ළමයින් 40,000ක් පාසල් නොගොස් ළමා ශ්‍රමයේ W3Lanka June 12, 2019 admin News සිංහල අද ළමා ශ්රමයට එරෙහි ජාත්‍යන්තර දිනයයි. මෙම දිනය සෑම වසරක ම ජුනි 12 දාට යෙදේ. මෙම වසරේ තේමාව වන්නේ ‘ළමයින් වැඩ කළ යුත්තේ සිහින සැබෑ කරගැනීමට මිස වැඩබිම්වල නොවේ’ යන්නයි. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් ළමයින් ලෙස සැලකේ. මේ වන විට ශ්‍රී ලංකාවේ වසර 13ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක වේ. ඒ අනුව, වයස අවුරුදු 18 දක්වා ...
ඕතොඩොක්ස් හා ෆන්ඩමෙන්ටලිස්ට් බෞද්ධ නිකාය අතර මාරාන්තික ගැටුම / Clashes between Orthodox and fundamentalist Buddhists of Sri Lanka W3Lanka පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවන්ට ගුටි දී පන්නා දැමීමට ඕතොඩොක්ස් හෙවත් ගතානුගතික බෞද්ධ පිරිසක් කටයුතු කර තිබේ. ඕතොඩොක්ස් බෞද්ධයන් හා ෆන්ඩමෙන්ටලිස්ට් හෙවත් මූලධර්මවාදී නිකායන් අතර මේ වන විට මාරාන්තික කුළල් කෑමක් ඇති වී තිබේ. පෙනුමෙන් නම් මේ වනාහි බුදුන්ගේ දහම වෙනුවෙන් පේටන්ට් අයිතිය ලබා ගන්නට ය. අපට වැටහෙන පරිදි නම් ඕතොඩොක්ස්, ෆන්ඩමෙන්ටලිස්ට් හා ඕල්කට් වර්ගවල බෞද්ධයෝ එකෙක් හෝ සැබෑ බෞද්ධයෝ නො වෙති. ...
උදයන්ට මෙතරම් ගහන්නේ ඇයි? උදයන්ට ගහනකොට ඩයස්පෝරා අඬන්නේ ඇයි? W3Lanka යාපනය නගරය කේන්ද්‍ර කරගෙන පළවන උදයන් පුවත්පතට නැවතත් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මේ එම පුවත්පතට එල්ල කරන ලද කෙළවරක් නැති ප්‍රහර මාලාවක තවත් එකකි. තුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද උදේ පහට පමණ පුවත්පත් කාර්යාලයේ මුද්‍රණ අංශයට බලහත්කාරයෙන් ඇතුළු වී සේවකයන්ට අවි පෙන්වා මරණ තර්ජන කර, යන්ත්‍රවලට වෙඩි තබා, අනතුරුව ගිනි තබා තිබේ. ප්‍රධාන මුද්‍රණ යන්ත්‍රය ඇතුළු යන්ත්‍රවලට අලාභ හානි වී තිබේ. ...
සිංහල විවාහ චාරිත්‍ර විකාශය (ශාස්ත්‍රීය අධ්‍යයනයක් නොවේ) W3Lanka මීට වසර හතළිහකට පමණ පෙර, කුඩා දරුවකු ලෙස මගේ මාමාගේ විවාහ මංගල්‍යය දුටුවෙමි. ඒ කාලයේ හැටියට හොඳ මට්ටමේ මඟුල් ගෙයක් වූ එහි හරක් මස් කන්නට දුන්නේ ය. ඒ කාලයේ සාමාන්‍ය මඟුල් ගෙදරක දුන්නේ මාළු ය. මට මතක පරිදි මම මුල් වරට කුකුළු මස් කෑවේ හැත්තෑව දශකයේ අගභාගයේදී ය. ඒ දවස්වල බොහෝ ගෙවල්වල කුකුළන් සිටිමුත්, ඒ ගෙදරම අය උන්ව මරාගෙන කෑමක් ...
අධිකරණයෙන් වරදකරු නොවී වසර 10, 15 හිරේ ඉන්නා ලංකාවේ සිරකරුවෝ W3Lanka දින නියමයක් නොමැති රැඳවියන් නිසා බන්ධනාගාර තුළ තදබදය වැඩිවී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසූ බව සිරස වාර්තා කළේය. ඔහු පැවසූ පරිදි ඇතැම් රැඳවියන් වසර 10ක පමණ කාලයක සිට එලෙස බන්ධනාගාරය තුළ කාලය ගෙවා දමති. මේ වන විට බන්ධනාගාර තුළ දින නියමයක් නොමැති රැඳවියෝ 5,000කට අධික සංඛ්‍යාවක් සිටිති. දින නියමයක් නොමැති රැඳවියන් වෙනුවෙන් දිනකට රුපියල් ලක්ෂ 13 ...
