අදහස් බූන්දි | ලාංකීය අධ්‍යාපන ක්ෂේත්රයේ අර්බුදය - [එම්.ජී. නුවන් සමීර] බූන්දි|BOONDI මේ වන විට අධ්‍යාපන ක්ෂේත්රය සම්බන්ධයෙන් විවිධාකරයේ පුවත් නන් දෙසින් අසන්නට ලැබේ. පසුගිය දිනක ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයෙන් නව සංවාදයක් ඇති කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය දින 99 ක් ගතවූ තැන තාවකාලිකව අවසන් විය. උසස් පෙළ ප්‍රශ්න පත්‍ර කලින් පිට වූවා යැයි ද උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ දී පැරණි හා නව යනුවෙන් විශය නිර්දේශ දෙකක් යටතේ ඉසෙඩි ළකුණු ගණනය ...
කවි කරන්ට්ස් | හරක් ගැනද අනුකම්පා උදෑසන - [ගෙටොවේ එකෙක්] බූන්දි|BOONDI ගිනි ගන්නවා කහ සිවුරක් උදෑසන හරක් ගැනයි අනුකම්පා බලාගෙන කරුණාවයි මෛති‍්‍රයයි බදාගෙන අලි රංචුව එහා පැත්තේ අඬාගෙන කිරි අම්මලා දුක් කරදර දරාගෙන හණ ගහද්දි කුර විදිද්දි සිනාසෙන බුදුන් බුදුන් වැඳ පුදමින් මීනි කන හරක් ගැනද අනුකම්පා උදෑසන දෙමළ කැවුත්තට කෙළිද්දි සිනාසුන ඌරා කුකුළා මාළු එක්ක ඩෙවල් කන හම්බ කැවුත්තට කෙළින්න බලාගෙන හරක් ගැනද අනුකම්පා උදෑසන විදර්ශනාවට යනවා හරක් ගැන සුදර්ශනා ...
සූකිරි ඔත්තු | 'නෑයන්ගේ කවි' විඳිනුව ඇරයුමයි...! බූන්දි|BOONDI ඉංග්‍රීසි බසින් කවි ලියූ, ලියන ලාංකික කවි කිවිඳියන්ගේ නිර්මාණ සිංහල පාඨකයාට හඳුන්වා දෙනු පිණිස දේ.වි. ගාල්ලගේ විසින් පරිවර්තනය කරන ලද කවි එකතුවක් "නෑයන්ගේ කවි" නමින් එළි දැක්වෙයි. එම කෘතිය ජනගත කිරීමේ උළෙල සහ සාහිත්‍ය සම්භාෂණය, 2013 ඔක්තෝබර් 07 වන සඳුදා සන්ධ්‍යාවේ 4:00ට, කොටුව ලංකා බැංකු මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. ප්‍රධාන දෙසුම මහාචාර්ය රජීව විජේසිංහගෙනි. නීල් විජේරත්න, ආරියවංශ රණවීර සහ මහාචාර්ය ...
කවි කරන්ට්ස් | රතු - පස් - වළ - [චූලානන්ද සමරනායක] බූන්දි|BOONDI අඳුරු අහස ය රුදුරු මුහුණු ය නිල කබා අත රැඳි තුවක්කු ය දිය පොදක් යැදි දෑස් අසරණ දවා හලුකර ගලන කඳුළු ය පෙර දිනෙක මල් දාම රැඳි අත් මුගුරු පහරින් බිඳී වැටුණා පිරිත් මැතිරූ දෙතොල් පිපිරී ලෙයින් රතුපස්වලම තෙමුණා විමතියට පත් දනන් මුවඟින් හෙළුන සුසුමින් හිරු ද සැලුණා සිටු පුතුන්ගේ කාසි උල්පත් රකින්නට විරු පුතුන් ඇදුණා මඩ සෙවණ රැඳි කාණු ...
කවි බූන්දි | ආදරේ හඳ එළිය - [ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර] බූන්දි|BOONDI මතකයිද ඒ රාත්‍රිය දිගේලි වෙලා තිබ්බ ආදරේ හඳ එළිය හිත හිතයි හිටියෙ අපි ඒ එළියෙ උණුහුම ගැන වැට කඩොලු බැමි බිඳලන මමයි අරගෙන ආවෙ අවුරුද්ද ඔයාගෙ මුළු ලෝකෙට "කියල දෙන්නද තායම් මං ආසම - අලුත් අවුරුදු සෙල්ලම” නංගිලා මල්ලිලත් වට කරගෙන ඔයා කියල දෙනකොට මගෙ මතකයට ආව යන්තම් අපෙ අම්මත් උගන්නපු හැටි නම මතක නැති ඒ සෙල්ලම "ගෙයකට ගියෝතින්නම් මොන ...
