විද්‍යාවෙන් විභාග පාස් කර අවිද්‍යාවේ සරණ යෑම මට හිතුන හැටි විද්‍යාව තියෙන්නේ පාඩම් කර සහතිකයක් ගැනීමට ය. ඉන්පසුව ජොබ් කට්ටක් සොයා ගැනීමට ය. කලාව කරාට වඩා විද්‍යාව කරහම කොහොමටත් පොඩි ආතල් එකක් ගතට නැතත් හිතට ඇත. ඒ කෙරුමෙකු වෙන නිසා ය. සෙසු අය කොහොම වෙතත් අඩුගණනේ කලාව කරන්නන්වත් එහෙම හිතන්නට ඉඩ ඇත. කටපාඩම් කර වැමෑරිමත් කෙනෙකු කෙරුමෙකු කරයි නම් එසේ ලෙහෙසියෙන් කෙරුමෙකු වීම මගහරින්නේ කව්ද? [...] ...
ආලය – මත – දේශප්‍රේමය – ආගම මට හිතුන හැටි බැලූ බැල්මට මේවා අහසට පොළොව වගේ ය. ඒත් මදක් විමසා බැලු කල බොහෝ සමානකම් මේවා අතර තිබෙන බව පෙනේ. ආලයෙන් මත් වන බවත් දේශප්‍රේමයෙන් ද ඒ අයුරින්ම මත් විය හැකි බවත් අපි අසා ඇත්තෙමු. ආගම අබිං වැනි යැයි කීවේ කාල්මාක්ස් ය. අබිං මත් ද්‍රව්‍යයකි. එහෙම බැලුවහම එයින් ද මත්විය හැකි ය. ආගම නිසා ලොව ඇතිවූ [...] ...
ආලේ! අපෙ ආලේ! හරිම පුදුම ආලේ මට හිතුන හැටි ආලේ මහ පුදුමාකාර ය. එය ගැහැණියක අරබයා වේවයි ආගමක් අරබයා වේවැයි රටක් අරබයා වේවැයි වෙනසක් නැත. ආලේ වෙනුවෙන් මිනිස්සු දිවි පුදති. සිය හදවත් ගලවා ආලවන්තයාට ආලවන්තියට දෙති. එය ඉදිරියේ වැද වැටෙති. මේ නිසාම ආලය පහසුවෙන් රැවැට්ටීම සදහා ද උපයෝගී කර ගැනේ. ආලෙන් මත්වුනාට පසුව කිසිදු දැනමුතුකමක් කරුණු කාරණා සහිත තර්කාණුකූල ඉදිරිපත් කිරීමක් හිතට ගෝචර නොවේ. [...] ...
දේශප්‍රේමය කා වෙනුවෙන් ද? මට හිතුන හැටි පළමුවෙනුව බඩ ගෝස්තරය වෙනුවෙනි. දෙවනුව පැවැත්ම වෙනුවෙනි. තුන්වෙනුව හෙට ගත කරන්නට අර අදින ජීවිතය වෙනුවෙනි. ඇත්තටම රට වෙනුවෙන් දේශය වෙනුවෙන් දිවි පිදීමත් ඒ වෙනුවෙන් පෝරකයට යාමට කැමැත්ත පළකිරීමත් දෙකකි. ඒත් ඒ දෙක සමහර විට අපට ටැපලෙන්නේ ය. ඒකත් හරියට සිල් ගත් උපාසකට සිල් රෙද්ද වගේ ය. සිල් නොගත්තත් සිල්වත් ජීවිතයක් ගත කරන පුද්ගලයාත් සිල් නැතත් [...] ...
අපේ දේශප්‍රේමයේ අඩුව මට හිතුන හැටි පහුගිය දොහක දාපු පෝස්ට් එක කියවපු යාලුවෙක් කිව්වෙ නැත් ද ලංකාවෙ උන්ට ජාති ආලේ නැ ඒකයි උන් රට ඇරල යන්නෙ ඒකට වෙනින් රටවල මිනිස්සු! තායිලන්තෙ මැලේසියාව එහෙම බලන්න එපායැ උන්ගෙ ආලෙ කියල ඕක අහගන හිටපු අපේ අයිය කෙනෙක් කියාපි වටේටම කුහක කම්මැලි ඉරිසියාකාරයො වටවෙල ඉන්න කොට මොන මිනිහට ද නොයන්න හිතෙන්නෙ කියල. මට තියෙන ප්‍රශ්නෙ [...] ...
අද දවසේ වයසට යමින් ඉන්නා මව්පිය පරපුර ගැන මට හිතුන හැටි මට හිතුන හැටි පහු ගිය දවසක මගුල් ගෙදරකදි තරුණ වයසේ දූ පුතුන් ඉන්නා තාත්තා කෙනෙක් මුණ ගැහුන. ඔහු නොසෑහෙන්න අලුත් පරපුර ගැන තමන්ගේම දරුවන් ගැන කළකිරීමෙන් කතා කළා. ආගමක් දහමක් අදුනන්නේ නැති හොද නරක හදුනන්නේ නැති මුග්ධයින් හැටියට තමයි ඔවුන්ව හැදින්වුවෙ. තනි පුද්ගලයෙක් ගැන මේ කතාව ලිව්වට මේක වත්මන් මව්පිය පරපුරේ (තරුණ දූ දරුවන් ඉන්නා) පොදු කතාව වෙන්නට [...] ...