රතු සඳ මඬල මල් යාය “පලයන් යන්න . . උඹ අදත් ආව ද?”ජ්යෝතිෂවේදියාගේ සහකරු කාන්තාවකට ගෝරනාඩු කරනු දැකීමි. මමත් මගේ මිත්රයාත් ගෙදරට හොර රහසෙන්ම මෙහි පැමිණියේ මගේ මිතුරාගේ වුවමනාවටය. කාර්යාලයේ වැඩ කරන කෙල්ලක සමග හාද වී සිටින ඔහුගේ පෙම් පුවත නිවෙස් වලට හොරා දැන් දෙවසකට වඩා කාලයක් දිව ගොස් ඇත. 21 වන සියවසට අප පා තැබුවද අප මනස් තුල මුල් බැස ගත් ඇතම් ...
සඳ මඬල මල් යාය සඳ මඬලබලා සිටිනුඹ මා එක්ව සවුදිය පිරූපතුරලා ගී නදවපුරලා සිනා කැල්මන් සඳ මඬලබලා සිටිඇගේ අත ගෙන සිප ගත්ඔලිඳ ගස් හෙවණේපෙමින් බැඳි සඳ මඩලබලා සිටිවෙන්ව යනු අපි සැමජීවිතේ දොරටුවිවර කර ගෙන සඳ මඩලනැත නුඹ අදතනිව සිටිනාමේ යාමයේමගේ තනියට ...
වසන්තය ඇවිදින් ගියා මල් යාය සුහදිනියනි නැතිදෝ දන්නේවසන්තය ඇවිදින් ගියාමල් යාය බමර ගුමුවෙන් වසාවසන්තය ඇවිදින් ගියාලෙන්ගතු තෙපුලින් ළංව සිටි නිසාකොවුල් කැල යනු නොදිටිමුපිපුණු මල් වල නටු පමණි අදවසන්තය ඇවිදින් ගියාශිල්ප පිරුවට ගතෙහි දවටාකාසි පොදි ලුහුබැඳි සමේසොඳුරු තෝතැනි වියළිලා ඇතවසන්තය ඇවිදින් ගියානුරාවේ මල් පරවෙලා ඇතසෙනෙහසේ අඩුවක් නැතත්කාලයේ වැලි තලා මතුයෙහිවසන්තය ඇවිදින් ගියා ...
මතක සුවඳ මල් යාය සඳ නිහඬ තරු නිහඬ රැහැයියන් නිදි කිරනමැදියමේ සීතලෙන් මේ පාලු කුටිය තුළසිහිනයේ සිත්තම්ව ඇස් පියන් මතට එනරෑ යමේ තුන් යමේ කඩුපුලේ සුවඳ සේසිහිනයේ ගල්වලා ඒ සුවඳ තව දැනේකුරු බිලිය තුළින් විත් හොර රහසෙ සිත් ඉමටසැතපෙන්න සයනයෙහි සිතුවිලින් අතුළ විටහෙට උදේ හිරු නැගී කොඳ කැකුළු පරව යයිසිහිනයේ සරමින් ම දෙන්න මට තුටුවන්නපෙණ දමන මධුවිතක ගල්වලා සිතට එනමතකයන් සමුදාය වියළිලා ගියත් අදදිගු ...
රතු රෝස මල් යාය රතු රෝස දියවී බිම වැටීහිරු සඳු ද සැඟවී අඳුරු වීකළු මේඝ තිරයෙන් නුබ වැසීවැසි ඒවි වේගෙන් ඇදීඇස ගාව පිපිලා රත් කුසුම්හද ගාව රැඳිලා සුවඳකින්සිටි කාලෙ කිමදෝ නිම වුණේමල් නටුව පඳුරෙන් මිදේමතු ඈත දවසක අප යළිත්හමු වේවි නැවතත් අහඹුවෙන්පරවූ අපේ ඒ පෙම් කුසුම්සැනසේවි නටඹුන් බලා ...
කඳුළු බින්දුව මල් යාය මෙන්න කඳුළු බින්දුවක් . . .මොන ඇහැකින් වැටුන ද?සිංහල ද, දෙමළ ද, නැත්නම් මුස්ලිම් ද?හිත පාරා රිදුම් දෙද්දිහඬනා ඇසකින් වැටුන ද මන්දා . . .පැතූ පැතුම් සඵල වෙලාසිනා වෙද්දි සිත පුරවන්සතුටට වැටුණ ද මන්දා . . .යුද්දෙට ගිය සිය සැමියාසීල් කරපු පෙට්ටියකින්ගෙදරට ගේනා වෙලාවෙඇගේ ඇසින් වැටුණ ද මන්දා . . .සල්ලි ගරන උපායකටඅනුන්ගෙ දුක උකස් කරනඩොලර් කාක්කෙකුගෙ ඇසින්කිඹුල් කඳුළු බිඳු ...
වවුල්ලු මල් යාය එල්ලිලා අතු අගෙකපාද ඇත උඩ අතටහිස බිමට වූ බැවිනමොළය ඇත හිස තුළම . . . !රැහැන් අතරෙහි වැදීමියෙන මුත් සැර වැදීනොදනිමු ය අප වරදපය ගසනු තැන් නොහී . . .උඩු වියන් පාවඩයකොන්ක්රීට් මුතු කුඩයඅතර පියඹා යමු දසොයා අර සඳ මඬල . . .දිවා කල ගස් සෙවණරෑ කලෙහි සඳ එළියදුටුවෙමු අඳුරෙහි එළියනොදැක එළියෙහි අඳුර . . ! ...
