නුඹටත් දැනුනාද සකියනේ ටොපිය සදා දුඹුරු වත මගටම සසල වුණේපතා සුවහසම තම තමන් වෙනුවෙනේවිටෙක විරිඳු තවිටෙක කවි ගයමිනේසිඟනුන් වීදියේ වැඩි කිමද නිරිඳුනේදෑසේ දුක මවා රැවටුවද කෙනෙකුත්දෙකකුල් කොර කරං නැම්මුවද හිතකුත්දරුවෙකු වඩං යහමින් හැඬුවද කොතෙකුත්කෙසේ පුදනු වෙද මගියා නොහැකි මුකුත්තේකට පෙඟුණු පාන් වේල සරිද සිරිනිණේදා පෙරුණු මිණිසුන් ලුහු අතින් නෙවෙද විසිරුණේබැලුවත් නොදුටු මෙන් උඩ බලනවාද සිඟනුනේමරණයෙහි සුවඳ නුඹටත් දැනුනාද සකියනේටයි පොලු දමා යටි මඩිකම් තොරක් ...
ලස්සන නගරය ටොපිය සාෂා: කෝ ඉඩ දෙන්න මේ මේසේ ගන්න.දිමිත්‍රි: මම වැඩකට ආවොත් ඔහොම්මමයි.සාෂා: මම මේසේ ඉල්ලුවේ රෑ කෑම මේසෙට අරින්න. දැන් දුයිෂෙන් පහලට එනවත් ඇති.දිමිත්‍රි: මමත් "ලස්සන" නගරේ රස්සාවකට ෆෝම් පුරවන ගමන්. ඒක වැදගත් නැද්ද? ලස්සන නගරයේ ගන්න රෑ කෑම වේලක් කොච්චර ලස්සනද කියලා දන්නවද?තරප්පු පෙලෙහි ලී කිරි කිරිය ඇසේ. දුයිෂෙන් පහල තට්ටුවට ...
විසිතුන් වෙනි පහන් කණුව යට සිට ලියමි. ටොපිය "මම මොකෙක්ද?" කියන ප්‍රශ්නෙට සමහරු පිස්සෙක් කියයි. තවත් සමහරු එක එක දේවල් කියයි. අන්තිමට ඉතුරුවෙන උත්තරේ "මොකෙක් හරි". ඉස්සර අහලා තිබ්බා වෙන්නන් වාලේ මොකෙක් හරි නොවී අරමුණකට ජීවත් වෙන්න කියලා. ඒත් මට ඕක පේන්න බැරි දෙයක්. එනිසා ඉස්සරත් "ලොකු උනාම කවුරු වෙන්නද ආසා?" ඇහුවම, මම මොකෙක්ද වගේ බලාගෙන ඉන්නැති.ඒත් ඔය "මොකෙක් හරි" කියන භූමිකාවේ මම වෙනස් වෙවී චරිත රඟපාන එක ...
ආදරය ගුල්ගත වීම ටොපිය ඔබත් කොටුව ඇතුලෙද?සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය, සම්මතය තුල ඔබ හැසිරෙන්නේද? ආදරය කරන්නේද? ඒ තුල ඔබ සුවයෙන් සිටීද? විවේක ගනීද? මේ ලෑලි සතරෙන් බැඳි රාමුව, ඒ මැද පිහිටි ඔබේ ජීවිත රූපයට නිදහසක් දේද? සංස්කෘතිය අනුව විවාහයට පෙර නිවසින් අනුනොදැන ඔබත් ඇයත් උද්‍යානයකින් එළියට ඒම ඇස් කීයකට රැවීමට බලකරයිද? කොල්ලුපිටියේ වීදි ලාම්පු එළි මැද ඔබත් ඇයත් දහසකුත් බිසී ජීවිත අතර නිදහස්ව වෙසෙන කල, ...
