බස් රථයේ මතකයක් රන්දිකගේ සිත් සටහන් නොදුටිමි ඔබේ දෑස හරිහැටිලැබුවේ යන්තම් ස්පර්ශයනෙත් කොණින් බලා සැනසීයන්නට වීමි හදිසියේමසිත නොදුන්නද෴
මගේ ඩිජිටල් සිතුවම් කිහිපයක් රන්දිකගේ සිත් සටහන් පැන්සලකින්(හෝ පෑනකින්) හා කඩදාසියකින් කරන්න පුළුවන් ගෝඩක් දේවල් තියෙනවා. මටනම් ඔය දෙකම හම්බ වුණාම කරන්නනේ හිතට එන ඕනේම දෙයක් සිතුවමට නඟන එකයි. ඉතින් දැන් මම පෙන්වන්න යන්නේ මම නිකන් ඉන්න ගමන් ඇඳපු සිතුවම් වගයක්. හැබැයි ඒවා එකක්වත් සැබෑ කඩදාසියක් මත කළ සිතුවම්නම් නෙමේ. ඒවා ඩිජිටල් මාදාලියේ නිර්මාණ. Paint.NET මෘදුකාංගය භාවිතා කරලා තමයි වැඩේ කෙරුවේ. Paint.NET කියන්නේ සාමාන්‍ය Paint වලට වඩා ...
මොනවා හරි ලියලා යන්න හිතුණා රන්දිකගේ සිත් සටහන් ගොඩ කාලෙකට පස්සේ ඔන්න ආයෙත් බ්ලොගයට මොනවාහරි ලියන්න හිතුණා. දැන්නම් ලියන්න වෙලාවක් නැති තරම්. හැමදාම ගූගල් රීඩරයට එන බ්ලොග් ලිපි ටික කියවලා ඉවර කරන්නෙත් බොහොම අමාරුවෙන්. ඉතින් මේ දවස් වල පාඩම් වැඩ තමයි කරන්නේ. ගණන් හදන එකෙත් මාරම ගතියක් තියෙනවා. ගාණක් හදලා ඒකේ උත්තරේ ගත්තම මාර සතුටක් දැනෙන්නේ. ගණිතය වැනි විෂයයක් අපිව කොච්චර දුරට හිතන්න පොළඹවනවද කියන එක දැන් මට ...
ගූගල් සිංහල පරිවර්තකයට දායක වෙමු රන්දිකගේ සිත් සටහන් අද මේ ලෝක ව්‍යාප්ත ජාලයේ(WWW) ඇති තොරතුරු කන්දරාව දිනෙන් දින දෙගුණ තෙගුණ වෙනවා මිසක් නැවතීමක් නෑ. ඇත්තටම මෙහි ඇති තොරතුරු වලින් අඩකට වැඩි ප්‍රමාණයක් ලියැවිලා තියෙන්නේ ඉංග්‍රීසි බසිනි. දැන් දැන් යුනිකේත වගේ භාෂා සම්මුතීන් ප්‍රචලිත වීම නිසා ලෝකයේ විවිධ රටවල් තම ස්වභාෂාවෙන් ලෝක ව්‍යාප්ත ජාලයට සීඝ්රයෙන් තොරතුරු මුදාහරිමින් සිටිනවා. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව තුල සිංහල යුනිකේතය බිහිවීම ගත හැක. සිංහල ...
ජනපති සටනෙන් බිහි වූ ගී සල රූ රන්දිකගේ සිත් සටහන් දැන් ශ්‍රී ලාංකීය ජනතාව හරි බරි ගැහිලා බලන් ඉන්නේ ජනපති සටනේ ජයග්‍රාහකයා කවුද? කියලා. ජනවාරි 23 මධ්‍යම රාත්‍රියේ ඉදලා ජනමාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් නවතන ලදී. හැමෝම දන්නවනේ ප්‍රචාරණ කටයුතු සදහා රූපවාහිනිය කෙතරම් පාවිච්චි කළාද කියලා. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තම තමන්ගේ ජයග්‍රහණය සදහා විවිඩ වූ දැන්වීම් රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කළා. මේ දැන්වීම් අතරින් ලස්සනම දැන්වීම පිළිබඳ පොඩ් තරගයකුත් ...
