Techකතා යනු කුමක්ද? ප්‍රභාෂ්ගේ සටහන් http://techkatha.com නැතහොත් Techකතා යනු ඕනෑම ආකාරයේ තාක්ෂණික ගැටළුවක් සඳහා පිළිතුරු සපයා දෙන, තාක්ෂණික පුවත් හා නව සොයාගැනීම් පිළිබඳව හෙළිදරව් කරන පොඩ්කාස්ටින් (Podcasting) හා සිංහල බ්ලොග් මුසුවක් ලෙස පරිශීලකයින් වෙත එන වෙබ් අඩවියකි. බ්ලොග් රේඩියෝවක් ලෙසද එය හැඳින්විය හැකිය.Techකතා බාවිතා කරන ආකාරය ගැන දැනගැනීමට මෙම පුරුකට යන්න. http://www.techkatha.com/how-to-useපරිගණක ආශ්‍රිතව වේවා අන්තර්ජාල පරිශීලනයේදී වේවා, මෘදුකාංග හෝ දෘඩාංග භාවිතය සම්බන්ධයෙන් පැන නගින ගැටළු, ...
සුබ අලුත් අවුරුද්දක් වේවා ....... ! ! ! ප්‍රභාෂ්ගේ සටහන් මෙවර සිංහල දෙමළ අළුත් අවුරුද්ද බත බුලතින් සපිරි සාමය සතුට පිරි වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා ....... ! ! !இனிய சித்திரை புத்தாண்டு நல் வாழ்த்துக்கள் உரித்தாகட்டும் .......!!!Wishing you a Happy prosperous Sinhala & Tamil New Year ...!!! ...
නැවත පැමිනීම ප්‍රභාෂ්ගේ සටහන් මම සද්දෙ දාල බොලොග් එකක් පටන්ගත්තට මොකද වැඩේ හරියට කරගන්න බැරි උනා..ඒකට හේතු ගොඩක් බලපෑවා.. නමුත් ඒකටත් එක්ක දැන් ලියන්නයි බලාපොරොත්තුව..ඒකට මම ඔබ සැමගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.... ...
දේශීය මෙහෙයුම් පද්ධතියක් හන්තාන ලිනක්ස් නමින් එළිදක්වයි. ප්‍රභාෂ්ගේ සටහන් වසරකට අධික කාලයක් තිස්සේ කෙරුණු අත්හදා බැලීම්වලින් පසු හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ පළමු අදියර පසුගිය දා සම්පූර්ණ කෙරිණි. හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය දැන් සියලු පරිගණක පරිශීලකයින්ගේ භාවිතය උදෙසා අන්තර්ජාලය ඔස්සේත්, හන්තාන ප්‍රජාවේ ස්වේච්ඡා සම්පත් දායකයින් වෙතිනුත් ලබාගත හැකි යහන්තාන ලිනක්ස් යනු කුමක් ද? එය කාට ද?හන්තාන ලිනක්ස් යනු සුප්‍රකට Fedora මෙහෙයුම් පද්ධතිය සම්මිශ්‍රණය කරමින් සකස් කළ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි. අන්තර්ජාල පහසුකම් ...
bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය ප්‍රභාෂ්ගේ සටහන් bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය මෙසේ වේ.ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. අදාල අංශයේ ...
කොළඹ වටේ 3D ලෙස ළඟදීම ප්‍රභාෂ්ගේ සටහන් දැනට වසරකට පමණ පෙර ලංකාවේ පළමු සිංහල ජංගම දුරකතන ක්‍රීඩාව ලෙස GTS ආයතනය විසින් එලි දක්වන ලද කොළඹ වටේ ක්‍රීඩාව 3D මාධ්‍යයෙන් එලිදැක්වීමට සූදානම් වනබව ඔවුන්ගේ වෙබ්අඩවිය දක්වයි. මෙම නව සංස්කරණයේ1. පාලිත පෙරේරාගේ හඬින් ක්‍රීඩාවේ ක්රීඩාශීලිබව වැඩිකිරීමට2. තමන්ට කැමති වාහනයක් තෝරාගැනීමේ හැකියාව ඇතිකිරීමට3.කොළඹ පරිසරය 3D ආකාරයට දැක්වීමට4.දෙදෙනෙකුට ක්‍රීඩාකිරීමේ හැකියාව ඇතිකිරීමට5. සැමදෙනාගේම වැඩිම ලකුණු මතකයේ තබාගැනීමටසහ තවත් බොහෝ අංග ඇතුලත් කිරීමට මෙහි නි
පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල් ප්‍රභාෂ්ගේ සටහන් ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ.මෙහි අරමුණ වන්නේ දැනට අතුරු මුහුණතේ පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු ...
