John Q (2002) | Denzel Washington, Robert Duvall the movie thread Denzel Washington කියන්නෙ හොලිවුඩයේ ඉන්න කළු ඇමරිකානු නළුවන්ගෙන් දක්ෂතම නළුවෙක්. බොහොමයක් කාලෙක ඉඳන් ඔහු තමන්ගෙ ජනප්‍රියත්වය එක වගේම රඳවගන්න සමත් වුන රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහුට තමන්ගෙ දක්ෂතා පෙන්නන්න පුළුවන් විධියෙ චරිතත් ලැබෙන බවක් පේනවා. අද කියන්න යන John Q චිත්‍රපටියත් ඔහු රඟපාන හොඳ, හැඟීම්බර කතාවක් තියෙන පවුලේ චිත්‍රපටියක්. කතාව හොඳයි කියල විශේෂයෙන් කිව්වෙ මේකෙ රඟපෑම් සහ සිනමාත්මක බව ...
The Piano (1993) | Holly Hunter, Harvey Keitel, Sam Neill the movie thread The Piano චිත්‍රපටිය සංගීතය එක්ක ගලන චිත්‍රපටියක්. සංගීතය එක්ක බැඳුණු කාන්තාවක් ගැන කියවෙන චිත්‍රපටියක්. බාගෙන සෑහෙන්න කාලයක් තිබිල පහු ගිය දවසක බලන්න පුළුවන් වුණා. මුලදි ටිකක් විතර කම්මැලි වුණත් ටික දුරකදි සෑහෙන්න ලස්සන තැනකට කතාව ආවා. ඇඩා කියන්නෙ එකදාස් අටසිය ගණන් වලදි ස්කොට්ලන්තෙ ජීවත් වුණ තරුණ මවක්. ඇය ගොළුයි. නමුත් දක්ෂ පියානෝ ශිල්පිනියක්. ඒ වගේම ඇයට අවුරුදු 10ක විතර සැර දියණියක් ...
Moonstruck (1987) | Cher, Nicolas Cage the movie thread කාලයක් මුකුත් නොලිය හිටියෙ එක එක කේස් එක්ක කම්මැලිකම හොඳටම ඔළුවට ගහල තිබුණ නිසා. ඒත් පටන් ගත්ත වැඩේ කරන්න එපැයි. අද කියන්න යන්නෙ මම මෑතකදි හොඳට රස විඳපු ලස්සන චිත්‍රපටියක් ගැන. Moonstruck චිත්‍රපටිය ගැන මම දැනගත්තෙ Cher ගැන හොයන්න ගිහින්. දන්නවනෙ එයා දශක කීපයක ඉඳන්ම ගායන ලෝකයේ තැනක ඉන්න ප්‍රසිද්ධ පොප් ගායිකාවක් කියල. ඒ එක්කම එයා ඇකඩමි සම්මානයක් පවා ලබපු නිලියක් ...
Alaipayuthey (2000) - அலைபாயுதே the movie thread අද කියන්න යන Alaipayuthey චිත්‍රපටිය මම දැනට බලල තියෙන හොඳම දෙමළ චිත්‍රපටි වලිනුත් හොඳම එකක්. සමහර විට හොඳම එකද කියලත් ෂුවර් නෑ. මොකද දෙමළ චිත්‍රපටි වලින් දැනට මම වැඩිම වාර ගණනක් බලල තියෙන්නෙ මේ චිත්‍රපටිය. ඒ තරමට මේ චිත්‍රපටිය සුපිරි එකක්. ඒ කියන්නෙ චිත්‍රපටියක් හොඳයි කියල කියන්න ගන්න නිර්නායක වලින් සෑහෙන්න ප්‍රමාණයකින් මේ චිත්‍රපටිය උඩින්ම සමත් වෙනව. කාර්තික් කියන්නෙ චෙන්නායි (මධුරාසිය) ...
Forrest Gump (1994) the movie thread Forrest Gump චිත්‍රපටිය ගැන පටන්ගන්න තැනක් හෝ ඉවර කරන්න තැනක් මට හිතාගන්න බෑ. ඒක හරියට හැඟීමක් වගේ විස්තර කරන්න අමාරු දෙයක්. ඒත් මම බලපු, විඳපු, ඇඟටම ජීර්ණය වුණ හොඳම චිත්‍රපටියක් ගැන නොකිය කොහොමද? Forrest Gump කියන්නෙ ඇලබාමාවෙ ඉපදුණු, ළමා කාලයේ පෝලියෝ රෝගයෙන් පෙළුණ පුද්ගලයෙක්. ඔහු බොහොම නිදහසේ හිතපු කෙනෙක්. ඇත්තෙන්ම ඔහු වැඩිය හිතුවෙම නෑ. නමුත් කල යුතු දේ නොකල යුතු දේ ...
