිස්සුව හොඳටම ගහලා තියෙන එකේ මොකක්ද මේ 20-20-20?team 3ක් සෙල්ලම් කරන අලුත් විදියේ cricket matchඑකක්ද? එහෙමත් නැත්නම් වෙනම ඕවර 20ක්ද?tv එක දිහා හරි computer screen එක දිහා හරි එකදිගටම වෙලාව යන එකගැන කිසිම හැඟීමක් නැතුව බලන් ඉන්න කාටත් වැදගත් වෙන මේ 20-20-20 ඒ මොනවත් නෙවෙයි. මේක මම අහම්බෙන් මහනුවර මහ රෝහලේ අක්ෂි සායනයේදී දැකපු පෝස්ටරයකින් තමා දැනගත්තේ.එකම ...
සීල් පැටවු මරණ ක්‍රීඩාව.. ගේ බ්ලොග් එක හරක් මැරීම ඇතුලු සත්ව ඝාතන ගැන අපේ රටේත් දැන් ලොකු කතිකාවතක් හැදිලා තියෙනවා. කලින් ලිපි කීපයකින්මමත් ලංකාවේ වෙන ගව ඝාතන ගැන වගේම ඩෙන්මාර්කයේ වෙන ඩොල්ෆින් සංහාරය ගැන කතා කලා. වෙන මොනවත් හින්දා නෙවේ මේවගේ තියෙන අමානුෂිකකම හින්දා.මේ දේ අපිට හරි අපේ හිතවතෙකුට වෙනවනම් අපි කැමති නෑ වගේම මේ අහිංසක සත්තුත් හිතනවා ඇති. මේ කතාව ආරංචිවෙන්නේ නොර්වේ සහ කැනඩා රටවල පවතින ...
එම සිදුවීම වාසනාවන්තද? අවාසනාවන්තද? ගේ බ්ලොග් එක ගොඩ්වින් සමරරත්න මහතා ගැන මම කළින් ලිපියකින් සඳහන් කළා. එතුමා මෙම චීන බෞද්ධ කතාව භාවනා වැඩසටහනකදී කියන ලද්දකි. සමහරවිට වෙනත් තැනකදී ඔබ අසා ඇත. නමුත් ජීවිතයට ගතහැකි අරුතක් නම් අනිවාර්යයෙන්ම ඇති. එක්තරා ගමක නුවණැති මහල්ලෙක් සිටියා. ඔහු සතුව අශ්වයන් කීපදෙනකු සිටියා. එක දවසක් බලන කොට ඔහුගේ එක ලස්සන අශ්වයෙක් නැතිවෙලා . පැනලා ගිහින්. දැන් මුලු ගමම ඔහු වෙත පැමිණ මෙහෙම ...
හොඳම පවුලේ ඡායාරූපය ගේ බ්ලොග් එක පවුලේ අය එකතුවෙලා ඡායාරූපයක් ගන්න ගියාම හැමෝම කරන්නේ ලස්සන වටපිටාවක් අහුවෙන විදියට කට්ටියම පෝලිමට හිටගෙන ගන්න එකනේ. මේවා දැන් බලලම ඇතිවෙලා ඇති. හැබැයි ටිකක් වෙනස් විදියට හිතන අයත් මේ ලෝකේ අතරින් පතර ඉන්නවා. මේ බලන්න එයලා හිතන විදිය. ...
ඉගෙනගන්න විභාග ජය ගන්න මෙන්න මඟක්.. ගේ බ්ලොග් එක අපි ඉස්කෝලේ යන කාලේ " තරණය" කියලා හුඟක් වටිනා අධ්‍යාපනික වැඩසටහනකට සහභාගිවෙන්න ලැබුණා. අවුරුදු කීපයකට කලින් ගොඩක් ප්රසිද්ධවුණු මේ වැඩසටහන තාමත් තියෙනවද කියල මම දන්නේ නෑ.එදා අපිට ලැබුණු පුංචි පොතේ ගොඩක් වටිනා ප්‍රායෝගික උපදෙස් තිබුණා. අන්තර්ජාලයේ හොයලා බලනකොටත් නොතිබ්බ හින්දා මම මෙහෙම පළකරන්න හිතුවා. කාටත් යහපතක් වෙයි කියන පරම පවිත්‍ර චේතනාවෙන්ම කරන දෙයක් මිසක් දේශකතුමාගේ බුද්ධිමය දේපල සොරාගැනීමක් මෙයින් අදහස් ...