රනිල් ජයවර්ධන ගැන ආඩම්බර වෙන ගමන් අප ඉන්නේ කොතැනදැයි විමසා බලමු W3Lanka පසුගියදා අවසන් වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සිව්දෙනෙක් තරග කළ හ. ඔවුන් අතරින් කොන්සර්වටිව් පක්ෂය නියෝජනය කරන රනිල් ජයවර්ධන ඊසානදිග හැම්ප්ෂයර් ආසනය ජයගෙන ඇත. රනිල් ජයවර්ධන ගැන අපේ ලාංකිකයෝ ගොඩක් ආඩම්බර වන බව මේ දිනවල පුවත්පත්වල පළ වන වාර්තාවලින් පෙනේ. එහෙත්, රනිල්ගේ තාත්තා වන නලින් ජයවර්ධන එංගලන්තයට සංක්‍රමණය වී තිබෙන්නේ ලංකාවේ දේශපාලනය ගැන කලකිරී බව ද එම ...
ලෝකයේ වෙනත් විශ්‍රාමික ජනාධිපතිවරු හා මහින්ද W3Lanka ලොව බොහෝ රටවල අගමැතිවරු බොහෝ විට පරාජය වූ පසුත් දේශපාලනයෙන් සමු නො ගෙන බල අරගලයේ යෙදෙති. 1981 සිට 2003 දක්වා මැලේසියාවේ අගමැති ධුරය හෙබවූ මහතීර් මොහොමඩ් අදටත් එරට සක්‍රිය දේශපාලකයෙකි. ශ්‍රී ලංකාවේ ද අගමැති ධුරය 1960-65 සහ 1970-77 සමයේදී හෙබවූ සිරිමා බණ්ඩාරනායක නැවතත් 1994 සිට 2000 දක්වා ද අගමැති ධුරය හෙබවූවා ය. ඩඩ්ලි සේනානායක මහතා ද සිව් වරක් ලංකාවේ අගමැති ...
ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ගේ ජීවිත සූරා කන මාධ්‍ය ආයතන W3Lanka හිඟුරක්ගොඩ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වන කේ. එච්. ප්‍රියන්ත රත්නායක මහතා (46) මින්නේරිය සමගිපුරදී වල් අලි ප්‍රහාරයකට ලක්ව මිය යාම අතිශය කණගාටුදායක පුවතකි. ගමකට ඇතුළු වී මිනිස් කලබල මැද වල්මත් වී බියෙන් ප්රචණ්ඩ ලෙස හැසිරෙන වන අලියකු ඉස්සරහින්, පස්සෙන් වීඩියෝ කරන්නට ගිය මාධ්‍යකරුවන් දෙදෙනෙක් අතරින් එක් අයෙක් මෙම ශෝචනීය ඉරණමට ගොදුරු වී තිබේ. ස්ථිර නිවසක් හෝ නැති, කුලී නිවසක ජීවත් වන තිදරු ...
සමාජය විනයගත කිරීම පාරෙන් අරඹමු. පොලිසිය දුටු විට ලයිට් ගැසීම නවත්වමු W3Lanka මාර්ග අනතුරු ත්රස්තවාදයට වඩා බිහිසුණු උවදුරකි. 2015 වසරේ මාර්ග අනතුරු 35,000කට වඩා සිදු වූ බව පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. එයින් මාර්ග අනතුරු 6500කට වඩා මාරාන්තික ඒවා ය. මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 2389කි. සැප්තැම්බර් 10 දින ජනාධිපති ආරක්ෂක අංශයේ සේවකයන් සිව්දෙනෙකුට මරු කැඳවමින් හා සයදෙනෙකුට බරපතල තුවාල සිදු කරමින් මිනුවන්ගොඩදී සිදු වී රිය අනතුරේ වීඩියෝ දර්ශන අසල සවි කර තිබූ ...
නීතියෙන් බේරී සිටීමේ අයිතිය වෙනුවෙන් දැන් පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපතිවරයා නව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරමින් සිටියි W3Lanka මහ මග මිනිසකු වාහනයකට යට කර පළා යාමේ වරදට ඉන්දියාවේ සුපිරි නළු සල්මන් ඛාන් පස් වසරකට සිරගෙට යවා තිබේ. මින් පෙර තමිල්නාඩු මහඇමතිනිය හා හිටපු සුපිරි නිළියක වූ ජයලලිතා ද සිරගෙට නියම කරන ලදී. ඇය මේ වන විට සිටින්නේ අභියාචනා කර ය. එහෙත්, ඇයට මහ ඇමති පදවිය අහිමි විය. ඉන්දියාවේ ඇතැම් මෝඩ මිනිස්සු සිතන්නේ සල්මන් ඛාන්ලා, ජයලලිතලා සුරදූතයන්, දූතිකාවන් ...