Pi (1998) - π the movie thread Pi කියන්නෙත් මම බලපු අමුතුම චිත්‍රපටි අතරෙ එකක්. ඒ වගේම හොඳට රස විඳපු එකක්. මේක මට හමු වුණේ ඔයාල බොහොම දෙනෙක් දන්න Ravenගෙන්. මාස කීපයකට සැරයක් අපි දෙන්න අතර තියෙන චිත්‍රපටි හුවමාරු කරගැනීමේ නොනිල සම්මුතිය යටතේ මට ලැබුණු එකක් තමයි Pi. Pi ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ මම හිතන්නේ. හයේ හතේ පන්ති වල වෘත්තය ගැන පාඩමේදි හම්බ වෙලා ඊට පස්සෙ සෑහෙන්න ...
Seven Samurai (1954) - 七人の侍 Shichinin no Samurai the movie thread අද විස්තර දෙන්න යන්නෙ ලෝක පූජිත සිනමා කෘතියක් වෙන Seven Samurai චිත්‍රපටිය ගැනයි. මේක ලෝකයේ නිපදවුණු හොඳම චිත්‍රපටියක් විධියටයි සැලකෙන්නේ. මේක ගැන ඉස්සර ගාමිණි වේරගම මහත්තයා රූපවාහිනියෙ සිනමා විචාර කරද්දි හොඳට කිව්වා. ඒ විචාර අනුව මම හිතාගෙන හිටියෙ මේක මෙලෝ යකෙකුට තේරෙන්නෙ නැති කම්මැලි හිතෙන චිත්‍රපටියක් කියලයි. නමුත් පසුසෙ දවසක මේක බලන්න ලැබුණමයි මට තේරුණේ 1954 කරපු චිත්‍රපටියක් විධියට මේක ...
The X Files: Fight the Future (1998) the movie thread මේ චිත්‍රපටිය ගැනනම් නොදන්න කෙනෙක් ඉන්න බෑ වගේම සාමාන්‍යයෙන් චිත්‍රපටි බලන කෙනෙක් මේක නොබල තියෙන්නත් විධියක් නෑ. ඒත් මම බලපු හොඳම චිත්‍රපටි අතර එකක් නිසා සහ මේක වෙනම උප සංස්කෘතියක් දක්වාම පැතිරුණ මාතෘකාවක් නිසා නොබලපු කෙනෙක්ට දැනගන්න එක්කයි The X Files: Fight the Future ගැන ලියන්න හිතුවේ. මුලින්ම මේ චිත්‍රපටිය මට හම්බවුණේ 1999දි විතර හොඳටම හම ගිය VCD තැටි දෙකක් විධියට. ...
Betty Blue (1986) - 37°2 le matin the movie thread අද කියන්න යන Betty Blue කියන චිත්‍රපටිය ප්‍රංශ චිත්‍රපටියක්. මම බලල තියෙන චිත්‍රපටි වලින් සිනමාත්මක විධියට හොඳම ඒවා හැදිල තියෙන්නෙ ඇමරිකාවට වඩා යුරෝපීය රටවල. Betty Blue කියන්නෙත් ඒ අතින් සුපිරි චිත්‍රපටියක්. මිනිස් හැඟීම් සහ ජීවිතය ගැන ගැඹුරින් කෙරෙන විග්‍රහයක් තියෙන චිත්‍රපටියක්. මේක හදල තියෙන්නෙ 1986 කියල මම දැනගත්තෙත් මේ ගැන ලියන්න ඕන වුණ නිසා. මේ වෙනකල්ම මම හිතාගෙන හිටියෙ මේක ...
Pithamagan (2003) the movie thread Pithamagan නමෙන් කියවෙන විධියටම දෙමළ චිත්‍රපටියක්. ඉස්සර දෙමළ චිත්‍රපටි කිව්වම නිදිමත හැදුනත් පස්සෙ පස්සෙ ඒවයෙ තියෙන අමුතු ගතියට කැමති වුණ නිසා දැන් ලැබෙන ඔත්තුවකින් දෙමළ චිත්‍රපටියක් බලන්න පුළුවන් ආසාවෙන්. මේ චිත්‍රපටිය ගැන මුලින්ම ඔත්තුව ලැබුණෙ අපේ ගුගල් බස් යාළුවන් අතර ඇතිවුණ කතාවකදි. කව්දෝ යාළුවෙක් (සමාවෙන්න නම අමතක එකට. දැන් ඒ බස් එකේ කෑලිත් නෑ හොයාගන්න) මේ චිත්‍රපටිය ගැන බස් එකේ ගිය ...
