නුගේගොඩ හෙවත් ඒ පළමු හැන්දෑව Nobody's Edge ඒ පළමු හැන්දෑවකඳුළු කැටි වැටි වැටී දිළිසුණපඳුරු ලා ආදරයසදාතනිකව පැළවුණඉස්සී ඇඟිලි මතකම්මුලෙහි තැවරූස්නේහයේ පළමු රළහිස් වූ ෆුඩ් වේව් බිම මතින්රැළි නගයි උස් වූ ගුවන් පාලමඇස් පියා තවමත්හිස් නොවූ ප්‍රේමයක තතු කියයිඇස් ඉස් මස් විතරක් දකිනදෙස් දෙන වස් කවි කියන ලෝකෙක ඇස් දෙකේ වස්සානය පුරවගෙන අත් දෙකෙන් වසන්තය අරගෙනහිස්ම හිස් උයනකවිස්මයක් තමයි ඔබ පිපුණ එක දවන දැවෙනා දිවි මගනිවෙමි ඔබ හා ...
නොවැම්බරයක රිදෙන මතකය Nobody's Edge ඉරුණු තැන් පිරිමදින අහසකිමැරුණු මල් පෙති සිඹින පොළවකිඇරුණු මතකයෙ සොහොන් ගැබ මතපිරුණු ඉතිරුණු ඇසකි සයුරකිදළුලන්න බැරි සිසිර මොහොතකගිලිහෙන්න කමටහන් අවැසිදයළි එන්න බැරි අඳුරු නිම්නයමළවුන්ට තරු නැගූ අහස ද?බෙන්සාරු කළ කඳුළු බිඳකින්කන්තාරු නින්නාද නෑහෙනසංවාද කළ රැයක දෑසින්සංවේග වේදනා වෑහෙනකියන්නට කිසිදාක බැරිවුණවදන් නැති කවි හදක චිතකයදවන්නට හිත හදා ගනු බැරිනොවැම්බරයකි රිදෙන මතකය22-11-17 ...
නො පවතිනු වස්... Nobody's Edge කන්දකට පෙම් බඳිමිආදරේදැයි පෙරළා නො අසමිනින්දෙනුත් ගිරි හිස සිඹිමිපෙම් බසින් දුර්ග මංපෙත් වසනෙමිඅසිරිමත් උදයට ඇහැරෙමිවිසිරි පිනි මෘදු හාදු අහුලමිකාගෙදැයි අයිතියක් නො දැන මහිස් කළ සිත් පැසෙහි ලා ගමිමිහිදුම් දුමාරය තුළ දියවෙමි සිහිනෙක සැබෑවක පවතීද නො සිතමිතුරුපත් සාද සර සරය වෙත වැදතරු අඳුර සමග සව්දිය පුරමිකන්දකට පෙම් බඳිමිපෙම් රැහැන් වරපට මුදමිනින්දෙනුත් ගිරි හිස සිඹිමිනො පවතිනු වස්, ප්‍රේමයව පවතිමි02-02-17 ...
වීණාව මට දී , ඔබ ගැඹුරු නින්දක Nobody's Edge කල් ඇතිව දැනුම් දීමග බලා ඉනු පිණිසකල් ඉකුත් වූ පසු ඇවිත් නතරව මා පසෙකවීණාව මට දී ඔබ ගැඹුරු නින්දක මට නැතත් කාලයට ඉක්මන් යඉතිං මට වයන්නත් බැරි නො වයා ඉන්නත් බැරි....ඔබ නිදනවාට මම කැමතිසිහින දකිනවාට අකමැතිඔබ නිදන හැටි මට දකින්නට හැකිඔබේ සිහිනය මට දකින්නට බැරිනිද්රාවට කළ හැකි එකම දෙයමට නො පෙනෙන්නඔබේ සිහින සඟවා ගැනුමඑනිසාමඅවැසි ය මේ වෙණ වැයුමනින්දෙන්ම ඔබ මිය ...
