උස අයට..මිටි අයට..කොට අයට හැමෝටම..වයස ප්‍රශ්නයක් නැහැ.. අසමාන මම මේක දැක්කෙ වර්ජිනියාවල තියෙන උද්භිද උද්‍යානයක රෙස්ට් රූම් එකක..පොඩි ළමයිනුත් එන නිසා වෙන්න ඇති මේවගේ හදල තියෙන්නෙ..ලංකාවෙනම් ඉතින් ගහකට අල්ලනවනෙ..මෙහෙ එහෙම බැහැ..ලොල්ප.ලි. මීට කලින් මෙන්ස් රූම් එකක ඇතුළ දැකල නැති අයට..ඒවල මේවගේ ටිකක් උසකින් තමයි තියෙන්න.. ...
අවුරුද්ද අසමාන අලුත් අවුරුද්ද මේ සිකුරාදා..හ්ම්..වැඩ අත්හරින්න තියෙන්නෙ දවල්..හ්ම්ම්..ලිප ගිනිමොලවන්න තියෙන්නෙ රෑ..හ්ම්ම්..මේ පාරත් පුතා නෑනේ..කිරිබත් කටක් කවන්න...හ්ම් හ්ම්ම්..කට්ටිය ඔක්කොම එනව ආච්ච් බලන්න එදාට..හ්ම්ම්..චැට් එකක් දාන්න පුලුවන්නේද..බැරි වෙයි මං හිතන්නෙ...නිවාඩු නෑනෙ අපට ...
සාපේක්ෂ.. අසමාන සිකුරාදා පෝය නිවාඩු ලංකාවට..ගෙදර වැඩ ග්‍රොසරි ලොන්ඩ්‍රි අපට..ප.ලි.ඔය ෆොටෝ එකනම් ගත්තෙ මගෙ මොබිල් එකෙන්..නරකම නෑ නේද?
ඇමෙරිකාවෙ කොකිස් අසමාන බැලූ බැලූ හැමතැනම කිස් තිබුනට කොකිසක් දකින්නෙ ඉතින් කාලාන්තරයකට සැරයක් තමයි..හිකිස්..මැක්ඩොනල්ඩ්ස් එකේවත් පිට්සා හට් එකේවත් කොකිස් විකුන්නනෙ නැහැනෙ...ස්ටාර්බක්ස් එකෙන් කොකිසක් කාල ප්ලේන්ටියක් බොන්න බෑනෙ..ඒ හින්ද ඔය කොකිස්,කැවුම් වගේ සිංහල කෑම වගේම කට්ලට් මාලුපාන් වඩේ වගේ ඒවටත් මාර ආසවක් එනව මෙහෙ ඇවිල්ල ටික දවසක් යනකොට..මෙහෙ ඉතින් කන්න තියෙන ගොඩාක් ජාති පැණිරසයිනෙ..වැඩිය ඕනෙ නැහැ..මෙහෙ සබ්මැරින් එකක් තියෙනව උඩින් මීපැණි දාල දෙන්නෙ..අලිගැට පේර ...
හුරු බුහුටි... අසමාන හුරුබුහුටි කියන වචනේ පරිසමාප්ත අයුරින්ම ඇය හුරුබුහුටිය..ඒ ලස්සන වරලස..නිල්වන් ඇස්..චූටි මූන..ඇත්තටම එයා හරි පොඩී..ලස්සනයි..හුරුබුහුටියි...එයා අඩි 4ක් විතර උස ඇති..ඇත්තටම කියනවනම් එයාව හරියට බොන්සායි කරල වගේ..මටනම් ඇත්තටම පෙන්නෙ එයාව රාණි මුඛර්ජිගෙ බොන්සායි සහෝදරීවගේ..සමහර විට එයාගෙත් රාණිගෙ වගේ උගුර බැරැන්ඩි හින්ද සහ එයත් හින්දි කතාකරන හින්ද වෙන්න ඇති..ඔව්..එයා ඉන්දියන්..හැමවෙලේම මුහුනෙ හිනාවකින් සැරසිලා ඉන්නෙ..හරිම ශෝක්..හුරුබුහුටි ඉන්නෙ මගෙ ජූනියර් බැච් එකේ..ඒත් සමහර සමහර සබ්ජෙක්ට්ස් ...
