කාලෙකට පස්සෙ ගෙදර යන ගමන් ආදරණීය ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න බැරිවුනා. මගෙ තිසිස් එක පටන් ගත්තු නිසා ගොඩක් වැඩ තිබ්බා. කොහොමහරි ඉතින් සෙමෙස්තර් එක ඉවරවුනා. ඒත් තිසිස් එකනම් ඉවර නැහැ. ඊලඟ සෙමෙස්තරය මීටත් වඩා ගොඩාක් වැඩතියෙන එකක් වේවි. කොහොම වුනත් අද මම මේ ලිපිය ලියන්නෙ වොෂින්ටන් ගුවන්තොටුපොලේ ඉදන්. අවුරුදු එක හමාරකට වගේ පස්සෙ මම මේ ගෙදර එන ගමන්. මට එන්න නියමිතව තිබුනෙ චිකාගෝ, වොෂින්ටොන්, ඩුබායි වලින් ලංකාවට. ...
ඇමෙරිකාවෙ ජීවිතේ-14 (චිකාගෝ-ලින්කන් පාර්ක් සත්ව උද්‍යානය ) ආදරණීය සඳුදා අපේ අලුත් සෙමෙස්තරය පටන් ගන්නව. එතකොටනම් ගොඩාක් වැඩ තියෙයි. මොකද මම මගෙ තිසිස් එකත් පටන් ගන්නෙ මේ සෙමෙස්තරයෙනෙ. ඒක නිසා මේ සෙමෙස්තරය ගොඩාක් වැදගත් එකක් වේවි. මොනව වුනත් චිකාගෝවලදි මම ගිය තවත් තැනක් ගැන කියන්නම්කො. ඒ තමයි ලිංකන් පාර්ක් සත්ව උද්‍යානය. මේකට වඩා ගොඩක් විශාල සත්ව උද්‍යාන චිකාගෝවල තියෙනව. නමුත් මේක නොමිලයේ බලන්න පුලුවන්වීම [...] ...
ඇමෙරිකාවෙ ජීවිතේ-13 (චිකාගෝ-මිලේනියම් පාර්ක්) ආදරණීය චිකාගෝවලට විශේෂිත ස්ථානයක් වුන “නේවි පියර්” ගැන කලින් පෝස්ට් එකෙන් කිව්වනෙ. මෙහෙදි මගේ හිත ගත්තු තවත් තැනක් තමයි මිලේනියම් පාර්ක්. ඒක ගැන තමයි අද මම කියන්න යන්නෙ. චිකාගෝ කියන්නෙ උද්‍යාන කළමනාකරණය ගැන විශේෂ අවධානයක් යොමු කරල තියෙන නගරයක්. නගර සැලසුම්කරණයේදි ඒ පිළිබඳව හොඳ සැලකිල්ලක් දක්වල තියෙනව. සංචාරක ආකර්ශනය අතින් නේවි පියර් වලට පමණක් දෙවෙනිවන මිලේනියම් [...] ...
ඇමෙරිකාවෙ ජීවිතේ-12 (චිකාගෝ-නේවි පියර්) ආදරණීය කලින් පෝස්ට් එකකදි මම පොරොන්දු වුනානෙ මම චිකාගෝ වල බලන්න යන තැන් ඔයාල එක්ක බෙදාගන්නව කියල. අද ඉස්සෙල්ලම කියන්න යන්නෙ චිකාගෝ වලට විශේෂම තැනක් ගැන. ඒ තමයි “නේවි පියර්”. නේවි පියර් හැඳින්වෙන්නෙ චිකාගෝ භූමිලකුණ (land mark) විදියට. මෙය ඉදිකිරීම සම්පූර්ණ කරල තියෙන්නෙ 1916. මෙහි විශේෂත්වය තමයි මෙය අඩි 292 පමණ පළලින්, අඩි 3000 පමණ මිචිගන් [...] ...
ඩෙංගු වලට එරෙහිව ගස්ලබු කොල ඉස්ම… ආදරණීය ගස්ලබු කොල ඉස්ම ඩෙංගු වලට ගොඩක් හොඳ බේතක්ලු. මම මේක දැක්කෙ දුමී ලියල තිබුන “ඩෙංගු මාරයා පරද්දමුද ?” ලිපියෙන්. ඔයාලත් කියවල බලන්නකො. ඔයාලත් තමන්ට පුලුවන් විදියට මේක ප්‍රචාරය කලොත් හොඳයි නේද? එක ජීවිතයක් හරි මේකෙන් බේරගන්න පුලුවන් උනොත් මොනතරම් දෙයක්ද… ...