Untitled Post W3Lanka ෆාතිමා රිකාසා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පලස්තීන කාන්තාවක්.රිකාසා අබ්දුල් ලතීෆ් සමඟ විවාහ වූයේ මීට වසර 14 කට පෙර ඔහු ඉංග්‍රීසි ඉගෙනීමට ලංකාවට පැමිණ සිටි අවස්ථාවේදීය. ඇයගේ උපන් ගම වන කොළඹ නගරයේ වසර අටක් ජීවත් වූ පසු, ඔවුන් තම දරුවන් සමඟ ඔහුගේ පවුල සමග එක්වීමට ගාසා වෙත ගියා.ඇගේ ස්වාමිපුරුෂයාට පලතුරු කඩයක් තිබුණා.පසුගිය නොවැම්බර් මාසයේදී ප්‍රහාර නිසා ඇය ගාසා තීරයෙන් පිටව ලංකාවට ...
ලාංකීය කඳුරට දෙමළ ප්‍රජාව වෙනුවෙන් ඉන්දියාව නිකුත් කළ මුද්දරය W3Lanka ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ වසර 200 ක ඉතිහාසය සැමරීම සඳහා ඉන්දියාව විසින් පසුගිය දෙසැම්බර් අග භාගයේදී උත්සවාකාරයෙන් නිකුත් කරන ලද තැපැල් මුද්දරයයි මේ.භාරතීය ජනතා පක්ෂ (BJP) ජාතික සභාපති JP නඩා දෙසැම්බර් අගදී BJP මධ්‍යම කාර්යාලයේදී මුද්දරය නිකුත් කරන ලද අතර, ප්‍රජාවගේ දුෂ්කරතා සහ ඔවුන්ගේ සුභසාධනය සඳහා මෝදි රජයේ කැපවීම ඉස්මතු කරමින් කතා කළේය.ඉන්දියාවේ 2024 ලෝක් සභා ...
රාජ්‍ය සේවයට සුදුසුකම් රහිත 35,000ක් අලුතෙන් W3Lanka රාජ්‍ය සේවා බඳවා ගැනීම් පිළිබඳ විවාදය තවදුරටත් අවුළුවන පියවරක් ලෙස, ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් ලබා දුන් බහුකාර්ය සංවර්ධන සහකාර (MPDA) පත්වීම් ස්ථිර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනිමින් තිබේ.උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් විසින් දෙසැම්බර් 29 වන දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ බහුකාර්ය සංවර්ධන සහකාරවරුන් 219 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදෙන ලදි. මෙම පත්වීම්වලදී බහුකාර්ය ...
සත්‍යය, සමගිය සහ ප්රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභාව ගැසට් වෙයි W3Lanka ශ්‍රී ලංකා රජය විසින් දෙමළ ඊලාම් කැරැලි සමයේ සිදු වූ දේ පිළිබඳ සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම ප්‍රකාශයට පත් කර තිබේ. එය ශ්‍රී ලංකාව අවසානයේ සංහිඳියාව සඳහා ගත් ස්ථිර පියවරක් ලෙස සැලකිය හැකිය. ජනවාරි 2 වැනි දින ගැසට් කරන ලද මෙම පියවර දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සමඟ දශක තුනක යුද්ධයේ ගැඹුරු බලපෑම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සහ සංහිඳියාව හා එකමුතුකම සඳහා ...
ටිරාන්ගේ හා දේශබන්දුගේ දැලි පිහියෙන් කිරි කෑම W3Lanka අජිත් පැරකුම් ජයසිංහමහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් හා වැඩබලන පොලිස්පති දේශබන්දු මේ දිනවල යුක්තිය නමින් දැවැන්ත මෙහෙයුමක් මත්ද්‍රව්‍යවලට එරෙහිව ආරම්භ කර ඇත.එහි පැතිකඩ ගණනාවක් දකින්නට ලැබේ. මානව අයිතිවාසිකම් ගරු කරන ජනතාවට ඒ පිළිබඳ මතු කිරීමට ප්‍රශ්න රැසක් තිබේ.මෙම මෙහෙයුම්වලදී මානව හිමිකම්වලට කෙතරම් ගරු කරනවාද? ශ්‍රී ලංකාවේ නීතිය අනුව, සැකකරුවකු ලෙස නම් කරන ලද ඕනෑම පුද්ගලයකුට එරෙහිව චෝදනා ...
