බ්ලොග් කරණයේ දෙවසරක්.. 2 Years in blogging and good old days තීර්ථ යාත්‍රාව මෙම ලිපිය හොඳින්ම වලංගු වෙන්නේ පහුගිය මාසයට නැතිනං පෙබරවාරි මාසයට වුනත් ලියන්න ගත්තේ අද. :D . කාලය යන විදිහට ගෙවිලා ගිහිල්ලා මේ වෙනකොට තීර්ථ යාත්‍රාවට අවුරුදු දෙකක් පිරිලා හමාරයි.ඒක ඒ තරම් කියවන්නවත් සමරන්නවත් දෙයක් නොවුනත් කාලෙකින් බ්ලොගයේ මුකුත් ලියවෙච්චි නැති නිසා ඒ විස්තරෙත් පදනම් කරගෙන තීර්ථ යාත්‍රිකයාගේ අන්තර්ජාල ඉතිහාසයේ අත්දැකීම් ගැන පෝස්ටයක් ලියන්න හිතුනා.තීර්ථ යාත්‍රාව කියන්නේ තීර්ථ යාත්‍රිකයා ආරම්භ කරපු ...
ඈරියා 51 තීර්ථ යාත්‍රාව මිත්‍රවරුනි, හැමදාම නෑ හැමතැනම නෑ..මේ ආකාරයට සිංහල සබ් යෙදූ චිත්‍රපටි ගැන බයිස්කෝප් සිංහලෙන් වත් ඔය ගොල්ලන්ට දැනගන්න වෙන්නේ නෑ.. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියනවා වගේ , “සබ්වල ගුණාත්මක භාවය dvd කවරයෙන් පෙනේ“.... (කවර වල ඇති සිංහල වචන හොඳින් නිරීක්ෂණය කර අදාල ඉංග්‍රීසි වචනය සමඟ සසඳා බලන්න)කවර මෙහෙම නම් සබ් කොහොම ඇතිද ? ෆිල්ම් එක බලන අතරතුරේ බහුතරයක් පේක්ෂකයෝ සබ් හදපු ...
ඇවිදින මත්ස්‍යයාගේ කතාවස්තුව.. The Legend of Walking Fish තීර්ථ යාත්‍රාව වසර බොහෝ ගණනකට පෙර ලෝකයේ එක්තරා රටක කීර්තිමත් වංශාධිපතියෙකු වාසය කලේය.ඔහුට කිරීමට තිබුනේ තමාගේ නින්දගම බලාකියා ගනිමින් ඔහේ ජීවත් වීම පමණි.ඔහුට සතුරෝ හෝ ධනයෙන් අඩුවක් ද නොවුන නමුත් ගත කලේ එපාවන සුලු ඒකාකාරී ජීවිතයකි. ස්වකීය මාලිගාවේ විවිධ උත්සව පැවැත්වීමත් තම නින්දගම තුල සංචාරය කිරීමත් ඔහුට තිබුන එකම විනෝදාංශයන් වූ අතර මේ ඒකාකාරීත්වය තුල හේ තෙමේ කලකිරීමෙන් යුතුව කාලය ගත කලේය.කාලයක් ...
The South Asian Mobile Conference 2011 තීර්ථ යාත්‍රාව දකුණු ආසියානු ජංගම දුරකතන පිළිඹඳ සම්මන්ත්රනය පහුගිය දවසක කොළඹ ගලධාරී හෝටලයේදී පැවත්වූවා.තීර්ථ යාත්‍රිකයා ජංගම දුරකතන මෘදුකාංග සංවර්ධකයෙක් නොවුනත් ඒ පිළිඹඳ උනන්දුවක් දක්වන්නෙක් නිසා එයට සහභාගී වුනා.වැඩසටහන සංවිධානය කරලා තිබුනේ ICTA ආයතනයෙන් නොමිලයේ මයි.සහභාගී වූවන්ට උදේ වරුවේ සහ හවස් වරුවේ තේ පැන් වගේම දිවා ආහාරයත් නොමිලයේ ලබාදුන්නා.හෙල සිරිතට අනුව මගුල් බෙර ගසා සක් පිඹ පොල්තෙල් පහන්දල්වා ආරම්භකල ඒ අවස්ථාව සහභාගී වූ විදෙස් ජාතිකයන්ට ආනන්ද ...
