පෙප්සි සහ apt-get තමීරගේ තීරය මාතෘකාව දැක්කම හිතෙනව ඇති තවත් තක්කාලි සහ බෝල්ට් ඇණ වගේ කතාවක් කියල. මේක නම් ඇත්තටම ඊයෙ (20) වෙච්ච සිද්දියක්.එක එක ජාති දාන්න ගිහින් මගේ උබුන්ටු ස්ථාපනය අවුල් ජාලයක් වෙලා තිබුණේ. තිබුණ සමහර ප්‍රශ්න කිසිම පෝරමයකින් නිරාකරණය කරගන්න බැරි වුණා. ඉතින් අන්තිමට තීරණය කළා ආයිත් උබුන්ටු දාන්න.උබුන්ටු දාන එක නෙවෙයි වැඩේ. ආයෙත් සොෆ්ට්වෙයා දාන එක. මුල ඉඳන් අළුතෙන් දාන්න ...
වැඩි ආරස්සාවට Dropbox තමීරගේ තීරය දැන් අපේ වැඩකටයුතු කරගන්න පරිගණකය කියන්නෙ නැතුවම බැරි දෙයක්. ඒක තවත් එක් උපාංගයක් නෙවෙයි. අපේ ජීවිතේ කොටසක් වගෙයි. අපේ ජීවිතේ වැදගත්ම තොරතුරු ගබඩා කරල තියෙන්නෙ මේ පරිගණකය ඇතුළෙ. ඒත් එක මොහොතකින් මේ ඔක්කොම දත්ත විනාසවෙලා ගියොත්? මේක අළුත් ප්‍රශ්නයක් නෙවෙයි. ඉස්සර ඉඳලම මේකට විසඳුමක් විදියට කළේ දත්ත උපස්ථ කිරීම, එහෙමත් නැත්නම් තේරෙන බාසාවෙන් කියනව නම් බැකප් කරන එක. ගොඩක් අය ...
අළුත් අවුරුද්දේ GRUB සමග ගනුදෙනු - 2 කොටස තමීරගේ තීරය එදා GRUB එක ගොඩ දාපු කතාව පටන් ගත්තට ඉවර කළෙ නැහැනෙ. අද ඉතුරු ටික. එදා කියපු විදියට GRUB එකේ තියෙන වින්ඩෝස් පාටිෂන් එකේ UUID එක වැරදියි. UUID කියල කියන්නෙ Universally Unique Identifier කියන එක. නමින් කියවෙන විදියටම මේකෙ එකම අගය උපකරණ දෙකකට තියෙන්න බැහැ. අපේ වැඩේට ඒ විස්තර ඕන නැහැ. කරන්න තියෙන්නෙ GRUB එකට හරියට UUID එක යොදන එක.මුලින්ම ...
අළුත් අවුරුද්දේ GRUB සමග ගනුදෙනු - 1 කොටස තමීරගේ තීරය අවුරුද්ද පටන් ගත්ත ගමන් GRUB ප්‍රශ්න ආයිත් එන්න ගත්තා. මේක ආවෙ අපේ සඳුන්ගේ ලැපෙන්. සඳුන් වින්ඩෝස් විස්ටා රිකවරියක් දාලා, එතකොට ඉතින් GRUB එක යන එක අහන්න දෙයක් නැහැනෙ. මේක සාමාන්‍ය සිදුවීමක්. ඒත් අළුත් GRUB2 එක්ක කලින් මට්ටුවෙලා තිබුණෙ නැහැ.මේකට තියෙන්නෙ සරල විසඳුමක්. මුලින්ම උබුන්ටු Live CD එකකින් පරිගණකය පණගන්වන්න ඕන. අපි නම් කළේ Live USB එකකින්. උබුන්ටු ලෝඩ් වුණාට ...
පියාසැරියට එක්වන්න තමීරගේ තීරය අපේ කස්ටිය ඉතින් පත්තර කියවනවා, ප්රවෘත්ති බලනවා බොහොම අඩුයිනෙ. රටේ ලෝකෙ වෙන දේවල් දන්නෙ බොහොම අඩුවෙන්. ඉතිං ඕකට පොඩි විසඳුමක් දෙන්න කියල පටන් ගත්ත අළුත් වැඩක්. පියාසැරිය.පියාසැරියෙ අරමුණ ලෝකෙ සිදුවන අළුත්ම පුවත් බර වචන නැති, අපිට තේරෙන බාසාවෙන් ඉදිරිපත් කරන එක. මේ තොරතුරු ඔක්කොම ගන්නෙ අන්තර්ජාලෙ තියෙන එක එක පුවත්පත්වලින්ම තමයි. මේ නිසා හැම ලිපියකම අවසානයට ඒ මූලාශ්රවල සබැඳිත් ...
විබාගේ තමයි අපේ අබාගේ තමීරගේ තීරය දවස් ගාණකින් පෝස්ට් එකක් දාන්න තියා බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි වුණා. මේ විබාගෙ තමයි ඉතින් හේතුව. මේක මේ ලියන්නෙත් පාඩම් කරල එපාම වෙලා ඉන්න වෙලාවක. අද (11) පටන් ගත්තම ඉවරවෙන්නෙ පෙබරවාරි 5. මෙදා සැරේ නම් සබ්ජෙට් කීයක් රිපීට් වෙයිද දන්නෙත් නෑ. කමක් නෑ, මේක ඉවරවුණාම ඉතිං ට්‍රේනිං පටන් ගන්නවා. ආයි මාස 10ක් විතර යනකං විබාගයක් නෑ. ඒ කාලෙ ...