යට කඩේ උඩ ගෙදර - පියන්කාරගේ බන්දුල ජයවීර වචන ටැක්සි බන්දුලගේ කවි පොත මට ලැබිල දැන් ගොඩක් දවස්. එකින් එක කියවන් එක දිගට යන්න පුළුවන් නිර්මාන සංග්‍රහයක් තමයි බන්දුලගෙ පොත. අනෙක් පොත් කීපයේ තිබූ තේමා වගේම “යට කඩේ උඩ ගෙදර”තේමාවත් නියමයි. හැබැයි මොකද්ද අර උත්කෘෂ්ඨ කවි සොයන අය නම් මේ කවි පොත ඇසින් නොදකින එකමයි හොඳ. මොකද ඒ අයගේ සනීප ජීවිතේට අදාළ අනුරාගික-ස්වේතාලිප්ත-ක්ල්ටෝරිස්මිකකාව්යමය මෙව්වා එක මේ කවිවලින් නොලැබෙන නිසාය.මාක්ස් ජීවමානයිපහත ...
යන්නං චන්දරේ-ටිම්රාන් කීර්ති වචන ටැක්සි ටිම්රාන් කීර්ති විසින් පළ කරන ලද සිය දෙවැනි නිර්මාන සංග්‍රහය වන යන්නං චන්දරේ රස විඳුමට ලැබුණි. ටිම්රාන් කවි ලියා ඇත. ඒ ගැන සතුටු විය හැකිය. එපා වන තරමට, ඇසේ වැදී - ඇඟේ වැදී - පුකේ වැදී යන කවි මුහුණු පොතේ දෛනිකව පාචනය වන බැවින්, කවිත්-ඒවා ලියන එවුනුත්-සාහිත්තෙත් සමස්තයක් ලෙස එපා වී චොර වී ඉද්දී මේ පොත අතට ලැබීම සැනසුමකි. කඩතොලුතට්ටු ...
"සුදු කතක් හා මධු විතක්" සංවාදශීලී කතාබහක්... වචන ටැක්සි වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා... වචන ටැක්සි අමරදේව ගායනා කරන මේ සුවිසල් ගීතය කසුන්ගෙ හඩින් අහද්දි, මට දැනෙන දේ, අතීත සැමරුම් අස්සෙන් වෑස්සෙන ශෝකී හැඟුමක් වන්නේ මන්දැයි මම නොදනිමි.සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලාවලා රොදක සැඟවිලාඅපේ මියුරු පෙම් කතා අසා සිටිනවාඅසා සිටිනවාකදුළු බිඳු ගලා සඳේ තුරු ලතා පුරාසියොළඟම සැලී මගේ නොහිම් සීතලේඔබේ නෙත යදීමහද වියරුවෙන්සඳ හොරෙන් හොරෙන්කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලීකොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයිනිවාලන්න මාඔබේ ...
දෙලොවක් අතර කවි|සුදු කතක් සහ මධු විතක්|නිරාෂ ගුණසේකර වචන ටැක්සි සුදු කතක් සහ මධු විතක්දෙලොවක් අතර කවිනිරාෂ ගුණසේකරගේ දෙවන කාව්‍ය සංග්‍රහය වන “සුදු කතක් සහ මධු විතක්” මා හට ගෙන ආවේ අමුතුම හැඟුම් සමුදායකි. මෑතක කියවන්නට ලැබුණ කාව්‍ය සංග්‍රහ කීපයකින් කුමක් ගැන කුමක් ලියා තබම්දැයි විපිලිසරව හුන් මොහොතක නිරාෂගේ නිර්මාණ සංග්‍රහය ගැන ලිවීම හිතට සැනසුමකැයි සිතුණේ මගේ ඉපැරණි රහස් මිත්‍රත්වයක් ඔහුගේ නිර්මාණ සමගින් ද තිබූ බැවිනි. ඔහුගේ “බඹරු එළපු දැල්” ...