ගසක හදවත එහෙම ය..... Nobody's Edge හදෙහි ගැඹුරු ම පතුළතපැතිර දිව ගිය මුල් රැසඋතුර උතුරා වැඩූ සනහසනැගූ තැන මුදු මදහසමල් පිපුණු ඒ තුරු හිසපිපෙන පිපෙනා මල් මතඅතුර අතුරා සුවඳ මුවරද ඉතිරි කර ගත් දෙයක් නැති එකඒ තමා ගසක සෙනෙහසඑකම එක මලකටමිස සියක් මල් වෙතනො බැඳිය යුතුයි කීවදපළමු සහ අවසාන මලට දබැඳුණු සෙනෙහස එකම යගසක හදවත එහෙම ය19-06-17 ...
ඔබ නම් වන සරත් ඍතුව හෙවත් පුදුමය Nobody's Edge ඉතිං මේ සරත් ඍතුවපුදුමයකි පත් හෙළා උරහිස් ගස්සනහමා එන සියුම් සුළඟකපවා දවටා ගිමත් සරතැසසමාවට කරුණු නො කියාමනිමාවක් නැති කවි උපද්දනඋද්යානයක් වෙන එක කළ හැකි, කවියකට විතරයවියළි රතු පත් අතර සැඟවුණපියලි හිම තිබිය හැක කඳුළු සඟවනසියලු දේටත් වඩා වැඩියෙනවසන්තය ගැන හිත හිතා වැළපෙනහුදෙකලා දෑසක ඇවිලෙන්නසරත් සඳ ගිමත් අහසින් නැග එන්නවරක් ඇසිපිය හෙමින් පිසලන්නමලක් ඉපදෙයි එයට ඉඩ දෙන්නනමා හිස සෙමෙන් මුදු ලෙසපමාවට ...
ශතවර්ෂ අටකට පෙර මෙන් ම ... නුවර කලාවිය Nobody's Edge වැව්බැඳි රාජ්‍යය නටඹුන්වල අභිමානය දරාගෙන හිමිදිරියේ පිබිදෙයි. අනුරාධපුර නගරයෙන් බොහෝ දුර නිහඬව හුස්ම ගන්නා ගම්වලට ඉහළින් ඉර නැගෙයි. අනුරාධපුරය නොහොත් නුවර කලාවිය.... නුවර වැව, කලා වැව, පදවිය වැව - එක්කොට සැදුණු නුවර කලාවිය. ... පළමුව දහදියෙන් දෙවනුව වැසි දියෙන් පිරුණු සිය ගණනක් වැව්වලට දහස් ගණන් දෑත්වලින් ලේ වැගිරෙන්න ඇති, ඒ එසැවුණු ගල්වලින් තැනුණු වැව් බැමි මත සියවස් ගණනකින් එපිට උදා ...
මහ පාර මියැදුණි. Nobody's Edge මහ පාර මිය ගොසිනිදරා ගනු බැරි තැනපර මල් සුවඳහොවා ළය සෙනෙහසින්සුරැක සුසිනිඳු පෙතිලියා සොඳුරුම කවිමලකට නමක් දුන් හැටිමලකට වුවපිපෙන්නට සහ වැටෙන්නටකාලයක් ඇතකිහිරඟුරු මහ පාරදැන ගත යුතුව තිබුණි ඒ බවතුරු හිසෙහි නටු අගෙහිවේදනා කෙළවරඅහසින් ද පොළවෙන්ද සමුගෙනකහ පාට මල් පෙති ගිලිහුණිඅහසවත් පොළවවත් නො දැනමමල් වැළඳ මහ පාර මියැදුණිතවත් අය දෑත් පටලා එහි එනකහ මල් පලස විඳ විඳඑමගෙහි ඇවිද යනමළගමක් උඩින් බව ...