ආටා අජේ ටොපිය හේ අජිත් විය. මුල් කාලයේ පටන් අජියා වුවද, වසර පහක පමණ සිට අජේ බවට පත් වූයේ ඔහු ධාවනය කර ඉපැයූ තුන් රෝද රියේ ඇතුලත පසුපස අජේ දේව්ගන් ගේ රුවෙන් හැඩව තිබීමයි. ස්ටෑන්ඩ් එකේ සීඩී ප්ලේයරයක් තිබූ එකම රිය මෙය වූ අතර, ඒ සඳහා ඔහුට කදිම හේතුවක්ද විය."සින්දුවක් නැතුව වීල් එකක් පදින එක එපාම කරපු වැඩක් මල්ලී. එහෙම උනත් දැන් ඉන්න ...
ඇඩ්වටයිසින් සහ සාසනේ ටොපිය හීන... හීන ඇති කරෝපු බළාපොරොත්තු මිනිස්සු ජීවත් කරවනවා. මිනිස්සු වැඩ නොකරන වෙලාවට දකින හීන වලින් වැඩ කරද්දි හිතට ජවයක් ගන්නවා. හීනය විසින් ඒ වැඩේ කරන්න ආසාවක් ඇති කරවනවා. ඒ නිසා හීනයේ බලෙන් හීනයම හැබෑවක් කරනවා. ඒ කියන්නේ හීනයෙන් හීනය මරනවා. ඒ මරනවා කියන එක සමහරුන්ට ජයගන්නවා කියන්නත් පුලුවන්. මෙගේ හීන... මටත් තියෙනවා හීන. පරන හීන අලුත් හීන වලින් රිප්ලේස් වෙනවා. ...
විකෘති ටොපිය හ්ම්හ්හ්. . . වසත් කාලය මනරම්ව ගත කල අතර, කරුම ගෙවීමට කාලය පැමිණ ඇත. "නිදියහන කැලඹෙයි" නොබැලුව මුත් මනස දැඩි ලෙස කැලඹී ඇත. එයද බැලීමට නොහැකි වූයේ ගමේ හෝල් එකට චිත්‍රපටය නොපැමිනි නිසාවෙනි. ඇස් වහගෙන ගැරඬින් මෙන් වෙලී සිටීමක් උදෙසා A/C හෝල් වලට නොගෙවන්නට අප දෙදෙනාගේ දැඩි එකඟතාවයක් ඇත. දෙහිවලට පමණක් සත්තු වත්තක් තිබීම ගැන අප උරණ වූ අතර, කෞතුක භාන්ඩ ...
බිසී වීමම . . . ටොපිය කොයියෝගේ මිනිත්තු එකොලහ අවසන් අඩියට පැමිණ ඇත. කොට්ටය ඇඳ විට්ටමෙන් උස්ව තබාගෙන අවසන් පිටු දෙකද කියවා හමාර කලෙමි. වෙනදා පුරුදු පරිදි පොත පසෙක තබා සරම ලිහුවද; සිතක් නැත. එයට සිතක් නැත. ඒ පොත නිසාදැයි නොදනිමි. නමුදු මට ගැහැනුන් අප්‍රිය වී නැති බව පමණක් දනිමි. ලොවටම තිබූ එකම එළියද නිවා සිරුර ඇඳෙහි මුදා හලෙමි. හොඳ හුස්ම උගුරු තුනක් නහයෙන් ගිලගත් පසු සිරුර ...
මම එයාට ලියපු කවි ටොපිය හැඩවූ විජ්ජුලතාවෝකට්ට කළුවරේහඳක් බයෙන් වලාකුලක් එක්කනිදිවදින වෙලේ...මම හැඩ මැව්වාඋඹගේ...දඩාං ගාගෙනරටා මවපුවිජ්ජුලතාවක් ඇතුලේ...ඔබේ ආදරේ[තාලය හොයලා දීපු ලිෂාන්ට ස්තුතියි.]විඳින පැතුම් සොඳුරු සිතුම්දකිනා සිහිනන් මනරම්බලන බැලුම් නිරන්තරෙන්ඔබ වෙනුවෙන් මා සැමදත්කලෙක වැනුම් සොඳුරු දෙසුම්ආලය වඩවයි තවමත්ඔබත් එක්ක ලොව දකින්නආසයි මං මේ ලෙදටත්සුදූ මැණිකේ මයේ *****ආදර කම්මැලි නිදිමතඇහැරි බලන් තවත් වරක්මා ඉත්දැයි ඇඳට යටින්කොට්ටේ බදං තුරුලේ විකංමැණික් හොයං උණත් බලංපොඩි ආදර දඟලනවද?දෙන්න දෙකක් පස්සේ කිරිත්මම ...