හකාවති දායකත්ව ඇගයීම්|ගෞරවාදරණීය ස්තුතිය වචන ටැක්සි 2014 ඔක්තෝබර් මස 28 වැනිදාආදරණීය සහෘදයින් වෙත,ගෞරවාදරණීය ස්තුතියහකාවති කෘතිය පිළිබඳ සංවාදය සඳහා තම කාලයෙන් බිඳක් වැය කර පැමිණි සියල්ල ඉතා ආදරයෙන් පිළිගනිමි.හකාවති කෙටි කතා ලියන්නට සහ එම කතා සංග්‍රහය මුද්‍රිත මාධ්‍ය ය වෙත යොමු කරන්නට මා හට අවස්ථාව උදාකර දුන් සහෘදයන් සිහිගන්වන්නට මෙය අවස්ථාවක් කර ගනිමි.1. හකාවති ලියන්නට මා පෙළඹ වූ බූන්දියේ නිර්මාතෘ තරංග ජයසේන සහෘදයාට2. මගේ කතා කියවා එහි ...
හකාවති: සුචරිත ගම්ලත් ශබ්දකෝෂ දිනාගත් අය වචන ටැක්සි හකාවති විචාර හෝ විඳුම් සටහන් එවීමෙන් සුචරිත ගම්ලත් ශබ්දකෝෂ දිනාගත් අය:ප්‍රථම ස්ථානය “හකාවතී හෙවත් කතන්දරකරු විසින්, විසි එක් වෙනි ශතවර්ෂයේ දිවි ගෙවන ශ්රීස ලාංකික සමාජයට Reality Check එකක් ඉදිරිපත් කර ඇත.” යනුවෙන් හකාවතිය රියැලිටි චෙක් එකක් ලෙස හඳුනා ගත්,නිල්මනී ප්‍රනාන්දු දෙවන ස්ථානය “විනෝදය: ඇත්ත. අත්ශයෝක්තිය ටිකක් වැඩියි. මෙගා වගේ. ඇඟිලි හතරක් කතෘ දෙසට.” යනුවෙන් විනෝදය කතාවේ සුගතදාස වලිමුණි යනු 80%න් ...
ඉකෙලොසීය සන්ධර්භයක හකාවති කියවීම-මංජුල වෙඩිවර්ධන වචන ටැක්සි මංජුල වෙඩිවර්ධන හකාවතිය කියවා සිය විචාරාත්මක සටහන මා වෙත එවා ඇත. එනයින් අද දෙවැනි වරට ද වචන ටැක්සිය පදවන්නට සිදු විය. මේ ගමන අතිශය අවදානම් ගමනක් වුව යා යුතුය. දුර්වල සිත් ඇත්තන් මීට ගොඩවැදීමෙන් වැළකිය යුතුයැයි මම නොකියමි.ඉකෙලොසීය සන්ධර්භයක හකාවති කියවීම.ඩෝසන් කියූ හැටියේම මුලින්ම අප අබියසටවිත් හිටගනුයේ ස්ථම්භයකි. කොලමීය කුළුණකි. ඩෝසන් කුළුණ යනු මෙයයි. කඩුගන්නාව මුදුනත සිට ඇඟ කිලිපොලා යන ...
මෙබඳු විචාරයක්! වචන ටැක්සි මේ හෂිත අබේවර්ධන හකාවතිය දෙස බැලූ අයුරය.මෙබඳු විචාරයක් කෙළෙස ලබම් ද, හෂිතගෙන්ම හැර?හකාවති පහසු-අපහසු වියමනක් ලෙස.!සිහින දැකීම යනු ප්‍රාර්ථනා සඵල වීමයි-ෆ්‍රොයිඩ්-හකාවති කෙටිකතා මුලින්ම එහි බ්ලොග් අඩවියේ පළ වන විට අපේ ගෙදර කතාබහක් ඇතිවිය. 'මේ ලියන එකා නම් මාර කෙටිකතා කාරයෙක්' මම කීමී[මම ඒ කතා කරු හැඳින නොසිටියෙමි]. 'මේ කතා කාරයා තවත් හොඳයි මේවා තවත් වතාවක් ලිව්වා නම්' අපේ උන්දෑ කීවාය. ...