හිතවතිය..., Nobody's Edge සරත් වැස්සක උන්මාදය රැගෙනවෛවර්ණ මතක තුරුපත් ඉතිහාස තුරු හිසෙන් ගිලිහෙනඅවන්හල පාමුළ කොළ පාට වෙනුවට රතු එළිය දැල්වෙනඒ දවස කවද ද - කෝපි සුවඳක කැමැත්තෙන් අපි මත් වී බමන පැරණි ම පෙම්පතක ඉස්පිල්ලකින් මිදුණකඳුළු බිඳුවක් වෙත නිවී විදසුන් වඩනකටුක ම ජීවිතේ මල් පෙති දකිනඒ මල් පෙතිත් පරව යන බව සිහිකරනහවසක් ඉතිං, එළඹිය යුතුයඅකාලික මීදුමක - උණුසුම් ව හදවත් දැවෙනකොයි ඍතුවෙත් ඔබ ...
බූන්දිය ගැන මාලතී කල්පනා ඇම්බ්‍රෝස්| සමබිම සමග Nobody's Edge Boondi.Lk වෙබ් අඩවියට අවුරුදු තුනක් පිරීම නිමිත්තෙන් ‛මේ නිහඬ වෙරළට එන්න’ කාව්‍ය සංග්‍රහය එළිදැක්වුණු හැන්දෑවේ මාලතී කල්පනා ඇම්බ්‍රෝස් සමඟ මනෝරි කලුගම්පිටිය කළ පිළිසඳරක්. [උපුටනය සමබිමෙන්]කල්පනා "මේ නිහඬ වෙරළට එන්න" පොත ගැන පොඩි හැඳින්වීමක් කළොත්....මේ පොතේ තියෙන්නෙ මම අවුරුදු 15 ක් තිස්සෙ ලියපු කවි. මම කවි ලියන කාලෙ යුග දෙකකට බෙදනවා. පුංචි කාලේ ඉඳන් විශ්වවිද්‍යාල ජීවිතේ මුල් කාලය වෙනකන් එක්තරා කාලයක්. ...
අවුකන ඇසින් රළ නැගෙන කලා වැව Nobody's Edge සියල්ල නිහඬ ය. ඒ නිහැඬියාව බිඳෙන්නේ කලා වැවට තවත් දරා ගනු බැරි දියවර ඉසිහින් දියරැළි බවට හැරී රළපනාවෙහි වදින හඬිනි. අහස් දිය ද මහී කත ද එක්ව ප්රවේශමින් වියන ලද රිදී පැහැසේද දිය සළුව සුළඟෙහි දඟයට හසුවී ලෙල දෙයි. හැම රැළිත්තක් ම එකම රටාවකට...එකම අයුරින් නැවී...බෙදී...ලොකු මාළුවෙකු ඉඳහිට දිය කළතන්නේ ‘ග්ලබ්-ග්ලබ්’ හඬිනි. සුදු දුඹුරු පැහැ උකුස්සන් දෙපළ විටෙක අහස වෙත ...
සුජාතා Nobody's Edge නිමිත්ත: පපුවෙහි සැත්කමක් කළ ගැහැණියක් සිය සිඟිති දියණියද සමග බස් රියේ සිඟා කයි.සුජාතා මහරගම ආවාමුදුන් ලීයක් නැති ගෙදරින්දුම්බර කන්ද බැහැලාහිතේ ගහගෙන රෝස පාටටනිදිකුම්බා මලක්තව යන්න බැරුව-වැටුණෙ හරියටමඉස්පිරිතාල හංදිය ළඟයලාවා ගැලුවේ රතුපාටටවාට්ටුව යට කරගෙනනිදිකුම්බා මල ඇකිළුනාසිරින්ජරයක් ඇතුළටකහ පාට සුදු පාට රතු පාටපීල්ලට යන මංකඩේරූස්ස අඹ ගහේ දළු පාටඈ ආසම පාට ලා කොළ පාටමෙන්න ඇස් ඉස්සරහගිණි කණ දිදීළපැත්තම ඇවිලී වැටී හරහටවාරු දී ...
