ඩිලාන් - ඩලස් දැන් ඉතිං හොඳින් නිදියන්න LOOPHOLES ඩලස් දහම් කුමාර අලහප්පෙරුම තම පුතාගේ නමට නාලන්ද යැයි එකතු කළේ සිය මල්බෙරි මිත්‍රයා වූ නාලන්ද සම්පත් එල්ලාවල අමතක වේ යැයි බියෙනි. පුතාගේ නම දුටු විට කොළඹ නාලන්ද විද්‍යාලය මතක් වුවත් නාලන්ද එල්ලාවල ව නම් මේ වන විට මාතර ඩලස් ගේ මතකයට එන්නේ නැත. 1997 වසරේ පෙබරවාරි මස 11 වන දින රත්නපුර කුරුවිට ප්‍රදේශයේදී රත්නපුර දිස්ති‍්‍රක්කයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාලන්ද ...
මේ..මේ.. මර්වියා වලා...මං ඩලස් LOOPHOLES නවනීදන් පිල්ලෙයි ලංකාවට ආවේ අපට අනුව නම් පව් සමා කරගන්නය. ඈ පවු සමා කර ගත් පසු අපට ලැබෙන්න නියමිතව ඇත්තේ පිටු ගණනක වාර්තාවකි. ඝාතකයෝ ද වධකයෝ ද අණ දුන්නෝ ද හෙට දචසේත් යෙහෙන් වැජඹෙති. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බැංකි මූන්, විජේ නම්බියාර් හා නවනීදන් පිල්ලෙයි 2009 දී ලංකා ආණ්ඩුවේ හමුදා වන්නියේ නිරායුධ දෙමළ ජනයාව සමූලඝාතනය සිදුකරණ විට නිශ්ශබ්දව අනුබලය දුන් අයුරු ...
අනේ කාලෝ මාමේ LOOPHOLES අනේ කාලෝ මාමේ තත්පර තිහක් නෙමෙයි විනාඩියක්ම ගින්දර උඩ පිච්චි පිච්චී ඉන්නම් ආණ්ඩුවට කඩේ නොගිහින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදන එක නවත්වලා දාන්නකෝ...... පහුගිය දවස්වල මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා හේතුවාදී සංගමය එකතුව ගුප්ත හා මිත්‍යා බලයන් අභියෝගයට ලක් කළේය. තෑග්ග වශයෙන් ලැබෙන්නේ රුපියල් ලක්ෂ දහයකි. ලක්ෂ දහයක් උවමනා නැත, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදන එකට විරුද්ධවන්නේ නම් ගින්දර උඩ ...
ඇමෙරිකාණු අවතාරය LOOPHOLES ඇමෙරිකාණු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ නිල නොවන අයුරින් රට පාලනය කරන විට ඇමෙරිකාණු අධිරාජ්‍යවාදය නමින් අනෙකුත් හතර දිශාවන්ම පෙන්වා යක්ෂයෙකු පෙන්වා රටෙහි ජනතාව ඇන්දවීම විමල්-චමිපික-වාසු කල්ලියේ පට්ට ගැසූ උරුමයයි. බීපු දාට පහුවදාට විමල් වීරවංශට යන වමනයේ සිට මහින්ද රාජපක්ෂගේ දෙපතුල් ලඟ පීචං වන වාසුදේවගේ උදෑසන පීණස දක්වා හේතුව උන්ට අනුව අධිරාජ්‍යවාදයයි. බ්ලොග් දේශපාලනයේ යෙදෙනවුන්ගේ හා නාගරික මැද ...
උහුලාගත නොහැකි වේදනාවන් සමඟ සෙල්ලම් කිරීමේ පාහර කම LOOPHOLES දියවන්නා හරක් පට්ටියේ හරකෙක් හයියෙන් ආයෙමත් හයියෙන් උම්බෑ කියා තිබේ. කිසිම වගකීමක් නැති ප්‍රකාශ නිකුත් කිරීමට සුප්‍රසිද්ධ අරුන්දික ප්‍රනාන්දු පවසා ඇත්තේ ප්‍රගීත් එක්නැලි ගොඩ ප්‍රංශයේ ජීවත්ව සිටිනා බවකි. දන්නේ කොහොමද යැයි ඇසූවිට පවසන්නේ යාළුවෝ කට්ටියක් බොන්න සෙට් වෙච්ච වෙලාවක් පැවසූ බවකි. ප්‍රගීත් එක්නැලිගොඩ කොහේ හෝ ජීවත්ව සිටී නම් ඒ ගැන වඩාත් සතුටු වන්නේ ඔහුගේ බිරිඳ සන්ධ්‍යා හා ඔහුගේ දරු ...