LockerZ - තෑගි ගන්න රන්දිකගේ සිත් සටහන් ලැබූවා වූ 2010 වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරේවායි මම පළමු කොට පතමි. මේ මගේ 2010 වසරේ පළමු බ්ලොග් ලිපියයි. ඉතින් අලුත් අවුරුද්දට තෑගි ගන්න කවුරුත් කැමතියි නේ. ඔන්න ඉතින් LockerZ.com වෙබ් අඩවිය තියෙන්නේ ඒකට තමා. සමහරු මේ ගැන දැනටමත් දන්නවා ඇති. දන්නැති අයටත් එක්කයි මේ ආරංචිය කියන්නේ.LockerZ මගින් අපට Points ලබා දෙනවා. ඒවායේ වටිනාකම අනුව අපට අවශ්‍ය තෑග්ගක් නිවසටම ...
පරම අණුව ගැන කියන කතා රන්දිකගේ සිත් සටහන් අද ලියන්නේ රසායන විද්‍යාව පිළිබදවයි. උසස් පෙළදී ඉගෙන ගත්ත පාඩමක් ඇසුරෙන් තමා මේක ලියන්නේ. විද්‍යාව කියන්නේ හරිම රසවත් විෂයයක්. හරියට කතන්දරයක් වගේ. මට නම් ඒ ඔස්සේ අලුත් දේ ඉගෙන ගනිද්දී පුදුම ආසාවක් ඇති වෙනවා. නමුත් බොහෝ ශිෂ්‍යයයන් නූතන තරගකාරී විභාග ක්‍රමයට හසු වී මේ රසවත් විෂයය අමාරු දෙයක් ලෙස බැහැර කරනවා. විද්‍යාව කියන දේ අපි අප විසින්ම තේරුම්ගෙන අවබෝධ කරගත ...
ලබන්නාවු නත්තලට සහ අවුරුද්දට සුභ පැතුම්! රන්දිකගේ සිත් සටහන් මම මේ ලියන්නේ 2010 වසරේ මම ලියන අවසාන බ්ලොග් ලිපියයි. මේ ලිපිය කලින්ම ලියලා දාන්න හිතුණා. ඉතින් 2010 වසර තුළ ගොඩක් දේ සිද්ධ වුණා. විශේෂයෙන් මගේ උසස් පෙළ දිවිය පටන් ගත්තෙත් මේ අවරුද්දේ. ඒ වගේම නත්තලත් දැන් අත ළඟ. නත්තල් උත්සවය කියන එක දැන් බොහෝවිට වාණිජකරණයට වෙලා. නත්තල් සීයා වෙළඳ සංකේතයක් බවට පත් වෙලා. නගරය, වීදිය, රූපවාහිනිය හා අන්තර්ජාලය නත්තල් වෙස් ...
ලංකාවේ DNS අවුල රන්දිකගේ සිත් සටහන් මම මේ ගැන දාන්න හිටියේ මාස දෙකකට විතර ඉස්සෙල්ලා. නමුත් කාර්යබහුලත්වය නිසා මේ ලිපිය ලියන්න අතපසු වුණා. මට මේ ගැටලුවට මුහුණ දෙන්න වුණේ Vidyawa.com නිසයි. දැන්නම් ගැටලුව කොහොම හරි විසඳිලා තියෙන්නේ. මේකයි ගැටලුව වුණේ. SLT ADSL සහ Mobitel Broadband වලින් අන්තර්ජාලයට එන පිරිසට vidyawa.com අඩවිය නොපෙනීම. මගෙ අන්තර්ජාල සම්බන්ධතාවයත් Mobitel Broadbandම තමා. මම යන්තම් ප්‍රොක්සි සර්වර් ගැන දැනගෙනන හිටිය ...
පළමු විභාගෙන් පස්සෙන් රන්දිකගේ සිත් සටහන් ඔන්න ගොඩ කාලෙකට පස්සේ තමා බ්ලොග් ලිපියක් ලියන්නේ. තව සතියක් විතර නොලියා හිටියොත් බ්ලොග් කියවන අඩවි වලින් මගේ බ්ලොගය ඉවත් වෙන්න පුළුවන්. ඒක හින්දයි මේක ලියන්න හිතුවේ. හැබැයි ඒ හින්දමත් නෙමේ. තව කියන්නත් ගොඩක් දේ තියෙනවා.ඉතින් හා හා පුරා කියලා උසස් පෙළදී හමුවෙන පළමු වාර විභාගෙටත් මුහුණ දුන්නා. විභාගේ ගැන කියනවනම් හිතපු තරම්ම සාර්ථකත්වයක් ලබාගන්න බැරි වුණා. භෞතික විද්‍යාව, ඉංග්‍රීසි ...