Untitled Post W3Lanka ඉතියෝපියාවත් බංකොලොත්Posted on December 26, 2023December 26, 2023 by adminඉතියෝපියාව බැඳුම්කර සඳහා පොලී ගෙවීමක් කිරීමට අපොහොසත් වීම නිසා ලෝකයේ අලුත්ම අලුත්ම ණය පැහැර හැරීම සිදු කළ රාජ්‍යය බවට පත් විය.දෙසැම්බර් 11 වනදා අවසන් දින වූ ඩොලර් මිලියන 33ක කූපන් පොළියක් ගෙවීමට දෙසැම්බර් 25 දිනය වන තෙක් සහන කාලයක් ලබා දී තිබිණි.ඉතියෝපියාව දැන් සැම්බියාව, ඝානාව සහ ශ්‍රී ලංකාව ඇතුළුව ...
සමුපකාර හා සමාගං කඩ W3Lanka අජිත් පැරකුම් ජයසිංහසමුපකාර යනු නිශ්චිත අවශ්‍යතාවන් වෙනුවෙන් සමාජ කණ්ඩායම් විසින් පිහිටුවා ගන්නා, පොදු අයිතිය සහිත සාමූහික සංවිධාන විශේෂයකි.සමුපකාර සමිති සංකල්පය සම්ප්‍රදායික ව්‍යාපාරික ආකෘතීන් සඳහා විකල්පයක් ලෙස සැලකෙනවා. සම්ප්‍රදායික ව්‍යාපාරික ආකෘතිය ඇතුළෙ කෙරෙන්නෙ තෝරාගත් කිහිප දෙනෙකුට ලාභය උපරිම කිරීම. සමුපකාර විසින් සහයෝගීතාව, සාධාරණත්වය සහ ප්‍රජාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. ...
අස්වැසුම හරහා ජනතාවට රු. කෝටි 5,200ක් ගෙවලා W3Lanka ශ්‍රී ලංකා රජය අලුතින් හඳුන්වා දුන් අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලත් අසරණ පවුල් ලක්ෂ 14කට වැඩි පිරිසක් සඳහා රුපියල් බිලියන 51.9 ක් (එක්සත් ජනපද ඩොලර් මිලියන 160 ක් පමණ) පසුගිය මාස හය තුළ ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. දෙසැම්බර් මාසයේදී පමණක් රුපියල් බිලියන 8.8ක් (ඩොලර් මිලියන 27ක්) ලබා ...
රටට ලැබුණු ඩොලර් ගොඩ නිසා ජනවාරියේ උද්ධමනය පාලනය වෙයිද? W3Lanka ඩොලර් මිලියන 787 ක අත්‍යාවශ්‍ය ජාත්‍යන්තර ආධාර පැකේජයක් ලැබීමත් සමග ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ශක්තිමත් වෙමින්, තිරසාර යථා තත්වයට පත්වීමක් පිළිබඳ බලාපොරොත්තු ඇතිවෙමින් පවතී. මෙම මාසය තුළ පමණක්, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඩොලර් මිලියන 337 ක්, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඩොලර් මිලියන 250 ක් ලබා දී ඇත.මෙම සම්පත් ගලා ඒම, ...
ළමා අපයෝජන නිල් චිත්‍රපට බැලුවොත්, හැදුවොත් වෙන දේ W3Lanka වසර දෙකක් තිස්සේ තම ඥාති සොහොයුරියට ලිංගික අතවර කරමින් එම අපයෝජනයේ දර්ශන ගූගල් ඩ්‍රයිව් වෙත උඩුගත කළ කොළඹ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ළමා අසභ්‍ය දර්ශන නරඹන සහ බෙදාහරින පුද්ගලයන් පහසුවෙන් හඳුනාගැනීම සඳහා ගූගල් සමාගම විසින් ශ්‍රී ලංකා පොලිසියට හඳුන්වා දී ඇති නව ක්‍රමවේදයක් භාවිත කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිසිය පවසයි. ...
පාර්ලිමේන්තු කාරක සභා අතර වරම පිළිබඳ ගැටලු W3Lanka පාර්ලිමේන්තු කාරක සභා අතර වරම පිළිබඳ ගැටලුPosted on December 19, 2023 by adminශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධීක්ෂණ කාරක සභා (FOCs) සහ ආංශික අධීක්ෂණ කාරක සභා (SOCs) හි නියෝග සමාලෝචනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.මූල්‍ය අධීක්ෂණ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා බලතල එකිනෙක සමග සමපාත වී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. මූලික ...