ජාතික රූපවාහිනිය, BIZWEEK හා සභ්‍යත්වය ප්‍රභාෂ්ගේ සටහන් මම සාමාන්‍යයෙන් දවල් වරුවේ ගෙදර ඉන්නේ නෑ. ඒත් ගොඩදාගන්න අමාරුම විභාගයක් අතලඟ නිසාත්, මේ දවස්වල ඔෆිස් ගියා කියලා කරන්න දේවලුත් නැති නිසාත් ගෙදර ඉඳන් පාඩම් කරන්න හිතාගත්තා (හිතුවා විතරයි හොදේ). මට පාඩම්කරනවා කියන්නේ නිකන් මැරෙනවා වගේ වැඩක් ඉතින් මම ඕක කට්කරන්න ක්‍රමයක් හොයාගන්න දැම්මා TV එක පොඩ්ඩක්. මෙන්න බොලේ හෝගාලා බික්නි පිටින් නටනටා සිංදු කියනවා ඒත් පොඩි අමුත්තක් දැක්කා මොකද්ද මේ.. TV ...
දවසේ වැදගත් සිදුවීම්(Events, Appoinments) කෙටිපණිවිඩ (SMS) මගින් ලබාගැනීම (පළමු කොටස) ප්‍රභාෂ්ගේ සටහන් මම මේ කථාකරන්න යන සේවාව Google Calender හි එක් පහසුකමක්. මේකට Google Account එකක් ඕන වෙනවා. මේකට ඔබ දැනටමත් භාවිතා කරන Gmail ගිණුමද භාවිතා කල හැක.පලමුව Google Account එකකින් log වෙන්න.පසුව ඔබගේ රට සහ වේලා කලාපය (Time Zone) ලබාදෙන්න.දැන් ඔබගේ google දින දර්ශනය ලබාගත හැක.එහි උඩ දකුණු කෙලවරේ ඇති Settings මත click කරන්නග එවිට පහත පරිදි Settings page එක දිස්වේවි.දැන් එහි ...
සිංහල මිනි බ්ලොග් මැරතන් නිමයි ප්‍රභාෂ්ගේ සටහන් ඊයේ රාත්‍රී 8 සිට සාර්ථකව පැය 12 පුරා දිගහැරුනු සිංහල මිනි බ්ලොග් මැරතන් ඉසවුව මෙසේ නිමාවන වගයි.
ගූගල්ගේ සමාජජාල අඩවිය ප්‍රභාෂ්ගේ සටහන් ශ්‍රී ලංකාවේ සමාජජාල අඩවි කිවුවම මතක් වෙන්නේ මූනුපොතනේ (සමාජජාල අඩවි නෙමෙයි ලංකාවේ අන්තර්ජාලය කිවුවම මතක්වෙන්නේ මූනුපොත තමා)නමුත් මම මේ කියන්න යන්නේ ගූගල් ආයතනයෙන් පවත්වාගෙන යන සමාජජාල අඩවියක් ගැනයි එය orkut නම්වේ. ගිහින්ම බලන්න. http://www.orkut.com ...
ලොව ප්‍රථම වෙබ් සර්වරය ගැන දන්නවාද?? ප්‍රභාෂ්ගේ සටහන් මේක තමයි මගේ ප්‍රථම මැරතන් පෝස්ට් එක. පරක්කුඋනාට සමාවෙන්න ඕන මොනවා කරන්නද මට අනිද්දා විභාගක් තියෙනවා නොවැ. පොතක් පතක් බලන්නත් වෙනවානේ.ලොව ප්‍රථම ඩොමේන් නාමය උනේ http://info.cern.ch/ එය CERN ආයතනයේ NeXT පරිගණකයක 1990දී Tim Berners-Lee විසින් ප්‍රදර්ශනයකට නිපදවන ලදී. වැඩි විස්තර සඳහා http://info.cern.ch/ලොව ප්‍රථම වෙබ් පිටුව http://www.w3.org/History/19921103-hypertext/hypertext/WWW/TheProject.htmlප.ලි. : මොකද දන්නෑ අද විස්තර කරලා ලියන්න කම්මැලියි. ටිකකින් විස්තර ඇතිව දාන්නම්.. ...
අනිච්චාවත සංඛාරා හිතමිතුරන්ගේ සෝ සුසුම් මැද IE6 ලොවින් සමුගනී. ප්‍රභාෂ්ගේ සටහන් වසර අටකට වැඩිකලක් අන්තර්ජාලයේ යහතින් ජීවත්වූ Internet Explorer Six හෙවත් අපගේ හිතමිත්‍ර IE6 කැලිෆෝනියාහි මවුන්ටන් විවු හීදී 2010 මාර්තුමස පළමුවෙනිදා අභාවප්‍රාප්ත වේ. මේ සම්බන්ධ අවසන් කටයුතු මාර්තු සිවුවන බ්‍රහස්පතින්දා දින පස්වරු 7ට Forest Room 5, 2532 15th Street, Denver, CO 80211-3902 හිදී පවුලේ හිතමිතුරන් හා ඔහුට ආදරය කලවුන්ගේ සෝ සුසුම් මැද සිදුකෙරේ මීට ශෝකයට පත් IE7 පුතා සහ IE8 මිනිබිරී.මේ පිළිබඳ වැඩි විස්තර http://ie6funeral.com/ මගින් ලබාගත හැක. ...