සිංහලයාගේ මූණ දෙමළා පොලොවෙ ඇතිල්ලීම LOOPHOLES පැණි මුහුණු, බත් පැකට්, අරක්කු, සෙල්ෆෝන් හා බෝක්කු/පාරවල් වලට සිංහලයා කතිරය ගසද්දී උතුරේ දෙමළා මස් ලේ මතින් නැඟිට තමන්ගේ ප්‍රතිපත්ති වලට පමණක් කතිරය ගසා කියා දුන් පාඩම දකුණේ කිසිවෙකු හෝ තේරුම් ගත්තේදැයි අපි නොදන්නෙමු. දෙමළ ජනයා එක හෙලා ඉල්ලා සිටින ස්වයං නිර්ණය අයිතිය වෙනුවෙන් ටීඑන්ඒ පෙනී සිටිද්දී ආණ්ඩුව සියළු කෙණහිලිකම් මැද විසින් ලබා දුන් උතුරු වසන්තයේ සියළුම භෞතික දෑ ප්‍රතික්ශේප ...
බැසිල් සමාව ගනී ලෙවන්නෝ ලෙවති LOOPHOLES “ගන්න බලං ඉන්න“ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට වෙඩි තියන්න යැයි හමුදාවට අණ දෙන්න පුළුවං වුනත් “වෙන්න බලං ඉන්න ජනාධිපති“ බැසිල් රාජපක්ෂ ට කොළඹ දිස්ත්‍රික්කයටත් වඩා ජනගහනයක් ඉන්න ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරියේ දී සිදු වූ ආරක්ෂක හමුදා ම්ලේච්ඡ පහරදීම ගැන සමාව ඉල්ලනවා හැර වෙන විකල්පයක් නැත. ඉන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ ඕනෑම ඉලව්වකට බහ්: බුහ්: ගාන මුට්ටි ඇමති විමල්-චම්පික සමඟ මේ සිද්ධිය ගැන සද්දෙ ...
දෙමළු නෙමෙයි “හොඳ සිංහල“ තුනක් ආණ්ඩුවේ හමුදා විසින් මරා දමා තිබේ LOOPHOLES යුද්ධයේ උත්කර්ෂවත්භාවය කෙසේ වීද යත් අපගේ ප්රගතිශිලී මිත්‍රයෝ පවා 2008-2009 අතර කාලයේදී “උන් දෙමෙල්ලුනෙ“ යැයි පවසමින් සමහරෙකු පොර ටෝක් දෙන්නටත් “උන් දෙමෙල්ලුනෙ“ යැයි සළකමින් තවත් සමහරෙකු සද්දෙ වසා නොසළකා සිටින්නටත් පෙළඹී තිබුණි. යුද ජයග්‍රහණය කෙළවර වූයේ දකුණේ සැණකෙලි සිරි මැවෙමිනි. රණ විරුවෝ ජාතියේ මුර දේවතාවෝ වූහ. රණ විරුවෝ මිහිපිට දෙවියන් සේ පිදුම් ලදහ. එවකට වන්නියයේ දෙමළාට එස වූ මිලිටරි ...
සෙනෙවි සහෝදරයා LOOPHOLES <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US ZH-CN AR-SA <![endif]--><!--[if gte mso 9]>
කැලැන්ඩර් නව වසරක ප්‍රාර්ථනය LOOPHOLES දෙමළෙකුට අත වනන්නට කලින් උන්ගෙ අයිතිය පිළිගත හැකි නැති වමක් නො සොයා සැබෑ වමක් ගොඩ නැඟිය හැකි කන්දක පොර ටෝක්ස් නොදී දූපතෙන් හිස ඔසවා ගත හැකි පැනසර විය හැකි තරම් දැනුම උකහා ගත හැකි සුබ නව වසරක් වේවා ! කරුමය යැයි නො හිතා අයිතීන් සඳහා සටන් වැදිය හැකි අවිද්‍යාව මිත්‍යාව පරයා විද්‍යාව සත්‍යය ය විශ්වාස කළ හැකි වෙන් වෙන් ව ...
