ගුඩ් මෝනිං! ටොපිය ගුඩ් මෝනිං! කාලෙකින් ලියනව ඩයරි පිටුවක්. ඇයි මෙහෙම ලියන්න වෙන්නෙ? එහෙම ලියන්න වෙන්නෙ මට ලියවෙන්නෙ නැති නිසා. ඇයි මට ලියන්න ඕන වෙන්නෙ? මං ලියන එකෙක් නිසා. රස්සාවට ලියන එකෙක් නිසා. එන වැඩවලට පයින් ගහන්න බැරි නිසා. කැරිම අපත හැඟීමක් එක්ක දියවෙලා යන නීරස ජීවිතයක් වගේ හැඟීමක් ඉතුරු කරගෙන මේ ලියන්නෙ ඒ ටික ලියාගන්න නිසා. මේවා සල්ලි හම්බෙන ලියවිලි නෙමෙයි. ජීවිතේ ...
අම්මයි පුතයි ටොපිය හීනෙ මුල් හරිය පටන්ගන්නෙම මම දුවනව පෙනි පෙනී. මට මුලින්ම පහු වුනේ මගේ අම්මව. අම්ම ඈත් වෙලා ගියත් මට හැරිලා බලන්නතවත් වෙලාවක් තිබුනෙ නෑ. මට හරියටම අරමුණ මොකද්ද කියල මතක නැතත් මට මේ හීනෙ හැම දර්ශනයක්ම මතකයි. සමහරවිටට මේක වෙන්නැති මට වැඩිපුරම මතක හීනෙ. බෙහෙත් ගහපු නැති ගෙදර වවපු ගංජා කොල ටිකක් හම්බුනා වගේම පුංචි කැන්ඩොස් චොකලට් එකක් දිය කරල ...
ඉක්මනින් පැමිණෙන්න සොඳුරිය! ටොපිය මා කියවමින් සිටිමි. එහි ලියැවී ඇත්තේ සිතිවිලි වෙයි. එය පොතක් යැයි කියා ඔබට සිතෙන්නට හැක. එසේ සිතුවාටද කම් නැත. නමුත් එය පොතක් නොවන බව මා දනිමි. මා එය දරා සිටිමි. පෙරලන්නට පිටු නැත. එය පෙට්ටියක් වැනිය. ඇතුළට බැසිය හැකි. පිටු නැත. පරිච්ඡේදද නැත. නමුත් කියවිය හැක. එහි ඇත්තේ අප සියල්ලන් මිය යාම පිළිබඳවය. මිය යාමෙන් පසු අපට සිදුවන්නේ කුමක්ද? ...
සින්නවීම ටොපිය ලෝකෙ කැරකෙන ස්පීඩ් එක එක මොහොතකට අඩු වෙලා ආයෙ යථා තත්වෙට ආවොත් අපි වැටෙයිද? එතකොට අපි හැමෝම එක පාර වැටෙයිද? කලින් දැනගෙන හිටියොත් නාසා එකේ මිනිස්සු වටේට කොට්ට තියාගෙන ඉඳියිද? රාජ්‍ය නායකයො තමන්ගෙ ආරක්ෂකයො වට කරගෙන මිනිස් පවුරකින් ආරක්ෂා වෙයිද? අපි අඩු තරමින් බිම වැටෙනකම්ම ඕක ගැන දැනගනියිද? අපි කැරකි කැරකි ඉර වටේ කැරකෙනවා. අපි වගේම අනිත් ග්‍රහලෝක නමයත් ඉර ...
ටොපිය දිය වී යෑම ටොපිය පූර්ව සටහනක් - මේක උඹලට නිකං කතාවක් වුනාට මට ෂොක් එකක්. ඒ නිසා මේක ඉවර වෙනකං මේක කතාවක් කියල මම දැනගෙන උන්නෙත් නෑ. එනිසා මම දවසක ලියලා නවත්තපු තැනින් පහුවදා ලියන්න පටන්ගත්ත. එනිසා හැමදාටම අද කියලා පාවිච්චි කරලා තිබුනට මේවා දවසක් ගානකදි සිද්ධ වෙච්ච කාලකන්නි වැඩ.ටොපි දිය වෙන්න ඕන තමයි. හැබැයි ටොපි දිය වෙන්න ඕන දිවක් මත කටක් ඇතුළෙදි. එහෙම ...