පැරිසිය සම්බන්ධයෙන් අපගේ වගකීම W3Lanka පැරිසියේ සිදු වූ සංකේතාත්මක වශයෙන් ඉතා වැදගත් සමූහ ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේ කවුරු ද? ඍජුව වගකිව යුතු පුද්ගලයන්, සංවිධාන හා සමාජ කණ්ඩායම් හෙළිදරව් වනු ඇත. එහෙත්, වගකිව යුත්තේ ඔවුන් පමණක් ම ද? නැත. අපි සියලු දෙනා ම පාහේ අඩු වැඩි වශයෙන් මෙවැනි සියලු සිදුවීම්වලට වගකිවයුතු ය. හදවතට තට්ටු කර බලන්න. ඔබත් කිසියම් දිනෙක, තමන් සෙස්සන්ට වඩා උසස් යයි සිතන කිසියම් අන්තවාදයක් ...
අත්අඩංගුවට නො ගන්නා ලෙස ඉල්ලා මහජන මුදල් කොටින්ට දුන් ටිරාන් හා ලලිත් ද මානව හිමිකම් පෙත්සම් ගොනු කරයි ද? W3Lanka රාඩා කල්ලිය (සන්ඩේ ලීඩර් ග්‍රැෆික් එකකි) උතුරේ වැසියන්ට ගෙවල් හදන මුවාවෙන් මහජන මුදල් රුපියල් මිලියන 167ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් හා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට එරෙහිව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ සම්බන්ධයෙන් ටිරාන් අලස්ගෙන් හා ලලිත් වීරතුංගගෙන් ප්‍රශ්න කර තිබේ. ටිරාන් අලස් වනාහි මෙම ...
නවීන විවාහ චාරිත්‍ර හා සංස්කෘතිය පිළිබඳ රූපමය නිදර්ශනයක් W3Lanka මේ සංස්කෘතිය කුමක්ද?අපි උඩරට නිලමේ ඇඳුම් අඳිමු. බටහිර චාරිත්‍ර හිස් මුදුනින් වන්දනා කරමින් ඒවා විකෘති කරමින් දන්නා දෙය වූ 'නාගසලං' ගසමින් චොකා බයිලා නටමු. මේ අපේ සංස්කෘතියයි. අති විශිෂ්ටයි. ආශ්චර්යජනකයි.අප අද පරමාදර්ශ කරගෙන සිටින මහජන මුදලින් ධනවත් වූ පැළැන්තියේ මංගල උත්සවයක අනර්ඝ ඡායාරූප එකතුවක් මෙම සබඳතා පුරුක ඔස්සේ ඔබට නැරඹිය
පාසල්වල ගවුම් වාටි ලිහීමේ, කලිසම් කකුල් පැලීමේ හා කොණ්ඩා කප්පාදු කිරීමේ ශික්ෂණය W3Lanka පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නවගත්තේගම පාසලේ සුසිලා හේරත් ගුරු මහත්මියව බිම දන ගැස්සුවේ ආනන්දගේ දුවගේ ගවුමේ වාටිය ලිහුවා කියලානේ. සාමාන්‍යයෙන් පාසල් යන ළමයින්ගේ ඇඳුම් අපේ ඇඳුම් වගේ නොවෙයි නිතර කොට වෙනවා. එහෙම වෙන්නේ ඒ ළමයි උස යන නිසා. සමහර ළමයි ටිකක් කොටට අඳින්න කැමතියි. ඒ වුණත් මම දන්න තරමින් කිසිදු පාසල් බාලිකාවක් කලවා පෙනෙන කොට ගවුම් නම් පාසලට ...
මනරංජන වැඩ වර්ජන - ජනරංජන ශ්‍රී රෝහණ W3Lanka විදුලිය ගාස්තු වැඩි කිරීම අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ඊයේ (21 වැනිදා) පවත්වන ලද එක් දින සංකේත වැඩවර්ජනය සාර්ථක බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති හිටපු ඇමති කේ. ඩී. ලාල් කාන්ත මහතා පැවසීය. එක්තරා සුළු පිරිසකගේ වුවමනාවන් මත ඊයේ කරන ලද වැඩවර්ජනය මේ රටේ මෙතෙක් කෙරුණු වර්ජනවලින් ඉතා අසාර්ථකම වර්ජනය බවට ඉතිහාසගත වනු නියත යෑයි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම්බන්ධීකාරක ...