අර්බුද අසිරිය ටොපිය සරසවි සිසුන් හට ඇමතිය නොවී පමාArmy train දුනි ඇසු දුටු පමණටමාසරසවි කෙරෙන් සිප් නගනට ඉන්න තෙමාතුවක්කුවක් ඇල්ලුවාට කරුණ කිමාගෙඩිය හැටැයි බාගය තිහකට දුන්නාමිල අඩු බිත්තරේ කේරලයෙන් එන්නාකොළඹින් නැවක් හම්බන්තොට වෙත යන්නාතෙල් ගහගෙන ඒ නැව ආපහු එන්නාගාලු සිරිය රැකගමු පෙම නවතාලාදුමට කොටු දාමු අරක්කු බිමට හලාසුද්දට නැවෙමු රට විනිමය උපදවලාගොන්නු හිරේ යනවට මැති එරෙහිවෙලාරජයේ පඩිය හරි ගොඩකින් වැඩිවෙන්නාවිදුලි බිලත් නොදැනෙන ලෙස ...
අප්පා ඉප්ප සාප්පාටීංගලා? ටොපිය මා හාන්සි පුටුවේ ඇලවී හිස ඒ මත කුෂන් කැබැල්ලට බර කලෙමි. මහත් සිසිලක් ගත මෙන්ම සිත පුරාද උඩුදුවමින් ඇත. එකල මගේ දෙමව්පියන්ද පැවසූ ලෙසක දරුවන්ගේ විවාහය දෙමව්පියනට කොතරම් අස්වැසිල්ලක්දැයි දැණුනි. මාගේ විවාහයෙන් පසු මාගේ දෙමව්පියන් කෙරෙන් දුටු ඒ සිහිලස මගෙන්ද විහිදෙනු මට දැණිනි. එහෙත් සිතෙහි යම් කුහුලක් දැනෙයි. ඒ කුහුලක්ද? මා සිස්ටම් එක සුණු විසුණු කරන්නට අණුබල දුනිද? මිතුරන් යමක් ...
[ස්පර්ෂය+රසය+රිද්මය+සුවඳ+ආලෝකය] ටොපිය මා දවසේ ප්‍රියතම කුල්මත්ම මොහොත ගත කරමින් සිටිමි. බිත්තියේ හරි මැදින් උඩ කොටස ළා කොල පැහැයකි. එහි යට කොටසට ළා නිල් පැහැ ටයිල් අල්ලා ඇත.බිම ක්‍රීම් පැහැති ටයිල් මත මාගේ අඩි සළකුණු රටා මවා ඇත. මෙය මා උපරිම නිහඬ බවකින් සහ සුවඳවත්ව ගත කරන කාලයයි. ඒ ලැවෙන්ඩර් සුවඳ විය යුතු යැයි මා සැක කලෙමි. හැඩ කැටයම් කපා ආලෝකයන් වට කර ...
තැඹිලි කීර්ති ටොපිය දැන් හවස හයයි. ඇඳේ ඇලවුනේ දෙකයි තිහට උනාට නින්ද ගියේ නෑ. ඇහැ පියවගෙන එයා ගැන හිතුවා. අරයා ගැනත් හිතුවේ නැතුව නෙමෙයි. ඒ අස්සේ මෙයාවත් මතක් උනා. මම නැගිටලා සාලෙට යද්දී මේසේ මැද්දේ ෆ්ලාස්ක් එක තියලා තිබ්බා. අම්මා එහෙම තියලා යන්නේ මට තේක අමතක වෙනවට. "අද තනියම හින්දා වෙන්නැති", මෙච්චර වෙලාවක් මට නින්ද නොයන්න හේතුව හොයපු හිත කිව්වා. ඒ අඩහඳයද දන්නෙත් ...
