විසිතුරු මල් -4 BEAUTIFUL SRI LANKA බදුල්ලෙන් සෙයාගත්ත තවත් මලක සමීප දසුනක් - මෙම ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත කොටන්න /"ක්ලික්" කරන්න
ගදපානත් එක එක වගේ BEAUTIFUL SRI LANKA මේ ටික හොයා ගත්තෙත් ඉතිං බදුල්ලෙන්ම තමයි,මේ ගදපාන මල්,එක එක ජාතියෙ ඒවා (variety) තියෙනව. මේව දැක්කම අපේ පොඩි කාලෙ මතක් වෙනව නේද. ගදපාන ගෙඩි කන්නත් පුලුවන්, මේවට සමහර ප්‍රදේශ වල ටොංකිඤ්ඤා කියලත් කියනවා. මෙම ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත කොටන්න /"ක්ලික්" කරන්න ...
විසිතුරු මල් -4 BEAUTIFUL SRI LANKA මෙය දාස් වර්ගයක් වන අතර මෙයද හමු උනේ බදුල්ල ආශ්‍රිතවයි. මෙම දාස් මලේ පෙති සාමාන්‍ය දාස් වර්ග වල මල් පෙති වලට වඩා වෙනස් හැඩයක් ගන්නව, නමුත් මෙහි පත්‍ර නම් සාමාන්‍ය දාස් පත්‍ර වලට සමානයි. මෙම ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත කොටන්න /"ක්ලික්" කරන්න ...
විසිතුරු මල් -3 BEAUTIFUL SRI LANKA මේ මල මම දැක්ක ගමන් හිතුවෙ ට්‍රයිඩ්‍රැක්ස් මලක් කියල,ඒත් ඒව බදුල්ලෙන් හමුවෙන්න තියෙන සම්භාවිතාව අඩුනිසා ටිකක් ලංවෙලා බලනකොට මේක ට්‍රයිඩ්‍රැක්ස් මලක් නෙමෙයි.ට්‍රයිඩ්‍රැක්ස් මල් උසස්පෙල ජීවවිද්‍යා කරපු අයට නම් හොදට මතක ඇති.ලස්සන මලක් නිසා මගේ එකතුවට හොදයි කියල හිතුන,හැබැයි නමක් ගමක් නම් දන්නෙ නෑ, ඔයාලත් බලන්න, දන්න කෙනෙක් කියන්න - මෙම ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත කොටන්න /"ක්ලික්" කරන්න ...
රෝස මලක කතාව BEAUTIFUL SRI LANKA මම මේ රෝස මල් හොයා ගත්තෙ බදුල්ලෙ අපේ ගෙදරට අල්ලපු ගෙදර තිබිල. එක පදුරක මුලු ජීවිත කතාවම තිබුන නිසා එකතුවක් ලෙස සියලුම පින්තූර ඔබ සමග බෙදා ගැනීමට සිතුන.ඡායාරූප 13 ම බලන්න. 1. රෝස මලක පොහොට්ටු අවස්ථාව 2. 3.ළමා කාලය අතරතුර 4. 5. 6.ජීවිතයේ සුන්දරම අවධිය 7. 8.වැඩිහිටි අවධිය 9. 10. රෝස මල පරවී යාමට ආසන්න වන විට වෙනත් පැහැයක් ගනී 11. 12. 13. රෝස බීජයක් ඔබ අපගේ ජීවිතයත් මෙලෙසම නොවේද ? ...
විසිතුරු මල් BEAUTIFUL SRI LANKA මේකත් මම දැක්කෙ බදුල්ලෙදි විතරයි. වැලක් විදියට තමයි හැදැන්නෙ. බොහෝ විට වැටවල් දිගේ හැදිල තියෙනව දකින්න පුලුවන්, වල් පැලෑටියක් විදියට සලකා ඉවත් කර දමනව. නමුත් මම මෙහි ඉතා ලස්සන සුදු පැහැයක් දකිනව, මට නම් ලස්සන මලක්. ඔයාලත් බලන්න ...
මේ වගෙ එකක් නම් වෙන කාටවත් නැහැ BEAUTIFUL SRI LANKA මේ වගෙ එකක්නම් ආයෙ වෙනකාටවත් තියෙන්න බැහැ, තිබුනොත් උගෙ/ඇගේ වැඩ වලටත් මට තමයි වග කියන්න වෙන්නෙ, මොකද හිතෙන්නෙ මම කියපු එක ගැන. ඒත් අපේ කාර්යාලයෙ අලුතෙන් සවි කරපු ඇගිලි සලකුණු හදුනාගැණිමේ යන්ත්‍රයෙන් සමහර වෙලාවට අප ආයතනයේ එක් සේවකයකු පමණක් වෙනත් අයකු ලෙස හදුනා ගන්නව. මෙය සිදුවන්නේ සමහර වෙලාවන්හිදී පමණක් මහපට ඇගිල්ල මේ සදහා යොදා ගන්නා විටයි. ඒක නිසා ඔහුගේ මහපට ...