පුදපු ගමන් කාපි යකා W3Lanka ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා ඊයේ ජනාධිපතිවරයා විසින් නිල නිවස ලෙස පරිහරණය කරනු ලබන මහජන දේපලක් වන අගමැති නිල නිවාසය වන අරලියගහමන්දිරයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් වන දේශපාලන පක්ෂයේ කොළඹ මහ නගර සභා අපේක්ෂක කණ්ඩායම මුණගැසුණේ ය. සංග්‍රහයක් ද පැවැත්වූ බව වාර්තා වේ.මෙය කියවන ලංකාව ප්රජාතන්ත්රවාදී රටකැයි සිටින ඡන්දදායකයෝ 'ඉතින් මොකද?' යි අසනු ඇත.මහජන දේපල අයුතු ලෙස ...
සඳරුවන් සේනාධීරටත් සජිත් ප්‍රේමදාස එපා වෙලා W3Lanka (ලංකා ඊ නිව්ස් -2011.අගෝ.26, පෙ.ව.3.00-ජහමනයාගේ කොළම) මෙවර ඡන්දය සඳහා එජාප අපේක්ෂකයන් තෝරා ගැනීමට පත් කළ එජාප කමිටුවේ සාමාජිකයෙකු වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා තමන් ද එකතුව තේරූ අපේක්ෂකයන් ගැන ඊයේ විවේචනය කරමින් රූපවාහිනී මාධ්‍ය 3 කට ප්‍රකාශයක් කෙළේය. ඔහු මෙසේ කීය.‘‘එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා මණ්ඩලය එකමුතු භාවයෙන්, සහෝදරත්වයෙන් හිතෛෂීත්වයෙන් දිනන අපේක්ෂක ලැයිස්තුවක් ස්ථාපනය කරන්නට තීන්දු ...
ඔය තරම් ලොකු ආණ්ඩුව මේ පුංචි සංජීව බංඩාරට බිය වන්නේ මන්ද? W3Lanka මම නීති විශාරදයෙක් නො වෙමි. එහෙත් මට යුක්තිය ගැන හැඟීමක් තිබේ. ලංකාවේ නීතිය වනාහි බලවතුන්ට හා උන්ගේ කුක්කන්ට මුක්තියත්, අනෙක් අයට වධයත් ලබා දෙන සල්ලඩයකි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ දේශපාලනය ගැන අපට විවේචන තිබේ. එහෙත්, අපි සිසුන්ගේ දේශපාලනය ගැන මුළුමනින් ම නිශේධාත්මක අදහසක් නො දරමු. අපි ඔවුන්ගේ දේශපාලන නිදහසට ඉහළින් ම ගරු කරමු. අන්තරේ කැඳවුම්කරු සංජීව බංඩාරට ඇප ...
වැඩබලන අගවිනිසුරුවරිය ඇඳුම් පිළිබඳව දක්වන ලිබරල් ආකල්පය W3Lanka විනිසුරු ශිරානි තිලකවර්ධන වැඩබලන අගවිනිසුරුවරිය ලෙස දිවුරුම් දෙමින්. රාජ්‍ය අනුග්රහලාභී බෞද්ධ අන්තවාදී බොදු බල සේනාව කාන්තා ඇඳුම් පදනම් කරගෙන ස්ත්‍රී මර්දනයක් දියත් කර ඇති මෙවැනි සමයක වැඩබලන අගවිනිසුරුවරිය ඇඳුම් පිළිබඳව දක්වන ලිබරල් ආකල්පය මෙම ඡායාරූපයෙන් නිරූපණය වේ යයි සිතමු. චූෂණ චෝදනා මත ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගයක් හරහා ආණ්ඩුව විසින් තනතුරින් පහ කර දමන ලද ශිරානි බංඩාරනායක ...
කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී - මෙරටේ ගොනුන් පඬිඳුන් වනු ඇත ළඟදී W3Lanka නවගත්තේගම පාසලේ ගුරුවරිය දන ගැස්සූ බව කියන වයඹ පළාත් සභාවේ 'හිටපු' මන්ත්‍රීවරයාට ඊයේ ඇප ලැබුණා. මේ වන විට ඔහුට එරෙහිව අධිකරණයේ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ගුරුවරියක් දන ගැහුවත්, වෙනත් අයෙකුට හිංසා කළත් මිනිහෙකුට දඬුවම් කළ යුත්තේ නීති මාර්ගයෙන්. මම ගුරුවරයෙක්. මම දැන් වසර 20ක් තිස්සේ මේ රස්සාව කරනවා. මම නම් හිතන්නේ නැහැ, ගුරුවරු කියන්නේ පූජනීය පිරිසක් කියලා. මට නම් වත්මන් ලෝකේ ...