තෙල් බඩ නැතිවෙන්න කෑම වට්ටෝරුවක් ගේ බ්ලොග් එක කොච්චර කෑමෙන් පරිස්සම්වුණත් අද කාලේ අවුරුදු 20-25 වෙද්දි කෙට්ටු කෙනෙක්ට වුණත් පොඩි පහේ " තෙල් බඩක්" එන එක ප්‍රශ්නයක්.විවාහය ළඟ එනකොට තරුණියෝ කෑම කන එකත් නවත්තලා පුදුම දුකක් විඳින්නේ ඇඟේ හැඩය තියාගන්න. මගේ යාලුවෙක්ටත් මේ ප්රශ්නය තිබුණ නිසා පෝෂණවේදී විෂේශඥයෙක්ගෙන් (nutritionist) උපදෙස් අරන් සති 3-4ක් ඇතුළත් කිසිම අමතර ව්‍යායාමයක් නැතුව වේල් 3ම බඩ පිරෙන්න කන ගමන් බර කිලෝ 8ක් ( ...
අම්මා කෑම කාලාද ඉන්නේ? ගේ බ්ලොග් එක අපි ඉස්කෝලේ යන කාලේ පහ වසරේ පන්තියේදී (ඒ කියන්නේ 1997 අවුරුද්දේ. අදට අවුරුදු 17කට විතර ඉස්සර කතාවක්. ) අපට උගන්වපු ගුරුතුමිය අපෙන් මෙහෙම ඇහුවා.. " ඔයාලගේ අම්මා උදේ නැගිටින්නේ කීයටද? "ඇත්තටම එහෙම අහනකම් ඒ ගැන අපිට කිසිම අදහසක් තිබුණේ නෑ. මොකද අපි තව නිදාගන්න කෙදිරි ගානකොට බලෙන්ම අපිව ඇහරවලා ඇදුමුත් ලෑස්තිකරලාඋදේ තේ එකත් හදලා බත් එකත් බෙදලා දවල් කෑම පාර්සලේත් ...
අපි කාවද විශ්වාස කරන්න ඕනේ.. ගේ බ්ලොග් එක මේක ලියන්න මට හිතුනේ ගෙදරට මොනවාහරි ඔතාගෙන ආපු පත්තර කෑල්ලක තිබුණු ඇඟ හිරිවැටිලා යන කතාවක් අහම්බයෙන් දැක්කහම. ඒත් එක්කම තව ඊට අදාල කතාවක් මතක් වුණ නිසා ඒක කලින් කියලා ඉන්නම්. ඊට පස්සේ අනික. කුංග්ෆු කියලා ඉස්සර රූපවාහිනියේ විකාශය වුණු කතාමාලාව මතක ඇති.මේ ඒකෙ කතාවක්.රටේ මිනිස්සුන්ට ටිකක් අමාරු කාලෙක පන්සලට කෑමට එලවලු අරන් එන්න පුංචි කේන්වත් (කතාවේ ප්‍රධාන චරිතය පොඩි කාලේදී ...
නූතන බිතුසිතුවම් ගේ බ්ලොග් එක හැම දෙයක් ගැනම වෙනස් විදියට හිතුවොත් අපිට නොපෙනෙන වටිනාකමක් ඒවාට ලබාදෙන්න පුලුවන්. මේ ඒ විදියට හිතපු අපූරු නිර්මාණකරුවන් පිරිසක්. නම් සඳහන් නොවුනත් ඔවුන්ගේ හැකියාව ඉතාම විශිෂ්ඨයි කියලයි මටනම් හිතෙන්නේ.
