Linux Live USB එකක් සෑදීම තාරකගේ සටහන් පිටුව හන්තාන සමගින් පෙරනිමියෙන් එන LiveUSB Creator මගින් පහසුවෙන් Live USB එකක් සාදාගත හැක. මේ සඳහා Fedora 15 මත 4GB PenDrive එකක් සහ හන්තාන මෙහෙයුම්පද්ධතියේ ISO එකක් මා භාවිතා කලෙමි.මෙහිදී දත්ත මැකීයන බැවින් Pen එකෙහි වූ දත්ත බැකප් කර ගැනීම පළමුවෙන් කල යුතුය.1.පියවරLiveUSB Creator ආරම්භ කර Browse බොත්තම මත ක්ලික් කරන්න2.පියවරදැන් Live USB එකට දැමිය යුතු OS එකෙහි ISO එක තෝරා ...
හඳ සහ මව තාරකගේ සටහන් පිටුව අන්න පුතේ අර බලන්න හඳ හාමිගේ හා පැංචා.අම්මට පිස්සුද හඳේ කෝමද හාවෙක් ඉන්නේ.ඔය පේන්නේ හඳේ තියෙන ආවාටනේ..තවත් මෙවන් දේ දැනගන්න තාරකගේ සටහන් පිටුව බලන්න. ...
Generator Load Testing.. තාරකගේ සටහන් පිටුව ඊයේ (2011-08-02) දින අධි බල විදුලි කණුවක JCB යන්ත්රයක් ගැටීම නිසා කාර්ය්යාලය අවට ප්රදේශයේ විදුලි ඇණ හිටීමක් සිදුවූ නිසා වැඩ කිරීමට විදුලි බලය ලබාගැනීමට විදුලි ජනකයක් පාවිච්චි කලා..මාස ගණනාවකින් ක්රියාත්මක කිරීම නිසා ක්රියා කරවීම මඳක් අසීරු වුවත් කෙසේ හෝ ක්රියා කරවා 10ට පමණ වැඩ ආරම්භ කල හැකි උනා. 11.15ට පමණ විවේකයෙන් පසු විදුලි බලය මඳිකමක් දැනෙන්නට වූ බැවින් බලය වැඩි ...
Google Plus හි තමන්ගේ Profile එකට link එකක් හදාගමු තාරකගේ සටහන් පිටුව Google Plus ,G+ , එහෙමත් නැත්නම් ඔයාල දන්න විදියට කියනවනං පස් වල එකවුන්ට් එක කාටවත් දෙන්න ගියාම ලින්ක් එක ටිකක් අවුල් නේ..මේ තියෙන්නේ මගේ profile එක.https://plus.google.com/117408766082951350719ඉතිං ඕකෙ තියෙන නම්බර් ටික නිසානේ අවුල.. ඒකට මෙහෙම වැඩක් කරගන්න පුලුවන්.http://ongplus.com/ ගිහින් ඔයාල කැමති නමක් දාගන්නකෝ.Desired username: කියන තැනට ඔයාලට දාගන්න ඕනි නම දෙන්නදැන් අර උඩ ලින්ක් එකේ තියෙන අංක ටික. plus.google.com එකට පස්සේ තියෙන ටික Google+ ...
බස් රේඩියෝවේ හඬ පටියක බුද්ධිමය දේපල සුරැකීමයි තාරකගේ සටහන් පිටුව බස් රේඩියෝවේ ඒසි නොමැති දවස් වල (මළ කෙළියයි ජූලි හතරයි පොළව දෙදරවාගෙන ඒමට පෙර) මා විසින් සකස් කර ගුවනට මුදා හරින ලද ජිංගල් වල කට හඬ පිළිබදව අසන්නන්ගෙන් කල විමසීම් වලදී දැනගත් විස්තර සංක්ශිප්තය මෙපරිදිය..අසන්නන් : කාගෙද ඒ ලස්සන කටහඬ.. හසී ගේ නේද?හසී : අසන්නන්ගෙන් හලි කලදලේ හලේ ඔය කටහඬ මගේ කියලා.. ඒක මගේ නෙවෙයි.. ඒක අර තාරක අයියගේ ගෑණු ...
ආදරණීය රෝස වලාකුළ තාරකගේ සටහන් පිටුව එක බින්දු සිර වුණුමගේ හදවතටආදරය කියාදුන්රෝස වළාකුළනුඹයි මගේ ආදරයතවත් මෙවන් දේ දැනගන්න තාරකගේ සටහන් පිටුව බලන්න.
