මහා ජල පාතනය හකාවතී|teraki ඒ නොපෙනෙන සියල්ල විශ්වාස කරන්නා වූ ද පෙනෙන්නට තිබෙන සෑම දෙයක්ම අවිශ්වාස කරන්නා ද වූ මිනිසාගේ යුගයයි.භාෂාවේ තර්ක ශාස්ත්‍රය ඉපදෙමින් සිටි සමයයි.කාලය මැනීම පිළිබඳ අදහසක් කිසිම ප්රාණියෙකුට නොමැති වූයෙන් දරැවන් ද දෙමව්පියන් ද එකිනෙකා මතක නොතබාම ජීවත් විය. පරම්පරා අතර වෙනසක් ගැන ද කිසිවෙකුට කිසිම අවබෝධයක් නොවුනෙන් පියවරැන් සමග දියණියෝද සහෝදරියන් සමග සහෝදරයෝ ද පුතනුවන් සමග මව්වරැ ද අහඹු ලෙස ...
ඊවා ලූනා සහ අනුර හකාවතී|teraki ඊවා ලූනා සහ අනුරමරණයට නිශ්චිත හේතුවක් අවශ්‍ය ද?නැත. කවදාවත් අවශ්‍ය නැත.හොඳයි මේ කතාව අහන්න.අනුර සන්නද්ධ කණ්ඩායමක් ඇවිත් කුදලං අරන් යන්නේ හරියටම රාත්තිරි හතට බොරලැස්ගමුවේ හන්දියට කිලෝමීටර දෙකක් එහායින් තිබ්බ සුගත් සර්ගේ රාත්‍රී පංතිය අවසන් වෙන වෙලාවෙමයි. ඒ සිද්ධිය අපි දැනගත්තේ පංතියේ හිටිය කකුලක් රොට්ටි වෙච්ච සුගන්ධිකා කවුරැත් පිට වෙලා ගියාට පස්සේ හෙමින් හෙමින් තාත්තා බයිසිකලෙන් එනතුරැ පංතියේ ළමයි ශ්රමදානෙන් හදාපු ...
සදාකාලික කන්‍යාව හකාවතී|teraki සදාකාලික කන්‍යාව"අද මොකද්ද කතාව? ""අද අපි අනාගතයට යනවා. ආයෙම එනවා හරියටම කාල යන්ත්‍රයේ අත්දැකීමක් ... ""හ්ම්...හොඳයි හොඳයි...හොල්මන් ගැන නොකිය ඕන දෙයක් ""මේක හොල්මන් කතාවක් නොවුනට ඒ වගේ තමයි. ඒත් මෙතන මේ කතාවේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් නැවත ඉපදෙන හොල්මන් ස්වරෑප තමයි එකිනෙකා හමුවන්නේ. ඒකයි අපට කාලයන්ත්රයේ යන්න වෙන්නේ. ""තේරෙන්න කියන්න මල්ලි. නැත්නම් අපට නින්ද යන්නේ නැහැ. ඕව කල්පනා කරන්න ගත්තොත් මේ ...
අඳුරැ විමානයට ... හකාවතී|teraki "ඔන්න අද මට බාධා කරන්න එපා. මම කතාව කියාගෙන යන්නම්. පස්සේ ප්‍රශ්න ඇසීමෙ වාරයක් දෙන්නම් එතකොට ඔය සේරම අහන්න හරි ද?අපි ඒ කියන්නේ මම එදා යතුරැ හිලෙන් රිංගලා ගියේ කොහාට ද කියල කියන්නයි හදන්නේ. යතුරැ හිල තිබ්බේ ගස් බෙනයක. ගස් බෙනය තිබ්බෙ මම පිච්චුන ටයර් ගොඩට පොඩ්ඩක් එහා. ඒ ටයර් ගොඩ ගහ මුල තියෙද්දී තමයි මම අවසන් වතාවට දැක්කේ මගේ ...
සඳකඩ පහණ හකාවතී|teraki එදත් සුපුරැදු විදියට හවස හය වුනා. අපිත් ලයිට් නිවලා දැම්මා. ඉර බැහැගෙන යන එලියත් ටිකක් තිබ්බ නිසා අපි කාමරේට වෙලා ජනේලෙන් එලිය බලං හිටියා. සේරමලා අකුරට වැඩකළා. ගෙවල් කීපෙකට එහායින් හමුදාවේ වැඩ කරන කෙනෙක් හිටි ගෙදරත් වෙලාවට ලයිට් නිවනවා. විශේෂයක් තිබ්බේ නැහැ කාටවත්. සමහරැ සංතොසෙන් ලයිට් නිවුවා...සමහරැ දෙස් දෙවොල් මුහුණින් ලයිට් නිවුවා. විරැද්ධ අය මුහුණින් අරකෙන් මේකෙන් විරැද්ධත්වය පෙන්නුවට වචනයක් කතා ...
කළුවරේ කතා හකාවතී|teraki හකාවතී කියන්නේ කතන්දරකාරයට... හැබැයි ඒක සිංහල ගෑණු කෙනෙක් ගේ නමක් වගේ නිසා මට හිතුනා මේ බ්ලොග් එක එහෙම නම් කරන්න. මට මේ හකාවතී නම් යෝජනා කළේ නම් මගේ මිත්‍රයෙක්. එයා අරාබි බාසාව දන්නවා හොඳට. ඉතින් මගේ හිතටත් ඇල්ලුවා ඒ නම. ඒ හින්දා තමයි මේ.ගෑණුන්ගේ නම්වලින් දේවල් නම් කරන එක හරිම ලස්සනයි නේ. අමරාවතී කියල සයිවර් කඩයක් තියෙනවා හැබැයි ගිණි ගනන් ...