රන්දිව්.... රනා ලියන බ්ලොග් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර SSC පිටියේදී පැවැත්වූ 2වෙනි ටෙස්ට් තරඟය අවසන් වූයේ ජය පැරදුමෙන් තොරවය. දෙපිලේම පිතිකරුවන් තරඟයට මෙන් අර්ධ ශතක ශතක හා ද්විත්ව ශතක රැස් කරද්දී පන්දු යවන්නන් හා පන්දු රකින්නන් අන්ත අසරණව සිටිනු තරඟය පැවැත්වූ දින 5 පුරාම දක්නට ලැබුණි. පළමු දින දෙකෙහිදීම පිතිකරුවෝ ඉන්දීය පන්දු යවන්නන්ට එළව එළවා පහරදුන් අතර එහි වාඩුවගත් ඉන්දීය පිතිකරුවෝ සහ ...
පහන් රනා ලියන බ්ලොග් ඝනසාරප්පදිත්තේන - දීපේන තමධංසිනා තිලෝක දීපං සම්බුද්ධං - පූජයාමි තමෝනුදංතෙල් කපුරු වලින් ඇවිළුනා වු අන්ධකාරය දුරු කරන්නා වු මේ පහනින් ක්ලේශ නැමති ඝන අඳුර නැසුවා වු තිලොවට පහනක් වු සම්මා සම්බුදු රජුන්ට පූජා කරමි.රනාගේ ගමේ පංසලේ පහන් වැටේ දසුන්....ඉහත පළ කරන ලද ගාථාවේ යම්කිසි දෝෂයක් වෙතොත් එය නිවැරදි කර දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි.පෙර ගාථාවේ දෝෂ නිවැරදි කිරීම ...
රාගම දුම්රිය පොළේ කපුටෝ..... රනා ලියන බ්ලොග් රාගම දුම්රිය පොළේදී ගත්ත ෆොටෝ කීපයක් මේ.හවස පහමාරට විතර ඉර බැහැගෙන යද්දි හතරවෙනි වේදිකාවට එහා පැත්තෙන් තියෙන මේ කොළ නැති ගහේ කපුටෝ වහලා ඉන්න 1 හරිම සුන්දර දර්ශනයක්.රාගම දුම්රිය පොළ හරහා ගමන් කරන අය මේක දැකලා ඇතුවාට සැකයක් නෑ.දැකපු නැති කෙනෙක් ඉන්නවානම් ඊළග දවසේ ඒ හරියෙන් යද්දි බලන්න.ජය වේවා... ...
අපිට වෙනස් වෙන්න බැරිද | Why No New Technology රනා ලියන බ්ලොග් කොටුව දුම්රියපොළේ නවීකරණ කටයුතුවලට සමගාමීව වේදිකා කීපයකම අඟල් 42 ප්‍රමාණයේ දැවැන්ත ර
අරක්කු - සිගරට් බොනවානම් මේකත් කියවන්න | For Drinkers and Smokers !!! රනා ලියන බ්ලොග් අරක්කු සහ සිගරට් යනු වර්ථමාන ශ්‍රී ලංකාවේ මේ ලිපිය ලියන මොහොතේත් ඉතාම වැඩි වේගෙන් අළෙවි වන පාරිභෝගික භාණ්ඩ දෙකකි. මිල කොච්චර ඉහළ දැම්මත් මේ භාණ්ඩවල ඉල්ලුම අඩු වෙච්ච බවක්නම් සමාජය තුළදී දක්නට නැත. ඊට සාපේක්ෂව මිළ කොපමණ ඉහළ ගියත් පරිභෝජනය වැඩි බවනම් පැහැදිලිව දකින්නට පුළුවන. රජය වුවද කිසිම පැකිලීමකින් තොරව ඕනෑම අවස්ථාවකදී බදු අයකරමින් මිල වැඩි කරන්නේ මේ හේතුව ...
