බලාපොරොත්තුව නොසංදාලයා හොඳටම ඇති දැන් මෙතන හිටියා. තව ටිකකින් කළුවරත් වැටෙන පාටයි. පාක් එකේ සිමෙන්ති බංකුවට බර දීගෙන හිටපු මම එතනින් නැගිටිටටේ යන්න කියලා. ඒත් මට යන්න බෑ. "මේ සිමෙන්ති බංකුව මාව අල්ල ගෙනවත්ද? ඇයි මට යන්න දෙන්නේ නැත්තේ. නැත්නම් මගේ හිත මට යන්න දෙන්නේ නැද්ද? " නෑ හිත නෙමෙයි මේ බංකුව තමයි මට යන්න දෙන්නේ නැත්තේ. මටත් වඩා අපි කරපු කියපු දේවල් දන්නේ ...
වැස්සට ඉඩදෙන්න... II නොසංදාලයා එය අද වැනිම මූ අඳුරු දිනයකි. නමුදු මෙතරම් වැස්සක් එදින නොවීය. කඳුකරයට කොහොමත් සුපුරුදු මල් තුහිනයක් පමණක් හාත්පස සිපගනිමින් පැවතිනි. ඒ මීට ටිකක් නුදුරු කුඩා කඳු ගැටයකි. කොටගල මාර්ගයේ ඉතාම මඳ දුරක් ගොස් දකුණු පසට හැරෙන බොරළු පාරකි. පාර දෙපසම තෘණ වර්ගය. නමක් නොදන්නා ඒ තණ පඳුරු අතරෙන් පඳුරකට එක ගනනේ කහ පැහැ සිව් පෙති මලක් ඉහලට නැඟී තිබිණි. එක යායට වැවී තිබුණු ඒ ...
වැස්සට ඉඩදෙන්න... නොසංදාලයා "කොටගල.. කොටගල.. කොටගල......" "මහත්තයා, යනව නං නගින්න. අයේ පැය එක හමාරකට බස් එකක් නෑ..." මා ඔහු ගනන් නොගෙන සිටි නිසාවෙන් මගින් හතර පස් දෙනෙක් පමණක් ජනේල අයිනට බර වී සිටි බසය කන්ද දිගේ පහලට ඇදෙන්නට විය. කෙමෙන් කෙමෙන් වැහි කළුවර ද මෝදු වන්නට විය. කඳුකරේට වහිනවිට දර්ශණය මනරම්ය. එතරම්ම ගුප්තය. එතුල ගැබ්වුනා වූ භයානක කමක්ද දිස්වෙයි. හුදෙකලාව අනෙක් කරුණයි. හුදෙකලාව උපරිමයෙන් අත්විඳින්නට කඳුකරයේ වැස්සකට ...
නොසංදාලයෙකුගේ ආගමනය නොසංදාලයා නොසංදාලයෙක්, ඩෙනිම අඳින,කවිකතා ලියන,ඔහේ ඇවිදින, කොන්ඩේ වවාගත්ත,කාගේ කවුද දන්නේ නැති,නොසංදාලයෙක්. නොසංදාලයෙක්,මනුස්ස ඟඳක් නැති තප්පරේට,මොනිටරේට මූණ ඔබන,නොසංදාල හිතිවිලි ලියන,නොසංදාලයට පණ පොවන, නොසංදාලයෙක්. නොසංදාලයෙක්,නොසංදාලකමට නොසංදාලකං නොකරන,නොදන්න නොසංදාලකං අකුරුවලට පෙරළන,අකුරුලියන උඹලත් එකක් පෑහෙන්න එන,නොසන්දාලකමට නොසංදාලයෙක් වෙච්ච,නොසංදාලයෙක්. එන්න. ඉඳගන්න. ...