අම්මාගේ මරණයට දුක නොසිතීමේ විලාපය ටොපිය ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට අනිත් මිනිස්සු කියන කතා ටිකක් තියෙනව. හැබැයි ඒ කතා ප්‍රශ්න තියෙන වෙලාවක තමුන්ට කියද්දි අර මිනිස්සු කනකට ගන්නෙ නෑ. ඒ අතරෙ තියෙනව මිනිස්සුන්ට ප්‍රශ්න එද්දි එන්නෙ එකපිටඑක, මිනිස්සුන්ට නරක කාල වගේම හොඳ කාලත් තියෙනවා, ප්‍රශ්නවලට විසඳුම් හොයන්න කාලයට ඉඩ දෙන්න ඕන, ප්‍රශ්න නැත්තං ජීවිතයක් නෑ, සල්ලි තිබ්බනං ඕන ප්‍රශ්නයක් ඉවරයි වගේ කතා. මටත් පහුගිය ටිකේ ප්‍රශ්න ගොඩක් ...
අම්මව දෙවැනි කළ ගැහැනියට සමුදීම ටොපිය පුත්තම්මගෙයි මගෙයි කතාව පටන්ගන්නෙම පීක් එකෙන්. තේරෙන වයසකදි ළමයි වැඩිපුරම ආදරේ කරන්න පටන්ගන්නෙ අම්ම තාත්තට. ඒත් මම ආදරේ කළේ වැඩිපුරම පුත්තම්මට. එයාට පුත්තම්ම කියන නම දැම්මෙත් මම. පුතාගෙ අම්ම කියන එකයි ඒකෙ තේරුම.පුත්තම්මගෙයි මගෙයි බැඳීම් අතරෙ රසබරම සිහිකිරීමක් විදියට කෑම හඳුන්වන්න පුළුවන්. පුත්තම්ම කියන්නෙ පුළුවන් හැම වෙලාවකම මං ආස කරන කෑම හදන්න උනන්දු වෙච්ච ගෑනියෙක්. පුත්තම්මගෙ අයිකනික් ඩිෂ්එක තමයි උම්බලකඩ ...
තවත් හේතු කියල වැඩක් නෑ! ටොපිය ඔලුව නිදහස්. ඇඟටම හති. මම මුලින් හිතාගෙන හිටියෙ එහෙම වෙන්නෙ මීටර් සීය දුවලා දිනුවට පස්සෙ කියල. හැබැයි මනුස්සයෙක්ව මරලා ඉවර වුනාමත් එහෙම හැඟීමක් දැනෙන්න පුළුවන්. මුලින්ම හිතුනෙ ඇප් එකෙන් ත්‍රීවීල් එකක් දාගෙන ගෙදර යන්න. ඒත් ඒක මෝඩ වැඩක් කියල හිතුනා. ගෙදර යන එක නෙමෙයි. ඇප් එකෙන් ත්‍රීවීල් දාගෙන යන එකයි මෝඩකම. මාව ට්‍රැක් වෙන්න පුළුවන්. ඒ හින්දා පාරෙ යන ත්‍රීවීල් ...
මාත් අම්මෙක්! ටොපිය මං මේක ලියන්නෙ පුටුවක වාඩි වෙලා. උඩින් ජර ජර ගාන ෆෑන් එක අතොරක් නැතුව කැරකෙනව. මට එක දිගටම ඇහෙන්නෙ මම රපීට් ඕල්ද වේ දාපු මරියසෙල්ගෙ සිහින නෙළුම්මල් සින්දුව. එනිසා මං හිතනව මේක කියවන ඔයාලත් ඔය සිගරට් නිවල දාලා පුටුවක් වාඩි වෙලා සිහින නෙළුම්මල් සින්දුව යූටියුබ් එකෙන් දාගෙන මේක කියවනවනං හොඳයි කියල. මං දීපු ලින්ක් එකෙන් යන්නෙ දෙරණ ඩෙල් ස්ටුඩියෝ එකේ ...
සුරම්‍ය ටොපිය මගේ ගැහැනිය වූ කලී බොරු මදහසකටද වෛර කරනා පොලොවේ හිඳිනා කාන්තාවක වුව, ඇයගේ මවත් පියාත් එයින් බොහෝ දුර ඈතක ජීවත් වූ වැසියන් වීය. ඒ සමය තරමක කලබලකාරී සමයකි. යුද්ධයේ අවසන් කාලය, උසස් පෙළ විභාගය සහ 2007 ක්‍රිකට් ලෝක කුසලානය නිසා මා කලබලකාරීව සිටියේය. මාවිල්ආරු වදන නිතර ඇසෙයි. මෙවර ජයගත හැකි යැයි ඇසෙයි. ඒ යුද්ධයද? ලෝක කුසලානයද? විභාගයද කියා මට සැකයක් ...
