ගඟක නිම් නැති සෙනෙහස Nobody's Edge රැළි නගා ඇදෙන කොටසුළි අතර බිඳී විසිරෙන කොටවරක් මියැදී යළිත් උපදින එකඑ් තමයි කාටවත් නො පෙනෙනගඟක නිම් නැති සෙනෙහස29-12-2016
යාරා Nobody's Edge පාරා මතක ගැඹුරු ගඟ දිය පතුළතයාරාව ගලයි පෙර පුරුදු විලසටනේරංජනාවකි අඬගසන එතෙරටබේරා පෙරා විඳිමි රැළිලන සෙනෙහස 24-12-2016
ඔබ නතර වුණ තැන Nobody's Edge ගිම්හානයේ පැතිර තිබුණේනිම්නාද දෙන මදහසක්සංසාරයක විඩා නිවනාසිසිරමය මුදු සිහිලසක්නිම්නයක් මැද සැදීි පැහැදෙයිප්රේමයට නම් දුන් තැනක්ඔබ හෙමින් විත් නතර වුණ තැනපිපී හිනැහෙයි මල් හුඟක්20-12-2016 ...
සියලු දේ අතීතයට පවරා ඔහු නික්ම ගියේය. Nobody's Edge ඔහු නික්ම ගොසිනි. මා ඔහු කිසිදාක හැබහින් දැක නැත. එහෙත් ඔහු අපව ද ජීවිතය ද ජීවිතයේ යථාව ද විනිවිද දුටු වග හොඳින් දනිමි. අරලියා මල් අතර ගයා නිමාවෙන්නට නියමිත යෞවනය කෙළවර දී, දිනෙක අපට අප අහිමි වන බව කියා දුන්නේත් , ගමට කලින් මුළුතැන් ගෙයට හිරු වඩින බව කාටත් වඩා අපූරුවට කිව්වේත් ඔහුය. අතීතය මතකයක් බවට රූපාන්තරණය වෙද්දී බැඳිම් විප්පයෝග ...
නුගේගොඩ හෙවත් ඒ පළමු හැන්දෑව Nobody's Edge ඒ පළමු හැන්දෑවකඳුළු කැටි වැටි වැටී දිළිසුණපඳුරු ලා ආදරයසදාතනිකව පැළවුණඉස්සී ඇඟිලි මතකම්මුලෙහි තැවරූස්නේහයේ පළමු රළහිස් වූ ෆුඩ් වේව් බිම මතින්රැළි නගයි උස් වූ ගුවන් පාලමඇස් පියා තවමත්හිස් නොවූ ප්‍රේමයක තතු කියයිඇස් ඉස් මස් විතරක් දකිනදෙස් දෙන වස් කවි කියන ලෝකෙක ඇස් දෙකේ වස්සානය පුරවගෙන අත් දෙකෙන් වසන්තය අරගෙනහිස්ම හිස් උයනකවිස්මයක් තමයි ඔබ පිපුණ එක දවන දැවෙනා දිවි මගනිවෙමි ඔබ හා ...
නමක් නැති ඍතුව Nobody's Edge නමක් නැති මේ ඍතුවනිමක් නැති හඬ ස්වර උපද්දන තෙතක් නැති නියං දෙතොලින් සිප ගනිමිඉරි තැළුණු ගිම්හාන හදවතසරත් වැස්සෙහි පොඟවාඅකාලික තරු එළියකට අත හරිමිමලක් නැති මල් සුවඳමදහසේ කටු ගවසාසඳ මුදු දිය ද තවරා විඳ ගනිමිඉමක් නො දිසෙන මංපෙතපෙමක් අතැඹුල් කොටනිමක් නොමවිමසා මපිය මනිමි..23-11-2016 ...
