බැචා දැක්ක ක්‍රිකට් චිත්තරපටිය - Fire in Babylon බැචාගේ කොලම බැචා ජීවිතේටම බලල තිබ්බේ ක්‍රිකට් චිත්‍රපටි දෙකයි. එකක් ලගාන්. අනෙක සිංහාවලෝකනය. ඒ දෙකම හුදී ජනයාගේ පහන් සංවේගය වෙනුවෙන් හදපු ෆැන්ටසි චිත්‍රපට. ඒවයේ ලොකු වැදගත්කමක් බැචාටනං පෙනුනෙ නෑ. මේ අතරෙ තමයි බැචා ලෝක ක්‍රීඩා ඉතිහාසය දෙවනත් කරපු අති ශ්‍රේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමක් ගැන තැනුනු වාර්තාමය චිත්‍රපටියක් බැචා දැක්කේ. චිත්රපටියෙ නම Fire in Babylon. ඉතිං ඒ ගැන සටහනක් තියන්න බැචා හිතුවා.ක්‍රිකට් ඉතිහාසය පිලිබද පොඩි ...
ඇමතිතුමනි, වර්ජනය නං සාර්ථකයි බැචාගේ කොලම සෑහෙන කාලෙකට පස්සෙ ලිපියක් ලියන්න ඉදගත්ත බැචා අද ලියන්න යන්නේ මේදවස්වල බැචාලා වැඩියෙන්ම කතාකරන මාතෘකාව ගැන. සාමාන්‍යයෙන් අවුරුද්දෙ මේ කාලය බැචාලට සෑහෙන්න කාර්යබහුල කාලයක්. හැබැයි මේ අවුරුද්දෙ විතරක් අසාමාන්‍ය නිදහසක්. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය; රටම කතා නොකලත්, රටම කතා කල යුතු හේතුවක්. ඇත්තටම ඇයි මේවගේ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සරසවි ඇදුරන් යොමුවුනේ? ආණ්ඩුව පෙරලන්ඩද? ජ.වි.පෙ.ට කඩේ යන්නද? එහෙම නැත්තන් මේක පිටිපස්සෙ ...
ඉරාජ් සිරාවට රොක් පොරක්ද? බැචාගේ කොලම වෙලාවකට පුදුමත් හිතෙනවා මිනිස්සු හිතන විදිහ ගැන හිතුවම. අපි ගොඩක් දේවල් ගැන ආඩම්බර වෙනවා.හැබැයි ඒ දේවල් වලින් අපිට ඇත්තටම වැදගත් මොනවද කියලා බැලුවම හිනහත් යනවා. අපි හිතන්නෙ පතන්නේ අපිට ඕන විදිහටද? නැත්තං වෙනකාට හරි ඕන විදිහකටද? බැචා කියන ආත්මාර්ථකාමී පුද්ගලයා තමන්ට ඕන විදිහට විතරක් තීරණ ගන්නවනං බැචා ගන්න තීරණ කොච්චර වෙනස් වේවිද?මේ දවස්වල කොළඹ පැත්තේ යන කට්ටිය දැකලා ඇති ගෝල්ෆේස් ...
අයියෝ භාතිය-සන්තුෂ්! බැචාගේ කොලම බැචා මෙහෙම හිටියට ඒ කාලේ භාතිය-සන්තුෂ්ලගෙ හොඳ රසිකයෙක්. දැන් පොඩි කලකිරීමක් තිබ්බත් තාමත් භාතිය - සන්තුෂ්ට බැචාගේ අකමැත්තක් නැහැ. හැබැයි මේ වෙනකොට බැචාට ඇත්තටම හිතෙනවා භාතිය-සන්තුෂ් දෙන්නා වැඩේ ටිකක් අනාගත්තා කියලා.භාතිය සන්තුෂ් කරලියට එන්නෙ ලංකාවේ ප්රසාංගික කලාවේ පෙරලියක් ඇති කරගෙනයි. අනූව දශකයේ රූකාන්ත ඇතිකල පෙරලියට සමාන එකක්. එතනින් පටන් ගන්න ගමන සංගීත ගමනකට වඩා ප්‍රාසාංගික එකක් කියල බැචා හඳුන්වන්නේ භාතිය ...
