ලක්දෙරණේ සිදුවීමට යන මහා බිලි පූජාවක් වලකමු,..අසරණ සත්ව ජීවිත විශාල ප්‍රමාණයක් බේරා ගනිමු තොරතුරු යුගයේ දවසක්.. මේ මස(අගෝස්තු) 25 දින හලාවත මුන්නේශ්වරම් නම් කෝවිලක සිදුකිරීමට යන මෙම බිලි පූජාවට වැට බැඳීමට ඔබගේ සහාය ලබාදෙන්න. මෙහි දක්වා ඇති දුරකථන අංක වලට හෝ අදාල වගකිවයුතු ස්ථාන වලට දැනුම්දීමෙන් අප සියලුදෙනාට මේ සඳහා දායක විය හැකිය. මෙම පුජාව මීට පෙරත් වතාවක ඉහත ඡායාරූපවල දැක්වෙන අන්දමට අසරණ සතුන් 200 ක් පමණ සමූල ඝාතනය කරමින් පැවැත්වී තිබින. ඉන් ඔඳවැඩුනු මෙම අඳබාල පිරිස ...
"කුඩුලාල්" රංගනය ටැබුවාගේ අතේ පත්තු වූ වගයි! තොරතුරු යුගයේ දවසක්.. ටැබූ සබ්ජෙක්ස් යනු බ්ලොග් අවකාශයේ සියලූම දෙනා හොඳින් අසාඇති නමකි. එහි කතුවරයා වන "Taboo" (ටැබූ) නමැත්තා තම පාඨකයන් ඉදිරියේ "ලොකු පොරක්" සේ හැසිරෙයි. කිසි විටෙකත් තම වරදක් පෙන්වාදුන් විට පිලිනොගනී. එසේම ලවක් දෙවක් නැතිව නොදන්නා විශයන් විවේචනය කර මෝඩ කම පෙන්වීමටද ඔහු දක්ෂය. මෙතෙක් කල් ටැබූ නම් "ස්වෝත්තමවාදියා" ගෙන ගිය රහසිගත රංගනය කුමක්දැයි ඔහුගේ බ්ලොග් හෙන්චයියන්ට , ඔහුගේ එහෙයියන්ට සහ ...
ත්‍රිපිඨකය තුල සිංහලෙන් , ඉංග්‍රීසියෙන් සහ පාලියෙන් සෙවීම් සිදුකල හැකි පරිගණක මෘදුකාංගයක් තොරතුරු යුගයේ දවසක්.. නමෝ බුද්ධාය!!! ධර්මය ඇසුරු කරන බොහෝ අයට තිබෙන ගැටලුවක් තමයි සූත්‍ර දේශනා සොයාගැනීමට තිබෙන අපහසුව. බොහෝ ධර්ම දේශනා වලදී දේශකයාණන් වහන්සේ අදාල ධර්ම දේශනයට පාදක වූ සූත්රගත තොරතුරු සඳහන් කරති. උදාහරණයක් වශයෙන් දීර්ඝ සංසාර ගමන ගැන විග්රහ කර එම තොරතුරු අනමතග්ගසංයුත්තයේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙන බව දේශකයාණන් වහන්සේ පවසති. එවිට අනමතග්ග සංයුත්තය ත්‍රිපිඨකයේ කවර ස්ථානයක තිබෙන්නේදැයි නොදන්නා ...
ධම්ම පාසාදිකය (an offline Tipitaka search program) ලඟදීම... තොරතුරු යුගයේ දවසක්.. ධම්ම පාසාදිකය යනු metta.lk හි ඇති සිංහලයට පරිවර්තනය වූ ත්‍රිපිඨක පොත් වහන්සේගේ අන්තර්ගතය තුල සෙවීම් කලහැකි පරිගණක වැඩසටහනකි. මෙය ක්‍රියාත්මක වීම සඳහා අන්තර්ජාල පහසුකම් අවශ්‍ය නොවේ. වැඩි විස්තර නුදුරේදීම...මෙය ගෞතම බුදුරදුන්ගේ ශ්‍රාවක දරුවන් උදෙසාමයි!!! ...
