මිනිසා වූ කලී..., Tales of the Bohemian මිනිසා වූ කලී අමුතුම සතෙකි.., විශ්වයේ සිටිනාවූ සියල් සත්වයින්ගෙන් මවුකිරට අමතරව අනුන්ගේ කිරිද පානය කරන, උපතේ සිට මරණය දක්වාම කිරිබොන එකම සත්වයා වන්නේද මිනිසාය.., ලොව දියුණුම සත්තවයා වුවද ලොව ඇති දුර්වලම ගතිගුණ ඇත්තේද මොවුන්ට ය.ගතිගුණ අතිනුත් ගත්කල විවිධ කුලක වලට අයත් වන සත්වයින් හට ඇත්තේ එක හා සමාන ක්‍රියාකරකම් වුව.., මනුස්සයාගේ එලෙස නැති. එකිනෙකාට වෙනස් ගතුගුණ ගිණිය නොහැකි තරමට ම ...
අතිශයින්ම “නිදහස් නිර්මාණකරුවන්”ට පමණයි! Tales of the Bohemian නිර්මාණයක් කිරීමේදී කොපමණ මුදලක් ඩිසයින්ර් කෙනෙකු විදියට කොපමණ මිලක් නිර්මාණයක් සඳහා අයකරනවද කියන ගැටලුව ගොඩක් නිදහස් නිර්මාණ කරුවන්ට තියෙන ගැටලුවක්.., ඇත්තෙන් ම එය ඉතාමත් උත්තර දෙන්නට අපහසු ගැටලුවක්, පෞද්ගලිකව මම සමහර වෙලාවට කෙනෙකුට [යාලු මිත්‍රකමට හැරෙන්නට] නිර්මාණයක් කරදෙන විටකදී මේ ගැටලුවට මුහුණ දෙන වාර අනන්තයි. එහෙත් මේ ගැටලුව සඳහා සියලු කොටස් ...
ට්වේන්ගේ රසමුසු කතා Tales of the Bohemian සැමුවෙල් .එල්. ක්ලෙමන්ස් ව අප වඩාත්ම අසා ඇත්තේ ඔහුගේ සත්‍ය නමින් නොව ලිවීමේදී භාවිතකල කතුවර නාමය වූ "මාර්ක් ට්වේන්" නමිනි. ට්වේන් යනු මේ දක්වාම සිය ජනප්‍රියත්වය නොනසා පවත්වාගෙන යන කතුවරයෙකි. ඔහු කතුවරයෙකු මෙන්ම හාස්‍ය කතා කරුවෙක් ද විය. ජීවිතයේ සමහර සන්ධිස්ථාන වල දී කල කී දෑ වල වෙනසක් නොවුනත් අදාල සල්ලාපයන් හිදී ඔහුගේ වදන් භාවිතය අපට ගෙනෙන්නේ රසය නොනසා ගත් ...
සිංහල බ්ලොග්කරුවන් ගේ සුහද හමුව. Tales of the Bohemian දහනම (19) වෙනිදා උදේ නැගිටිනකොටම තිබ්බේ හිත ඇතුලේ මොකක්දෝ නොසන්සුන් ගතියක්. මොහොතකට එව්ව ඔක්කොම අමතක කරලා දාලා මගේ මූණත්තහඩුව හෝදාන කරගෙන යන්න ලැහැස්ති උනේ ටික කාලයකට ඉස්සර ත්‍රෙඩ් අස්සේ විකුම්පාපු අවස්ථාවකට සහභාගිවෙන්නයි. ඒ සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයේ පලමු සුහද හමුවට සහභාගි වෙන්නයි. කලින් දවසේ රාත්තිරියේ අක්කණ්ඩියි මුචාටයි කතා කරලා ටවුන්හෝල් එකේ ගමේ ...
මසැස , මනැස සහ තෙවන ඇස. Tales of the Bohemian විවරණය..> උප්පත්තියේ සිටම පවතින්නා වූද, උඩ, යට, වම හා දකුණ යන චතුර්විද ප්‍රදේශ වලට චලනය කල හැකි භෞතික දේ පමණක් පෙනෙන අවයවය "ඇස" හෙවත් මසැස නම් වෙයි. භෞතික දේ පමණක් පෙනෙන ඉහත පැවසි මේ අවයවය තුලින් පෙනෙන දේ තුල ඇති අරුත, විදග්ධ බව, ලාභාලාභ බව ගණනය කරණු ලබන්නේ,මන තුල පවතින ඇස ...