Cloverfield (2008) the movie thread Cloverfield චිත්රපටියෙ තියෙන්නෙ නිව්යෝක් නගරයට පහර දෙන අද්භූත යෝධ සත්ත්වයෙක් ගැන කතාවක්. ඒ තරම් ජනප්‍රිය වුණ එකක් නෙවෙයි. නමුත් ඒකෙ කතා තේමාවෙ විධියට ඒක ඔය ගොඩ්සිලා, ට්‍රාන්ස්ෆෝමර්ස් තරම් නැතත් සෑහෙන්න ජනප්‍රිය වෙන්න තිබුණා කියලයි මට හිතෙන්නෙ. සමහර විට චිත්රපටියෙ නම, ඒ කතාවේ තේමාව නිරූපණය නොකිරීමත්, රඟපාන අය ඒ තරම්ම ජනප්‍රිය අය නොවීමත්, ඒ වගේ චිත්‍රපටි කීපයක්ම කලින් නිකුත් වෙලා තිබීමත් ...
Apocalypse Now (1979) the movie thread Apocalypse Now කියන්නෙ ටිකක් පරණ වුණත් මම බලල තියෙන යුධ චිත්‍රපටි අතරෙ සුපිරි වර්ගයේ චිත්‍රපටියක්. යුද්ධයේ කුරිරු බවත්, යුද්ධය නිසා මිනිස්සු වෙනස් වෙන විධියත්, යුද්ධය නිසා ඒකට සම්බන්ධ වෙන මිනිස්සුන්ට දැණෙන ආතතියත් ගැන ගොඩක් සාර්ථක කතාවක් මේ චිත්රපටියෙ තියෙනවා. ඇමරිකානුවන් වියට්නාමෙ යුධ වැදුනු අවධියෙ සිදුවෙන සිදුවීම් කීපයක් ඔස්සේ තමයි චිත්‍රපටිය ගලාගෙන යන්නේ. ඇමරිකානු හමුදාවේ කැප්ටන්වරයෙක් වෙන ...
Treasure Planet (2002) the movie thread Treasure Planet කියන්නෙ Walt Disney සමාගමේ නිෂ්පාදනයක්. ද්විමාණ වර්ගයේ ඇනිමේෂන් එකක්. නමුත් යම් තරමකට ත්‍රිමාණ සජීවීකරණත් පාවිච්චි කරල කරපු නිර්මාණයක්. මේ චිත්‍රපටියත් කලින් කියපු Paul වගේම අභ්‍යවකාශයට සම්බන්ධ එකක්. ඒ වගේම මේක ස්කොට්ලන්ත ජාතික ලේඛක Robert Louis Stevenson මහත්මය ලියපු Treasure Island කියන පොත අනුසාරයෙන් නිපදවපු එකක්. ඔය පොත අනුසාරයෙන් වෙනත් කතා, චිත්‍රපටි, ටෙලි නාට්‍ය වගේ ගොඩක් ...
Paul (2011) the movie thread කලින් කීප වතාවෙදිම මම කිව්වෙ ටිකක් පරණ චිත්‍රපටි ගැන වුණාට අද කියන්න යන්නෙ මේ අවුරුද්දෙදිම නිකුත් වුණ, වැඩිය ජනප්‍රිය වෙලා නැති ඒ වුණත් සුපිරි වර්ගයේ චිත්‍රපටියක් ගැන. මේක ඇත්තටම එනකල් බලාගෙන හිටපු චිත්‍රපටියක්. Paul කියන්නෙ පිටසක්වලින් ආපු පිටසක්වලයෙක්. මෙයා 1974දි එයාගෙ යානයේ රවුමක් දාන ගමන් ඇමරිකාවෙ (මුන් කඩාපාත් වෙන්නෙම ඇමරිකාවටනේ :P) වයෝමින් ප්‍රදේශයේ ගෙදරක ඉන්න පෝල් කියන බලු රාලගෙ ඇඟට ...
One Hour Photo (2002) the movie thread http://huckleberry.casperworld.com Robin Williams මහත්තයව අපි කවුරුත් දන්නෙ බොහොම වැදගත්, නිවුණු චරිත හෝ කොමඩි චරිත ගොඩක් කරල තියෙන නළුවෙක් හැටියට. නමුත් ඔහුගේ රංගන පරාසය අති පුළුල් කියල දැණෙන චරිත ගණනාවක්ම ඔහු රඟපාලා තියෙනවා. මේ කියන්න යන්නෙත් ඔහුගෙන් තවත් සුවිශේෂී රංගනයක් බලාගන්න පුළුවන් One Hour Photo චිත්‍රපටිය ගැනයි. Seymour Parrish හෙවත් Sy කියන්නෙ මැදිවිය ඉක්මවපු තනිකඩ පුද්ගලයෙක්. ඔහුට ...
