විජය කුමාරණතුංග I - Vijaya Kumaranathunga වැම්පයර් හොඳ පෞරුශත්වයක්, රංගන හැකියාවක්, ගායන හැකියාවක්, රූපයක්, කථිකත්වයක් යන සියළු අංගෝපාංගයන් ගෙන් සැදුම්ලත් මිනිසුන් වේ නම් ඒ මුළු ලොවෙහිම අල්ප ප්රමාණයකි. විජය කුමාරණතුංග නම්වූ මිනිසාට ඒ සියළු දේම අඩු නැතිව පිහිටා තිබුණි. සිංහල සිනමාවේ විජයාගමනය සටහන් වන්නේ සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ශණය කරන්නට යෙදුනු "හන්තානේ කතාව" චිත්‍රපටයත් සමගයි. නවසිය හැට නවයේ තිරගතවුණු ගමෙන් නගරයේ සරසවියකට ආ තරුණයෙකුගේ කතාව ...
ගණිතයේ අලංකාරතම සමීකරණය වැම්පයර් ලියොනාඩ් ඉයුලර් කියන්නේ ස්විස්-ජර්මන් සම්භවයක් ඇති අති විශිෂ්ඨ ගණිතඥයෙක්. ඔහුගේ සොයාගැනීම් හා ඔහු විසින් දායාද කරන්නට යෙදුන බොහෝ දෑ නූතන විද්‍යාවේ දියුණුවට මහත් පිටුබලයක් වූ වග නොරහසක්. විශේශයෙන්ම ග්‍රාෆ් තියරි (graph theory) යන ගණිතමය සංකල්පය ඔහුගේ අදහසක්. ඉයුලර් සර්වසාම්‍යය ගණිතයේ අලංකාරතම සමීකරණය ලෙස ලොව ප්‍රසිද්ධයි. පහත දැක්වෙන්නේ එයයි. $e^{i \pi} + 1 = 0$ මෙහි තිබෙන විශේෂ ලක්ශණය වන්නේ ...
කලකට පස්සේ.. වැම්පයර් සෑහෙන්න කාලෙකින්. පහුගිය දවස් ටිකේම කරදර. ශරීර කූඩුව නිකං මස්තබාල්දු වෙලා තිබුනෙ. ගෙට් ටුගෙදර් ම තුනක් මිස්. දතුත් ගලවනවා හතරක්ම! අර හක්කෙ මුල්ලෙ එන සෙට් එක. හොදි ඕන නෑ ඉතිං. මාර සනීපයි. මුල්ම දත ගලවද්දි අර මුලින් හිරි වැටෙන්න මොකක්ද ගහනවනේ. ඕං මටත් ඒක ගැහුව. ම්හු.. හිරි වැටෙන්නෙම නෑ. දැං ඩොකා බලං ඉන්නව දැං හිරි වැටෙයි දැං හිරිවැටෙයි කියල. ආරංචියක් ...
බොලොග් මල් දම වැම්පයර් පයිරෙට් බෙදීමද පිටවල් කසාගැනුමද ලිපි කොපි ගැසීමද බූරු ලකුණුය සිතන් හැම සඳ හිට්ස් ඉල්ලන්නේ කොමෙන්ට් හිඟන්නේ පානිය දාන්නේ මොකට මේ හැටි චෝරු වෙන්නේ කුනුහරුප නොකියනු විසුලු කැත බස් නොකියනු අපහාස නොකරනු නහය ගාවින් පොල්ල නවතනු! හොඳ යමක් දුටු තැන අගයමින් එම නිමැයුම කොමෙන්ටුව දමමින කරනු දිරියක් සුදුසු විලසින තමන් මත ලියනට තහනමක් නැත කෙනෙකුට අන් මත ඉවැසුමට මහත්වරු නම් නොවෙති ...
රාණී එන්කෝ නැඟී පෙම් - Yaad kiya dil ne kahaan ho tum වැම්පයර් රාණී එන්කෝ නැඟී පෙම්.. ගීතය සිංහල ගී පොතට ඇතුළුවන්නේ නවසිය පන්සතරේ තිරගත වන බී.ඒ. ඩබ්. ජයමාන්නයන්ගේ අයිරාංගනී චිත්‍රපටය සමඟිනි. මේ පෝස්ටයේ ඇතුලත් වන්නේ ඒ මුල් ගායනයේ පිටපතයි. ගීතය ගායනාකරන්නේ මොහිදීන් බෙග් හා රුක්මණී දේවී විසිනි. අතුරු කතා බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සිංහල සිනමාවේ වැදගත් චරිතයක් වෙන්නේ ඔහු කඩවුණු පොරොන්දුවේ අධ්‍යක්ෂක වරයා වීම හෝ එඩී. ජයමාන්නගේ සහෝදරයා වීම පමණක් නිසාවෙන් නොවේ. ...