කාලය රන් හා සමානයි! රන්දිකගේ සිත් සටහන් "කාලය රන් හා සමානයි" කියලා අපි පොඩි කාලේ අහලා තියෙන දෙයක්. පොඩි කාලේ ඒක එච්චර ඇඟට දැනුණේ නැති වුණාට ලොකු වෙනකොට තමයි රඟේ තේරෙන්නේ. මම එහෙම කිව්වේ මට නම් දැන් දවසකට තිබිය යුතු කාලයත්(පැය විසි හතර) මදියි වගේ. උසස් පෙළත් සමඟ මම සිතින් කාර්යබහුල වෙලා. ගණන් දෙක තුනක් හදලා කාලා බීලා හිටියම දවසම යනකම් තෙරෙන්නේ නෑ. අනික නිදි මරලා පාඩම් ...
කලකට පස්සේ නැවතත් රන්දිකගේ සිත් සටහන් ගොඩ කාලෙකට පස්සේ තමයි මම ලියන්නේ. අන්තිමට ලිව්වෙ ගිය මැයි මාසයේ. මාස 4ක පමණ කාලයක් තුල සිදු වු දේ ගොඩක් තියෙනවා. මාස 3ක් තුල මගේ බ්ලොගය යාවත්කාලීන නොකිරීම නිසා සිංහල බ්ලොග් කියවනයෙන්ද කොත්තුවෙන්ද ඉවත් කෙරුණා. නමුත් දැන් ආයෙත් එම බ්ලොග් කියවන දෙකටම එකතු වුණා. ඒ වගේම තවත් සුවිශේෂි දෙයක් තියෙනවා. මම මගේ බ්ලොගයේ නම ටිකක් වෙනස් කළා. ඒ අනුව අලුත් ...
සිංහල අපේ නමේ මුලකුරු රන්දිකගේ සිත් සටහන් අද මම කියන්න යන මාතෘකාව ගැන කාලයක් ලක්බිම පුවත්පතේ සංවාදාත්මක ලිපි පෙළක් ගියා. ඉතින් මම හිතුවා ඒ මාතෘකාව බ්ලොග් අවකාශයටත් ගෙන එන්න ඕනේ කියලා. සෑම මනුස්සයෙක් සඳහාම ඔහුට ආවේණික නමක් තියෙනවා. ඔහුගේ හෝ ඇයගේ නමේ ස්වභාවය තීරණය වෙන්නේ ඔහු/ඇය ජීවත් වන සංස්කෘතික සහ භාෂා වටපිටාව අනුවයි. හැමෝටම එක නමක් තිබ්බට මදි. මොකද එකම නම තියෙන අය ගොඩක් ඉන්න පුළුවන්. ඉතින් එතකොට ...
මගේ අලුත් වසම සහ අලුත් වැඩ රන්දිකගේ සිත් සටහන් ඔන්න ටික කාලයකට පස්සේ තමා මම ලියන්නේ. නිකන්ම නෙමේ අලුතෙන් මගේම කියලා වසම් නාමයක්(Domain Name) යටතේ තමා අද ලියන්න පටන්ගත්තේ. නමුත් පොඩි DNS අවුලක් හින්දා blog.shiroshan.info සබ් ඩොමේනය මේ බ්ලොගේට කස්ටම් ඩොමේනයක් විදියට දාගන්න බැරුවයි හිටියේ. නමුත් දැන් ඒක හරි! LK Servers ආයතනය සිංහල බ්ලොග්කරුවන්ට දුන්න විශේෂ දීමනාව හින්දා තමා මේක ලැබුණේ. ජීවිත කාලයටම නොමිලේ 10GB වෙබ් ඉඩක් සමඟ අවුරුද්දක් සදහා ...
SixthSense Technology රන්දිකගේ සිත් සටහන් SixthSense Technology ගැන ඔබලා සමහරවිට අහලා ඇති. මෙම තාක්ෂණය අත්හදා බැලීමේ වීඩියෝ පට ඔබ මින් පෙර නරඹා තිබුණනම් ඔබ පුදුම වනු ඇත. මමත් මේ ගැන මුලින්ම දැනගත්තේ තාරකගේ බ්ලොග් ලිපියෙනි. මෙම නවතම තාක්ෂණය මගින් දැනට පවතින ඩෙස්ක්ටොප් පරිගණක කට්ටල සහ විවිධ දෘඩාංග පද්ධති තැන තැන ගෙන යාම අත්‍යවශ්‍ය නෑ. ඇත්තටම මෙම තාක්ෂණයේ නිර්මාපකයා වන ප්‍රනාව් මිස්ත්‍රි ඉන්දියානුවෙකි. ඔහු ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ...