ආචාර්ය චොබ්ට මහවනය මැදදී හමුවුණේ දෙවිකෙනෙක්ද? ගේ බ්ලොග් එක ....ආචර්ය මන්ගේ කලින් ලිපිය ඔබට මතක ඇතැයි මම සිතනවා. උන්වහන්සේගේ ජ්‍යේෂ්ඨතම ගෝලයෙකු වන ආචර්ය චොබ් හිමියන්ද වනසතුන් පිරි මහවනය මැද බවුන් වඩමින් සිටි උතුම් සඟරුවනකි. බුද්ධකාලයේ මෙන්ම අදටත් බටහිර විද්‍යාවෙන් පැහැදිලිකල නොහැකි අද්භූත සිදුවීම් සිදුවන බවට උන්වහන්සේගේ මෙම කතාපුවතින් තේරුම් යනු ඇත. ...
මෘතදේහය වෛද්‍ය විද්‍යාලයට දෙමුද? ගේ බ්ලොග් එක මෘතදේහවලින් ඉගෙන ගැනීම වෛද්‍යවරයෙකුගේ ඉගෙනගන්න කාලයේ කෙරෙන ඉතාම වැදගත් වැඩක්. නිකරුණේ පස්වෙලායන මිනියකින් තවත් දහස් ගාණක් ලෙඩුන් සුවපත් කිරීමට ඉගෙනගන්න වෛද්‍යවරයෙකුට උදව්වක් ලැබෙනවානම් ඒක ලොකු පින්කමක්.ඒත් කොහොමද මෙහෙම දෙන්නේ, මොනවගේ මෘතදේහද භාරගන්නේ, මැරුණගමන්ම මොකක්ද කරන්නේ, එම්බාම් කරනවද කියලා ගොඩක් ප්‍රශ්න කාටත් එනවා. මෙන්න මේකට පොඩි උදව්වක් දෙන්න තමයි මේ ලිපිය ලියැවෙන්නේ.මේ ගොඩක් ප්‍රශ්නවලට උත්තරවගේම සම්බන්ධ කරගැනීමේ දුරකතන අංකත් ඔන්න තියෙනවා. ...
ගවයා මෙල්ල කිරීමේ චිත්‍ර 10- ආධ්‍යාත්මික ගමන්මග සහ එහි පියවර ගේ බ්ලොග් එක ජපානයේ සෙන් බුදුදහමේ ඉතාම ප්‍රසිද්ධ ගවයා මෙල්ල කිරීමේ චිත්‍ර 10 (The Ten Oxherding pictures) දැකලා තියෙනවද?නොදැමුණු සිතක් මෙල්ලකරන්න උත්සාහ කරන්න වෙර දරන පුද්ගලයෙක් මෙයින් නිරූපිතයි. බොහොම සරලව ගලපල තියෙන මෙම රූප පෙළ අපේ ජීවිතවලටත් බොහොම සමීපයිමෙතනින් මේ ලිපිය pdf ලෙස download කරගන්න ...
භාවනා අත්පොත නොමිලේම කියවමු.. ගේ බ්ලොග් එක "ආශ්රමයේ භික්ෂූන් විසින් මා ආදරයෙන් පිළිගනු ලැබිණි. කුටියට රැගෙන ගිය මා එහි ටික වේලාවක් නිශ්ශබ්දව විවේකයෙන් සිටිය යුතුයැයි ඔවුහු යෝජනා කළහ. ඝෝෂාව ඉවසිය නොහැකි තරම් විය. බල්ලෝ නොන්වත්වාම උඩු බිරුලූහ. කපුටෝ ඉගිලෙන විටත් විශාල ඝෝෂාවක් කළහ. රැන්ගුන් ගුවන් තොටුපළට යන රථවාහන වල ඝෝෂාවත් යාබද වෙළඳ පලේ ශබ්දයත් නිසා පසුව මම න්නිශ්ශබ්දවත් ශාන්තවත් විවේකගැනීම නවත්වා භික්ෂූන්වහන්සේගේ කුටි අතරින් වැටී ඇති පාරවල් ...