කටහඬ Nobody's Edge අඩ ස්වර සෙමෙන් පිරිමැද තබා ගෙනැවිත් හිත ළඟමද මුදු බවින් ඉකිලනවේදනා කඳුළක් ද කටහඬශෘංගාර තනුවක කිමිදරැව් රැළි නගා ඉපිළෙනසංසාර වෙරළත වැදී වැදී විසිරෙනසිලෝවක ස්වරයක් ද කටහඬ සොයා සිඳු පහළට ඇදි ඇදිගලා යන යන සැඩ ගං දියරැළිවෙලා දෑතින් උල්පතක් වෙතයළි ඇදෙන අරුමැසි සිතුවිලිසරතයේ සිහිල වී හීන මත ඉහෙනපොද වැස්ස, මධු සඳ ඔඩම මත බුබුළක්ව නැගෙනඉගැඹුරුම නිහැඬියාවක මුණිවතින් වැයෙනහඬ නො දෙන තාලයක ...
විස්මය Nobody's Edge 'මට පුදුම ඔබ කිසිවකින් පුදුම නොවන එක....' ඇය කීවා ය. විශ්වය ම දවා හළුකොට භෂ්ම කළ සිහින පොදියකරශ්මියක් නො පැතිය යුතු බවවටහා ගැනුම නොවෙද විස්මය?රළු අඳුර මැද සැලි සැලි විඳ විඳ රැයක සීතල යළි යළිපිනි මවන තණපත් ඒ තමා පුදුම සිතුවිලිවලාකුළු යට තැවි තැවිගලා යනු බැරි රළ රැළිදරා ගනු බැරි තැනකවියක්ව උපදිනසියුම් ඉසියුම් දිය රැළිසත් වසක් වැලි ඇවිලෙනකතරක් සිඹින මහ ...
හිතවතිය..., Nobody's Edge සරත් වැස්සක උන්මාදය රැගෙනවෛවර්ණ මතක තුරුපත් ඉතිහාස තුරු හිසෙන් ගිලිහෙනඅවන්හල පාමුළ කොළ පාට වෙනුවට රතු එළිය දැල්වෙනඒ දවස කවද ද - කෝපි සුවඳක කැමැත්තෙන් අපි මත් වී බමන පැරණි ම පෙම්පතක ඉස්පිල්ලකින් මිදුණකඳුළු බිඳුවක් වෙත නිවී විදසුන් වඩනකටුක ම ජීවිතේ මල් පෙති දකිනඒ මල් පෙතිත් පරව යන බව සිහිකරනහවසක් ඉතිං, එළඹිය යුතුයඅකාලික මීදුමක - උණුසුම් ව හදවත් දැවෙනකොයි ඍතුවෙත් ඔබ ...
ඔබ නම් වන සරත් ඍතුව හෙවත් පුදුමය Nobody's Edge ඉතිං මේ සරත් ඍතුවපුදුමයකි පත් හෙළා උරහිස් ගස්සනහමා එන සියුම් සුළඟකපවා දවටා ගිමත් සරතැසසමාවට කරුණු නො කියාමනිමාවක් නැති කවි උපද්දනඋද්යානයක් වෙන එක කළ හැකි, කවියකට විතරයවියළි රතු පත් අතර සැඟවුණපියලි හිම තිබිය හැක කඳුළු සඟවනසියලු දේටත් වඩා වැඩියෙනවසන්තය ගැන හිත හිතා වැළපෙනහුදෙකලා දෑසක ඇවිලෙන්නසරත් සඳ ගිමත් අහසින් නැග එන්නවරක් ඇසිපිය හෙමින් පිසලන්නමලක් ඉපදෙයි එයට ඉඩ දෙන්නනමා හිස සෙමෙන් මුදු ලෙසපමාවට ...
'සුරංගනා කතාව' Nobody's Edge ඔබ කියූ සුරංගනා කතාවලයකුන් මකරුන් සිටියේ නැතකුමාරිකාවන්ගේ හදවත් බිඳුනේ ම නැතසී මැදුරු කවුළු තිරවලඅහඹු කඳුළු පැල්ලම් තිබුණේ ද නැත..සත් වසක ශාපයෙන් අවදි වන විටමගේ මුවගින් මකර ගිනි පිටවෙනබිඳුණු හදවත් කැබලි දියමන්ති බවට හැරවුණධවල සළුපිළි ලුණු රසට දියවුණඉතිං පෙම්වත,දැන්,ඒ ඉපැරණි කතන්දරයේ නම වෙනස් කෙරුමට මොහොත ය.'සුරංගනා කතාව' හැර වෙනත් ඕනෑම නමකට කැමති ය! ...