සුදු නංගි ඇවිත් ගියා... අසමාන සුදු නංගි මට හම්බුනේ මෙහෙම..එදා කිව්ව විදියටම..ඊළඟ සඳුදා එයා උදේම ආව..ඒත්..ඒත්..මගෙ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා ගියා එයාගෙ සිගරට් දුමට.. එයත් බහුතර කෙල්ලො වගේම සිගරට් බොනව..සීත නිසා වෙන්නත් ඇති..සිගරට් බීල හින්දද කොහෙද පොඩි කැස්සකුත් තියෙනව..මං ඉතින් දුම් බොන එක හොඳ නැහැ කියල කියන්න හිතුවත්..ඒත් මං කවුද එයාට ඕව කියන්න නේද? මට එයා විතරක් උනාට එයාට එහෙම නැහැනෙ..ඔයා හරි ස්වීට් කියල හිනා ...
අපි දෙන්නා.. අසමාන හෝදන්නෙත්පිහින්නෙත්වේලන්නෙත්එකට.. ප.ලි. මේක මං ඉන්න ගෙදරට යට තට්ටුවෙ ඉන්න ඉන්දියන් ජෝඩුවගෙ
ක්‍රිකට් හතුරො ක්‍රිකට් හතුරො අසමාන අහල පහල ගෙවල් වල ඉන්න ඉන්දියන් එවුන් කෑගහනව..ඔල්වරසන් දෙනව ඇහිල මමත් නිකමට වගේ ක්‍රික් ඉන්ෆො බැලුවම..පොඩ්ඩක් හය්යින් නෙලනව අරුන්..මුන්ට ආසියවෙ එකාටවඩා කැන්ගරු ලොකු උනා එහෙනම්.. ...
සුදු නංගි අසමාන අද වැහි දවසක්..කළු වලාකුල්වලින් අහස බරවෙලා.ඉර කොහෙදෝ හැන්ගිලා.. වැස්ස බලන්නැතුව ජැකට් එකත් දාගෙන වෝට ප්රූෆ් බොටමකුත් උඩින් ඇන්දගෙන උදෙන්ම කැම්පස් එකට ගියෙ හීතලට ගුලුවෙලා බුදියගන්න බැරුවනම් නෙමේ..මේසෙ උඩින් බෑග් එක තියල..බෙදාගෙන ගිය බත් එක කන්න පටන්ගත්තෙ වෙනදට උදේට කන ඕට්මීල් ඉවර වෙල හින්ද..ෆ්‍රිජ් එකේ අලුත් දේවල් නැතිඋනත් හැමදාම ඒක ඇරල බලනව වගේ ෆේස්බූක් එක දිග ඇරගත්තෙ තට්ටතනියෙන් කනකොට පාළු හින්ද..කටවල් ...
මී මුත්තියෙක්ගෙන් ෆේස්බුක් රික්වෙස්ට් එකක් අසමාන මී මුත්තියෙක්ගෙන් ෆේස්බුක් රික්වෙස්ට් එකක්...කාට හරි එහෙම වෙලා තියෙනවද? මට දවස් කීපයකට කලින් ආව රික්වෙස්ට් එකක්..බැලුවම වයසක ආච්චි කෙනෙක්ගෙ මූනක් තිබුනෙ..තවත් බලනකොට තමයි දැනගත්තෙ එයා ඉන්නෙත් මම ඉන්න සිටි එකේමයි කියල..මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස්ල 10ක් විතරත් හිටිය..ඔක්කොම කැම්පස් එකේ යාලුවො..ඉන්දියන්..අප්‍රිකානු..නේපාල..අය..එයා අපි වගේ ඉන්ටර්නැෂනල් ළමයින්ට උදව් කරන කෙනෙක්..මමත් ඉතින් ඇක්සෙප්ට් කලා..ටික වෙලාවකින් එයාගෙ වොල් එක උඩ තියෙන ෆොටෝ එක පොස්ට් කලා..එයාගෙ මිනිපිරීගෙ පුතාගෙ ...
සුබ නව වසරක් වේවා..! අසමාන තව පැය කීපයකින් උදාවන නව වසර කිරියෙන් පැණියෙන් උතුරන..ලෝක විනාසයෙන් අවසන් නොවන එළමකිරි එකක් වේවා..!
එපික් බුෆේ.. අසමාන මම අද කියන්න යන්නෙ ටිකක් අමුතු නමක් තියෙන රෙස්ටුවරන්ට් එකක් ගැන..ඒකෙ නම එපික් බුෆේ..එපික් කියන වචනෙට විවිධ තේරුම් තිබුනත් මෙතන අදහස මට හිතෙන විදියට 'මාර බුෆේ' කියන එක..ලංකාව්දි අපි Buffet කියන එක බුෆේ කියල කියෙව්වට මෙහෙදි කියන්නෙ බෆේ කියල..මේ එපික් බුෆේ එක තියෙන්නෙ ඇමෙරිකාවෙ වෙස්ට් වර්ජිනියා ප්‍රන්තයෙ..මේකෙ විශේශත්වයක් වෙන්නෙ මේ බුෆේ එක තියෙන්නෙ කැසිනෝ එකක් ඇතුලෙ වීම..මේක තියෙන්නෙ හොල්වුඩ් කැසිනො ...