හකා | The Maori War Cry රනා ලියන බ්ලොග් හකා කියන්නේ මොකක්ද? සරළම පිළිතුර යුධ නැටුමක්... කාගෙද ඒ නැටුම? කව්ද හකා ලෝකෙට හඳුන්වා දුන්නේ? නවසීලන්තේ ආදිවාසීන් වෙන මඕරි ජාතිකයන්. ඔවුන් හකා නැටුම නැටුවේ යුද්දෙකට කළිං යුද්ද භූමියේදී. ඒ නැටුමේ අරමුණ තමයි යුද්දෙට පෙර තමන්ගේ ප්‍රතිවාදියාව මානසිකව වැට්ටවීම... ප්‍රතිවාදියාව මානසිකව පරාජය කිරීම යුද්දය ජයග්‍රහණය කිරීමට පහසුවක් වෙන බවට විශ්වාසයක් මඕරි ජාතිකයන් තුළ තියෙන්න ඇති. ඒක හොඳ යුධ උපක්‍රමයක්. හකා වර්තමානයට ...
මම ෆෝන් එකෙන් ෆේස්බුක් නොයන්නේ ඇයි | Y No Facebook රනා ලියන බ්ලොග් විසිඑක්වන සියවසේ ඇඟට හානියක් කරගන්නෙ නැතුව මත් වෙන්න පුළුවං දේවල් මොනවාද කියලා මගෙන
මම මහරජ ගැමුණු හැදුවානං | If I were Jayantha Chandrasiri රනා ලියන බ්ලොග් http://goo.gl/GnKsFB ගිය අවුරුද්දේ (2014) අග ඉඳලා පෙන්නන්න පටං ගත්ත මහරජ ගැමුණු ෆිල්ම් එක මෙතන ඉන්න ගොඩ දෙනෙක් බලන්න ඇති... මමත් හෝල් එකටම ගිහිං බැලුවා... ආරංචි විදියට ඒක ආදායම් වාර්තා අලුත් කරාලු... හැබැයි මට අනුව ඒ ෆිල්ම් එක පට්ට ෆේල්!!! බැරිවෙලාවත් ඔය ෆිල්ම් එක මම හැදුවානං, ඒක කොහොම එකක් වෙයිද? මේ තියෙන්නේ ඒ ගැන මගේ රෝඩ්මැප් එක. පළවෙනිම දේ තමයි, ගැමුණු ...
නිහඬ වැඩකාරයෝ | The Unsung Heroes | 2016 රනා ලියන බ්ලොග් සයිබර් සිහින බක්මහ උළෙල පහුගිය අප්‍රේල් 30 සෙනසුරාදා දවස පුරාම වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේදී අති සාර්ථකව පැවැත්වුනා. බ්ලොග් ලියන, බ්ලොග් කියවන, කමෙන්ට් කරන සහ ඒ මොනවත්ම නොකරන සහ ඊට අමතරව ෆේස්බුක් සහ අනෙකුත් සමාජ ජාලවල ක්‍රියාකාරී බොහෝ පිරිසක් එදා දවස තමන්ගේ ජීවිතේ අමතක නොවෙන සුන්දර මතකයන්ගෙන් පිරිච්ච දවසක් බවට පත්කරගත්තා. අකුරුවලින් විතරක් දැනගෙන හිටිය අයව හැබැහින් දැකලා අඳුනගත්තා. තිබ්බ හිතවත්කම් වැඩි ...
100 | Century රනා ලියන බ්ලොග් මේක බොහොම පොඩි සටහනක්...එදිනෙදා ඇසි දිසි දේ යම් පමණකට අරගෙන ආව, රනා ලියන බ්ලොග් අඩවිය, අද සාපේක්ෂව බොහොම සරළ කඩ ඉමක් පහුකරනවා... මම රනා.බ්ලොග් කියවන්න,ලියන්න මටත් හරි ලොකු අමාරුවක් ඉස්සර ඉදංම තිබුනා. මීට කළිං මම බ්ලොග් ලියන්න උත්සහ කළත් ඒක හරියටම හරි ගියේ නෑ. කොහොම උනත් මම මේක කරන්න දිගටම උත්සාහ කරනවා. ඒකට ඔයලාගේ උදව් මට ගොඩක් ඕනේ වෙයි.මේ තියෙන්නේ ...