දවසක..... Nobody's Edge මල් දමක් සේ පැළඳ ගමි ඔබ ගල් මතින් ඇවිද යන දුර ගමනකදැණුනොතින් ඉසියුම්ව රිදුමක්ළයෙහි බර තව දරනු බැරි වී කේශිකා බිඳි බිඳි ගිය බව වටහගනු මැන එදිනට14-10-2016
"ඔබ ගැඹුරු නින්දක" - සැප්තැම්බර් 10 Nobody's Edge මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ගේ "ඔබ ගැඹුරු නින්දක" කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමේ උළෙල, 2016 සැප්තැම්බර් 10 වන සෙනසුරාදා, සවස 3:00 සිට 6:00 දක්වා, කොළඹ මහවැලි කේන්ද්රයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. දේශනලියනගේ අමරකීර්තිචූලානන්ද සමරනායකමෙහෙයවීමධනුෂ්ක ගනේගොඩඔබ ගැඹුරු නින්දක, සන්ථව ප්රකාශනයකි. ...
ඇතැම් විට... Nobody's Edge ඇතැම් විට ලද කුඩා ඉසිඹුවකපැරණි පිය සටහන් නැතිනැවුම් මිහිදුම් මාවතකඑන්න මටහදිසියෙන් මෙන් සිතෙන්නට හැකඅතුරා තබනු මැනනො ඇසූ සියලු පැනදම්පැහැ කැලෑ මල් මතරැගෙන යනු පිණිස මටනිදහස් ය ඔබ එවිටසියලු පැන සහනො ලද පිළිතුරුවලින්17-08-16 ...
සමර Nobody's Edge එක මලක්පිපෙයි පරවෙයි එක වරක්කවුරු දන්නෙදඒ මල මඇතැම් විටපිපෙනු පරවෙනු ඇත සියවරක්06/08/2016සමර*-සමර විජේසිංහ කවියා#දිළිසෙනපියවර #සමර #සමරසැමරුම
ඉරි Nobody's Edge ඉරි තැලුණු දිරි සිඳුණු ගමනකමල් දිදී මිය ඇදුණු තුරු බඳමුල්වලටවත් කියා ගොස් නැත හැර පියා යන හේතු සලකුණුපොරෝ තලයක රුදුරු පහර ද?දිරාපත් කාලයේ රහස ද?ඉරුණු වියැළුණු පැලුණු ළය තුළතිබේ නො සිඳුණු දුකක රොන්සුණු23-07-2016තුම්මුල්ල ...
ඇඹුල් Nobody's Edge අඹරැල්ල ගහ අදත් පොඩි පැටව් වඩාගෙනපැණි රහට මතක දී නැවි නැවී හිනාවෙනකොයි තරම් දුර ගියෙද ජීවිතේ බෙදාගෙනඅමතකව ඇති ඔබට මේ ඇඹුල් කතා ගැනඉඳහිටක වාඩි වී ඔය ගහේ හෙවණ යටසුදු තීරු මත ඉහුණු ලුණු ඇඹුල් හරි රහටහඳ දිහා බලන්නට බැරි වුනත් කෙළින් අදකඳු කපා නැඟෙනවා ඔය මූණ විටින් විටඇඹුල් කර මුහුණ ඔබ හිනා වුන හැම විටමඇඹුල් වුව පැණි රහයි හිතට දැණුනේ ...
ඔබ නො ලියූ අකුරු Nobody's Edge ඔබේ ඉපැරණි ශිලා ලියමනඉඳහිට වළාකුළු බැම්මෙන් හිස ඔසවනනො දන්නා අය වැව රවුමෙ යන එනනො ලියා ම ඔබවිසුරුවා ගියබරැති අකුරු මතින් හදි හදිසියෙන් ඇවිදිනමගෙ හිත බිමට තෙරපෙනනො දන්නා බසකින් ඔබ තබා ගිය නො ලියූ අකුරු වලාකුළු බැම්මට පළඳාමම , හිස් අතින් අදත් නික්මෙන07-07 2016 ...