හකාවති ලද ප්‍රතිචාර වචන ටැක්සි හකාවති එක්ක නොමග යාමඊ.ඒ. ඩෝසන් ප්‍රී තීගේ 'හකාවති' පොත කියැවීමට පෙර, හකාවති යන වචනය මා අසා නොතිබූ එකකි. හකාවති යනු ආරාබි බසින් කතන්දරකාරයා යන්නයි. තැනින් තැන ගොස් කතා ගොතා කියා නැවත ගමරට පැමිණ තැනින් තැන දී දුටු දේ තමන් එන තුරු මඟ බලා සිටි අයට කියනා කතාකරුවෝ හකාවති වූහ. නියම කතන්දරකාරයෙක් සේ පෙනී සිටිනා ඊ.ඒ. ඩොසන්ප්රීතතීරචකයාත් , මේ ලෝකයට පිටතදී ...
සුචරිත ගම්ලත් ශබ්දකෝෂයක් දිනා ගැනීමට අවස්ථාවක්! වචන ටැක්සි වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com
සුචරිත ගම්ලත් ශබ්දකෝෂයක් දිනාගැනීමට අවස්ථාවක්! වචන ටැක්සි සුචරිත ගම්ලත් ශබ්දකෝෂයක් දිනාගැනීමට අවස්ථාවක්!හකාවති කෙටිකතා සංග්‍රහය විචාරයට ලක්කරන්නන් අතරින් තිදෙනකුට සුචරිත ගම්ලත් ශබ්දකෝෂ තුනක් දිනාගැනීමට අවස්ථාව ඇත.නිර්මාන විචාරය පිළිබඳ පාඨකයන් අතර උනන්දුව වර්ධනය කරවීම අභිලාෂය කොටගත් මෙම තරගය උදෙසා විශ්වවිද්‍යාල සිසුන්, විචාරකයින් සහ පාඨකයන් සැමට සහභාගිවන්නට මෙයින් ඇරියුම් කෙරේ.ඔබේ විචාර හෝ විඳුම් සටහන් 2014 ඔක්තෝබර් 25 වෙනිදාට පෙර dawsonpree@gmail.com ට ලැබෙන්නට සලස්වන්න.එවන විචාර හෝ විඳුම් සටහන් අතරින් තෝරා ගත් ...
හකාවති වචන ටැක්සි හකාවති කෙටිකතා සංග්‍රහය පාඨකයන් අතට දැනටමත් කාන්දුවන්නට සලස්වා ඇත. කාන්දුවන්නට සලස්වා ඇත්තේ යැයි යෙදුවේ හකාවති කෘතිය කියවන්නන් අතරට යන විදිය මේ අවස්ථාවේ හැඳින්විය හැකි හොඳම යෙදුම ඒ යැයි මට සිතුනු බැවිනි.හකාවති කෙටිකතා ලියැවුනේ මීට වසර හතරකට පහකට පමණ පෙරය.හරියටම කීවොත් 2009 වසරේ අගෝස්තු හතරවැනිදා එහි පළමු සටහන පළ විය. ඉන්පසු විටින් විට 2012 වසර දක්වා එම කාල පරාසය තුළ ලියැවුනු ...
සබඳ හදවත ඇත්තේ සිරුරෙන් පිටතය වචන ටැක්සි දෑත් දෙපසට විහිදාඅත් කර ගනිමි අවකාශයඑපමණිඅත්කර ගත හැකි උපරිමයහැකිලෙමිදැන දිග පළල පොළොව මත වපසරිය එම සමදිනෙක වැළලීමට නියමිත කයගැහෙන්නට ඇත වම් උරතුරකුස හොත් මොහොතක සිටටික් ටික් හඩින් පැන යනජීවිත ඔරලෝසුවකොතරම් කුඩා ද එය?මිට මෙළ වු තරමට අතපමණ වේ හදවත දහදවත හිස් වූ කලසැතපෙන වලේහිස් බවපිරී යනු ඇති20/06/2014වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...