අභිරහස ඔබයි රන්දිකගේ සිත් සටහන් දෑස් ඇරෙනමේ විමතියෙන්කලබා මා හඳකුතුහලයෙන් පිපාසිත වූඉඩෝරයක තනි වීඉබාගාතේ යන කලටපිහිටට කවුදෝ එන්නේඅතරමං වී සිටිනා මටමාවත හදන ඒ දිව්‍ය අභිරහස ඔබයි ...
සුපිරි බොලිවුඩ් වාර්තා රන්දිකගේ සිත් සටහන් ඔන්න අද කියන්න යන්නේ බොලිවුඩ් සිනමාව තුල වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපට ගැන. කලින් ලිපියේ ලෝක සිනමාව ගැන කතා කලා මතක ඇතිනේ. බොලිවුඩය කියන්නේ ඉන්දියාවේ ඇති අති දැවැන්ත සිනමා කර්මාන්තයක්. හොලිවුඩයට පමණයි දෙවැනි වෙන්නේ. දැන් දැන් ස්ලම්ඩෝග් මිලියනර්, වොටර් වැනි හොලිවුඩයත් බොල්වුඩයත් අතර හවුල් නිෂ්පාදන බිහිවෙනවා. ඒ තරම්ම ලොව පුරා බොලිවුඩය ජනප්‍රියයි. ඉන්දියාවේ තව සිනමා කර්මාන්තයක් තියෙනවා. ඒ තමා කොලිවුඩය(දෙමළ සිනමාව). ...
ලෝක සිනමාවේ ධන ආකර රන්දිකගේ සිත් සටහන් අද ලෝක සිනමාව නවීන තාක්ෂනයත් සමග දිනෙන් දින දියුණු වෙනවා. ප්‍රධාන වශයෙන් ලෝක සිනමාව පෝෂණය වන්නේ හොලිවුඩ් සිනමාවෙන්ය. ඒ වුණත් මේ වන විට බොලිවුඩය වැනි සිනමා කර්මාන්තත් ලෝක සිනමාව ආක්‍රමණය කරමින් පවතී. ඒ කෙසේ වෙතත් මම මේ කියන්න යන්නේ ලෝක සිනමාව තුල එතෙක් මෙතෙක් බිහි වූ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට ගැනයි. පහත වගුවේ දැක්වෙන්නේ එතෙක් මෙතෙක් වැඩිම ආදායම් ඉපුයූ සිනමා ...
ශ්‍රී ලංකා ද්වාරය රන්දිකගේ සිත් සටහන් ලංකා ද්වාරය(Lanka Gate) යනු ICTA(ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියොජිතායතනය) විසින් මෙහෙය වන ව්‍යාපෘතියකි. එම ආයතනයට අනුව මෙය ඉ-ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ තවත් පියවරකි. මෙම බිහිදොර මගින් එකම ස්ථානයකදී සියළුම සේවාවන් ලබා දීමට නියමිතය. මෙමගින් සියළුම රාජ්‍ය සේවා සිංහල, දෙමල ,ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගත හැක. තවම ඉදි වෙමින් පවතින මෙයට මේ වන විට පළමු රාජ්‍ය සේවාවද එක් ...
සිංහල හෝඩිය ලොව ඇති නිර්මාණාත්මක හෝඩියක් රන්දිකගේ සිත් සටහන් පසුගිය දා ලොව වඩාත් නිර්මෘණාත්මක හෝඩි තේරීමේ අන්තර්ජාතික සමුළුවක් පැවැත්වීණි. මෙහිදී සිංහල හෝඩිය ලොව නිර්මාණාත්මක හෝඩි දහසයෙන් එකක් බව පිළිගැනිණ. මෙම පර්යේෂණය සිදු කරනු ලැබුවේ කොරියානු ජාතික මහාචාර්ය සුන් ජික් ඛේ විසිනි. ඔහු විවිධ රට වලට ගොස් මේ සඳහා අවශ්‍ය තොරතුරු විමසා බැලුවේ ය. සිංහල භාෂාව වෙනුවෙන් ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලය ඉදිරියේ කරුණු දැක්වූයේ මහාචාර්ය ජේ.බී.සිංහල හෝඩියට ආවේණික වූ අක්ෂර 6ක් ...