"කවියන්ගෙ රස හැඟුම" හින්දි කොපියක්ද? Vilbert Anthony වැම්පයර් පැරණී සිංහල ගීත ප්‍රියකරන අයට විල්බට් ඇන්තනී කියන නම අමුතුවෙන්න විදියක් නෑ. හැත්තෑව දශකයේ මීගමුවෙන් කරළියට ආ විල්බට් ඇන්තනී අසූ ගණන් වල අග හෝ අනූ ගණන් වල මුල දක්වා ගී ගැයුවා. ගුවන්විදුලියේ අනූව දශකයේ අග වෙනකන් විල්බට් ඇන්තනී ගේ ගීත ප්‍රචාරය වුණා. විල්බට් ඇන්තනීගෙ එකල ජනප්‍රිය ගී අතර.. කුංකුම චන්දන අංජන තවරා චාන්දනි සිනාසුනා..(මං කැමති එක) බඹරු මත්වෙලා මලට ළංවෙලා.. ...
පූජා.....පූජා වේවා...... | Joe Abeywickrama වැම්පයර් දරු දුක උහුලා තනිව වැලපෙනාබුදු බව ලබනා පියවරු වෙසෙනාපූජා.....පූජා වේවා...... මහමෙර වැනි බර සිතින් උහුලනාකඳුලැලි සමුදුර නෙතින් සඟවනාදරු දුක උහුලා තනිව වැලපෙනාබුදු බව ලබනා පියවරු වෙසෙනා මව් ඇති දාටත් සෙනෙහස පුදනාමව් නැති දාටත් තුරුලේ රකිනාසසර ගෙවෙන තුරු දරුවන් රකිනාබුදු බව ලබනා පියවරු වෙසෙනාපූජා...... පූජා වේවා...........ධර්මසිරි ගමගේ ගේ පූජා (1986) චිත්‍රපටයට ධර්මසිරි ගමගේ රචනා කල කේමදාසයන් ...
එම්. කේ. රොක්සාමි - අවසන් කොටස | M. K. Roksami වැම්පයර් ලිපි අංක එක සිංහල සිනමා සංගීතයේ මුලින්ම ජනප්‍රියත්වයට පත්වුණ බී එස් පෙරේරා මහතා හෘදයාබාධයකින් හදිසියේ මියයන්නේ මේ අතරතුරයි. පෙරේරා මහතා ගේ වාද්‍ය වෘන්දයේ වයලීන වාදකයා වූ රොක්සාමිට අඩක් නිමැවූ බී එස් පෙරේරාගේ කටයුත්ත සම්පූර්ණ කිරීමට ලැබුණි. රොක්සාමි නම් වාදකයා තුළ සැඟවසිටි සංගීත අධ්යක්ෂකයා කළ එලි බසින්නේ ඒ ආකාරයෙනි. එතැන් පටන් සහය සංගීත අධ්යක්ෂණයට යොමුවන රොක්සාමිට සම්පූර්ණ චිත්‍රපට සංගීත ...
ඇම්. කේ. රොක්සාමි | M. K. Roksami වැම්පයර් මව හා පියා දකුණු ඉන්දීය සංක්‍රමණිකයන් වූ එම්. කේ. රොක්සාමි, හෙවත් අප කවුරුත් හඳුනන රොක්සාමි මාස්ටර් උපත ලැබුවේ දකුණු පලාතේ ඇල්පිටීය නගරයේය. ඔවුහු පසුව කොළඹ නගරය ස්ථිර වාසස්ථාන කොට ගත්හ. දෙමාපිය සංගීත ලෝලීත්වය හා දෙමාපිය හැකියාව කුඩා රොක්සාමි ගේ සිත සංගීතය කෙරේ බැඳ තබාගැනුමට සමත්වූහ යි යන්න මුසාවක් නොවේ. එකල තබ්ලා, ස්ර්පිනා, මැන්ඩලිනය හා වයලීනය හැසිරවූ කුඩා දෑත් පසු කලෙක ...