කවරය හැර ගිය ලියමනක් ලෙස... වචන ටැක්සි මහ රැයේආදරයේ උණුසුම් වදන් ලියාසිව්කොන් නවා-කවරෙක බහායටිතොල අතුරා-තිර ලෙස අලවාපොත් තුනක බරින් තෙරපාඋදෑසන හිරු එළිය වැටෙන තුරුදෑසින් දෝවමිඒ ආදර වදන් කීපයඋණුසුමින් රැකෙනු ලෙසසීතලෙන් නොමියෙන ලෙසගර්භාෂයේ සිටියාටත් වඩාඋණුසුමින් තෙරපී හුන්පැටිවියේ ඔබෙ වස්ත්‍ර ජාලයේමල් සුවඳ පරයා-බූමිතෙල් සුවඳින් පෙඟුනුරතු නිල් කහ මල් වැටුනු-චීත්ත රෙදි ආදර සන්නාහයේනැහැය ඔබා ගෙන මා සිහින දුටු අතීතේයලි සිහිකරවන-මග හැරුනු බව-අතැර යන්නටඒ දුක්ගැහැට අතීතෙන්යලි යලිත් මා පුබුදනයලි යලිත් මා ...
මරණයේ මතක වචන ටැක්සි ඒ අඳුරු මතකය මා සිත තුළ ඇවිලෙන්නේ මේ වැනිම අඳුරින් මා වැටලූ ඝණාන්ධකාර රාත්‍රීන්හිදී ය.මාගේ සිරුර තුළ ජාලයක් සේ පැතිරුනු සියලු ස්නායු නාලිකා දියව සිහින් කෙඳිති ලෙස අතුරුදන් වෙද්දී ද මාගේ මතක රූප ඇටකටු තුළට කා වැදී ඒවායේ රසාණුවල ගැබ්ව තිබු සියළු ආලේඛ්‍යය හුණු බදාම වන් අස්ථි කැබලි අභ්‍යන්තරය හා හුවමාරු වන්නට ඇත. හිස්කබල් කුහරයේ ඉතිරිව ඇති මොළ ලොඳ කැදලි ...
සලක්කාරං වචන ටැක්සි සුභද්‍රා කවි පොතකට කවි එකතු කරන්න පටන් අරන් කියල දැන ගනිද්දී මට සතුටක් දැනුණ. ඇයගේ කවි කීපයක් ගැන මා රස විඳුම් සටහන් ලියා තැබුව, ඒ ටික කලකට පෙර. පළ කරන්නට යන පොතක එකට ඈඳුන කවි පොකුරකින් එකක් දෙකක් පමණක් වෙන් කොට මගේ බ්ලොගයේ දැමීම ඒවා සමස්තයක් ලෙස රස විඳීමට සිටින පාඨකයන්ට කරන වරදක් ලෙස සිතෙන බැවින් ඇගේ අලුත් කවි මෙහි ...
අවමංගල ස්තූතිය කියවද්දී!!! වචන ටැක්සි කනත්තක ඇති බියකරුගූඨහුදකලාවවිතරක් නොවෙයි...මිනීමල් සුවඳ?කනත්ත මතුපිට-කාටත් පෙනෙන......කනත්ත යටලොව සියළු සබඳතා විසින් ගැලවීඅනන්ත රින ඩෙසිබලයක නිහඩතාවය මැදඅත පය සොලවා ගත නොහැකිලැටරල පාංශු පීඩනයේ තෙරපීඑම්බාම් රසායනමීනි සැන්ට් සුසුවඳ මැද්දේදැනිය හැකි හුදකලාවමට දැනුනා...[හදිසියේ පණ ගැන්වූනිර්දය ලෙස මරා දැමුන හදවතමිහිදන්වහුදකලාවෙකමහ පොළව යට සිර වූ විට]අවමංගල ස්තූතිය කියවද්දී!!!07/03/2014වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...