ටැබූගේ එහෙයියන්(වඳුරු) රැල තනිවෙලා නෑ! මෙන්න ටැබූගෙ අලුත් බ්ලොග් එක! තොරතුරු යුගයේ දවසක්.. මේ දිනවල බ්ලොග් අවකාශයේ ආන්දෝලනාත්මක මාතෘකාවක් වන්නේ ටැබූ සබ්ජෙක්ට්ස් හැක් වීමයි. මෙහිදී ඇතැම් පාර්ශවයක් ටැබූ වෙනත් කණ්ඩායමක් විසින් හැක්වීමට බඳුන් වූ බව පවසන අතර තවත් පාර්ශවයක් පවසනුයේ මේ පිලිබඳ සිතාගැනීමට නොහැකි බවයි. මෙම සිදුවීමෙන් කම්පනයට පත්වූ ටැබූගේ එහෙයියන් රැල වඳුරන් මෙන් හැසිරෙන බව බුද්ධිමත්ව මෙම සිදුවීම් මාලාව නිරීක්ෂණය කරන අයෙකුට දැක ගත හැක. ඊට අමතරව ඔවුන් මේ පිලිබඳ මුනිවත රකිමින් ...
ඔබත් ෆෙන්ග් ෂුයි සරණ ගිය අයෙක්ද? එහෙනම් දැන්වත් අවදිවන්න! තොරතුරු යුගයේ දවසක්.. අපි හැමෝම කැමතියි නේ සාර්ථක ජීවිතයක් ගෙවන්න. ඒකට එක එක අය විවිධ දේවල් කරනවා ඇතැම් අය ධාර්මිකව උපයා ගත් දෙයින් ජීවත් වනවා, තවත් අයෙක් අධාර්මික ජීවිත ගෙවනවා, තව අයෙක් වාසනාව දොරට තට්ටු කරනකම් බලන් ඉන්නවා...මේ අතර කාලෙන් කාලෙට එක එක විජ්ජුම්බර එනවා මිනිස්සුන්ට වාසනාව කැන්දවයි කියලා කියාගෙන. එහෙම ආපු එකක් තමයි මේ ෆෙන්ග් ෂුයි. මෙහිදී වාසනාව උදා කරගන්න යයි කියල ...
කුමක්ද මේ අවජාතික වාදින් හා කල්ලතෝනින්ගේ තුඩඟ රැව්දෙන "තලිබාන් බෞද්ධ™" තොරතුරු යුගයේ දවසක්.. අප ගැමි වහරේ "කලතෝනින්" යනුවෙන් හඳුන්වන්නේ ආගමක් දහමක් නැති ක්‍රියාවෙන්ද ඒ බව ඔප්පු කර ඇති අයලුවන් වේ. මේ ලිපිය ලිවීමට මුල්වූයේ "මාතලන්™" නමින් හඳුන්වාගන්නා කල්ලතෝනියකු විසින් මහින්දාගමනය හාස්‍යයට ලක්කරමින් කරන ලද බ්ලොග් පෝස්ටුවකි. ඔහුගේ දේශපාලන අදහස් කුමක් වුවත්, බෞද්ධයන් විසින් ඉමහත් ගෞරවයෙන් සලකන ඓතිහාසික අවස්ථාවක් විකෘත්ති කර ඉතාම නින්දිත අයුරින් හාස්‍යයට ලක්කර තිබීම හෙලා දැකිය යුතුය. එයට යමෙක් හුරේ දමන්නේ ...
මොහොමඩ් ගේ තර්ක වලට පිළිතුරු තොරතුරු යුගයේ දවසක්.. මොහොමඩ් නමින් බ්ලොගයක් පවත්වාගෙන යන අයෙකුගේ ක්‍රියාකලාපය නිසා මේ දිනවල බ්ලොග් අවකාශය මහත්සේ උණුසුම් වී ඇති බවක් මා හට දැකගන්නට ලැබුනා. ඉස්ලාමීය පදනමක සිටිමින් ඔහු බුදුදහම සහ සිංහලයින් වෙත එල්ල කර ඇති විවේචන කිහිපයක් ඔහුගේ බ්ලොගය කියවන බොහෝදෙනා දකින්නට ඇති. මෙම බ්ලොග් පෝස්ටයෙන් මා අරමුණු කරනුයේ ඔහුගේ එම විවේචනයක් බුද්ධි ගෝචර නොවන බොළඳ ඒවා බව ඔහුට පසක් කර දීම, එම ...