ආවර්ජනා - දුම්රියේ මතක තීර්ථ යාත්‍රාව “ගල්කිස්ස බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය තව ස්වල්ප වේලාවකින් පළමුවෙනි වේදිකාවට පැමිණෙනවා ඇත.දුම්රිය නවත්වන්නේ.......................” දුම්රියපලේ ලව්ඩ්ස්පීකර් හඬින් තිගැස්සෙන මම අවට බලමි.මඟීහු ගමන් මලු අතට ගනිමින් ලැහැස්ති වෙති. වේලාව පාන්දර හයට ආසන්නය.තාමත් මැකී නැති අඳුර මැදින් දුම්රිය පොළට එපිටින් වූ කලපුවේ ජලතලය මත මාලු ඔරුවක් ගමන් කරනු පෙනේ. මා සිටියේ දුම්රිය පොලේ පළමුවේදිකාවට ඉදිරියෙන් ඇති ප්‍රයෝජනයකට නොගන්නා අබලන් වූ වේදිකාවේ කෙලිසෙල්ලම් ...
ඡායාරූපකරණය සහ මම තීර්ථ යාත්‍රාව ඡායාරූපකරණය තීර්ථ යාත්‍රිකයගෙ ප්‍රධානම විනෝදාංශයක් වුනේ අහම්බෙන්.තීර්ථ යාත්‍රිකයා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට ආවෙත් ඒ වගේම අහඹු සිදුවීමක් නිසා.සමහර අහම්බයන් ජීවිතයට එකතු කරන්නේ යහපතක්.ඒ දවස්වල ප්‍රධානම විනෝදාංශ වෙලා තිබුනේ පොත් කියවීම, නිදාගැනීම :D , වගේ දේවල්. අන්තර්ජාලයයි පරිගණකයයි ජීවිතයේ ප්‍රධාන කොටසක් වුනාම ඒ විනෝදාංශ අතරට අන්තර්ජාලයේ රස්තියාදු ගහන එකයි, චිත්‍රපටි නරඹන එකයි එකතු වුනා.පහුකාලීනව කැමරා සහිත ජංගම දුරකතනයක් ලැබුනහම ඔහේ හතර අතට ...
අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා.... තීර්ථ යාත්‍රාව පරණ ,ටිකක් වයසක උදවියත් එක්ක කතාබහ කරන එක විනෝද ජනක වැඩක්.මොකද ඒ අය ගොඩක් වෙලාවට කියන්න පෙළඹෙන්නේ ඒ කාලේ ඒ උදවියක කරපු කියපුවා එහෙමත් නැතිනම් අහපුවා.මේ කතා සවන් දෙන්නාගේ සිත ඇදගන්නා සුලු විදිහට ලුණු ඇඹුල් දාලා රසවත් වෙන්න කියන්න ගොඩක් වයසක උදවිය හරි දක්ෂයි.මේ අතරේ කයිවාරු කාර වගේම ගජබින්න දිග අරින සීයලත් ඇති පදං ඉන්නවා.තීර්ථ යාත්‍රිකයත් මේ වයසක පහේ උදවිය ...
සඳ සාක්ෂි දීම | Even moon can be a witness තීර්ථ යාත්‍රාව “හොඳ කරන්නාට හොඳ ප්‍රථාපල සහ නරක කරන්නාට නරක විපාක“ මේ කියමන හුඟාක් පරණ කියමනක් වගේම ලෝකයේ එක්තරා ධර්ම තාවයක් ගැන ඉඟි කරන්නක්. ඔබ කරන්නේ හොඳක් වේවා නරකක් වේවා එහි ප්‍රථිපල ඔබට නිසි කාලයේදී ලැබේවි, ඔබ කැමති වුනත් අකමැති වුනත්. මේ ආකාරයට පෝස්ටය පටන්ගැනුනේ ළඟදී දිනයක තීර්ථ යාත්‍රිකයාට අහන්න ලැබිච්චි, කාලෙකට කලින් සිදු වෙච්ච සත්‍ය කතාවක් නිසයි.කතාවට පදනම් වෙන්නේ තීර්ථ යාත්‍රිකයාගේ ...
පේන්ට් බෝල් යුද්ධය Paint Ball War, Sri Lanka තීර්ථ යාත්‍රාව ටික කාලෙකට කලින්, හරියටම කියනවා නම් සැප්තැම්බරයේ අග හරියේ අපි යුධ වැදුනා. හැබැයි යුධ වැදුන කට්ටිය යහතින් ආපහුත් ආවා. කාලෙකින් රවුමක් නොගහපු එකේ යන්න තැනක් ගැන කල්පනා කර කර ඉද්දි යමු අඩවියේ ලිපියකින් අපිට හම්බුනා හොඳ ඔත්තුවක්. ඒ හංවැල්ලේ තියෙන පේන්ට් බෝල් අංගනයක් ගැන. තීර්ථ යාත්‍රිකයාට හොඳටම අවශ්‍යවෙලා තිබුනේ පේන්ට් බෝල් ක්‍රීඩා කරන්න ඒ කාලෙ වෙනකොට, ඒ හින්දා මේ ආපු ...