පරණ අවුරුද්දෙ හවසට පොල් සම්බල් එක්ක BEAUTIFUL SRI LANKA පරණ අවුරුද්දෙ හවසට පොල් සම්බල් එක්ක කන්න නියම කෑම, මමනම් සතියකට පාරක් විතර කනව, හැබැයි හොද තැනකින් හොදට රෝස් උන එකක් හොයා ගන්න එක තමයි අමාරු.
තල මල පිපිල නම් බලන්න ඕන BEAUTIFUL SRI LANKA මේ තල මල මම කැමරාවට අසු කර ගත්තෙ බදුල්ලෙ රෝහල ඉදිරිපිට තිබිල. ආලෝකය අඩු වැසිබර දිනයක් බැවින් පැහැදිලි පින්තූරයක් ලබා ගැනීමට අපහසු උවත්, දුර්ලබ දසුනක් බැවින් ඔබ සැම සමග බෙදා ගැනීමට සිතුන. මෙය ඉතාවිශාල තල් ගසක් බැවින්ද සමීප / හොද ඡායාරූපයක් ගැනීමට අපහසු උනා. කොහොම උනත් ගත්ත එක හොදයිද බලන්නකෝ ...
බඩගිණි ගොලුබෙල්ලා BEAUTIFUL SRI LANKA මෙයාට හොදටම බඩහිණි වෙලා, මහ දවාලෙ කෑම හොයාගෙන කනව දැකල තමයි අල්ලගත්තෙ, සාමාන්‍යයෙන් ගෙවතු ගොලුබෙල්ලන් සවස්කාලයෙනෙ කෑම සෙයාගෙන සැගවුන ස්ථාව වලින් එලියට එන්නෙ. මෙයා දහවල් කාලයේ ආපුනිසා විශේෂත්වයක් දැක්ක. ...
විසිතුරු මල් BEAUTIFUL SRI LANKA මම මේක ගත්තෙ බදුල්ලෙ අපි ඉන්න ගෙදර වත්තෙ තිබිල, බදුල්ල පළාතටනම් මේක බොහොම සාමාන්‍ය මලක්, අනිත් පළාත් වලත් හමුවෙනවද කියන්න දන්නෙ නෑ, වැල් වශයෙන් බිම දිගේ තමයි වැවෙන්නෙ, වල් පැලෑටියක් විදියටත් සලකන්න පුලුවන් මේක. ...
පන්මලු සමග අවුරුදු තෑගි BEAUTIFUL SRI LANKA මේ පන්මලු ගෙනෙල්ල තියෙන්නෙ අලුත් අවුරුදු තෑගි දාල දෙන්න, බෑග් ගොඩ දැක්කම ආසයි, මෙම බෑග් මිළදී ගැනීම තුලින් දේශීය හස්තකර්මාන්ත ක්ෂේත්රයේ නියුතු අයට උදව්වක් ලැබෙන අතරම පොලිතීන් භාවිතා නොකිරීම තුලින් පරිසරයටද හානි සිදුවීම අවම කරගනු ලබනව. අප ආයතනය සෑම වසරකම සිදුකරන මෙම කටයුත්ත සදහා මෙතෙක් කල් භාවිතා කරන ලද්දේද මෙවැනි ස්භාවික අමුද්‍රව්‍ය වලින් නිමවන ලද බෑගයන් වීම සතුටට කරුණකි. ...
මිණී මල් BEAUTIFUL SRI LANKA මෙය මිණීමල් ලෙස හැදින්වීමට හරියටම හේතුව මම නොදන්නෙමි, නමුත් සුසානභුමි ආශ්‍රිතව බහුලව දැක ගත හැකි බැවින් මෙසේ හැදුන්වීමට රුකුලක් වී ඇතයි සිතමි, නැතිනම් නිවැරදි කරන මෙන් කාරුණිකව ඉල්ලමි. මෙහි වර්ණ දෙවර්ගයක මල් දැකගත හැකි වන අතර මෙම පැහැයට අමතරව සුදුපැහැයද දැකගත හැක. මෙයින් මාරාන්තික පිළිකා රෝගය සදහා ඔෂධයක් නිපදවන බවද එක් මතයකි. ...