කතන්දර බූන්දි | සුවිශාල අත්තටු සහිත මහල්ලා - [ගාර්ෂියා මාර්කේස්] බූන්දි|BOONDI වර්ෂාව ඇරඹී තුන්වන දිනය වනවිට ගෙතුළට පැමිණ මරා දැමුණු කකුළුවන් ගණන කොපමණ ද යත් පෙලායෝට දිය පිරුණු මිදුල පසුකර ගොස් උන් මුහුදට දමන්නට සිදුවිය. අළුත උපන් දරුවා මුළු රැය පුරාවටම උණ ගැනී සිටියේ උන්ගේ ගඳ නිසායැයි ඔවුහු සිතූහ. අඟහරුවාදා සිටම ලෝකය දුක්ඛිත වී තිබිණි. මුහුද හා එකට යාවුණු අහස එක දිගට විහිදුනු අඳුරු යමක් බවට පත්ව තිබූ අතර මැදින් මස ...
KETIYEN | ගඩාෆි මැරෙයි... අර උන්නැහේ හඬයි....! - [සුරත්] බූන්දි|BOONDI ගඩාෆි මැරෙයි... "අර උන්නැහේ" හඬයි....! සිත හඬයි මා තනි වෙයි මා දවාලයි මේ සෝකේ.... මෙහෙම ගියොත් මං විතරයි ඉතුරු වෙන්නේ මේ ලෝකේ.... සුරත් >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
Cine බූන්දි | The Matrix [දි මේට්‍රික්ස්] කියවීම - [රන්දික විජේසිංහ] බූන්දි|BOONDI දි මේට්‍රික්ස් (The Matrix) නරඹා නොමැති අයෙකු ලේඛකයාගේ සම කාලීන සමාජය තුල සිටීදැයි සැකසහිත නමුත් පාඨකයා එය නරඹා නොමැති නම් එය අනිවාර්යෙන් ම නැරඹිය යුතු සිනමා පටයක් ලෙස නිර්දේශ කරමි. මෙය, දි මේට්‍රික්ස් (The Matrix), මේට්‍රික්ස් රීලෝඩඩ් (Matrix Reloaded) සහ මේට්‍රික්ස් රෙවලූශන්ස් (Matrix Revolutions) නම් තුන් ඈදුතු සිනමා කෘතීන්ගේ පළමු වැන්නයි. අවාසනාවට ලේඛකයා හට පළමු වතාවට මේට්‍රික්ස් නැරඹීමට සිදුවන්නේ නීති ...
කවි බූන්දි | පෙම්වතිය - [ජයන්ත නිමල් සිරි] බූන්දි|BOONDI නොදුන්නද ඇඹුල් වෙරළු අත මිටට හා පුරා ආ දාක උසස් පෙළ පංතියට ගැටවරකමේ හිතුවක්කාරකම සොයා දුන්... දමා හර-බැර කාලයට සමකොට ශේෂ පත්‍රයට පෝරුවෙදි මගේ අත ගත් පෙම්වතිය නුඹ... බිරිඳක්ව බැතිබර දරුමල්ලන්ගෙ කරදර හෙට දකින මනහර හීන ගැනම දොඩවා- රෑ යහනෙ එහෙම්මම නින්ද ගිය... තරහකර නොගෙන ආනන්දය ප්රඥාවෙ තැන ආලින්දය දකින අඩු පාඩු ගැන නොරිස්සුම් පිළිවදන් දුන්නාට දුක සිතුනදැ’යි හොරැ’හින් බලන ...
වෙසෙස් බූන්දි | රාවයට ආදරය කරන ජනතාවට ආයාචනයක්....! බූන්දි|BOONDI රාවයේ අයිතිය වෙනස් වීමක් ගැන පසු ගිය සති කිහිපයක කාලයේ පළවූ විවිධ ප්රවෘත්ති ඇතැම් විට අතිශයෝක්තියට නැගුණු අතර ඒ නිසාම නොමග යවන සුළු ගතියක් කියාපෑවේය. වසර විසි පහකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ සමාජ-දේශපාලනික කතිකාව තුළ විකල්ප සළකුණක් තැබූ එකම පුවත්පත රාවය බව අපේ විශ්වාසයයි. එම කතිකාව, වෙන කවරදාටත් වඩා, අදටත් මින් මත්තටත්, මේ රටට අවශ්‍ය කරන්නේය. එය, වර්තමාන තත්වයන් ...