කාලකන්නි කතාවක් ටොපිය කාලකන්නි සිස්ටම් එකක් ඇතුළෙ හිරවෙලා ඉන්න මිනිස්සුන්ට කාලකන්නි නැති දෙයක් පෙනෙද්දි දැනෙන නරුම හැගීමක් තියෙනව. තවකෙකුට රිදුමක් නොවන දෙයක්, තමන්ගේ උත්තම පිදුමට පිටස්තර යමක් දකින්නට අකමැති සමාජයක එතනෝල් ගේද්දි ගංජ ලීගලයිස් නොවෙන්නෙ ඒ නිසාමයි. මේ කතාව ඔවුවට සම්බන්ධ නැති කාලකන්නි කතාවක්. කොහොඹ ගහක් යට හිඟන්නෙක් ඉන්නව. ක්‍රේල් කොන්ඩෙ වෑහෙන ඔලුව පිරෙන්න, ඉරිතලපු ඇඟ වැහෙන්න කාක වසුරු පිරෝගත්තු ඔහු ගාවට විසි ...
සාෂා රෙමෙඩියොස් ටොපිය මම මගට බැසීමි. මින් පෙරද මෙ අයුරින්ම කිසිඳු අරමුණකින් තොරව මගට බැස ඇතිමි. එහෙත් විඳි දෙයක් නැතීමි. ඉර පායා තිබුනද, කළුවර කළ සිතට එය නොදැනෙන බව මා දනිමි. එනිසා ඉදිරියට ගියෙමි.තාර පාරක අයිනෙන් ඇවිද යන මට තවත් කෙටි දුරක් යන්නට මත්තෙන් පදික වේදිකාවට ගොඩවන්නට සිදුවෙයි. මේ ගෙවෙන තත්පරය මිනිසුන් පිරී නැති මොහොතක් වුවද පදික වේදිකාවට ගොඩ වන අවස්ථාවේ සිට හිස් ...
ඒක හරිම තෙතයි ටොපිය ඊයෙ රෑ ගෙවුනෙ, මතක් වෙද්දිත් ඇඟ කිළිපොලවන විදියෙ සම්පූර්ණ රමණයක් එක්ක. අද උදේ ඇහැරෙද්දිත් ලෝකෙ පෙනුනෙ කහපාටකට. නිකං හිතන්න මිරිසට උයපු කට්ට කරෝල හොද්දක කහපාට. අන්න ඒ පාටයි මුළු ලෝකෙම. මං පෙරවගෙන හිටපු රෙද්ද යටට අත දාලා බැලුව. පහළ කොටස හිරි වැටිලා නැති නිසා මං ඉන්නෙ නූල් පොටක්වත් නැතුව විත්තිය මට දැනුන. කොට්ටෙ යට ෆෝන් එකේ තිබ්බෙ ගෑනි එවපු එස්එම්එස් ...
නිර්වානයේ දොරකඩ හිඳිමි ටොපිය හොරකමක් කියල අන්තිමටම කළේ ෆැබ් එහෙකින් හොරෙන් කාපු එක. ඊයෙ රෑ අන්තිම හොරකම ඉවර වෙලා මහන්සියට ඇඳට වැටුන නිසා උදේ ඇහැරුනේම පුදුම බඩගින්නකින්. කලක් තිස්සෙ ඇහැ දාගෙන හිටපු කෑල්ල ෆැබ් එකේ වැඩ කරන එකියක් වුනේ මගේම වාසනාවට. පුරහඳ වගේ මූන තිබ්බට මොකද කෙල්ලනං ටිකක් මෝඩයි. ඒත් ඒ මෝඩකමට මං ආසයි. එනිසා මාත් මෝඩයි. ඒකිගෙ තලෙළළු ඇඟ හුගක් සිනිඳුයි. මට තවත් ...
කැප්සියුල් මොකටද? ටොපිය නිමිත්ත : “දෙහිවලදී රැහුණු කුමාරී දුම්රියෙහි ගැටී මියගිය තම පෙම්වතිය නිසාවෙන් පෙම්වතාගේ සිහි විකල් වෙයි.“ - පුවතක්සාද මතකය සිතට නැගෙතත්සිත යදියි ඔබවම තවත්හැර ගොසින් මහ කලක් නොවුවත්මත ගොසින් පාළුව නැගෙත්වේගයෙන් ගිය රැහුණු දුම්රියනිසල කළ ජීවය පිරැණු කයතාම ඇහෙනව ගැහෙන හඬ ලයපීලි අතරෙහි මගහැරී ගියදරාගනු නොහී හදබරපුරා විතක් මධු මත්කරබෙදාගෙන හදෙහි මහමෙරකඩා ඉහිරවමි කරදරකරල් බෙහෙත් පෙති එන්නත්ද වටකරසුරල් වයති චිකිත්සකද දොස්තරලා ...