අත්වැල්තොට අහස් බෝක්කුව W3Lanka මාර්ග අංක 482 බස් ධාවනය වන මතුගම – කලවාන ප්‍රධාන මාර්ගයේ අත්වැල්තොට ප්‍රදේශයේ පිහිටා ඇති අහස් බෝක්කුව මාර්ග සංවර්ධනයේ ඓතිහාසික ස්ථානයක්. එය ලංකාවේ ඇති විශාලතම බෝක්කුව ලෙස ද හැඳින්වෙනවා.දෙවන ලෝක යුධ සමයේ , කාපිරි සෙබළුන් යොදවා, බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මෙම බෝක්කුව ඉදි කළ බව වාර්තා වෙනවා. 2016 ආසන්න කාලයේදී මෙම මාර්ගය සංවර්ධනය කළ අතර, බෝක්කුවේ පැති බැමි දෙක පමණක් සුළු ...
පහන් කූඩු තරගයක් දිනූ සිසුවකුට පහර දී මහාධිකරණයෙන් වරදකරු වූ විදුහල්පතිනියකගේ කතාව W3Lanka අජිත් පැරකුම් ජයසිංහඑක්ස් නම් සිසුවා 2013 වසරේදී ඉගෙනුම ලැබුවේ දොඩන්ගොඩ නවෝද්‍යා මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේය. එම වසරේ පොසොන් උත්සවය නිමිත්තෙන් දොඩන්ගොඩ පොලිසිය විසින් පහන් කූඩු තරගයක් සංවිධානය කරන ලද අතර ඒ වෙනුවෙන් සිසුවා විසින් ඉදිරිපත් කරන ලද බෝතලයක් තුළ කැරකෙන පහන් කූඩුව මෙම ඡායාරූපයේ දැක්වේ.තරගයෙන් මෙම නිර්මාණය පළමු තෑග්ග දිනාගත් අතර ඒ වෙනුවෙන් හිමි ත්‍යාගය ඔහු වේදිකාව මතදී ලබාගත්තේය ...
කිලිනොච්චි සූර්ය බලාගාරය: ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තියේ නවෝදයක් W3Lanka රී ලංකාව ඩොලර් බිලියන 1.7 ක ඍජු විදේශ ආයෝජනයකින් බැටරි ගබඩාවක් සහිත සූර්ය බලාගාරයක් සඳහා බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමක් (PPA) අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. මෙගාවොට් 700ක ධාරිතාවක් සහිත මෙම බලාගාරය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මත ඉදිකෙරෙන අතර මෙගාවොට් පැය 1500ක බැටරි ගබඩා පද්ධතියකින් සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය මගින් රැකියා උත්පාදනය කිරීම සහ පරිසර සංරක්ෂණය අපේක්ෂා ...
වාමාංශිකයන් ආණ්ඩු පිහිටුවාත් විසඳුම් නොලැබුණු ග්‍රීක ආර්ථික අර්බුදය W3Lanka අජිත් පැරකුම් ජයසිංහග්රීසිය යුරෝපා සංගමයට අයත් රටක්. ශ්‍රී ලංකාවට වඩා මඳක් ලොකු වර්ග කිලෝමීටර් 50,949ක භූමි ප්‍රමාණයක් හිමි ග්‍රීසියේ ජනගහණය ලංකාවට වඩා බෙහෙවින් අඩුයි. එනම් මිලියන 11.4ක්. ග්‍රීසිය ශ්‍රී ලංකාවට වඩා හාත්පසින් ම වෙනස් භූ දේශපාලනික කලාපයක පිහිටි රටක් වුණත්, එරට සමාජ හා ආර්ථික වශයෙන් ලංකාවට යම් සමානත්වයක් ද තිබෙනවා. ඒ රටත් ශ්‍රී ලංකාව වගේ ම දීර්ඝ කාලයක් තිස්සේ කෑදර ...