කුළුදුල් ආදරය තාරකගේ සටහන් පිටුව සිතේ සිත්තමක් වී,මා ජීවත් කරලූද..මා ජීවය වූද..මා ප්රියාදරී මා අභියසමකුළුදුල් ආදරයදෝතින් දරාමා වෙතටනෙතු දල්වා පැමිණි ඒ මොහාතකෙසේ නම් පවසම්දඅකුරු වලින් මා....අද දින නුඹමගේ කුළුදුල් ආදරයපිළිගෙන මට දුන්සන්තෝෂයකෙසේ නම් පවසම්දඅකුරු වලින් මා...සත්තමයි...මා ආදරෙයිනුඹට මා තුලමේ හුස්මපවතිනා තුරාවටමකෙසේ නම් පවසම්දඅකුරු වලින් මා....(හැබයි තවමත් මල්සරා තනිකඩය....)-තාරු-තවත් මෙවන් දේ දැනගන්න තාරකගේ සටහන් පිටුව බලන්න. ...
අලුත් වැඩක් - පින්තූර ඇල්බම් එක තාරකගේ සටහන් පිටුව ඔන්න මාත් පටන් ගත්ත පින්තූර ඇල්බම් එකක්. තාක්ෂණික වැඩ වලට වඩා වෙනස් දෙයක්නේ.. හැමදාම ඒවම කරල හරියන්නෙත් නැහැනේ.. මේක මට ඉස්සරහට වඩාත් වැදගත් වෙයි කියල හිතෙනවා.Flickr එකේ තමා කරන්නේ..මේක මං අරගනිපු පින්තූර වලින් මට හොදයි කියල හිතෙන පින්තූර ටික දාල හදාපු ඇල්බම් එකක්.හදන්න හිතුනේ මං ගනිපු පින්තූරයක් දැකල කෙනෙක් ඇල්බම් එකක් නැද්ද කියල අහපු නිසා.. දැන් ඉතිං ඔන්න ගන්න ගන්න ...
Fedora Code Names & මගේ ලිනක්ස් ආරම්භය තාරකගේ සටහන් පිටුව මෙච්චර කාලෙකට ආපු Fedora version වල Code Names ටික තමයි මේ..Fedora Core 1 (Yarrow)Fedora Core 2 (Tettnang) Fedora Core 3 (Heidelberg)Fedora Core 4 (Stentz)Fedora Core 5 (Bordeaux)Fedora Core 6 (Zod)Fedora 7 (Moonshine) Fedora 8 (Werewolf)Fedora 9 (Sulphur)Fedora 10 (Cambridge)Fedora 11 (Leonidas)Fedora 12 (Constantine)Fedora 13 (Goddard)Fedora 14 (Laughlin)ඉතිං ඔතනිං මං මුලින්ම අත තිබ්බේ Moonshine එකට තමා.. ඒත මොඩම් එක ගත්තෙ නැති ...
Winamp සඳහා Crossfading සක්රිය කිරීම තාරකගේ සටහන් පිටුව මේ දවස්වල ඉතිං ඉඩක් ලැබුනම කරන දෙයක් තමයි BuzzRadio එක සඳහා ගීත වාදනය කරන එක.. තව ඒකටම පොඩි පොඩ් එක්පෙරිමන්ට් කරල බලන එක. http://radio.lk7.info ගියානම් ලෝකේ කොහේ හිටියත් අහන්න පුලුවන්. ඒකට පාවිච්චි කරන්නේ winamp තමා.. ඉතිං අනිත් අය සිංදු දාද්දි දැකපු දෙයක් තමයි. සිංදු අතර ඉඩක් තියෙන එක. ඒ කීවේ සිංදුවක් ඉවරවෙලා ඊඟාව සිංදුව පටන් ගන්න කලිං තත්පර කිහිපයක් නිහඬතාව ...
Y FM ඇහුවට තෑගි ලැබීම - YFM Top Fan තාරකගේ සටහන් පිටුව උ.පේ කරල ඉවර වෙලා හා හා පුරා කියල ජොබ් එකකට ගියා.. රිසල්ට් එකෙන් නම් නෙවෙයි.. ඒ පලවෙනි ජොබ් එක උනේ Post of Associate. වැඩ කලේ එංගලන්තේ.. රට ගියේ කවදද අහන්න එපා! එංගලන්තෙ වැඩ කලාට මෙහේම තමයි හිටියේ. කරපු වැඩේ තමයි ගිහිපු වෙලේ ඉදන් ෆෝම් පුරවන එක.. හරි හරි.. තේරෙන සිංහලෙන් කියනවනං Data Entry Operator කෙනෙක්.. වැඩ කලේ හවස 6.30 ඉදන් ...