කැනහිලුන්ගෙන් ලොකු දඩයම් බලාපොරොත්තු වීම LOOPHOLES ‘මහත්තයෝ අපිත් ඔය සටනට සපෝට් එක දෙනවා හැබැයි පඩිය විතරක් වැඩි කරගෙන සටන නවත්තන්න එපා‘ යැයි ත්‍රීවීල් රියදුරෙකු සරසවි ඇදුරෙකුට කියූ කතාවක් පහුගියදා රාවයේ තිබිණ. අහම්බෙන් මෙන් එම රියදුරා හමුවී, ‘අයියා මොකෝ දැං ලෙක්චර්ස්ලගෙ සටන ගැන කියන්නෙ?‘ යැයි අපි ඇසුවෙමු. ‘මහත්තයලා.... මේකනේ..... කැනහිලුන්ගෙන් ලොකු දඩයම් බලාපොරොත්තු වෙන්න බෑ කියලයි අපේ අත්තා කිව්වෙ. උන්ට පුළුවන් හාවො මීමින්නො වගේ ...
ගයේෂා මුදා හැර මාළුවෝ තවදුරටත් පිහිනීම LOOPHOLES කොපි කිරීමට හෝ අනුකරණය කීරීමට තව දුරටත් අතරමැදියන් අවශ්‍ය නොවන්නේ සයිබර් අවකාශයේ සැරිසැරීමට අප සියල්ලට ම හැකියාවන් තිබෙන නිසාවෙනි. අනුකරණය කිරීමේ දී හෝ කොපි කිරීමේ දී මූලාශ්‍ර සඳහන් කිරීමට අප කිසිවිටකත් මැලි නොවේ. එන එන හැටියට ඇණගන්න සහ නාගන්න දේවල් බ්ලොග් ගත කරනවා හැරෙන්නට අනුන්ගේ භාෂීත අප සතුකර ගැනීමේ ප්‍රාථමික අවිඥානය, පසුගිය දශක කිහිපයේ වම ලංකාව තුළ දියව යන්නටත් කලින්ම ...
මේදිස් ගේ දර්ශනය LOOPHOLES මෙය අපූරු නාඩගමකි. සම්මාන උළෙලවල් සාහිත්‍ය උළෙලවල් වර්ජනය කළ ගොන්නට දැං මේදිස් සහෝදරයාද ඇතුල් වී තිබේ. හහ් හා මං දැං පොරකි. නාඩගමක් වී ඇත්තේ ආරධිත දේශනය උඩ පැන ගෙන භාරගෙන එය වෙනත් සාහිත්‍ය කර්තව්‍යයක් සේ සළකා තොල්ස්තෝයි ගැන පුනර්කතිකාවකට ද ලෑස්ති වෙන්නට පොත් පෙරලමින් සිටින විට හදිසියේම පරල වී මං වර්ජනය කරනවා මං වර්ජනය කරනවා කෑ ගැසීමයි. පියසීලි ලා මිය ගිය ...
දෙමළාට කෙළවෙන තෙක් ආයෙමත් බලා සිටීමට සිදුවීම LOOPHOLES “දෙමළා ඉවරයි“ කියා සිතාගෙන සිටිය උම්මත්තක සිංහල ජාතිවාදීන් නන්නත්තාර වූයේ පසුගිය දා පලාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ උතුරේ දෙමළ ජනතාව අළුගසා දමා නැඟිටීමෙනි. රාජපක්ෂලාගේ සිට රණවක-වීරවංශලා මූලික “අපි කියන විදියට ඉන්නවනම් හිටු“ පන්නයේ දෙමළ විරෝධී දකුණේ සිංහලයා දැන් ඇසිපිය නොහෙළා උතුර දෙස බලා සිටින්නේ ඒ දෙමළා ට කෙළවෙන්නේ කොයි මොහොතේ ද යන්න දැන ගැනීමටයි. දැන් ඔවුන්ට වෙන වැඩක් නොමැත. “දිවුරුම් ...