දේශීයත්වය, දේසීයත්වය, දේෂිඃයත්වය ටොපිය චොකලට් බිස්කට් මැද්දට හෙයා ජෙල් යොදා ආහාරයට ගෙන කටෙහි ඉතිරි වූ ජෙල් තට්ටු කොරෙක්ස් ඩී වලින් බඩ තුලට සෝදා හැර අතුරුපසට හාන්ස් ටිකක් තොල් වැටියේ තබාගෙන දේශානුරාගය සිත්හී උපදවා කියවනු මැනවි!හවස හයටද පාන්දරටද පිරිත් අහන, කොටට ඇඳගත්තු බඩු උදේ පාන්දරට ටීවී එකේ ආයුභෝවණ් කියන දේශීයත්වයෙන් පිරිච්ච රටක කඩයකට වැද කන්නට ඉඹුල් කිරිබත්, වැලි තලප, අග්ගලා සෙවූ කලෙක. . . කොටුවට ...
මට තනියක්! දැනෙනවා. . . ටොපිය අමරදේවයන්ගේ මා වවුලන් ගීතය දෙකන් තුල දෙදරයි. තවමත් මා බොරැල්ලෙන් නැගි ගමන්මය. අතක් දිගුකරන් චම්ලි අයියා එහෙමත් නැත්තන් එකසිය පනස් හතරේ හිතවත් කොන්දයියා බෙරිහන් දෙනු පෙනේ. එහෙත් බෙරිහන් දෙනු නො ඇසේ. දෙකන් මෙන්ම සිතද මා වවුලන් හී අරුතට යොමුවී ඇත. එය ලීවේ කවුදැයි මා අසා නැත. අසා තිබුනද මේ වෙලාවේ මතක් වන්නේද නැත. එය පෞද්ගලික අත්දැකීමක් නම් අවම වශයෙන් රචකයාට ...
පෙරේරා තුන් හවුල සහ බයිලා ටොපිය කතා කිරීමට අවැසි වූයේ සිංහල ගීතයට කෙල වන ආකාරය සහ මා අතිශයින් රස විඳින සහ ආශා කරන සැබෑ මානුෂීය හැඟුමින් සහ රසයෙන් පිරි බයිලා ප්රමුඛව ලාංකීය පෙරේරා වරුන්ගේ සංගීතය පිළිබඳවයි.මාතෘකාවට බයිලා ප්රමුඛ වුවද පෙරේරා අනු කොටසක් වුවද බයිලාවට නැති අතිශය සුන්දර කළාකරුවෙකු සිහියට නැගෙන්නේ එතෙක් මෙතෙක් සහ මා මියෙන තෙක් මා ප්‍රියතම ගායක ම'වින් පෙරේරා ය. මෙම ලිපියේ පලමු කොටස ...
පිරුනු වසර ටොපිය කියපු වැරදි වගේම නොකියපු වැරදිත් තොගයක් තියෙන මිනිහෙක් මම. නොකියපු වැරදි නොකියපු කැටගරියෙම තියෙන්නේ මතක් කරන්න, ඒ ගැන කතා කරන්න අකමැතිවට මිසක් හංගන්න ඕනවට නෙමෙයි.හිතන් හිටියා මේ ගැන ලියන්න බ්ලොග් එකක්. ඒක කවි සෙට් එකක් කරනවද, කතාවක් කරනවද කියලා හිත දෙගිඩියාවෙන් තාමත්. මෙතන ඉඳන් ලියවෙන්නේ හිතේ තියෙන ටික තමයි කතාවෙනුත් කවියෙනුත්.මම තාමත් මතක් කරනවා. . .මිනිස්සුන්ගේ පොරත්වයට අපි හිනා වෙච්ච ...