අවුරුදු Sajje තාරකගේ සටහන් පිටුව ඊයේ (13 වෙනි දින) පැවැත්වූ අවුරුදු සාජ්ජයේ ඊයේ සිට මේ දක්වා වන විට සියලුම සිංදු ගණන 1313ක්. මෙන්න සිංදු කියපු ලැයිස්තුව හා සිංදු ගනන..156 RoylyFdo 118 AnjulaMalshan 95 nisald 83 NisansaDdS 82 KolithaBee 82 GayanMW 68 hajara_ 63 anushkalakmal 62 roshm 40 xaInDC ...
Cyber සිහින උළෙල - 2 වන කොටස තාරකගේ සටහන් පිටුව සිහිනයක් නොවූ සිහින උලෙළේ දෙවෙනි කොටස අරන් ආවා.. මේකෙ අඩංගු වෙන්නේ ආරම්භය සිදු උන ආකාරය සහ තරග ආරම්භය සනිටුහන් උනු හැටි තමා.. මේකෙ වීඩියෝ කොලිටිය ටිකක් වැඩියෙන් අප්ලෝඩ් කරා..ආරාධිත අමුත්තන්ට සාම්ප්රදායික පොල්තෙල් පහන දල්වන්න ආරාධනා කරන්නේ රචින්ත මලයා.. කොහොමද බලන්නකෝ කටහඩ..පොල්තෙල් පහන දල්වලා අභීත අයිය ගෙදරින් ලියාගෙන ආපු කතාව කරනවා :)මීටර් 100 දිවීම තරඟය..පළවෙනියාට තෑගි දීමට පෙර මාරයියා කරුණු පැහැදිලි ...
Cyber සිහින උළෙල - 1 වන කොටස තාරකගේ සටහන් පිටුව අර තිවුවයි කිවුව සයිබර් සිහින උළෙල ගැනනේ මේ දවස් වල කාගේත් කතාව.. ඒ වගේමයි පින්තූර ටැග් වෙනවා.. කමෙන්ට් වැටෙනවා මඩ වදිනවා.. වීඩියෝ කලාට ඒ සේරම අප්ලෝඩ් කරන්න බෑ. විශේෂයෙන් මාරයා ඉන්න එවුවට ගෙවන්න කිවුවත්නේ :). මේකත් Hi Quality තමා හැදුවේ අන්තිමට සයිස් එක 690MB උනා. ඉතිං Video සයිස් අඩු කරල අන්තිමට Quality බස්සල මේ ගාණට අරගෙන අප්ලෝඩ් කරා.. සහභාගී නොවුනු ...
Fedora මත MySQL ස්ථාපනය තාරකගේ සටහන් පිටුව වැඩි දෙයක් කරන්න ඕනි නෑ.. අන්තර්ජාලය හා සම්බන්ධ වෙලාවකTerminal එකට root ලෙස ලොග් වෙලා yum -y install mysql mysql-serverඒ පියවර අවසන් වූ විට mysql භාවිතා කිරීමට පෙර mysqld ධෘවනය කල යුතු වෙනවා.ඒ සඳහා නැවතත් Terminal එකතුලservice mysqld start ලෙස හෝ /sbin/service mysqld start ලෙස ලබා දෙන්න.නිවැරදිව සිථාපනය වූයේ නම් කොළ පැහැයෙන් OK ලෙස ලැබෙනු ඇති.දැන් mysql යන්න යතුරු ලියනය ...
LED Sign Board එක සහ තෙවන වසරට පා තැබීම. තාරකගේ සටහන් පිටුව ඕං තව වැඩක් හරි ගියා.. PIC16F84 දාල හදපු 30x8 LED Sign Board එක තිතට වැඩ කරනවා.. මේ තියෙන්නේ වැඩ කරද්දි ගනිපු පින්තූරයක්. පැහැදිලිව පෙනේද මංදා..Flasher එක නිසා එළිය අඩුවෙන් තමා පේන්නේ. ඔක්කොම වැඩ ඉවර කලාම වීඩියෝ එකක්ම දාන්නං. ලීවේ Assembly වලින් තමා.. MicroLab IDE එකෙන් ලියල කම්පයිල් කරල Winpic එකෙන් Program කරගන්තා.දැනට මූලික පියවර ගොඩ.. ඒ කියන්නේ සාර්ථකව වැඩ කරනවා.ආ ...