අමුතු ප්‍රස්න.. | Brain teasers වැම්පයර් මෙන්න පොඩි අමුතු තාලෙ ප්‍රස්න ටිකක්. රනිල්ගෙ ප්‍රස්නෙ වගේ නෙවයි හැබැයි. පොඩි උත්සාහ පාරක් දාන්නකො, අමාරු නෑ. අර ගීතක අයියත් කියන්නෙ උත්සාහවන්තයාගෙ පුතා ජයගනී කියලා. මමත් අහල තියන කතාවක් තමා ඉතින් උත්සාහවන්තයා ණයගනී කියන එක. ප්‍රස්න අංක එක- බාස්කට් එකක බිත්තර හයක් තියනවා. මිනිස්සු හයදෙනෙක් බිත්තර ගන්නවා එක බැගින්. අන්තිමට බාස්කට් එකේ බිත්තරයක් ඉතුරුවෙනවා. ඒ කොහොමද? ප්‍රස්න අංක දෙක- තට්ටු ...
නන්දා මාලිනී.. | Nanda Malini - The Golden Era වැම්පයර් අසූව දශකය නන්දා මාලිනිය ගේ සංගීත දිවියේ උච්චස්ථානය සනිටුහන් වූ දශකය ලෙස නම් කිරීම උචිත යැයි හඟිමි. කප් සුවහස් කල්, යාත්‍රා, යුගයෙන් යුගයේ, හේමන්තයේදී, පවන, සත්‍යයේ ගීතය කැසට් පට මෙයට මොනවට සාධක සපයන්නාහුය. මහැදුරු සුනිල් ආරියරත්නයන් පබැඳූ ගී වලින් සමන්විතවූ මෙ සමූහය අදටත් ඇසීමට ප්‍රිය උපදවන්නා සේම එදා ජනිතකල හැඟීම් සමුදාය නැවතත් එලෙසින්ම ඇතිකරලීමට සමත්වෙයි. එනමුදු පසුව මහැදුරු ආරියරත්නයන් ගේ ...
කීර්ති පැස්කුවල් පොඩි ගමනක් යනවා! - නෑසෙන ගී වැම්පයර් සිතුම් පැතුම් පොදි බැඳගෙන අතින් කටින් තව ඩැහැගෙන උපන්දා පටන් අපි පොඩි ගමනක් යනවා වටින් පිටින් තව තව ගෙන කදමළු තව පුරවාගෙන හති හල හල කඳු පල්ලම් දිගේ ඇදෙනවා දෙපා වාරු නැති වෙන දින බර උසුලනු බැරි වෙන තැන දුක හිතුනත් සමහර දේ ඉවත දමනවා සළුපිළි අබරණද වටින පණ මෙන් සුරකින යහගුණ සමහරවිට අපි නොදැනිම ඉබේ හැලෙනවා පොඩි ගමනක් යනවා ගමන මඟ නවතිනවා පොඩි ගමනක් යනවා ගමන මඟ නවතිනවා අණවින කරනා අය ...
ලක්ශ්මන් විජේසේකර - ඔබේ දෙකොපුළ වසා ගලනා | Lakshman Wijesekara වැම්පයර් ලක්ශ්මන් විජේසේකර මහත්තයා කියන්නේ අනූව මුලදී සෑහෙන්න ජනප්‍රිය වුනු (ගංගා හා නිශ්ශංක ටෙලි තේමා ගීතය - සිනා පිපෙනා මේ වසන්තය- කුමාරදාස සපුතන්ත්‍රී, සමිතා මුදුන්කොටුව) අනූපහෙන් විතර පස්සෙ ආගිය අතක් නැතිවුණ... ආයෙ දෙදාහෙදි නව රිද්ම කැසට්පට රැල්ල සමග ආයෙත් කැසට් එකක් කරපු.. දැන් ආයෙත් ආගිය අතක් නැති.. සෑහෙන්න හොඳ ගීත කියපු ගායකයෙක්. මේ ගීතය නම් ඇහෙන්නෙම නැති තරම්. ඒත් මගේ හිතේ ...