අපේ වෙලාව | Why U Waste My Time! රනා ලියන බ්ලොග් අපි යම්කිසි සේවාවක් ලබාගනිද්දි, ඒ සේවාව තවත් වැඩියෙන් ලබාගන්න හරි එහෙමත් නැත්තං අදාළ &
පාරෙදි චාර්ජ් කරන ෆෝන් | Public Phone Charger රනා ලියන බ්ලොග් ජංගම දුරකතන එහෙමත් නැත්තං මොබයිල් ෆෝන් එකක් අතේ නැති පුද්ගලයෙක් අද හොයාගන්න එක තරමක් අමාරු වැඩක්. ප්‍රයෝජනයක් ඇතුවා හෝ නැතුවා හෝ අපේ රටේ සමස්ත ජනගහනයෙන් අති විශාල ප්‍රමාණයක් අද ජංගම දුරකතන පාවිච්චි කරනවා. ජංගම දුරකතන පාවිච්චියත් එක්ක ඊළඟට එන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ඒකේ බැටරි බලය. ඉස්සරම ඉස්සර තිබ්බ ෆෝන් වගේ නෙමේ දැං තියෙන ස්මාට් ෆෝන් බහුතරේක බැටරිය පැය 8ක් 10ක් ...
සියලෝම තම තමන්ගේ ආගම සිහිකරගන්න... රනා ලියන බ්ලොග් අපේ රටේ ඕනෙම තැනක රැස්වීමක් හරි හමුවක් වගේ දෙයක් පටං ගන්න යද්දි න්‍යාය පත්රානුකූලව මුලින්ම කරන දේ තමා "තම තමන්ගේ ආගම සිහිකර ගැනීම". ඒත්, මේ කියන ආගම සිහිකරගැනීම අපි කොච්චර දුරකට හරියට කරනවද කියලා හිතලා බලද්දි තමා මේ ලිපිය ලියන්න හිතුනේ.මම මේ කියන කරුණ මේ ලිපිය කියවන බොහෝ දෙනෙක්ට පොදු දෙයක් වෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද කියනවානං අපි හැමෝම නොයෙක් ...
මමයි උඩවැඩියා රනා ලියන බ්ලොග් උස් කුලයක උපන්නෙම් ලැබ නෙක වු පැසසුම්උස් බවතෙකු සොයමින් ගෙදර නෙක සැලසුම්උස් බවතුන් ඇතත් උන්සතු කෝ ගුණවත් කම්උස්කම සමග තනිවෙම් තවම නැත හාදකම්එකම දෝණිය වූ නිසාවෙන් පරපුරටම සිටිනාපැතූ කුමරෙකුට නැත ඉඩක් මිස මව්පිය පතනාදෙමව්පිය පතනා අය කිම මට කැමති නොවනාකාරණය නොම දැන මා සිතින් නිති තැවෙනාකන්ද උඩින් හැම හිමිදිරියේ හිරු දෙවියෝ වඩනාවැන්ද දෙවිවරු අහෝ කිම මා දුක් ගීය නොඅසනාසින්ද තෙල් ...
බෝගන්විලා මල්... රනා ලියන බ්ලොග් ටික දිනකට පෙර මිතුරෙකුගේ ගෙදරට ගිය විටහැමදාම දකින දසුනක් ටිකක් වෙනස්ව දැක්කා,ඒ ටික සටහන් කරගත්තම පෙනුනේමෙන්න මේ විදියටයි.....
වේලිච්ච ගොරකා... රනා ලියන බ්ලොග් ගොරකා දැන් ගොඩක් වේලිලා. මදේ ඇතුළේ තියෙන වතුර වේලිලා යනකොට ලස්සනට තිබ්බ රතුපාට නැතිවෙලා දැන් හෙමීට කළුපාට වේගෙන එන්නේ. ජීවිතෙත් එහෙමද මන්දා... ලුණු වතුරෙන් හෝදලා ගොරකා වේලෙන්න දැම්මම තමයිළු ඒවා මෙලෙක් වෙලා එන්නේ. රනාගේ ගෙදර තියෙන ඒවානම් හරි තදයි. මගෙ හිතේ ලුණු වතුර සත්කාරය ඒවාට දීලා නෑ. ඊළගට තියෙන වැඩේ තමා දුම් ගහන 1.රනාලාගේ ගෙදර තියෙන්නේ ගෑස් ...