සැබෑවූ සිහිනයක් තාරකගේ සටහන් පිටුව ඔන්න ඉතිං අපි දෙදහස් එකොළොස්වන වසරටත් පා තබලා. දෙදහස් එකොලහ වසර ලබල මාසයක් අහවර වෙන්නත් කිට්ටුයි. ඒත් කමක් නැහැ. සියළු දෙනාටම ලැබුවා වූ දෙදහස් එකොලහ වසර සුභම සුභ වෙන්න කියලා පතනවා. මේ අවුරුද්ද ආරම්භය නම් ගොඩාක් සුභ දායක විදියට සිදු උනා. මුලින්ම NVQ5&6 කියල ලියාපු විභාගෙන් පස්සේ NVQ6 සදහා පරීක්ෂණයකට පසුගිය මාසය තුලදී මුහුණ දුන්නා. ඉතිං මේ අවුරුද්දෙ ආරම්භයේම NVQ6 ...
Linux මත Automatic Login සක්රිය කිරීම තාරකගේ සටහන් පිටුව බොහෝමයක් ලිනක්ස් Live CD වල තියෙන්නේ බූට් කල විට Desktop එක ලැබෙනතෙක් ස්වයංක්රීයව ක්රියාත්මක වීමයි. නමුත් ස්ථාපනයෙන් පසු බොහෝවිට Desktop එක ප්රවේශ වීමට ප්රථම Login Screen එකේදී පරිශීලක නාමය සහ මුරපදය විමසා සිටී.. මෙය මඟහැරයාමට පහත පියවර අනුගමනය කරන්න../etc/gdm/custom.conf ගොනුවට [daemon] වලට පසු AutomaticLoginEnable=trueAutomaticLogin=tharakaහෝTimedLoginEnable=trueTimedLogin=tharakaTimedLoginDelay=0එක් කරන්න. එවිට පරිගණකය පණගැන්වූ වට මුරපද නොවිමසාම Desktop එක ලැබෙනු ඇත.තවත් මෙවන් දේ දැනගන්න තාරකගේ සටහන්
අඳුරු අහසක රෑ කැටයම්... තාරකගේ සටහන් පිටුව අඳුරු අහසක රෑ කැටයම්සඳකි තනිකම් කළ සිත්තම්ඔබට තවකෙක් පමණක් නම්මියෙමි සඳවත අද මා නම්නොනිමි කඳුළක පටලා හදඅඳුර කිම සැඟවී දුර තෙරකිබඳ මහද ද ඔබ වූ සඳකිමද ඉකිබිඳ හද වැද අදනොපිපි කොඳ කුසුමකි ඉකිබිඳමා පැතු සෙනේමඟ නොදැන ඔබ යන මඟ දැකමිය යනු කෙසේදිවිතත් නැතත් මා හඬවාළතැවුල් රැයේමේ ජීවිතේ ඔබ නැතිනම්හිම මෙනි දියේඅඳුරු අහසක ....මුකුලිතව සිත වත නෙත වැඩිකඳුළයි නෙතේසිතක දුක දැක ...
Facebook කමෙන්ට් වලට Like එක ආපු හැටි තාරකගේ සටහන් පිටුව මෙන්න මෙහෙමයි Mark Zuckerberg ට FB එකේ කොමෙන්ට් වලට ලයික් එක දාන්න අදහස පහල වෙලා තියෙන්නේ. මලින්ත ගේ කොමෙන්ටුව කොහොම හරි කියවගෙන. දැන් ඔන්න හැම කමෙන්ට් එකකටම ලයික් එක ගානේ ඇවිත්. බලමුකෝ ඒකෙත් හැටි නේද? Deeps ට තමා ඕක ආපහු මතක් උනේ කොමෙන්ට් වලට ලයික් එක දැකපුවම. බලාගෙන ඔයාලගේ කමෙන්ටුත් එයාල කියවනව ඇති. :Dතවත් මෙවන් දේ දැනගන්න තාරකගේ සටහන් පිටුව ...