'තිලක සිත' හෙවත් නොස්ටැල්ජියානු මිහිරේ ගැඹුර Nobody's Edge ඒ 2000 මැද භාගයයි. මාත් මගේ අතිජාත මිතුරිය චතූත් හිටියේ පේරාදෙණියේ සංඝමිත්තා ශාලාවේය. කලා පීඨයේ සිටියද අපේ රූමිලා සහ ගජයන් වූයේ ඉංජිනේරු පීඨයේ නංගිලා කිහිප දෙනෙකි. දහයක පහළොවක රෑනක් වූ අප වළේ හෝ ඒ ටී එකේ චිත්‍රපටියක් නොඑසේ නම් සංගීත වැඩසටහනක් නොමැති හවසක ඉංජිනේරු පීඨයේ ඇවිදින්නට ගියෙමු. යක්කුන්ටවත් බය නැති අපේ තනියට කොයි එකටත් ෆැකල්ටියෙන්ම හිච් වී සිටි නංගිලා දෙදෙනෙකුගේ ...
කළු ගඟ පමණක් අසා උන් දෙබසක් Nobody's Edge රන් මුදුවක් සොරා ගනු ලැබූවා යයි සැක කිරීම නිසා ඇඟලුම් කම්හලක සේවය කළ තරුණියක් කළු ගඟ ට පැන සිය දිවි හානි කර ගනියි.අම්මා:මගෙ සුදු දුව කොතැන ගියේ රන්සළු විල් දියට ගියේදියේ මලක් පිපිලා යේඑමල කඩා එන්ට ගියේදුව:අම්මේ මං ගඟේ ගියේබෝ සමිඳු ට කියා ගියේවේලක් සරි කර ගන්නටඅරුංගලය එවා තියේඅම්මා:රනින් නෙළා ගත් දෝණීරන් කිරි කට ගෑ දෝණීරන්වන් සළු වියු දෝණීරන් දියඹට ...
අන්තිමේ දී එපුවත පැමිණියේ ය. Nobody's Edge කඳු ගැටයක් මුදුනේ ෆයින් ගස් වලින් වටවුණු කළු ගලින් තැනූ කුඩා දෙව් මැදුරකි. දෙව් මෙහෙය අවසන්ව සීනුව නාද වෙත් ම එළියට පනින කුඩා පැටවුන් දෙදෙනෙකි. පූජක තැනගේ නිවසෙහි කුඩා කළු සුදු රූපවාහිනිය මත දොස්තර හොඳ හිත පාන පෙළහර බලන්නට ගෙදර නො ගොස් බඩගින්නේ ම බෙලි දික්කරමින් සිටින උන් දෙදෙනාගේ ඉරිදා රෑ කල සිහින පිරුණේ කතා කරන සතුන් රැගෙන අප්‍රිකාව දෙසට ...
නො තෙත් හිත් මත කාසල් කඳුළු Nobody's Edge “සුළු අසනීපයට කාසල් රෝහලට ඇතුළත් කළ ගැබිණි බිරිඳ රෝහලේ නොසැළකිල්ලෙන් මිය ගියා.” තරුණ සැමියා වැළපෙයි. -පුවතක්සඳින් සඳ ගනිමි එන පෙර මඟ බලමිගිරෙන් ගිර නැගෙමි හිරු දැක නෙත් පියමිනෙතින් නෙත දකිමි දෙනෙතින් වැළඳගමිසිතින් දුක දරමි ප්‍රේමය උහුලගමිවිකල් සරතැසකි මතකය බිඳෙන ඉමවිතැන් වූ සිහින පමණක් ඉතිරි වුණවසන් වුනේ ඇයි ඔබ හද ගැඹුර මැනවිසංවාදයකි අප වෙන් කෙරුණු තැනපඳුරු ලලා නැගි ජීවිත ළතැවිල්ලසොඳුරු යමක් ...