ටෙම්පර්ඩ් ඇන්ඩ් කැරමලයිස්ඩ් අනියන් විත් ස්ටීම්ඩ් රයිස් | Tempered and Caramelized Onions with steamed rice වැම්පයර් හායී.. වෙල්කම් කියලා සැටමෝල් වෙලා ඉන්න ඔක්කොම පිළිගන්නවා මගේ කුකරි ක්ලාස් එකට. ටුඩේස් රෙසිපි තමයි ටෙම්පර්ඩ් ඇන්ඩ් කැරමලයිස්ඩ් අනියන් විත් ස්ටීම්ඩ් රයිස්. මේක ගොඩක් එස්.එල්. වල රූරල් ඒරියාස් වල මේක් කරන ට්‍රැඩිශනල් ඩිශ් එකක්. වීක් එන්ඩ්ස් වල ලේට් රයිසර්ස් ලට බ්‍රන්ච් එකක් විදියට අයිඩියල්. ඕකේ දෙන්.. වී ආ ගොයිං ටු ස්ටාර්ට්... මුලින්ම අනියන්ස් ටික සුද්ද කරලා වොශ් කරලා ස්ලයිස් කරගන්න. මේ ස්ලයිසස් ...
දුහුළු මලක්.... | Duhulu Malak වැම්පයර් විජය ධර්ම ශ්‍රී මහත්තය කරපු "දුහුළු මලක්" චිත්‍රපටය ලාංකීය රොමැන්තික චිත්‍රපට කලාවේ මංසලකුණක් ලකුණු කළ චිත්‍රපටයක්. හැත්තෑ හයේ තිරගතවීම ඇරඹි "දුහුළු මලක්" ධර්ම ශ්‍රී මහත්තයගේ මුල්ම අධ්‍යක්ෂණය. ඒ වුණත් ධර්ම ශ්‍රී මහත්තය ඒ වෙනකොටත් සිංහල සිනමාවෙ සෑහෙන්න ප්‍රසිද්ධ වෙලා තිබුණෙ "හන්තානේ කතාව" චිත්‍රපටයෙන්, එහි උප අධ්යක්ෂ විදියට කටයුතු කරපු නිසා. විජය කුමාරතුංග , අමරසිරි කලංසූරිය වගේ එකල අංකුර ...
තවත් එක් බීපු කතාවක් - Yet another alcoholic story ! වැම්පයර් ඔන්න එදත් වෙනදා වගේම වගේ බොන දවසක්. මතකේ හැටියට එදා අපි පැවිලියන් එකේ තමයි සෙන්ටිමෙන්ටල් වුනේ. කට්ටිය ලෙසටම ගැහුවා. අන්තිමට දන්නවනේ වෙන වැඩේ. වැඩිය බීපු නැති උන් වගේම බයිට් කාපු උන්ට වෙන්නේ කලාබර ආසියො රුයිත හේරො වගේ දිව බඩ එහෙම එලියෙ දාගෙන ඉන්න උන්ව බෝඩිං වලට ඇරලන්න. එතකොට තමයි බයිට් කන්න සෙට්වීමේ රඟේ තේරෙන්නෙ. මොකද ඉතින් සිහි නැතිවෙන්න ගැහුවනං ආයෙ ...
නාමේ නොදිරනා - ඒ.එම්.යූ. රාජ් වැම්පයර් නාමෙ නොදිරනා.. කුණු කය දිරනා .. අරුමෙකි සෝබා සංසාරේ... හැත්තෑව, අසූව දශක වල අතිශයින්ම ජනප්‍රිය වුන ගීතයක මුල් පද කිහිපය තමයි ඔය. දැනටත් අර "කැත නැතුව අහන්න" පුලුවන් ලිස්ට් එකේ තියෙන එකක් මගේ නම්. මේ ලඟදි අපේ මාරයියා පොඩි ඉල්ලීමක් දැම්මා "මලේ.. ඒ එම් යූ රාජ් මහත්තයගෙ සින්දු ටිකකුත් දාහං" කියලා. මම කීපයක් බස් එකේ දැම්මා. හුදී ජනතාවගේ රසාස්වාදය ...
මගේ නංගී... රචනාවක්.. වැම්පයර් මගේ නංගී ගේ නම නංගීය. ඇය මට වඩා බාලය. නංගී ස්ත්‍රියකි. ඇය බැරිවෙලාවත් පුරුෂයෙක් වූවා නම් ඇගේ නම මල්ලී ලෙස වෙනස්වේ. නංගී මට වඩා බාල වුවද අම්මාට වඩා වැඩිමල්හුය. ඒ නිසා ආච්චි නංගීට කියන්නේ හැට අම්මා කියාය. නංගීගේ කාමරය මගේ කාමරයට වඩා බෙහෙවින් පිළිවෙළය. හැබැයි ගඳය. තාත්තා කියන පරිදි ඇය අපේ නිවසට පහනකි. අපේ නිවසේ පහන හැමදාම ගිනිගනී. ඒ නිසා ...