බදු ගෙවන්න පංසල් යාම ගේ බ්ලොග් එක " මොකක්ද මේ ආයෙම පංසලේ උත්සවයක්ද? ගිය මාසෙත් මොකක්ද තිබ්බනේ. මෙහෙම සල්ලි දෙන්නනම් ඉතින් සල්ලි ගහක්වත් හිටවන්න වෙයි " " ඒකනම් තමා ඒ වුණාට මොකද රුපියල් 500ක් දුන්න අපිට වඩා රුපියල් 200ක් දුන්න එහා ගෙදර මිනිහව තමා හාමුදුරුවෝ ලොකු කරගෙන හිටියේ. " "ඔය කීවට ඉතින් කොච්චර කල් චීවරේ ඉඳී කියල කවුද දන්නේ..""ඔයාට මතකද මංදා 2005 අවුරුද්දේ තාත්තගේ පිංකමටත් හාමුදුරුවෝ වැඩි ...
එකම ආයුධයකින් පහරදෙන ප්‍රතිවාදියෙකු විවිධ සටන් ශෛලීන්වලින් මෙල්ල කරන ආකාරය ගේ බ්ලොග් එක සටන් කලා ගත්තහම කුංග්- ෆු, කරාටේ, ටයිකොන්ඩෝ වගේ මෙරට ප්‍රචලිත සටන් කලා වගේම තවත් බොහොමයක් සටන් කලා පවතිනවා. ඒවායේ ඉගැන්වීම් ක්‍රමවල සමානතා වගේම අසමානතාත් දකින්නට පුලුවනි.මේ පෙන්වන්නේ පිහියකින් සහ පොල්ලකින් පහරදෙන ප්‍රතිවාදියෙකු මෙල්ල කරන ආකාරය සටන් කලා කිහිපයකින් කරන ආකාරයයි. මේ ඡායාරූප දැමීමේ අරමුණනම් තමුන් ප්‍රගුණකරන සටන් ක්‍රමය මෙන්ම අනෙකුත් සටන් කලාවල භාවිතා කරන ක්‍රම පිලිබඳවත් යම් තරමක හෝ අවබෝධයක් ...
හදිසි ආපදාවකදී ඔබත් call කරන්නේ මෙහෙමද? අඩුමතරමේ මේ දේවල් 8 වත් කියන්න. ගේ බ්ලොග් එක "කවුරුහරි උදව් කරන්න.. ගින්නක්.. ඉක්මණට ඉස්පිරිතාලෙට call කරන්න.. ගොඩක් අය පිච්චිලා..""හලෝ හලෝ මෙ ඉස්පිරිතාලෙන් නේද.. ඉක්මණට Ambulance එක එවන්න ගොඩක් අය පිච්චිලා.." ඇමතුම විසන්ධි විය. ඇමතුම ලබාගත් රෝහල් නිලධාරියා තක්කු මුක්කු විය..මේ සැබවින්ම වෙන සිදුවීමක් වන අතර මෙවැනි දුරකතන ඇමතුම්වලින් අප බලාපොරොත්තුවන කාර්යය සිදු නොවනවා පමණක් නොව ඇමතුම් ග්‍රාහකයාද දැඩි අසීරු තාවයකට පත්වේ.මෙවැනි හදිසියකදී ඉතාම වැදගත් කරුණ නම් ඔබ "කලබල ...
අපි කොච්චර දුප්පත්ද? ගේ බ්ලොග් එක දුප්පත් මිනිසුන් ගතකරන ජීවිතයේ හැටි උගන්වන්න කියලා ධනවතෙක්, බොහොම සැපට හැදීවැඩුණු තම පුතාව තමුන්ගේම ගොවිපලේ ගොවියොත් එක්ක නතර වෙන්න යැවුවා. කියපු විදියටම පුතා දවස් 3ක් (රෑත් එක්ක) සම්පූර්ණයෙන්ම ගොවිපලේ ගතකළා.ආපහු එන ගමන් තාත්තා පුතාගෙන් අත්දැකීම කොහොමදැයි ඇසුවා. පුතා කිව්වා "ඔව්.ඒක හොඳ අත්දැකීමක්" කියලා."එතකොට ඔයා මොනවාහරි අලුතින් ඉගෙන ගත්තද?" ආයෙමත් තාත්තාගෙන් ප්‍රශ්නයක්."අපොයි ඔව්" පුතා කීවා."1.අපිට 1 බල්ලෙක් ඉන්නවා එයාලට 4ක් ඉන්නවා.2. ...