ඔබ හැරුණු තැන Nobody's Edge මලක් තුළ බහා ඔබ තබා ගිය විස කටුවමල සිඹින නියායෙන් ඇනගමිකලක් ගිය පසුවවත් මතක් වේදැයි බියෙන්පලක් නැති මතක පැස ගිනිලමිසඳක් වනු වස් ඔබට රැයක් වූ බව මෙතෙක්නො කියා ම රැය පහන් කරනෙමිවරක් දුටු දේදුන්න වේදනා මුස්නකින් පිස දමා මුව අගින් හිනැහෙමිදුරක් අපි එන්න ඇති ඒ මගෙහි සිහින ඇතිඔබ හැරුණු තැන මඳක් නවතිමිතැනින් තැන ඔබ තැබූ කටු පොකුරු සහ මලක් එකම ...
මෙගා අහස යට Nobody's Edge නාට්‍යකරණයේ යෙදෙන සහෘදයෙකු මෙගා වෙළඳ සැලක් ඉදිරිපිට විකට ඇඳුමකින් සැරසී වෙළඳ ප්‍රවර්ධනයේ යෙදෙන'යුරු දුටිමි.සෙනඟ උතුරා හැලෙනකොළඹ ලෝදිය හැලියනුගේගොඩ එක හංදියක් ළඟ ඉහිරුණාපුවත් නොදැන ම මෙගා සැල අස තෙරපුණානො විකිණෙන කිසිවක් මනොමැති ඒ අහස යටක්ෂුද්ර මිනිසුන් මෙගා සිහිනෙක පැටළුණාමෙගා කටකින් සිංදු පාරට වැගිරුණානේක බහුරූ කෝලම්වත පුරා රතු සායම්මුව අයා ගත් සිනා විදුලිය කොටමිනාසුළං පිරවූ රුවක් දූවිලි කළඹනාරඟ මවන විසුළු රුවනතර විය ...
පරණ අවුරුද්ද Nobody's Edge ඉතිං අපි බැස ආමු හූ කියන දුම්රියෙන්සිතින් සිත වැළඳ ගත් නොහිම් වූ ප්රේමයෙන්නිතින් රතු වී යළිත් දියව යන වේගයෙන්අතින් හිරු අඳින සිතුවම සිඹිමු ලෝභයෙන්එතැන මඳ නලක් විය නතර වී දුක කියනඑතැන රළ පෙළක් විය හැපි හැපී ඉකි බිඳිනඑතැන වුව දහක් දන සිනා මුව පැළඳගෙනඑතැන වූ වැලි තරම් දුක් දුටිමු ඇස් කොණිනදුබල ඔරුබඳ වැටී වෙරළ මත කව් ලියනසසල සමුදුරු ළඳට දුර ...
මිහින්තලයෙන් ඉර බැස යමින් තිබුණි. Nobody's Edge මිහින්තලයෙන් ඉර බැස යමින් තිබුණි. රතු පාට දුහුවිලි මතින් නැගෙන කොළපාට තුරුවියන තාර පාර දිගට ද මිහින්තලා කන්ද මුදුනට ද ඉනුත් එහා ශේෂ කඳු ඡායාවන් තෙක් ද විහිදෙයි. සියවස් කිහිපයකට පෙර බොහෝ දෙනෙකු සුවය පතා වැතිර හිඳින්නට ඇති ශෛලමය බෙහෙත් ඔරුව ද ආරෝග්යශාලවේ , බොදුන්සල්වල , සංවාද මණ්ඩපවල නටඹුන් ද තැනින් තැන කොන්ක්‍රීට් අනමින් යටිතල පහසුකම් දියුණු කරන කම්කරුවන් කිහිප ...