JQuery, පොඩ්ඩක් ලියල වැඩ ගොඩක් දාන්න පොඩි පොඩි දේවල් නත්තලුත් ඉවරයි, දැන් ඉතින් ආයෙත් වැඩ. අද මම කියන්න යන්නෙ Web Site හදන අයට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. හැමෝම දන්නව ඇතිනෙ JavaScript ගැන. අපිට ගොඩක් වෙලාවට JavaScript වලින් එක ඒක ජාතියෙ වැඩ කරගන්න පුලුවන්නෙ. JQuery කියන්නෙත් අන්න ඒ වගේ JavaScript Library එකක්. මෙතනදි තියන විශේෂත්වය තමයි JQuery පාවිච්චි කරල අපිට පුලුවන් පොඩි code කෑල්ලක් ලියල ලොකු වැඩක් කරගන්න.ඊලඟට තියන ...
Windows මකපු GRUB2 ගොඩදැමීම ( බාගෙට ) පොඩි පොඩි දේවල් කට්ටියට මතකයිනෙ මට වෙච්ච ඇබැද්දිය, Ubuntu 9.10 තිබිච්ච මැසිමට Windows XP_sp2 දාන්න ගියාම GRUB එක load වෙන්නෙ නැතුව ගියානෙ. Ubuntu 9.10 වල තියෙන්නෙ GRUB2 හින්ද පරන විදිහට ගොඩයන්නත් බෑනෙ. මම ඉතින් මගෙ දුක කියල දාපු මේ සහහනට ගොඩක් අය ප්රතිචාර දක්වල තිබුන. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ ප්රතිචාර වල තිබිච්ච දේවල්වලයි Google ගෙයි සරණයි කියල හිතාගන මම ඊයෙ රෑම ...
Ubuntu 9.1 ආගිය අතක් නැත, සොයාදෙන්න පොඩි පොඩි දේවල් මම මගෙ මැසිමට Ubuntu 9.1 සහ Windows_XP_sp2 දෙකම දාලයි තිබුනෙ. Windows වලට virus එකක් ගිහින් ගොඩගන්න බැරිම තැන ලඟදි format පාරක් දැම්ම. කලිනුත් Ubuntu තියෙද්දි Windows තිබිච්ච drive එක format කරල GRUB එක ආයෙත් setup කලහම ගොඩ ගිය හින්ද මේපාරත් Ubuntu Live CD එක දාල වැඩේට බැස්ස.වෙනද වගේම root ට ගිහින් sudo grub ගහපු ගමන් කියාපි එහෙම එකක් නෑ කියල, ...
දිග බ්ලොග් සටහන් හකුලන හැටි පොඩි පොඩි දේවල් අද මම කියල දෙන්න යන්නෙ කොහොමද මාගල් වගේ දිගට යන සටහන්වල එච්චරම වැදගත් නැති දේවල් හකුලල පෙන්වන්නෙ කියල. වැඩි විස්ස්තර කියනවට වඩා මේ පහළ තියන පෙන්වන්න/හකුලන්න link එකට කොටන්නකො.පෙන්වන්න/හකුලන්නඔයා දැන් කියවන මේ චේදය චේදෙයි පින්තූරෙයි හැංගිලා තිබ්බ එව්ව. පෙන්වන්න/හකුලන්න උඩ කොටල තමයි ඔයා ඒක දැන් බලන්නෙ. ආයෙත් පෙන්වන්න/හකුලන්න උඩ කෙටුවොත් මේ චේදෙයි පින්තූරෙයි හැංගෙනව. කොටලම බලන්නකො.කොහොමද වැඩේ, හොඳයි නේද? දැන් ...
බ්ලොග් එකට Syntax Highlighter එකක් දාගමු පොඩි පොඩි දේවල් අදත් මම කියල දෙන්න යන්නෙ බ්ලොග් එකට පොඩි ගැජට් එකක් දාගන්න හැටි. ගැජට් එකේ නම තමයි SyntaxHighlighter. හැබැයි මේ ගැජට් එකනම් ගොඩක් ප්රයෝජනවත් වෙන්නෙ පරිඝණක භාෂා වල එන code කෑලි පලකරන අයට. මේකෙන් වෙන්නෙ ඒ ඒ භාෂාවට අදාල keywords ඉස්මතු කරල පෙන්වන එක. බ්ලොග් එකට Menu Bar එකක් දාගන්න එක ගැන ලියපු සටහනේ තියන code එක බැලුවොත් ඔයාලට තේරෙයි මොකක්ද ...
ආයුබෝවන් පොඩි පොඩි දේවල් මම සාරංග, සාරංග රත්නායක. ගම් පළාතනම් කුලියපිටියෙ. දැනට තොරතුරු තාක්ෂණය හදාරනව. මටත් සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න හිතුන නිසා හා හා පුරා කියල පටන් ගන්නයි යන්නෙ. මම කඩ්ඩෙන්නම් මේ බ්ලොග් එක ලියාගන යනව.එත් තමන්ගෙ භාෂාවෙන් කියවන්න හැමෝම කැමතියිනෙ, ඒ හින්ද සිංහලෙනුත් ලිව්වනම් හොඳයි කියල හිතුව.ඉස්සර ඉඳන්ම සිංහලෙන් ලියන්න ආසාව තිබ්බට සිංහලෙන් යතුරු ලියන්න බැරි හින්ද වැඩේ ටික ටික කල් ගියා. යුණිකෝඩ් ...