ජවිපෙ ලොකු බාගෙ සහ හරි බාගෙ LOOPHOLES ජවිපෙ කැඩෙන්න ඔන්න මෙන්න. හැම තැනින්ම ආරංචි එන්නෙ ඒ වගේ. දේශපාලන ප්‍රතිබිම්බ අඩමානයට කියවූ ඉතිහාසය නිමාකරන්න ඕන වගක් ලංකා පත්තරෙත් තිබුණා. දන්න අතීතයේ ජවිපෙ සෙලවීම් කීපයක්ම තිබුණා. ලයනල් බෝපගේ සහෝදරයාගේ ඉවත්වීම, භාෂණ සහෝදරයා ඇතුළු හිරු කණ්ඩායමේ වෙන් වීම, කළුතර සෙනෙවි (කමල් දේශප්‍රිය) කල්ලියේ ඉවත් වීම (මොවුන් සමඟ විමල් වීරවංශ ද ඉවත් වීමට සැලසුම් කළ බව පෙන්වුව මුත් අවසානයේ දී ජුදාස් ...
එහෙමයි අපෙ හාමුදුරුවනේ LOOPHOLES ඩේලි මිරර් වාර්තාවක හෙඩිමට අනුව වසරකට දුම්බීම ආශ්‍රිතව සිදුවන සෘජු මරණ සංඛ්‍යාව 200,000 කි (එහි එක් තැනක මාසයකට 20,000කි තවත් තැනක වසරකට 20,000කි). ලංකාවේ වාර්ෂික මරණ අනුපාතය වූ 5.6/1000 කට ආසන්න වූ අගය (2012 දී) සලකා බැලීමේ දී අවුරුද්දකට සිදුවන මරණ සංඛ්‍යාව 120,000 ක් පමණක් වේ. ඩේලි මිරර් හෙඩිමට අනුව වාර්ෂිකව සිදුවන මුළු මරණ සංඛ්‍යාවටත් වඩා හැට දාහක් දුම්බීමෙන් මියයති. ...
අසරණකම, බිය සහ හීලෑව LOOPHOLES “මැරිච්ච එකා මළා ඉතුරු වෙලා ඉන්න අපි ජීවත් වෙන්න ඕනැනේ. ඒ මත්තෙ නැහිල වැඩක් තියෙනවැයි“ එහෙමත් නැත්තම් “උන් මැරුණෙ වතුරට... මේ ප්‍රශ්නයවත් අපි ජනාධිපති තුමාට කියල විසඳගන්න ඕනෙ“ වැනි වදන් පිට වෙන්න ඇත්තේ අසරණ කමටය. “ ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න පුළුවන්යැ“ එහෙමත් නැත්තම් “රටේ ජනාධිපති එන්න කිව්වහම නොගිහින් කළු ගලේ ඔළුව ගහගන්නද“ වැනි වදන් පිට වෙන්න ඇත්තේ තියෙන බයටය. “ජනාධිපති තුමා ...
ඇමෙරිකන් රොබටා සහ ඇමෙරිකන් ගෝඨා LOOPHOLES උතුරු හා නැගෙනහිර රාජකාරි කටයුතු සඳහා දෙමළ භාෂාව කතා කරන පොලිස් නිලධාරීන් බඳවාගෙන හමුදා පරිපාලනය ටිකෙන් ටික ඉවත් කිරීමට ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකමි රොබට් බ්ලේක් ඉදිරිපත් කරපු ප්‍රකාශයට ඇමෙරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ කුපිත වී දෙස් දොවොල් තියන්නට පටන් ගත්තේය. හේතුවක් හොයාගන්නට දත කෑවත් බැරි වුනේය. අනුමානයන් මෙසේය. 1. ගෝඨාට පෙට්‍රල් ෂෙඩ් එකක තෙල් ගැසීමට වඩා දෙයක් ඇමෙරිකාවේදී නොලැබීම 2. ...
හදිසි නීතිය LOOPHOLES හදිසි නීතිය අහෝසි කරන්නට මත්තෙන් ගෝඨාගේ බළලා එළියට පැන්නේය. ඔහුට අනුව ඒ හදිසි නීතිය “අපේ”ය “අපි” කරන්නේ අපිට ඕනෑ දේය. කවුරුවත් කිව්ව පළියට හදිසි නීතිය ඉවත් කරන්නේ නැත. හදිසි නීතිය ඉවත් කරන්නයැයි මොකෙක් හරි කියා තිබෙන බව හැමෝම දැනගත්තේ ඒ මොහොතේය. සහෝදර ජනාධිපතිවරයා පහුවදා හදිසි නීතිය ඉවත් කරන බව කීවේය. මේ “අපි” ලංකාවේ මහජනතාවනම් වෙන්නට බැරිය. තමන්ට නීතිපනවනවාට කැමති ජනතාවක් ...