කවි කරන්ට්ස් | පරන්තන් හන්දියේ බුදු හිමි - [අශෝක හඳගම] බූන්දි|BOONDI මෙන්න බුදු හිමි කෙනෙක් වැඩලා පරන්තන් හංදියට හදිසියේම පාපැදිය වැනෙනවා තිගැස්සී සිත සැලෙනවා පුරන් ලුණු කෙත සිසාරා එන සුළඟ සියොළඟ දවනවා ඇයි ද මේ බුදු කෙනෙක් පරන්තන් හංදියට? ඉරවල් හතක ගින්නේ දැවුණු මුරුගසන් මහ වැස්සේ තෙමුණු කල්පාන්තයට පස්සේ නිවුණු පොලොවකයි ආයෙත් බුදු හිමි කෙනෙකු පහල වන්නේ මේ බුදු හිමි කවුද හදිසියේ විරාජමාන වී මං සංදියේ වැඩ හිඳ මග දෙපස යනෙන ...
රත්තරං ටික | කැළණි පාලමෙන් - [ආර්. ආර්. සමරකෝන්] බූන්දි|BOONDI සරණපාල- (ඇතුල් වෙමින්) අම්මේ, දාන්ඩකෝ ප්ලේන් ටී පාරක්. මැටිල්ඩා- (ඉදිරියට පැමිණ) මම දෙනව උඹට හොඳවැයින් කම්මුල් පාරක්. කොහෙද යකෝ එළිය වැටිච්ච වෙලේ ඉඳන් අර බල්ලගෙ පස්සෙයි - මේ බැල්ලිගෙ පස්සෙයි වීදියක් වීදියක් ගානෙ සවාරි ගහන්නෙ. හරියට වීදියෙ බණ්ඩාර වාගෙ. උඹ හිතනවද ඔය එකෙක්වත් උඹට නැති බැරි වෙච්ච කාලෙක ඇවිත් හුළැගිල්ලවත් දික් කරයි කියල. එහෙම නං ඉතිං කැළණි ගඟත් හිඳෙන්න ඕන. ...
BoondiLets | රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි. බූන්දි|BOONDI සමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු වන්නේ කුමක්ද...? මට පෙනෙන හැටියට නවතින්නේ කොතනින්දැයි දැන ගැනීමයි. කෙසේ වුවත් බොහෝ මිනිස්සු එය ඉතා පහසුවෙන් කරති. ටික දෙනෙකුට එය නවතා ගැනීම දුෂ්කරය. එහෙත් එසේ කරති. ඉතාම ස්වල්ප සංඛ්‍යාවකට පමණක් මෙය කෙසේවත් නවතාගන්නට නොහැකිවෙයි.[රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ...
කවි බූන්දි | නුඹ නාඳුනන නුඹව හඳුනන නුගේගොඩ හංදිය - [ඩොමිනික් චන්ද්‍රසාලි] බූන්දි|BOONDI තාර ගෑවුණ අහස මැද රොද බැඳුණු වලා තිරපටිවලට තබා ඇණ ගැසූ තරු කැට නිවී මියයන මොහොතට කොහොම උහුලන් ඉන්නවද මන්දා නුගේගොඩ හන්දිය සති අන්තෙට මහා ගඟ කොණ මුවදොර අගුළු ලා තිබුනත් ඇස් යට හිත් දෙකක් ඇවිදගෙන ගිය වීදියක එක හිතක් කොහොම ඇවිදන් යන්නද ඉංග්‍රීසියෙන් අණ්ඩ දැමු සිංහල ගීත කඳු සැණකෙළිය ඩිජිටල් මුහුණු හැඩවලින් පිරුණත් හන්දියේ හදවත තාමත් ගොළුය රෑ හීනවල ...
අදහස් බූන්දි | අලුත් වයින් පරණ බඳුන් - [අජිත් හැඩ්ලි පෙරේරා] බූන්දි|BOONDI මේ වන විට ද විරුද්ධ පක්ෂ හා රජයට විපක්ෂ කණ්ඩායම් එළිපිට ද රජයට සම්බන්ධ කණ්ඩායම් රහසේ ද පොදු අපේක්ෂකයෙක් ගැන කතා කරති. පෙර පැවති ජනපතිවරණයේදී සරත් ෆොන්සේකාව පෙරට ගෙන ආවේද පොදු අපේක්ෂකයෙක් වශයෙනි. දැන් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ගැන කතා බහකි. මීට පෙර සරත් ෆොන්සේකාව ගෙන ඒමේදී විපක්ෂයේ තර්කය වූයේ රේස් එක දුවන්නට පුළුවන් අශ්වයෙක් යොදන බවය. මෙවරද රේස් එකට අලුත් ...