මස් ඇඟ ටොපිය රස්නෙ අඩු මාතලේ ටවුමටදිස්නෙ දෙයි නුඹෙ රුව ලතාවටදෙඇස් හතිලනවා විඩාවටආයි ඇඟ හොල්ලපං තුනියටදුවන මිනිසුන් සහ ඇදෙන බස්යළිත් නැවතී බලයි ඇඟ මස්ආස මුත් ගනු බැහැනෙ සුපහස්රජයටම දී පොකැට්ටුව හිස්කාමරේකුත් හොයාගත්තත්පාලනෙත් සීයට තුනක්වපර ඇස් මංමුලා කෙරුවත්නුඹව ගන්නට වරම් නොමලත්මිදි ඇඹුල් යැයි කියා ලෝකෙටස්පෙෂල් බෘ ගෙන හලං උගුරටබැදපු රටකජු හපල තරහටපුරුදු රමණය හොඳයි ගෑනිට ...
සුබ රාත්‍රියක් මිත්‍රයා! ටොපිය උඹෙයි මගෙයි යාළුකම ඇතිවුනේ කොහොමද කියන එක දන්නෙ උඹත් මමත් විතරක් වුනාට ඒක තාමත් කවුරුත් නොදන්නෙ උඹෙත් මගෙත් යාළුකම අප්‍රසිද්ධ නිසා වෙන්නැති. අපි ඉස්කෝලෙදි මුණගැහිච්ච යාළුවො නෙමෙයි. මොරටුවෙදි මරදානෙදි ටොරිංටන් වගේ කිසිම තැනකදි උඹත් මාත් මුණගැහිල නෑ. අවුරුදු තුනක් පරණ අපේ යාළුකං මේ විදියට එළියට ඇදෙන්නෙ, උඹත් "අටවක පුත්තු" ඇතුළෙදි ලියනගේ අමරකීර්ති දමයන්තගෙ ඔළුව ඇතුළෙ මවපු අඩහඳයා වගේමදෝ කියලා මට ...
හොර ගෑනියෙක්ට ටොපිය පෙම් දළු අගිසි හිත් කොණින් දිදුලන කලටඑහි වර වඩන හිරුටදකොල ඇබින්දක හිත් කවි ලියනවිකල් වුනු කුරුල්ලා අමතකද?වින්ද සැප කඳ සිතින් මගහැරඋඹ ගිහින් මට ගන්ඩ බැරි දුරකොලය මත බත් කන්ද මහමෙරපිච්චියන් බත් යටින් ගින්දරතෙරක් හොර කරත් හිත වටගියත් පෙම බැදන් හිත මටහංගපන් උඩින් පිටතටඉන්ඩවෙයි නැතොත් අකලට ...
සඳ ගිනිගත් මහ දවාලෙ.. ටොපිය වැහි වළාකුළු බොරව ගියබොරව ගිය මුත් නොවසිනනොවසින මුත් කඳුළු වැසි මතමත මතින් ප්‍රේමයකි දළුලනනුඹත් මා ප්‍රේමයෙන් වෙලෙමින්ගතෙහි ඉඳුරන් සනහනු පිණිසඑක්ව ගිය මහ ගිනි දවාලක්නුඹට මතකද සොඳුරියප්රේමයේ සුපහසින් දළුලානුඹත් මා බැඳි අත්පසුරින් වෙලිලාරවුම් තල මත ඇඟිලි ඉරි අඳිමින්අපට හස නැඟුනු සැටි මතකද සොඳුරියදැන් මා නුඹට, 'උඹ'පසක් කරමින් නුඹත් මටගෙවෙන්නේ සංක්‍රාන්තියක්මද?මමත් නුඹ මෙන් සිතමි සොඳුරිය... ...
Friends With Benifits ටොපිය නින්ද නොගිය හද ගත නිදි කඩන සඳකැන්ද නොගිය දුක හිත වට දුවන ලෙදවින්ද සෙනෙහසට පිරි දෙහදකින් වටයන්ද සුරපුරට ඝන කඳු රුපුන් මැදපීලි තුනක රැඳි අප ජීවිත අතරේඔබ මම පීලි දෙකකය හද බැඳි අතුරේතෙවැනි පීල්ලේ සහකරුවන් විතරේපෙම යට කර නුඹ හට පවසමි 'මිතුරේ'විසල් හදක බර මුළු සිරුරටම බෙදාතුරු මල් පිරි සැලෙන හැඟුමක සුවය බදාඅනඟ රජ අපට මල් හී සැරය විදාඑක් කළෙහිය ...