දසපද්දුර ක්‍රියා හා රවිශෛලාශයින් ගේ විළි වැසූ සළු රීති... Tales of the Bohemian අපි කුඩාකල අපේ මව් පියන් නිතර කියන වදනකි "දහපදුරාවී" යන්න. අනාචරයේ හැසිරෙන කාන්තාවන් ට සමහර උදවිය දහපද්දුරාවී යන්න භාවිත කළ බව පැරැන්නන් කියනවා අපි අසා තිබෙනවා... මෙහි මුල් උට්ඨානය සිදු වූයේ [රවිශෛලාශ]යක්ෂගෝත්රික සිරිත් විරිත් සමඟයි. ඒවාට පටහැනිව ක්‍රියාකිරීම දසපද්දුර ක්‍රියා නමින් හඳුන්වනු ලබනවා. නමුත් මේ වචනයේ අර්ථය දන්නේ අතළොස්සක් බව නම් නියතයක්.. එක්තරා අකාරයක් දස පනතක් වූ ...
“අදහස්” - කියවන්නේ නැතුව කීයටවත් අතහරින්න එපා...!!! Tales of the Bohemian මට ළඟදී මල්ලි කෙනෙකුගෙන් පොතක් ලැබුණා.. ඔහු මනෝවිද්‍යාව ගැන කුඩා කල සිට ම ඇල්මක් තිබුණු කෙනෙක්. පොතෙ නම "අදහස්". එය " Idea Book " හි පරිවර්තනයක්. පොතේ මුල් කතුවරයා "ෆ්රෙඩ්රික් හරේන්"[Fredrik Haren]..පොත සිංහලයට පරිවර්තනය කර තිබෙන්නේ, එම්.එච්.එම්. ...
කිචි කවාගන්න උවමනා නැත..! Tales of the Bohemian අද මම මගේ පරණ ලාච්චුවක් අදිනකොට පරණ නැෂනල් ඉන්ක්වයර් සඟරා වගයක් හම්බ උනා. නිකමට වගේ කියවලා බලනකොට ලිපි අග පුංචියට තිබුන කතා ටික කියවලා බැලුවා. 1970 දී පලවූ සඟරා උනත් ඒ කතා වල “ටොක්ක” තාමත් හොඳට ඔලු වලට වදින්නේ කතාව තුල අපට හිතන්න දේවල් ඉතිරි කරල තිබෙන හන්දයි.. කෑමක් උනත් වැඩිය රස ...
ලෝකුරු නයිදේ ගේ "හත් බොරු කවිය". Tales of the Bohemian ලෝකුරු නයිදේ කන්ද උඩරට අවසාන රජුව සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කවිකාර මඩුවේ සිටි මුඛරි කවියෙකි. රජතුමා කවියන් පිරිවරා සිටි විවේක අවස්ථාවල දී ඔවුන් ලවා කවි කියවා ප්‍රීති වීම සිරිතක් විය. නිතරම එකම කවි අසා හෙම්බත් වී සිටි රජතුමා කවීන් අතර තරඟයක් ඇතිකිරීමට සිතා ගත්තේය. කවිකාර මඩුවේ සෑම සියලු දෙනාම එක් වූ අවස්ථාවක රජතුමා මෙසේ කීවේය. ...
කාලය Tales of the Bohemian කාලය මනින්නේ කොහොමද කියලා කෙනෙකුගෙන් ඇහුවොත් පැය විනාඩි තප්පර වලින් කියලා කෙනෙකුට කියන්න පුලුවන්.., නමුත් මම මෙහෙම කිව්වොත්, හොඳ කාලය, නරක කාලය කියලා එහෙම බෙදන්න බැරිද කියලා... උත්තරය...: ගැටලුවක් වෙන්න පුලුවන්.. ...
වාසගම් - දන්නා දේ ගැන නොදන්නා යමක්. Tales of the Bohemian මූලිකවම වාසගම යනු පුද්ගලයෙකු ගේ නම අගට හෝ මුලට යෙදෙන, තමාව අයිති පවුලේ [පෙළපතේ] නාමයයි. [වාසගම යන වදන පවුල්නාමය යන පදයේ පර්යාය පදය ද වෙනවා.] එමෙන්ම වාසගම ලෙස බොහෝ විට යෙදෙන්නේ පිය පාර්ශවයේ නාමය වුවත්, අමහර සංස්කෘතීන් හි වාසගම ලෙස යොදන නාමය මාතෘනාමය ලෙස වෙනසකට භාජනය වෙනවා. පරණ අය තම වාසගම් විදියට භාවිතා කරගෙන ...