කවි බූන්දි | ප්‍රේමය - [රන්සිරිමල් ප්‍රනාන්දු] බූන්දි|BOONDI සූර්යයා තුළ ශක්තිය නිපදවෙන්නේ අධි උෂ්ණත්වයක් හා පීඩනයක් යටතේ ජලකර න්‍යෂ්ඨි හීලියම් බවට විලයනය වීමෙනි. දැවී හළුවී නැසී මිස කිසි දිනක දෝතට තුරුළු කර ගත නොහෙන සදාකාලික අග්නි ජාලාවකිය බුර බුරා දැල්වෙන මිරිකා තලා පාස්සා ගිනියම් වූ ජලකර න්‍යෂ්ඨි මුදා හැර ගිනි ඇවිලි ඇවිලී දැවෙන ඉමක් නැති හිස් කමක ඉඩක් නැති ප්‍රේමයකි සලකුණක් සටහනක් නැති කක්ෂයක හරි මැද… තනිව නැවතී ...
කවි කරන්ට්ස් | නැවත සතුටින් ගියා පාසැල්! - [චන්ද්‍රසේන බදුගම] බූන්දි|BOONDI ගවුම කොට වැඩියෝ කලවා පෙනෙයි ළමයෝ පැවසී ගුරු ලියෝ ලිහා වාටිය ගන්න අයියෝ එබසට උරණවූ මන්ත්‍රී ඇගෙ පියාවූ ඇතිව දඬු අත වූ පැමිණ ගුරු ලිය දණින් සිටවූ සිත් සතන් පෑරූ පෙර සිදු නොවූ විරූ හබය ලිය එගුරු කළා පැමිණිලි නිරිඳු හට ගරු අවනඩුව අහලා පාලන තන්ත්‍රෙ ලීලා නිරිඳුන් හෙලි කලා නොයෙක් තොරතුරු අහුල අහුලා වරක් මා මැතිඳෙක් බැන්දේය ගස් මිනිසෙක් ...
රහ ඔත්තු | 'සිංගල නාටකක් කලෛ අලුමයිගල් - සිංහල නාට්‍ය කලාවේ යුග පුරුෂයෝ' කෘතිය දොරට වැඩුම | ජුලි 06 බූන්දි|BOONDI සිංහල නාට්‍ය කලාවේ පුරෝගාමී නාට්‍යකරුවන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ දෙමළ බසින් රචිත 'සිංගල නාටකක් කලෛ අලුමයිගල්' නමැති කෘතිය දොරට වැඩුම ජුලි 6 වැනි සෙනසුරාදා සවස 4.30 ට කොළඹ, වැල්ලවත්තේ, රුද්‍රා මාවතේ 'ලංකා දෙමළ සංගම් ශාලාවේ' දී පැවැත්වේ. මෙය 'ජන කරළිය' ප්රකාශනයක් වන අතර යාපනය විශ්ව විද්‍යාලයේ භාෂා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් සහ ප්‍රවීණ නාට්‍යකරු පරාක්‍රම නිරිඇල්ල විසින් ...
කට කොකියනවට | අරලිය සම්බා - [ඩෝං පුතා] බූන්දි|BOONDI (නැවත පළ කිරීමකි.)එතෙර හිටපු හොඳම කකුල කේ.පී. පැකට් කරලා අරං ආපු කේ.පී. අපිත් එක්ක හරි යාළුයි කේ.පී. රහස මොකද? අපි ඇහුවා කේ.පී. දැං ඔහෙලගෙ ඇණුම් බැණුම් නෑනේ ඒකයි මං හිනා වෙලා ඉන්නේ කඩෙන් බාල තෝසෙ නෙමෙයි කන්නේ දැං අරලිය මෝලෙ හාල් කන්නේ කොටන කොටන හාල නැගලා යනවා කැවුනම සඳ මෝල් වෙලා එනවා රස වැටුනම කවුරුත් ඉල්ලනවා හඳටත් දැං මෝලෙ හාල් ...
අදහස් බූන්දි | ගොන් තඩි හා තක්කඩි හෙවත් මිථ්‍යා දෘෂ්ටිය - [අජිත් හැඩ්ලි පෙරේරා] බූන්දි|BOONDI රූප වන්දනාව ශු. බයිබලයට අනුව පාපයකි. අප රටේ ජනතාව විවිධ රූප අඹාගෙන ඒවාට වන්දනාමාන කරති. දෙවියන්ට පිදිය යුතු ගරුත්වය පුද කරති. දෙවියන් සත්‍යය වේ. එහෙත් මේ රූප වන්දනාවෙන් අන්ධ වී ඇති අයට සත්‍යය නොපෙනේ. "ඔබ අස අසාත් තේරුම් නොගන්නාහුය. මේ සෙනඟ ගේ සිත් අඟරුය ඔවුන්ගේ කන් වැසී ඇත. ඔවුන්ගේ ඇස් පියවී ඇත." (මතෙව් 13-4-15) ජේසු තුමා යෙසායා දිවැසිවරයා උපුටා දැක්වීමෙන් ...