මේ සිංහල අපගෙ රටයි (?)!!! බැචාගේ කොලම ලිපියක් ලියලා සෑහෙන කාලෙකින් අලුත් ලිපි කිහිපයක් ලියන්න බැචාට හිතුනා. මේටික ලියන්න හිතුනේ ෆේස්බුක් එකේ, එළකිරි එකේ බැචා නිතර දෙවේලේ දකින දේවල්. මේ දවස්වල අන්‍යආගමිකයන්ට, අන්‍යජාතිකයන්ට විරුද්ධ සෑහෙන ප්‍රචාරයන්, උසිගැන්වීම් අන්තර්ජාලයේ වෙන බව බැචාට දැනිච්ච දෙයක්. මේක රටේ බහුතරයකගේ මතය නං, ඒ ගැන බැචාට ලොකු දුකක් තියෙනවා. මොකද බැචාට හිතෙන විදිහට මේක බොහොම අවාසනාවන්ත තත්වයක්.ශ්‍රී ලංකාව කියන රට අර්ථදක්වන්නේ ඉංග්‍රීසින්. ...
මුස්ලිම් කෙල්ලෝ පව් නැද්ද එතකොට? බැචාගේ කොලම මේ සිංහල කොල්ලො කියන්නේ මහ එපා කරපු ජාතියක්. කෙල්ලනේ උන් එක්ක දීගෙක යන්න තියා හිතන්න එපා. බලන්න අර ගයාන් වික්‍රමතිලක කියන කොල්ලා තරුෂිනා ලතීෆ් කියන කෙල්ලව අනාත කරලා වෙන ගෑණියෙක් එක්ක ගිහිල්ලනේ. අවුරුදු තුනේ, දහතුනේ ලමයි දෙන්නකුත් ඉන්නවලු. ඕකුන් ඔහොම්මමයි; වලත්තයෝ. ඕක තමයි කියන්නේ ඉස්ලාම් ලමයිට සිංහල කොල්ලෝ එක්ක යාළු වෙන්න එපා කියලා.හෝව් හෝව්! කලබල වෙන්න එපා. තම්බියා, හමබයා කියලා ...
කොහෙ තියෙන නිදහසක්ද යකෝ? බැචාගේ කොලම හැමෝටම අද හරි ආතල්. නිදහස් දිනය. ගූගල් එකේ ඩූඩල් එකකුත් දාලා. ඒකේ ආතල් එක විඳින අතරේ බැචාට ප්‍රශ්නයක් ආවා; මොනවද අපි මෙච්චර උඩදාගෙන සමරන්නේ? නිදහස? කොහෙ තියෙන නිදහසක්ද?හතලිස් අටේ පෙබරවාරී හතර අපි සුද්දොන්ගෙන් නිදහස ලැබුවලු. එච්චරකල් අපිව පාලනය කරේ සුද්දෝ. එතනින් පස්සේ අපිව පාලනය කරගන්න බලය අපිටම ලැබුණා. ජනතා පරමාධිපත්‍යය කියන්නේ ඕකටනේ. ඇමතිලා මන්ත්‍රිලා පත්කරන්නෙ අපි. ඉතිං පොතේ හැටියට අපි ...
මුස්ලිම් මිනිසාගෙන් දික්කසාද වීම ගැනයි.. බැචාගේ කොලම ෆේස්බුක් එකේ අන්ත ජාතීවාදී ප්‍රකාශන වලට බැචා විරුද්ධයි කියල කලින් දවසකත් කිව්වනෙ. ඉතිං එහෙම උනාට දිවා රෑ එහෙම දේවල් අනන්තවත් බැචාට දකින්න ලැබෙනවා. මේ පෝස්ට් එක දාලා තිබ්බෙ බැචාගෙ පාසැල් මිතුරෙක්.බැලූ බැල්මට මේක ෆේස්බුක් දාන්න ඕන දෙයක් නෙවේනේ. ගෑණුකෙනෙක් මුස්ලිම් මනුස්සයෙක් එක්ක ශරියා නීතිය යටතේ විවාහ වෙලා. ස්වාමියා තවත් විවාහයක් කරගන්න හදන කොට දික්කසාද වෙන්න පුළුවන්ද කියලා පත්තරේක නීති උපදෙස් ...