අමුක ඩුමුක අමල් ඩුමල් W3Lanka මං ඔය නැටුම හරියට බැලුවෙ අදයි. මීට කලින් දැකල ඇති. ඒකෙ නරකක් මට නම් පෙනෙන්නෙ නැහැ.මං හිතන්නෙ නර්තන ලාලිත්‍යය කියන එක උපතින් එන එකක්. අධ්‍යාපනය හා පුහුණුව තුළින් වර්ධනය කරගන්නට පුළුවන්. අර සහජ කුසලතාව ඔප් නංවා ගත්තොත් අපූරු සෞන්දර්යයක් නිර්මාණය කරන්නට පුළුවන්. හුදු පුහුණුවෙන් විතරක් ඒ සෞන්දර්යය නිර්මාණය වෙන්නෙ නැහැ කියලායි මට හිතෙන්නෙ. මේ කතාව සියලු කලාවන්ට අදාළයි.අමුක ඩුමුක නැටුම ...
කොඩි ගහ යට කලූ ඒඩ්ස්වලින් මැරෙයිද? W3Lanka – අජිත් පැරකුම් ජයසිංහ කොඩි ගහ යට ටෙලි නාට්‍යයේ මුල් කාලයේ සංක්‍රාන්ති ලිංගික කලූ හිරගෙදර හිටිද්දී ඔහු හිටියෙ ලංසියා නමැති චන්ඩියකු සමගයි. එහෙම නැතිනම් හැම එකා එක්කම ඉන්න වෙන බවක් ඔහු එක තැනකදී කියනවා. පස්සෙ කාලෙක කලූ නෙවිල්, මහේෂ්, අසේල ආදීන් සමග එකතු වෙනවා. අසේල සමග ඔහුගේ සම්බන්ධය ලිංගික සම්බන්ධයක් වෙන්නත් පුළුවන්. අන්තිම හරියේදී මගදී කලූට හමුවෙන අයෙකු අර හිරගෙදර ...
ගල් පර්වත සංකේතය W3Lanka – අජිත් පැරකුම් ජයසිංහටිල්වින් සිල්වා මේ කියන කතාව ඇත්ත. ජවිපෙ ගැටලුවත් ඒකම තමයි. මේ වෙනකොට ජවිපෙ නායකත්වය කරන්නෙ ගල් පර්වත අස්වැද්දිය හැකියි වගේ බොරුවක් සමාජගත කරන එක. සමහර නායකයිනුත් ඒක විශ්වාස කරනවා යයි හිතෙනවා. සාමාජිකයන් ඒක හිස් මුදුනින් පිළිගන්නවා. ඒක තමයි අනුගාමිකයාගේ කාර්යය විදියට ජවිපෙ හඳුනාගෙන තියෙන්නෙ.ජවිපෙ මූලික ප්රශ්නය තමයි දෘෂ්ටිවාදය. ඒ දෘෂ්ටිවාදය හරියට ගල් පර්වත අස්වැද්දීම ...
ලංකාවේ සිංහල-බෞද්ධ අධිපති රාජ්‍යය අවසන් කිරීමේ මෙහෙයුම ප්‍රගතිශීලීද? W3Lanka – අජිත් පැරකුම් ජයසිංහලංකාවේ වත්මන් අර්බුදය පසුපස ක්‍රියාත්මක වන දේශපාලන බලවේග රැසක් තිබේ. ඇමරිකානු, චීන, ඉන්දීය අවශ්‍යතා, ඊලාම්වාදය, ආගමික මූලධර්මවාදය ආදී මේ සියල්ලම ලංකාවේ සිංහල-බෞද්ධ රාජ්‍ය ආධිපත්‍යය බිඳ දැමීම කෙරෙහි යොමු වී ඇති බව පැහැදිලිව දැකිය හැකිය.සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි-දූෂිත අධිපතිවාදය සිංහල බෞද්ධයාටත්, සිංහල බෞද්ධයාගේ නායකත්වයෙන් නිර්මාණය වී තිබෙන ශ්‍රී ලංකාව නම් රාජ්‍යයටත් ...
මීගහතැන්නේ 88 රියන් බුදු පිළිමයක් W3Lanka විශාල බුදු පිළිම තැනීම වර්තමාන ලාංකික බෞද්ධයන් අතර ජනප්‍රියය.මීගහතැන්න, සමනලවත්ත, ශ්‍රී ලංකා නිප්පොන් බෞද්ධ මධ්‍යස්ථානයෙහි ද අභිනවයෙන් 88 රියන් බුදු පිළිමයක් නිර්මාණය කර තිබේ.එම පිළිමය උත්සවාකාරයෙන් නිරාවරණය කිරීමේ පිංකම් මාලාවක් 2023 දෙසැම්බර් 04වැනිදා සඳුදා දින 8වැනිදා සිකුරාදා දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.ශ්‍රී ලංකා නිප්පෝන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ ...