පාකිස්ථානු වේගපන්දු බල ඇණියේ පිබිදීම. Dil Scoop අද ඇරඹි පාකිස්තාන - ශ්‍රීලංකා දෙවන සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය නිමාවට පත්වන විට පළමුව පන්දුවට පහර දෙන ශ්‍රීලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුනු 261ක් ලබා ඉතා අසීරු අඩියක පත්වෙයි. කොළඹ එස් එස් සී පිටියේ කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට නායක ඇන්ජෙලෝ මැතිව්ස් තීරණය කලේ වෙනදාටත් වඩා දැඩි තණ තීරුවක් සකස්කර තිබූ නිසා වුවද අංශ කිහිපයකින් සුවිශේශී ...
තෙන්ඩුල්කාර් - දෝනි ලෝක කුසලාන අවදානමක.... Dil Scoop 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට තවත් ඇත්තේ සති 2ක කටත් අඩු කාලයකි. ලෝක කුසලාන උණුසුම ලොවපුරා පැතිරෙද්දී එය ආසියානු කලාපයේ වසංගතයක් සේ පැතිරෙමින් පවතියි. එම උණුසුම තවත් තීව්ර කරන පුවතක් මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. සචින් තෙන්ඩුල්කාර් සහ මහේන්ද්‍ර සිං දෝනි යනු ඉන්දීය කණ්ඩායම සතු ප්රබලතම සහ වැදගත්ම තුරුම්පු දෙකකි. මොවුන් දෙදෙනා මේ වනවිට ලොව්ක කුසලාන තහනමක පැටලීමට දොරටු ...
අලුත් වසරට අලුත් පැතුමක් ! Dil Scoop ලෝක කුසලාන තරඟාවලිය ගැන බලාපොරොත්තු ඇතිකරමින් 2010 ගෙවී යයි. මේ ගෙවීයන වසර තුළදී ශ්‍රී ලංකාව පැත්තෙන් කතාකරන්නට ඇති එකම සිදුවීම නම් ඕස්ට්‍රේලියාව පරදා එක්දින තරඟාවලියක් ජයග්‍රහනය කිරීමයි. ඒ හැරෙන්නට ගෙවීයන වසරට ශ්‍රී ලංකාවට ලැබුනේ ටෙස්ට් තරඟාවලි 2ක් පමණි. එහිදී ඉන්දියාවට එරෙහිව පැවති තරඟාවලිය ජයගැනීමට අවශ්‍යය තරම් අවස්ථාව තිබියදී අපි එය නැතිකර ගත්තෙමු. එයින් පසුව මෙම තරඟාවලිය ජය ගත්තේනම් ටෙස්ට් ශ්‍රේණිගත ...
වයස ප්‍රශ්නයක් නෑ සර් Dil Scoop අන්තර් පළාත් පන්දුවාර 50 ක්‍රිකට් තරඟාවලියේ රුහුණ හා ඌව කණ්ඩායම අතර තරඟය ඊයේ SSC පිටියේදී පැවති අතර, කාසියේ වාසිය දිනාගත් ඌව නායක තිළිණ කණ්ඩම්බිගේ ආරාධනයෙන් රුහුණ කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙන ලදි. ආරම්භක පිතිකරුවන්ලෙස පිටියට පිවිසි උපුල් තරංග හා සනත් ජයසූරියගේ ආරම්භක සබඳතාව ලකුණු 12කට සීමාකිරීමට මඳවේග පන්දු යවන කෞශල්‍යය වීරරත්න සමත් විය. ඒ තරංග ලකුණු 11 දී ඉයන් ඩැනියල් අතට උඩපන්දුවක් ...
මේක ආයේ බලන්න ආසද..? Dil Scoop කාලෙකින් දැක්කෙ නැති අයිතමයක්.....!! කට්ටිය පුන පුනා බලන් හිටපු මේක මේ පාර වර්ල්ඩ් කප් එකේදි ප්ලේ වෙනව බලන්න කවුරු කවුරුත් ආස ඇතිනේ... මේක ආයෙ ප්ලේ කරන එකේ රිස්ක් එකක් තියනව ද නැද්ද කියල දාමු බලන්න ෆීඩ් බැක් එකක්... http://facebook.com/dilscoop ...
කෝල්ට්ස් - එස්.එස්.සී ගැටුම ලබන ඉරිදා.. Dil Scoop ප්‍රීමියර් ලීග් තරඟාවලියේ "ඒ" කොටසේ අවසන් මහා තරඟයට පිවිසීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අද සමත්වූවා. හලාවත මේරියන්ස් සමඟ පැවති අවසන් පූර්ව තරඟයෙන් කඩුලු 4ක ජයක් වාර්තාකරමින් කෝල්ට්ස් කණ්ඩායම මෙම සමත්කම දැක්වීය. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට කෝල්ට්ස් නායක මහේල උඩවත්ත තීරණය කලේය. ලකුණු සටහන මෙසේයි. මේරියන්ස් 147/10 (පන්දුවාර 47.3 ) උඩවත්ත 40, ජානක 35* | පෙරේරා 10/2 , වාස් 14/2 කෝල්ට්ස් 151/6 (පන්දුවාර ...
ලෝක කුසලාන සංචිතය කරලියට | සනා-වාස්-රන්දි ඉවතට Dil Scoop 1. කුමාර් සංගක්කර ( නායක ) 2. මහේල ජයවර්ධන ( උප නායකා 3. උපුල් තරංග 4. තිලකරත්න ඩිල්ෂාන් 5. තිලාන් සමරවීර 6. චාමර සිල්වා 7. චාමර කපුගෙදර 8. ඇන්ජෙලො මැතිව්ස් 9. තිසර පෙරේරා 10. නුවන් කුලසේකර 11. ලසිත් මාලිංග 12. දිල්හාර ප්‍රනාන්දු 13. මුත්තයියා මුරලිදරන් 14. අජන්ත මෙන්ඩිස් 15. රංගන හේරත් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මෙම සංචිතය එළි දක්වන ලදී.. ලෝක කුසලාන බලාපොරොත්තුවෙන් පසු වූ සනත් ජයසූරිය සහ ...
රුවට රුව - 4 Dil Scoop ඉන්දීය ක්‍රීඩක සහීර් ඛාන් හා බොලිවුඩ් නළු තුස්ෂාර් කපූර් Dil_Scoop නැවත ගොඩනඟමු ! http://www.facebook.com/dilscoop.lkhttp://facebook.com/dilscoop
සිංහයෝ අපේ - වීරයන් අපේ... Dil Scoop ඩිල්_ස්කූප් ෆෑන් පේජ් එක කිව්ව ගමන් ලංකාවෙ ක්‍රිකට් ගැන උනන්දුවක් දක්වන ඕන කෙනෙක් දන්නවනේ... ඉතිං ඔන්න අපේ ෆෑන්ස්ල වෙනුවෙන් ඒ වගේම ලෝක කුසලාන යන අපේ ක්‍රිකට් කණ්ඩායමට උපහාරයක් විදියට මියුසික් ට්‍රැක්1ක් කරන්න අපි තීරණය කලේ පසු ගිය වසරේ සැප්තැම්බර් මාසයේ විතර. ඒ අනුව අපේ ඩිසේබල් වුණු පරණ පේජ් එකේ පෝස්ට් 1ක් දැම්ම ෆෑන්ස්ලට හොඳ ගීතයකට පද වැල් අප වෙත එවන්න කියල. ...
ඒකාන්ත ජයග්‍රහණය ! Dil Scoop ලෝක කුසලාන තරඟාවලියට කණ්ඩායම් නම් කර හමාරය. දැන් ඇත්තේ කණ්ඩායම් හොඳින් සූදානම් කිරීමයි. කණ්ඩායමට නම් නොකළේ කවුද ඔවුන්ට එසේ වූයේ ඇයි ආදී වශයෙන් වූ කතා දැන් ප්‍රයෝජනයක් නැත. ප්‍රයෝජනයක් ඇති එකම මාර්ගය නම් මෙම කණ්ඩායම යොදා ගෙන ලෝක කුසලාන තරඟාවලියක් ජය ගැනීමට සැලසුම් සකස් කිරීමයි. මෙවර ක්‍රීඩා කරන කණ්ඩායමේ ක්‍රීඩකයින් ගෙන් ක්‍රීඩකයින් 8 දෙනෙකුම පසුගිය වතාවේ ලෝක කුසලාන අවසන් තරඟයට ...
මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගනී Dil Scoop ඊයේ දිනයේදී මුත්තයියා මුරලිදරන්, ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ නිවේදනය පළකල අතර, ශ්‍රී ලාංකේය ක්‍රිකට ලෝලීන් වෙතින් ඒ ශෝකය තුරන් වීමටත් මත්තෙන් තවත් එවැනිම දුක්බර පුවතක් අසන්නට ලැබේ. ඒ ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කිරීමයි. සිය දණ හිසේ කලක පටන් පවතින ආබාධ තත්වය මේ තීරණය ගැනීමට හේතු වූ බවයි 27 හැවිරිදි මාලිංග පවසන්නේ. ඔහුගේ අසම්මත පන්දු යැවීමේ ...
යුගයක අවසානය ... Dil Scoop ලොව මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්, 2011 ලෝක කුසලානයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද නිලවශයෙන් මාධ්‍යය හමුවේ පවසා සිටීය. 38 හැවිරිදි මුරලි පසුගිය ජූලි මසදී ටෙස්ට් පිටියෙන් සමුගත් අතර, තවදුරටත් පන්දුවාර 50 හා T20 තරඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම තම අපේක්ෂාව බව පැවසීය. "මේ ලෝක කුසලාන තරඟාවලිය මම ජාත්‍යන්තර පිටියේ තරඟ වදින අවසාන ...
yfm ක්‍රිකට් තේමා ගීතය. Dil Scoop දැන් ලෝක කුසලාන උණුසුමත් සමඟම හෝ ගාල ක්‍රිකට් සිංදු එනවනේ.. මොරාල් ටික නම් නැගල යනව. ඒත් කොතෙකුත් සිංදු අතර ඇඟට දැනෙන සිංදුවක් තිබුණද කියල බැලුවොත් ඒක ටිකක් හිතන්න ඕන නේ ආව ඔක්කොම වගේ වාණිජ පදනමෙන් වෙලෙඳපොලට ආපුව කිව්වොත් කීප දෙනෙක් හරි මා එක්ක එකඟ වෙයි.. මේ සියල්ල අතරට තරමක් හිතට සහ ඇඟට දැනෙන ගීතයක් මෙන්න ඇවිල්ල තියනව ගීතය කරල තියෙන්නෙ ...
රට දිනවන හොඳම කණ්ඩායම Dil Scoop "ඔව් මට පුළුවන් ..." ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා විකුණාගෙන කන පාඨය මෙයයි. මේ පාඨය පාදක කරගෙන පැය ගණන් දේශනා තැබීම සහ රූපවාහිනී විකාශ කාලයන් වැය කිරීම සුලබය. මේ පාඨයේ කිසිම දෝශයක් හෝ අයහපතක් නැත. නිවැරදිව යොදාගතහොත් දියුණුවීමට මේ තරම් දෙයක් නැත. එහෙත් මෙය වැරදියට අර්ථදක්වා ගතහොත් ඔබ අපහසුවට පත්වීමට ඉඩ ඇතිබව පැහැදිළිය. සනත් ජයසූරිය ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමෙන් ඉවත් විය යුතුයැයි ...
ඩිලීට කිරි සංගට කැකිරි...! Dil Scoop අපි කවුරුත් ආදරේට "ඩිලී" කියන අපේ ඩිල්ෂාන් ඔන්න හොඳටම ෆෝර්ම් එකට ඇවිල්ල. වර්ල්ඩ් කප් ගහන්න එන සුද්දොන්ටයි ඉන්දියන් කාරයොන්ටයි ඉතින් දෙයියන්ගෙම පිහිටයි..! බැට් එකෙන් විතරක් නම් කමක් නෑ මේ පාර බෝලෙනුත් වැඩ පෙන්නල.. ඒ විතරක් යැ අද ඩිල්ෂාන්ට සුවිශේෂී දවසක් වෙනව . ඇයි එයා රංගනයෙන් දායක වෙන පළමු ෆිල්ම් එක "සිංහාවලෝකනය" අද සිට දිවයින පුරා ඊ.ඒ.පී. සිනමාහල් වල තිරගත වෙන්න පටන් ...
වයඹ පරදා ඌවට කඩුලු 8ක ජයක්..! Dil Scoop අන්තර් පලාත් සීමිත ඕවර තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් කඩුලු 8ක විෂිෂ්ට ජයක් ඌව කණ්ඩායමට හිමි විය. ඒ අනුව ප්‍රසාද ලකුනු සටහනේ පෙරමුණේ පසු වූ වයඹ කණ්ඩායම 3වන ස්ථානය දක්වා පහත වැටුණි. කාසියේ වාසිය දිනූ ඌව නායක තිලිණ කණ්ඩම්බිගේ ආරාධනයෙන් පන්දුවට පහරදීමට පැමිණි වයඹ ක්‍රීඩකයින් පන්දුවාර 44.5 කදී සියල්ලන් දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 199ක් පමණි. පිළිතුරු ...
ලෝක කුසලාන එන සිම්බාබ්වේ සංචිතය. Dil Scoop සිම්බාබ්වේ ලෝක කුසලාන සංචිතය අද දින , හිටපු ක්‍රීඩක වත්මන් සභාපති ඇලස්ටෙයාර් කැම්බල් විසින් එලිදක්වනු ලැබුවා... එල්ටන් චිගුම්බුරා නායකත්වය සපයන සිම්බාබ්වේ කණ්ඩායම , එක්දින ශ්‍රේණිගතකිරීම් වල ප්‍රසාද ලකුනු 34ක් සමඟින් 11 වන ස්ථානයේ පසුවෙයි. කෙසේ වෙතත් ජ්‍යේෂ්ට ක්‍රීඩක ආරම්භක පිතිකරු හැමිල්ටන් මැසැකඩ්සා මෙම ක්‍රීඩකයින් පහළොස් දෙනා අතරට සුදුසුකම් නොලබා ඇති අතර සිම්බාබ්වේ ක්‍රීඩා ලෝලීන් ඒ පිළිබඳව මහත් අප්‍රසාදය පලකොට ඇති බව වාර්තා ...
කඳුරටට පහසු ජයක් ! Dil Scoop එළඹෙන ලෝක කුසලාන තරඟාවලියට පෙර සූදානමක් ලෙස පවැත්වෙන අන්තර් පළාත් පන්දුවාර 50 තරඟාවලියේ , කඳුරට කණ්ඩායම හා රුහුණ කණ්ඩායම අතර තරඟය අද SSC පිටියේදී පැවැත්වීය. කඳුරට කණ්ඩායමේ නායකත්වය කුමාර සංගක්කාර දැරූ අතර උපුල් තරංග රුහුණ කණ්ඩායම මෙහෙයවීය. කාසියේ වාසිය දිනාගත් රුහුණ කණ්ඩායමේ ආරාධනයෙන් කඳුරට කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන ලදි. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි යොහාන් ද සිල්වා හා සමන් ජයන්තටගේ ...
අන්තර් පලාත් ක්‍රිකට් වසන්තය ඇරඹෙයි....! Dil Scoop ශ්‍රී ලංකා අන්තර් පලාත් ක්‍රිකට් තරඟාවලිය අද කොළඹ SSC පිටියේදී ඇරඹිණි. මෙවට පලාත් තරඟාවලියට ගියවර තරඟ නොකල ඌව කණ්ඩායම නැවතත් එක්වීම විශේෂත්වයකි. එමෙන්ම ගියවර බස්නාහිර උතුර සහ දකුණ ලෙස කාණ්ඩ 2කින් තරඟ කල බස්නාහිර මෙවර එක් කණ්ඩායමකට සීමාවී ඇත. තරඟාවලියට සහභාගි වන සෙසු කණ්ඩායම් අතර රුහුණ සහ කඳුරට වෙයි. මෙවර කණ්ඩායම් වලට තරඟවදින ක්‍රීඩකයන්ගේ ද වෙනසක් සිදුවී ඇති අතර නවතම සංයුතියකින් ...
IPL කණ්ඩායම් වල නියමුවන් කවුරුන්ද..? Dil Scoop පසුගිය දා නිමාවූ IPL ක්‍රීඩකයන් වෙන්දේසියත් සමගම දැන් දැන් IPL උනුසුමත් ලෝක කුසලාන තරඟාවලිය තරම්ම ලොව පුරා පැතිරෙන්නට පටන් ගෙන ඇත. පුරා වසර 3ක් ඩෙකෑන් කණ්ඩායමට නායකත්වය ලබා දුන් හිටපු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඇඩම් ගිල්ක්‍රිස්ට් හෙවත් ගිලී මෙවර වෙන්දේසියේදී පන්ජාබ් කණ්ඩායම විසින් මිලට ගනු ලැබීය. ඒ අනුව පන්ජාබ් කණ්ඩායමේ නායකත්වය ගිලීට හිමිවී ඇති බව ක්‍රීඩා ආරංචි මාර්ග දක්වයි.. එමෙන්ම මුම්බායි, දිල්හි සහ ...