Across the Universe (2007) the movie thread අද කියන්නෙ ලස්සන සංගීතමය චිත්‍රපටියක් ගැනයි. ඒ Across the Universe!!! මේ ගැන මුලින්ම මට කිව්වෙ මගේ අන්තර්ජාල ජීවිතේ ආරම්භක අවධියෙ පටන් හොඳ මිතුරෙක් වුණ සම්පත්. මම බලල තියෙන සංගීතමය චිත්‍රපටි සේරම වගේ එකකට එකක් දෙවෙනි නැති ඒවා. ඒ අතරිනුත් මේක උපරිමයි කියන්න පුළුවන්. හේතුව මේකෙ තියෙන්නෙ මගේ ප්‍රියතම සහ ඔයාල හැමෝම දන්න බීටල්ස් (The Beatles) සංගීත කණ්ඩායමේ සංගීතය වීමයි. කතාව පටන්ගන්නෙ ...
One Flew Over the Cuckoo's Nest (1975) the movie thread http://www.movie-list.com මේ කියන්න යන්නෙ චිත්‍රපටි ලෝකයේ ඉහලම ගෞරවයට පාත්‍ර වුණ, ඒ වගේම කවදාවත් විඳින්න බැරිකමක් ඇති නොවෙන One Flew Over the Cuckoo's Nest චිත්‍රපටිය ගැනයි. මේක මගේ මිතුරු ගනේගොඩ මහත්තය විසින් මට බලන්න කියල නිර්දේශ කරපු චිත්‍රපටියක්. එයා ඔය කට පුරා මරු සහ පට්ට කියන්න පුළුවන් චිත්‍රපටි ගණනාවක් නරඹපු, නරඹන සහ චිත්‍රපටි ගැන අදටත් හොඳ සංවාදයක යෙදෙන්න පුළුවන් මගේ හොඳ මිත්‍රයෙක්. ...
Into the Wild (2007) the movie thread http://www.cinemagora.co.uk Into the Wild චිත්‍රපටියත් මම සෑහෙන්න ඉස්සර දවසක බලපු නියම චිත්‍රපටියක්. ඒ දවස්වල තිබුණ වනගත වීමේ පිස්සුවත් එක්ක මේ චිත්‍රපටිය සෑහෙන්න වැදුණා මට. ඒ වුගේම මේ චිත්රපටියෙ තියෙන සංගීතය මට චිත්‍රපටියට වඩා දැණුන ඒ දවස් වල. දැනටත් බොක්ස් ගිටාර් වලින් විතරක් වැයෙන මේකෙ සංගීතය හොඳට විඳින්න පුළුවන්. Christopher McCandless කියන තරුණයා තමන්ගෙ උපාධිය සම්පූර්ණ කිරීමෙන් පස්සෙ ...
You've Got Mail (1998) the movie thread http://moviereviewland.blogspot.com අද කියන්න යන You've got mail චිත්‍රපටිය මම බලපු හොඳම චිත්‍රපටියක්. ඒ වගේම නැවත නැවතත් බලමින් බොහොම පුංචි තැන් සියල්ලම උකහාගන්න උත්සාහ කරමින් රසවිඳපු චිත්‍රපටියක්. මගේ ලකුණු දීමේ ක්‍රමය අනුව 9/10ක් මට දෙන්න පුළුවන් ඒ නිසා. ඔය ලකුණු දීම ඇත්තටම චිත්රපටියෙ තියෙන සිනමාත්මක දේවල් වලට වඩා චිත්‍රපටිය මට දැණෙන විධිය මත පදනම් වුණ එකක් නිසා සමහර විට මේක ඔයාලට දිරවන ...
Adaptation (2002) the movie thread Adaptation චිත්‍රපටිය මුලින්ම මම බැලුවෙ අවුරුදු කීපයකට කලින් VCD තැටියකින්. නිකලස් කේජ්ට වහ වැටිල එයාගෙ චිත්‍රපටි හොයමින් බලපු කාලෙකදි තමයි CD කඩේකදි ඔය CD එක දැකල අරන් බැලුවේ. සිංහලෙන් තියා ඉංගිරිසියෙන්වත් සබ්ටයිටල් නොතිබුණ නිසා ඒ දවස්වල මට චිත්‍රපටිය ඒ තරම් තේරුණේ නෑ. කතාව නම් අමුතු එකක් කියල තේරුණා. මෑතකදි මම ආයෙත් චිත්‍රපටිය බාගත්ත. Nicolas Cage එක්ක මගේ තවත් ප්‍රියතම නිලියක් ...