දිව දෙකෙන් පාණාතිපාථා කීම බැචාගේ කොලම 'පාණාතිපාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි' කියන්නේ බුද්ධ ධර්මයේ පලවෙනිම ශික්ෂා පදයනෙ. ඕකෙ කියන විදිහට සතෙක් මරන්න තියා සතෙක් මරන්න අනුබල දෙන එක පවා පාප කර්මයක්. මිනිහෙක් තියා හරකෙක්, කුකුළෙක් මරනවටවත් විරුද්ධයි අපේ මිනිස්සු. කොටින්ම කියනවානං, යුද්ධ තියන ජාතිය බුද්ධාගම ප්‍රතික්ෂේප කරනවා. මිනිහෙක් මරනවා තියා මිනිහෙක්ගේ හිත රිද්දනවත් එපා කියලයි බෞද්ධ දර්ශනයේ කියන්නේ. ඒත් ඒ දැහැමි කම විරුද්ධවාදියෙක් ඉස්සරහදි වෙනස් වෙනහැටි දැක්කම ...
බැං කිං මූන් එල්ලා මරමු (ද?)!!! බැචාගේ කොලම යුධ අපරාධ ගැන ආයෙත් කතා කරන්න පටන් අරං. අපේ රටේ කාටවත් ප්‍රශ්නයක් නොවිච්ච යුධ අපරාධ , ජාත්‍යන්තරයට මෙචචර ප්‍රශ්නයක් උණේ කොහොමද කියන එක සමහරුන්ට ලොකු ප්‍රශ්නයක්. ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ. හැබැයි ඔය කියන අපරාධ සිංහල මිනිස්සුන්ට එරෙහිව සිද්ධ උණානං, අපේ මිනිස්සු කටවහං ඉදීද කියන ප්‍රශ්නෙ බැචාට තියෙනවා. මොනව උණත්,live @ 8 එකෙන් පෙන්නපු ලස්සන දර්ශන ටික හැරුණම යුද්ෆධදි උණේ මොනවද ...
IPL, බැචා සහ ස්වයංවින්දනය බැචාගේ කොලම සෑහෙන කාලෙකට පස්සේ බැචාට ලිපියක් ලියන්න හිතුනෙ සෑහෙන කාලෙකට පස්සෙ පුංචි නිවාඩුවක් ලැබුන හින්දයි. Mid එක අස්සේ එහෙන් මෙහෙන් කොහොමහරි ලෝක කුසලාන තරග බැලුව බැචා, IPL බලන්න ඉදගත්තේ සෑහෙන හිත සැහැල්ලුවකින්. ඒත් බැචාට තවත් ප්‍රශ්නයක්!ඉස්සර තිබ්බ ආකර්ෂණය, අපූර්වත්වය තව දුරටත් ඒකේ තියෙනවා බැචාට පෙනුනෙ නෑ. එක අතකින් කණ්ඩායම් ඔක්කොම කලවම් කරලා. අනෙක් අතට ලෝක කුසලාන තරග වල තිබ්බ ජීවය, තරගකාරී ...
කැම්පස් අද නොවේ හෙට !!! බැචාගේ කොලම ලංකාවේ තරුණයන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ අධ්‍යාපනය ගැන තියෙන ප්රශ්නකාරී තත්වය කියලයි බැචාට හිතෙන්නේ. අද බැචා හදන්නේ ඒ ප්‍රශ්නෙ එක පැතිකඩක් ගැන කතා කරන්නයි. අපේ රටේ මුළු අධ්‍යාපන පද්ධතියම මහා කටු අකුලක හිරවෙලා. එක පැත්තකින් ඇති නොවියු යුතු විදිහේ තරගයක්. අනෙක් පැත්තෙන් අධ්‍යාපනයේ ගුණත්වය පිලිබද බරපතල ප්‍රශ්නයක්.අද උසස් අධ්‍යාපන ආයතන වල ඉන්නේ ඒ තැන් වල ඇත්තටම සිටිය යුත්තන් නෙවේ කියලයි බැචාට හිතෙන්නේ. ...
