දිනුවේ කවුද? The Last Summer - අන්තිම වසන්තය යුද්ධය...අපේ පරම්පරාව උපන් දා ඉඳන් අත් වින්ද අප්‍රසන්නම අත්දැකීම. අත්දැකීම කියන වචනය කොයි තරම් සාධාරණද කියන ගැටළුව මතු වෙන්නේ මායිමෙන් මෙහා දකුණේ උන්නු අපි සජීවීව යුද්ධය අත් නොදැකපු හේතුවට.ඒ කොහොම වුනත් අවුරුදු තිහකට කිට්ටු වෙන කාලයක් ඇතුලේ අපේම එවුන් දහස් ගණනින් බිලි අරගෙන යුද්ධය නිමා වුනා. සමා වෙන්න අතිගරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීමෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අධීක්ෂණයෙන් වීරෝධාර රණවිරුවන් අතින් නිමා ...
මැතිරීම AKA NEWS The Last Summer - අන්තිම වසන්තය “මෙන්නෝ ගඟ ඉහලට ගලනෝ."තොටුපොල ලඟ පිස්සා කෑ ගසයි.මෙහි අරුමයක් නැත.පිස්සාගේ එකම රාජකාරිය එයයි. -----------නමුත්, නමුත් අද කුමක් හෝ සිදුවී ඇත.මේ ඇසෙන්නේ පිස්සාගෙ හඬ නොවේ.“ගඟ ඉහලට ගලනවා-ඉහලටම ගලනවා-ඔව් ඔව් ඉහලට වේගෙන් ගලනවා”කෙඳිරියක් සේ නැගුණු හඬ, දැන් දැන් එකම ඝෝෂාවකි.මුළු නුවරම තොටුපොළ ඉස්මත්තේය.----------- මේ සැබෑවක්මද?යා යුතුය.මමද යා යුතුය.ජන ගඟ මැදින් තෙරපී මිරිකී ඉදිරියටම ඇදෙමි.බැලිමි.ඇස් පිසදා බැලිමී.නැත.කිසිදු වෙනසක් නැත.පෙරදා සේම ගඟ ගලන්නේ පහලටය.නමුත් ...
මමත් සාඩම්බර සිංහල බ්ලොග්කරුවෙක් වෙමි! The Last Summer - අන්තිම වසන්තය http://www.crwflags.com/මටත් මගෙම කියල පොඩියට හරි නිකන් එක විදිහක බ්ලොග් කෑල්ලක් පටන් ගත්තනම් හරි කියලා හිතුනා.වරදවලා තේරුම් ගන්ට එහෙම එපා. මේ මගෙ පළවෙනි බ්ලොග් පඩංගුව නෙවෙයි. දැන් ටික කාලෙක ඉඳලා මම තවත් බ්ලොග් එකක් ලියනවා. හැබැයි ඉතින් ඒකෙන් මගේ හිතේ හැටියට හිතේ තියෙන ඒවා එලියට දාන්ට බැරි වුනා.ආය දෙකක් වැඩි වෙනවය කියලා හිතලා තමයි මේකත් අලුතෙන් අටවගන්ට කියලා බැලුවේ. අනික අතින් ...