සීරියස් පොඩි එවුන් තීර්ථ යාත්‍රාව අන්තිමට පෝස්ට් එකක් ලියලා තියෙන්නේ මාර්තුවල... බ්ලොගෙත් ටිකක් විතර වල් වැදිලා ගිහිල්ලා :D .අපේ අක්කගෙ පොඩි එකා අල්ලපු ගෙදර එයාගෙ වයසෙම ඉන්න පොඩි එකිත් එක්ක තරහා වෙලා. අක්කගෙ පොඩි එකානං කියන්නේ “ඒකිගෙ පන්ඩිත කම වැඩියි“ කියලා ... :D . පහුගිය අවුරුදු වල ඒ දෙන්නා එක්ක අවුරුදු උත්සව වලට ගිහිල්ලා, කිරි කෑම, බිත්තර ඇල්ලීම වගේ සෙල්ලම් වලින් දිනලත් තිබුනා. ඒත් මේ ...
සිත් ඇද ගත් මාලා නාටක (TV Series) තීර්ථ යාත්‍රාව The Mentalist තීර්ථ යාත්‍රිකයා නරඹා ඇති මාලා නාටක අතුරින් විශිෂ්ඨම මාලා නාටකයක් ලෙස The Mentalist හැඳින්විය හැකියි. මේ දක්වා මාලා 5 ක් විකාශය වී අවසන් . කතා මාලාවේ ගලා යාම ගැන සඳහනක් කලොත්, CBI (California Bureau of Investigation) යන කැලිෆෝනියාව පදනම් කරගත් විමර්ශන අංශයට විවිධ අපරාධ විසඳීමට උපකාර කරන පැට්රික් ජේන් (Patrick Jane) නම් ස්වාධීන උපදේශකයෙකු වටායි කතාව ගෙතෙන්නේ. ඔහු ...
ගූග්ල් ප්ලස්.. ඉතින් ඊට පස්සේ.... Whats Up With Google Plus තීර්ථ යාත්‍රාව ගූග්ල් මඟින් හඳුන්වා දුන් නවතම සේවාව ගූග්ල් ප්ලස් තව දුරටත් අලුත් ආරංචියක් නොවෙයි.බොහෝ දෙනා දැනටමත් මේ ගැන සහ ප්ලස් හි ක්‍රියාකාරීත්වය හොඳින් දන්නවා ඇති. සිංහල බ්ලොග් අවකාශයේත් විවිධ අඩවිවල අඩු වැඩි වශයෙන් මේ ගැන සටහන් වෙලා තියෙනවා තීර්ථ යාත්‍රිකයා දුටුවා.බ්ලොග් අවකාශයේම සහෘදයෙකුට පින් සිද්ධවෙන්න තීර්ථ යාත්රිකයාටත් ගුග්ල් ප්ලස් ඇරයුමක් වේලාසනින්ම ලබාගෙන ගිණුමක් විවර කරගන්න පුලුවන් වුනා. බොහෝම ස්තුතියි පූසා... පෝස්ටය ...
හු.... ටා.......... තීර්ථ යාත්‍රාව කවියන් සිව්දෙනෙකු දුර ගමනක් යමින් සිටියා පිටිසර බද පලාතක. වෙල්යායක් මැදින් ගමන් කරනකොට හමුවුනේ වෙල්යාය කෙලවරින් කෙතට දියවර සපයන වාරි ඇල. ඇලෙන් එගොඩ වෙන්න ඒදණ්ඩකුත් තිබුනා.හතරදෙනාම ප්‍රවේශමෙන් ඒ දණ්ඩෙන් යනකොට පළවෙනි කවියටගෙ කවි සිත අවදිවෙලා හිටිවන කවියකට පදයක් ගැලපුවා මෙහෙම"කවියන් සිව් දෙනා...."දෙවනි කවියා තවත් පදයක් එකතු කලා."ඒ දණ්ඩෙන් යන කලටා...."තුන්වෙනි කවියා පදය ගැලපීමට පෙර කොලොප්පමක් කිරීමට සිතූ පිටිපසින්ම ගිය සිවුවෙනි කවියා මේ විදිහට ...
තවත් බ්ලොග් සහෘදයෙකුගේ නික්ම යෑම... තීර්ථ යාත්‍රාව වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ ඉලංදාරියා ඔබට නිවන් සුව ...
මෝරුන් ලවා පාස්වර්ඩ් බෑවීම තීර්ථ යාත්‍රාව කාලෙකට පස්සේ තීර්ථ යාත්‍රිකයා පුංචි පහේ ටෙක් ලිපියක් ලියන්නයි ලෑස්ති වෙන්න.මාතෘකාව ඇලජික් වගේනම් ඔතන මෝරා කියල කිව්වේ ජාලකරණ ක්ෂේත්රයේ ඉන්න අයගේ ප්‍රියතම භාණ්ඩයකට.ඒ තමයි Wire Shark.නම දැක්ක ගමන් ක්ෂේත්රයේ අයට නම් කියන්න යන්නේ මොකද්ද කියලා ඇස් පියාගන කියන්න පුලුවන් වේවි.වයර් ෂාක් කියන්නේ නෙට්වර් පැකැට් ස්නයිෆර් එකකට (තව එව්වා ඕන තරම් තියනවා) .ඊතර්නෙට් වගේම වයර්ලස් නෙට්වර්ක් එකක උනත් එහෙ මෙහෙ යන ...