පාසල් සිසුන්ට වඩාත් සුදුසු වෙබ් සෙවුම් ප්‍රභාෂ්ගේ සටහන් පසුගිය දවසක පළාතේ විදුහලක පරිගණක විද්‍යාගාරයක් භාර ගුරුතුමෙක් මගෙන් පොඩි ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීම තමයි කුඩා ළමුන්ට සහ පාසල් සිසුන්ට වඩාත් ගැලපෙන වෙබ්අඩවි සොයාගැනීමට උපකාර වන ලෙසයි. මෙතනදී මට කල්පනාකරේ එවැනි වෙබ්අඩවි සොයනවාට වඩා එවැනි වෙබ්අඩවි සෙවුමක් සෙවීම වඩාත් හොඳ බවයි. ඉතින් පුංචි පහේ කට්ටක් කාලා වෙබ් අඩවි ටිකක් හොයාගත්තා. මෙන්න ඒ වෙබ් අඩවි 1. http://kids.yahoo.com මෙය Yahoo! ...
Untitled Post ප්‍රභාෂ්ගේ සටහන් ලැබුවාවූ 2010 වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා!!
SBU හමුව සහ අතුරු කථා ප්‍රභාෂ්ගේ සටහන් 19 උදෑසන නුවර දුම්රියපලින් කොළඔ බලා යන සීග්‍රගාමී දුම්රියට ගොඩවුනේ වසරකට වැඩිකාලයක් ආසාවෙන් කියවූ බොලොග් සටහන්වල සැබෑ හිමිකරුවන් දැකගැනීමේ නොනිමි ආශාව මුදුන්පත් කරගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන්. උදේ පාන්දර ටිකට් පෝලිමට සෙට් උනත් බොහෝදෙනා කලින් ආසන වෙන් කර තිබූ බැවින් විවෘත ටිකට්පතකින් සෑහීමට පත්වන්නට සිදුවුනා. පියාගේ මිතුරෙකු නිසා මට ආසනයක් හිමිවූ නිසා එතරම් ගැටළුවක් උනේ නැහැ. ඉඳගෙන විනාඩි 5ක් ගියේ ...
දවසේ වැදගත් සිදුවීම්(Events, Appoinments) කෙටිපණිවිඩ (SMS) මගින් ලබාගැනීම (දෙවන කොටස) ප්‍රභාෂ්ගේ සටහන් මෙහි පළමු කොටස කියවීමට මෙතන කොටන්න.දැන් calender tab එක click කරන්න.දැන් එහි ඇති Notifications මත click කරන්නadd reminder මත click කර ලැබෙන Drop Down Menu එකින් අවශ්‍ය පරිදි sms එක ලැබියයුතු වේලාව සකස් කරන්න.මෙතනදීම ඔබට අවශ්‍යනම් email මගින්ද මතක්කරීමේ පණිවිඩයක් ලබාගත හැක.එසේම මෙම tab එක හරහා වෙනත් sms හා email පණිවිඩ ලබාගැනීම පාලනය කල හැකදැන් Save Click කර සිදුකල වෙනස්කම් ස්ථිර ...
ඩයලොග් දැන් තත්පරයට......... ප්‍රභාෂ්ගේ සටහන් ඩයලොග් පාරිභෝගිකයින් බොහෝ කලක් තිස්සේ බලා සිටි අවස්ථාවක් 2008 සැප්තැම්බර් 28 දින උදා වෙයි. එනම් සිය සම්බන්ධතාවය විශේෂ තත්පරයට අය කිරීමේ ක්‍රමයට මාරුවීමේ හැකියාව 2008 සැප්තැම්බර් 28 දින සිට ලබා දෙයි.එවිට ගාස්තු පහත පරිදි වෙනස් වේ.පෙරගෙවුම් සම්බන්ධතාවයන් සඳහාලබාගන්නා ඇමතුම්ඩයලොග් අංකයකට රු. 3/-ඩයලොග් නොවන අංකයකට රු5/-ලැබෙන ඇමතුම්ඩයලොග් අංකයකින් සම්පූර්ණයෙන්ම නොමිලේඩයලොග් නොවන අංකයකින් රු 3/-මෙහිදී ලැබෙන ඇමතුම් පළමු විනාඩි 2ක අවමයක් නොමිලේ ...
අලුත් ඇරඹුම ප්‍රභාෂ්ගේ සටහන් මගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලමින් අද දින සිට සිංහලෙන් Blog එකක් කරන්න පටන් ගන්නයි මේ සූදානම.............