නුඹට මල් යාය නිමල දිය දහර වන් සෙනෙහස සිතේ දරාකොමල තෙපුල වත නිලුපුල ඇඳේ නුරාඑමල නෙලිමි කටු නැත නටු අගෙහි පුරාඅමිල තිලිණයක සොඳුරිය සඳයි සරා සොඳුරු සිහිනයකි ගෙවෙනා කල දවසපඳුරු ලලා වැවෙනා සෙනෙයෙහි නිවසඅඳුරු සෙවණැලිත් පලවා හැර සවසකඳුරු දිය සොයමු නිවනට පෙම් පවසලවන් මතෙහි ගලනා ඒ කඳුළු කැටපවන් සලා පිස ලන්නෙමි දිනෙක හෙටසවන් පුරා දොඩනා බස් ගැටෙන විටගුවන් ගැබට පියඹන්නට හිතයි මට ...
බුරුත ගස හා සුනබ වත මල් යාය පන්සියක් වසර වූතෙදවත්ව නැඟී සිටිවිහිදනා අතුපතරසෙවණ දෙන බොහො දෙනටබලනු මැන බුරුත ගසපනස් වසර වූතෙදවත්ව නැඟී සිටිකඳ මහත බඩ මහතබඩේ රැළි බෙල්ලටබලනු මැන සුනබ තෙමපැමිණ සැප රිය අරාබුරුත ගස සමීපෙටදෙකකුලින් යන සුනබයා කීය, ”හ්ම් . . .“චේන් කියතේ මහ හඬනැගෙන පොරෝ හඬමුසු වෙච්ච විලාපයසියොත් කැළ, වඳුරු මුළපැන දුවයි තුරු හිසටඅවසන . . .ඇද වැටිණි මහ හඬ නඟාතුරු රජුන්යුගයක අවසානයසුනබ තෙම හිනැහිණිය“හහ්, ...
අප මල් යාය සඳ පහන සේ දිලී හිනැහියන්මහ වැස්ස ඇද හැලී ගිය සැණින්කොවුල් නද වී ගීත ගයාපන් සැඩ සුළඟ නිසල වී ගිය සැණින්සඳ හිරු තරු කැට නොපෙනෙන වන ගැබසිටියාට නොදැණුනා පාළුවක් ඔබත් මා ළංව ඇති කටුක වූ මනු පුරේසොයමි හුරු පුරුදු වූ මාවතක්ඇළ දොල පාමුල ගැයෙනා කවියකිඅප හද මල් තුල රැඳෙනා සෙනෙහසකුණාටු සුළඟට මොර ගෙඩි වැස්සටදිය කළ හැකි වෙද හද රැඳි එ සුවඳ ...
වසන්තය ගියා . . . ඒත් . . . මල් යාය අඩ සඳ හිනැහලා අප දෙස හොරැහින් බැලුවාතණ පත් ලපළු තුරු සුළඟට නැළැවෙනවාරෝස මල් පෙති මතින් පිණි බිඳු විසිරෙනවාඒත් නගේ ටිකකින් හිරු පායනවාබටිති මලිති රස ගීයෙන් ඔද වැඩුණුඅමතක කරයි ගත සිත දාහෙන් මැඩුණුඒ ගී අතර සරමින් සෙනෙහෙන් බැඳුණුදැහැන බිඳුණි වාහනයෙන් දුම් දැමුණුලස්සන මල් බලා දෙන්නට ලං වී හාදුබමරුන් කර ගනී උන් හට අරියාදුමලට ලංව බැලු විට නුවණැස පෑදූමල කඳුලැස්ස අමතක කරපන් ...
සඳවත මල් යාය සඳවත පවා වැසිලා ඇත දූවිල්ලෙන්හදවත නමුදු නැලැවී යයි ඕවිල්ලෙන්සවනත වැටෙන කුරවී ගී වැලැපිල්ලෙන්පදරුත් සොයමි ඔබ කඳුලැලි ගඟුලැල්ලෙන්
කාලය මල් යාය හිරු සඳුට හොර රහසෙ බැන්ද පෙම් දම් පරවීතරු කැකුලු කොඳ කැකුලු විලසින්ම බිම වැටීඅතීතයෙ එක් දිනෙක තුරුලු වී සිනාසීලී බංකු පොතු හැලෙයි සැඩ කිරණ වදිද්දීමල් උයනෙ තෝතැන්නෙ පොඩි මාලු මියදිලානිල් නෙළුම් කෙකටියා ගිල ගත්තු බෙරෙලියාඋයන්තෙර තුරු ගොමුවෙ කුරුළු ගී වියකිලානුඹත් මා යන දෙදෙන වෙන්ව ගිය දුක නිසා ...
මල් මල් යාය හරි උසින් නුඹ පිපීනෙළන්නට බැරි බැවිනලස්සනයි නුඹ ඉතිනනෙලූ මල් පරදවනනෙළන්නට බැරි නිසාපර නොවෙයි විගසකිනනෙලූ මල් වාගේදමා ඇති බඳුනේනෙලූ මල් සැමදාමසිතේ පිපිලා රුවටනෙලාගත් දෑත හිමිපර නොවෙයි කිසි දිනෙකවනේ පිපි මල් ලෙසින ...