ගොරකා ගෙඩි රනා ලියන බ්ලොග් මේ ගොරකා ගෙඩි තමා හෝදලා බික් වෙන් කරලා අව්වේ වේලෙන්න දාන්නේ. ඊයේ දාපු ගොරකා පෝස්ට් 1ටම මේ ෆොටෝ ටික එකතු කරන්න හිතුනත් එතනයි මෙතනයි වෙනසක් දැක්ක නිසා මේ ටික වෙනම දාන්න හිතුනා. ගොරකා ගෙඩිත් නරකම නෑ නේද? ...
ගොරකා රනා ලියන බ්ලොග් අපේ ගෙදර අය මේ දවස්වල ගොරකා වේලනවා. අව්ව සැර නිසා ඉක්මනට වේලෙනවා. ඇත්තම කියනවානම් රනා ගොරකා වේලනවා දැක්කේ ජීවිතේ පළවෙනි වතාවට. පැදුරක වේලෙන්න දාලා තිබුණ වෙලේ ඉර අව්ව වැටිලා ලස්සනට තිබුණ නිසා ෆොටෝ ටිකක් ගහන්න හිතුනා.වේලෙන්න වේලෙන්න මේවාගේ පාට වෙනස් වෙනවා. ඒවගේම කෑලි ප්‍රමාණයෙන් පොඩි වෙනවා. ඒවාගේ ෆොටෝත් ගන්න බලාපොරොත්තුවෙන් තමා ඉන්නේ.කොහොමද ගොරකා පැදුර ...
වර්ෂ මාස පූර්ණය.... රනා ලියන බ්ලොග් මීට අවුරුද්දකටත් මාසෙකට පෙර දිනක රනා බ්ලොග් 1ක් ලියන්න පටන් ගත්තා.එම බ්ලොග් 1ට දැමීමට නමක් රනාගේ ඔළුවට ආවේම නෑ.අන්තිමේ එය "රනා ලියන බ්ලොග්" නම් වුනා.ඒ රනාගේ බ්ලොග් ලිවීමේ ආරම්භයයි.ඊට පස්සේ බොහොම අමාරුවෙන් මාසෙකට බ්ලොග් පෝස්ට් 1ක් 2ක් රනා ලිව්වා.ලියන්න දේවල් අනන්තවත් තිබුණත් රනාගේ කම්මැලිකම ඊට වඩා ගොඩාක් වැඩියි.ගිය දෙසැම්බරයේදී රනා එකම සටහනක්වත් ලිව්වේ නෑ.ඒ කාලේ රනා කඩේ ගියා.ඇත්තම කියනවානම් රනා ...
මේ මම ගැන නෙමෙයි.... රනා ලියන බ්ලොග් අන්තර්ජාලය තුළ ඕනෑම කෙනෙකුට ඕනෑම ආකාරයකින් තමාව හඳුන්වාදිය/ හඳුන්වාගත හැක. ඒ කොම්පියුටරයක් ඉස්සරහ වාඩිවී ලියන තමන්ව අනිත්පස සිට එය කියවන පුද්ගලයාට නොපෙනෙන බැවිනි. ඒ අන්තර්ජාලයේ හැටි ය. කවුරුන් හෝ ඒ ගැන දුක්වන්නේ නම් ඔහු හෝ ඇය අන්තර්ජාලයට ඔබින්නෙක් නොවේ.එකම නමක් පුද්ගලයින් කීප දෙනෙකුටම තිබීම අන්තිම සාමාන්‍යය දෙයකි. එය අපේ රටේ පමණක් නොව ලොව සෑම රටකම දක්නට ඇති දෙයකි. එහිද කිසිම ...