ඇමෙරිකාවේ පංචිකාවත්තට ගියෙමි.. අසමාන පංචිකාවත්ත කිව්වම කාටත් මතක් වෙන්නෙ වාහන අමතරකොටස්නෙ..බ්රෝකර්ල එහෙමත් නැත්නම් කාක්කො වැහිවැහැලනෙ..දන්නැති කෙනෙක් ගියොත් එහෙම නියමෙට අන්දනවනෙ..මම ළඟදි ගියා මෙහෙ තියෙනෙ පංචිකාවත්තකට..මෙහෙ ඒවට කියන්නෙ Junk Yard (ජන්ක් යාර්ඩ්) කියල..පාවිච්චි කරපු වාහන අමතර කොටස් තියෙන තැනක්..ඒවල කාක්කො එහෙම නැහැ..ඇතුලට යනකොට ටිcකෙට් එකක් අරන් යන්න ඕනෙ..ඒවගේම තමයි..සාම්පල්, එහෙම නැත්නම් අපිට ඕනෙ පාර්ට් එක අඇතුලට අරන් යන්න වෙන්නෙ නැහැ..හිතන්නකො ඔයාගෙ වාහනේට පාවිච්චි කරපු දොරක් ...
ගුවන් සූදුව... අසමාන මං මේ කියන්න යන්නෙ සුදූ කෙනෙක් ගැන නම් නෙමෙයි..සූදුවක් ගැන..සූදු කිව්වට මේක එසේ මෙසේ සූදුවක් නෙමේ...මේක කැලේකවත්..එහෙමත් නැත්නම් හොරෙන් කරන දෙයක්වත් නෙමේ..මේක කරන්නෙ ප්‍රසිද්ධ ස්ථානයක..සූදුව කරන්නෙ ගුවන් තොටුපොළක කිව්වොත්...මං ටෙක්සාස් වල ඉඳල වර්ජිනියා වලට අගෝස්තු මුල සතියෙ සංක්‍රමනය වුනා..සංක්‍රමනය කිව්වට මට ඉතින් ඒ හැටි දෙයක් තිබුනෙ නැහැ අරගෙන යන්න..ඇඳුම් ටිකයි පොත් පත් ටිකයි විතරයි..මගෙ මාස්ටර්ස් එක ටෙක්සාස් වල ඉවර කරල ...
අයිරින්ව ඉම්ඹෙමි.. අසමාන සමහරවිට මතක ඇති ඔයාලට සති දෙකකට කලින් මංකිව්ව අයිරින් මග එනව කියල...අයිරින් එනකොට අපිට වෙන පළාතකට යන්න කියල කිව්ව..එහෙම යන්න කිව්වට පස්සෙ ගියෙ නැත්නම් ඒක දඬුවම් ලැබිය හැකි වරදක් සහ හදි
බලාගෙන ලීස්..ලිස්සයි.. අසමාන බලාගෙන ලීස්..ලිස්සයි..හිහ් හිහ්..ඇයි හිනා..නෑ, මට මතක් උනා..මොකක්ද..අවුරුදු ගානකට කලින්..ඉතින් මොකක්ද උනේ කියන්නකො ඇලෙක්ස්..දවසක් පාක් එකේදි මාව වැස්සකට අහුවුනානෙ..ඉතින් ඊට පස්සෙ..හයියෙන් වහින්න ගත්ත..කුඩයක් තිබ්බෙත් නෑ..ගහක් ය
එයා එනවලු..(අයිරින්) අසමාන එයා එනවලුමාර වේගෙන්ගස් පඳුරු ගලවගෙනගෙවල් කඩාගෙනමුහුද ගොඩ ගලයිලුගඟ උතුරයිලුඅපිට යන්නලුගෙවල් අත ඇරලකොහේ යන්නදකවුරු ගාවටදඔබාමා..ඔබාමා..අයිම් හියර්... ප.ලි. මම මෙහෙට ඇවිල්ල තාම සති තුනයි..අඟහරුවාදා බූමිකම්පාවක් උනා..දැන් කුණාටුවක් එන්න යනව..ටෙක්සාස් වල හිටපු අවුරුදු දෙකේම අවුලකට තිබුනෙ පට්ට අව්ව විතරයි..! ...