සම්බුද්ධත්ව ජයන්තිය හා බෞද්ධ අයිතිය තොරතුරු යුගයේ දවසක්.. මෙම ලිපිය උපුටාගන්නා ලද්දේ 2011 ජනවාරි 30 දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පතෙනි.සම්බුද්ධත්ව ජයන්තිය උදාවීමට ඇත්තේ තව දින 105 ක් පමණි. ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වී වසර 2600 ක් සපිරෙන්නේ 2011 වසරේදීය. මෙය ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයින්ට පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධයන්ටම ඉතා වැදගත් වන ආගමික උත්සවයක් බව සටහන් කළ යුතුය. ලෝක ජනගහනය බිලියන 6.8 කි. එනම් කෝටි 680 ක් වන ලෝක ජනගහනයෙන් ...
Hero ගෙ සෙල්ලම් ඉවරයි බොරු හීරෝ දැන් ඔබේ අතේ ! | Fake Hero Exposed ! තොරතුරු යුගයේ දවසක්.. සැ . යු : "Hero" නමින් පෙනී සිටිමින් බ්ලොග් වල අසැබි වදන් ලිවූ තැනැත්තා දැන් එම වරද පිලිගෙන මින් ඉදිරියට එලෙස හැසිරෙන්නේ නැති බවට පොරොන්දු වූ නිසා මෙම ලිපියේ තිබූ ඔහුගේ IP ලිපින යනාදිය ඉවත් කර ඇති බව සලකන්න.බොහොමයක් බ්ලොග් ලියන වගේම කියවන අයටත් මේ හීරෝ කියන කෙනා නිසා අපහසුතා ඇති වෙලා ඇති. ගොඩක් බ්ලොග් වල මමත් දැකල තියෙනව මොහුගේ ...
බ්ලොග් අවකාශය සිසාරා හමන ටැබුවාගේ පිලී ගඳ... තොරතුරු යුගයේ දවසක්.. මෙම ලිපිය ලිවීමට සිදුවූයේ ටැබූ සබ්ජෙක්ට්ස් නමැති බ්ලොගය පවත්වාගෙන යන පුද්ගලයා මාගේ අදහස් පළකිරීමේ අයිතිය ඔහුගේ බ්ලොගය තුලදී කිහිප වතාවකම කප්පාදු කල බැවිනි. බ්ලොග් අවකාශය තුල විවිධාකාර මානසිකත්වයෙන් යුතු අය සිටී. ඒ අය අතුරින් ටැබූ නමැත්තා කැපී පෙනේ. අන් බ්ලොග් කරුවන් අතුරින් මා දුටු මොහුගේ සුවිශේෂතා මෙසේය. මොහුට ලිපියක් ලිවීමට බුදුන් වහන්සේ, බෞද්ධ දර්ශනය, ජාතක කතා, පූජණීය චරිත විශේෂයෙන් අම්මා නැතිවම ...
බුදු සසුන විනාශ කිරීමේ කුප්‍රකට වෑයමක් හෙලිවේ..! (1 කොටස) තොරතුරු යුගයේ දවසක්.. මේ ගෞතම බුද්ධ ශාසනයයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අදටත් විරාජමානව වැඩ සිටී. විශාල පිරිසක් ඒ උතුම් සද්ධර්මයෙන් අදටත් ප්‍රයොජන ගනිති. ශ්‍රී සද්ධර්මය විමසන ඕනෑම අයෙකු එහි ඇති පරම ගම්භීර ස්වභාවය වටහාගැනීමට ස්වභාවයෙන්ම සිදුවන්නකි. මේ මහා භද්‍ර කල්පයට සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේලා පස් නමක් පහල වන බව ධර්මයේ සඳහන්වේ. මේ උන්වහන්සේලාගෙන් සතර නමක් මේ වනවිට පහලවී දහම් මඟ හෙලි කර පිරිණිවන් ...