බැචා දුටු වැලන්ටයින් බැචාගේ කොලම වැලන්ටයින් දිනය; එකෝමත් එක රටක ආදරවන්තයන් වෙනුවෙන් පෙනීහිටපු ශාන්ත වැලන්ටයින් සාන්තුවරයා සිහිපත් කරන දවස. ආදරවන්තයන්ට රිසි සේ ආදරය කරන්න, සෙනෙහස පුදන්න වෙන්කරපු දවස. බැචා වැලන්ටයින් දවස ගැන ලියන්න හිතුවා. ලියන්න කලින් ලියන දේ ගැන දැනන් ඉන්න ඕන හින්ද බැචා ශාන්ත වැලන්ටයින් ගැන පොඩ්ඩක් හොයලත් බැලුවා. එහෙම හෙව්වම බැචාට තේරුම්ගියා ශාන්ත වැලන්ටයින් කියල එක සාන්තුවරයෙක් ගැන හරියට විස්තරයක් නෑ කියල. ඒ ගැන ...
බැචා සහ දිට්ඨධම්මවේදනීය කර්ම බැචාගේ කොලම බැචා දිට්ඨධම්මවේදනීය කර්ම ගැන විශ්වාස කරන්න තීරණය කරා ඊයෙ පෙරේද ඉදං. මේ සෙමෙස්ටර් එකේ කරපු අතොරක් නැති විරෝධතා, පංති වර්ජන හින්දද කොහෙද බැචාගේ විභාගෙ කෙල වෙලාම ගියා. ඒ අස්සේ සීයට අසූව කියල අලුත් නීතියක් ගෙනත්. ගතවෙච්ච සෙමෙස්ටර් එකේ එක එක වෙලාවල් වල එක එක පංති කට් කරේ අන්තිම සතියේ තියෙන කුප්පියේ පිහිටෙන් ගොඩ යන්න හිතාගෙන. ඒ හින්ද සීයට අසූව නැහැ ...
උප සංස්කෘතියක 'ලොකු' කළු පැල්ලම බැචාගේ කොලම --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- ඉන්දියාවේ නවකවදය දෙන්නේ මෙහෙම(ලු)මිනිසෙක් මිනිසෙක් වෙන්නේ කකුල් දෙකක්, පපුවක් හා ඔළුවක් තිබෙන හින්දම නෙවේ. ඒ කකුල් දෙකයි ඔළුවයි අතර තියෙන පපුව මැද හදවතක් තිබෙන නිසයි. ‘මිනිසත්කම’ ඕපපාතිකව මිනිස්සු අතර ඇති වුණ දෙයක් නෙවේ. සියවස් ගණනාවක්, පරම්පරා ගණනන මිනිසුන් විදි අත්දැකීම්, වේදනාවන්, හැගීම් වල ප්‍රතිළුලයක් විදිහට ඇතිවුනු සංකල්පයක්. ගල් යුගයේ ස්වාර්ථ
කෝලමක් නොවන බැචාගේ කොලම බැචාගේ කොලම බැචාගේ බැචාලාබැචා කියන්නේ අවුරුදු දා හතරක් දහ දුක් විදලා දෙයියනේ කියලා යාන්තන් විස්ස විජ්ජාලෙට ගිය තවත් කොල්ලෙක්.ඉතිං බැචත් කොලමක් ලියන්න හිතුවා. කැම්පස් ජීවිතේ ගැන, බැචාලා බැචීලා ගැන විතරක් නෙවේ විස්ස විජ්ජාලේ තියෙන නා නා ප්‍රකාර විජ්ජා ගැනත් ලියන්න බැචා හිතං ඉන්නවා. පහුගිය සතිදෙක තුනේ පත්තර කියවපු. ප්රවෘත්ති බලපු හැම දෙනාටම විස්ස විජ්ජාලෙ කිව්වම කෝලමක් මතක් වෙන තැනට මාධ්‍ය මහත්වරු පහුගිය ...