මා බාල කාලේ තීර්ථ යාත්‍රාව තීර්ථ යාත්‍රිකයා කාලයකට පෙර පොඩි එකෙකුව සිටියේය.පොඩි එවුන් ගෙවන ජීවිතයක් කලකට පෙර තීර්ථ යාත්රිකයාද ගෙව්වේය. ඒ කියන්නේ දැන් තීර්ථ යාත්‍රික තෙමේ හෙන ලොකු එකෙකු වත් වැඩුනු පොරකවත් කියා නොවේය. හේ තෙමේ තාම පොඩිය. මක්නිසාද යත් ගෙදර උදවිය මෙන්ම නෑදෑ සනුහරේද තාම තීර්ථ යාත්‍රිකයාට කියන්නේ චූටි පුතා ය කියලාය.නෑදෑ සනුහරේ බට්ටලා,බට්ටිලා,චූටිලා, චුට්ටිලා කොතෙකුත් සිටියද තීර්ථ යාත්‍රිකයාගේ චූටිපුතා රෑන්ක් එක ගැසීමට තවම එකෙකු ...
වස්ගමුව වනෝද්‍යානය, මානිගල තරණය සහ නකල්ස් සංචාරය තීර්ථ යාත්‍රාව ආයුබෝවන් ! ටික කාලෙකට පස්සේ තීර්ථ යාත්‍රිකයා නැවත සටහනක් තබන්නේ මෑතකදී යෙදුන සුන්දර සංචාරයක සටහනක් සමඟයි. සංචාරය සංවිධානය කර තිබුනේ නකල්ස් හි ඇති Sir John's Bungalow සංචාරක ආයතනය මඟින්. සංචාරයට එක්වුනේ ශ්‍රී ලංකාවේ ප්රමුඛ සංචාරක සමාගම්වල නියෝජිතයින්. තීර්ථ යාත්‍රිකයා නියෝජනය කලේ Walksons Tourist ආයතනයයි. දින දෙකක සංචාරයේ ප්‍රධාන සංදිස්ථාන ත්‍රිත්වයක් අඩංගු වුනා. ඒ1) සර් ජෝන් බංගලාව (නවාතැන)2) වස්ගමුව වනෝද්‍යානයේ (ජීප් ...
හුදෙකලා චාරිකා තීර්ථ යාත්‍රාව ගමේ නොගිහිං කොළඹ ඉන්න සති අන්තය කම්මැලියි. සති අන්තෙට කොළඹ හිටියොත් ගොඩක් වෙලාවට කරන්නේ කොහේ හරි රස්තියාදුවක යන එක. කැමරාව සයිඩ් එකට එල්ලං හොඳ දර්ශනයක් හොයාගන ඉබාගාතේ යද්දි සමහර වෙලාවට ආරක්ෂක අංශවල උදවිය අහන්නේ “මහත්තය මීඩියාද කියලා“ . නැහ් කියල කිව්වාම කිසිම අවුලක් නැතිව ගියෑකි. හේතුව නං දන්නෑ ඒත් පේන විදිහට නං ආරක්ෂක අංශ මාධ්‍ය ක්ෂේත්රයේ උදවියට කැමැත්තක් නැති හැඩයි. ...
දක්ෂිණ වෙරල තීරයේ සුවපහසු නවාතැන Octopus Reef Bungalow තීර්ථ යාත්‍රාව දකුණු ලක වෙරල තීරයේ රන්වන් වැලිතලාවත් සමඟ සියුම් හඬින් ගී මුමුණන සමුද්‍ර රැල්ලත්, නෙරලු තුරු ගොමුවෙන් හෙවන වුන, කරදිය හුළඟේ මෘදු මොලොක් මුරු මුරුවෙන් නැලවෙන , දැවමුවා උඩුමහල් තලාවක් ගැන මැවෙන්නේ කොයි වගේ මනෝ චිත්‍රයක්ද ? වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “විවේකය“ හා “සැහැල්ලුවයි“.ඉතින් ඒ විවේකය හා සැහැල්ලුව හොයාගන පහුගිය දවසක අපි ගියා සමුද්‍රාසන්නයේ ඇති ඔක්ටොපස් රීෆ් බංගලාව (Octopus Reef Bungalow) වෙත.කොළඹින් ...