අන්‍යාගමීකරණයේ මොළ සේදීම හෙවත් ගුරාගෙන් ගෝලයාට ගෝල පඬුරු තොරතුරු යුගයේ දවසක්.. මෙම සිද්ධිය ඇත්තටම සිදුවූ දෙයක්.උසස්පෙල අවසන් කර සිටි කාලයේ මගේ හොඳ මිත්‍රයෙක්ට ඔහුගේ ඉංග්‍රිසි දැණුම වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය වී තිබුනා. බොහෝ දෙනෙක් නිර්දේශ කල පරිදි ඔහු ඒ සඳහා ඇල්පිටිය ප්‍රදේශයේ ගුරුවරයෙක් තෝරාගෙන සිටියා. මෙය එක දිගටම මාසයක් එම ගුරුවරයාගේ නිවසේ නැවතී කල යුතු පාඨමාලාවක්. සති අන්තයේ හෝ නිවෙස් වෙත යාමට අවසර නෑ, එමෙන්ම ජංගම දුරකථන භාවිතා කිරීමද සීමා කරලා. කෙසේ ...
ලවක් දෙවක් නැති බ්ලොග් තක්කඩි.... තොරතුරු යුගයේ දවසක්.. මේ දින වල බ්ලොග් අවකාශයේ තිබෙන්නේ අමුතුම ආකාරයේ තරඟයකැයි කිවුවොත් නිවැරදිය. නමුත් මෙම තරඟය බ්ලොග් කියවන්නන්ට වැඩදායක යයි මට නොහැඟේ. මට පෙනෙන ආකාරයට ඇතැම් බ්ලොග් ලියන්නන් තමා බ්ලොග් අවකාශයේ කැපී පෙනෙන චරිතයක් වීමට විවිධ ක්‍රම යොදාගනී. නමුත් කණගාටුවට කාරණය නම් මේවා දකින විට බොහෝදෙනාට පිළිකුලක් ඇතිවීමය.බ්ලොග් අවකාශයේ (කුණුහරුප)රජු ලෙස අභිෂේක කිරීමට සුදුස්සකු සිටී. Taboo ලෙසින් පෙනී සිටින මෙම පුද්ගලයාගේ ආසන්නම ...
කෘතීම බුද්ධිය මිනිසා ඉක්මවා යයිද? තොරතුරු යුගයේ දවසක්.. අපි විවිධ ප්‍රබන්ධ තුලින් දැක තිබෙනවා නෙ විවිධ ආකාරයේ හැකියාවන් ඇති පරිගණක වැඩසටහන් ගැන. ඒවායින් බොහෝ ඒවා කෘතීම බුද්ධි මූලික කරගත් ඒවා බව ඔබට සිහිපත් වනවා ඇති. මට ඔය කෘතිම බුද්ධිය තදින්ම ඔලුවට කාවැදුනු රූපවාහිනී වැඩසටහන් තමයි මායා බන්ධන(රොබෝ වරුන් බහුල සමාන්තර ලොව සම්බන්ද කොටස ) අනෙක් එක තමයි පරිගණක දඟයෝ කතාන්දර මාලාවේ Virgil.මේ කෘතීම බුද්ධිය(Artificial Intelligence) පිලිබඳ සංකල්පය ලොවට ...
ආයුබෝවන් ! තොරතුරු යුගයේ දවසක්.. බ්ලොග් එක ලියන්න පටන්ගන්නෙ කොහොමද කියන එක තමයි හිතාගන්න අමාරු.මේ බ්ලොග් එක තමයි මම පොදු මාතෘකා යටතේ ලියන මුල්ම බ්ලොග් එක. සාමාන්‍යයෙන් මම කැමති එක් මාතෘකාවක් යටතේ දිගටම බ්ලොග් එක ලියාගෙන යාමටයි.මම ලියන ඒ විදියෙ එක බ්ලොග් එකක් තමයි අපි Java ඉගෙන ගනිමු බ්ලොග් එක.කොහොම වුනත් මට වෙලාව ඇති ආකාරයට මෙම බ්ලොග් එක ලියන්න මම උත්සාහ කරනවා.තොරතුරු තාක්ෂණය වැනි විශයක් ...