කථා පොඩිත්තක් - 01 චතූගේ කථා සිකුරාදා ඉස්කෝලේ ඇරිලා පාරට ආවේ සෑහෙන්න ආතල් එකකින්... දවස් දෙකක් නිවාඩු නේ... 162 බණ්ඩාරගම බස් එකේ ඇවිත්, මාකන්දන පන්සල ලඟින් බැහැලා මමයි, ගිහානුයි පාර පැන්නා. ඉස්කෝලේ ඇරුණු ගමන්ම ආපු නිසා පොඩි බඩගින්නකුත් නොතිබුණා නෙවෙයි. දැන් ගිහාන්ලගේ ගෙදරට ගිහින්, ඌත් එක්ක කයියක් දාලා, ගෙදර යද්දී කීය වෙයිද දන්නෑ... ඒ මොක වුනත් මට ඉතින් බඩගින්න නුහුරු එකක් නෙවෙයි නේ. ඇත්තම කිව්වොත් බඩගින්න ...
මේ දවස් වල මොකද වෙන්නේ...!!! චතූගේ කථා ඉතින්, කොහොමද...? ආ.....! ඔයාලා නම් ටිකක් විතර වෙනස් වෙලා වගේ... ඇයි ඉතින් දෙයියනේ කොච්චර කාලෙකට පස්සෙද මේ. ඇත්තටම කිව්වොත් මමත් හිතුවේ නෑ නොලියාම ඉන්නවා කියලා. ඒත්, ලියන්න වුනේ නෑ... අනේ මන්දා. සමහරු තරහත් ඇති... දෙයියනේ කියලා ඒ සැමගෙන් ම සමාව ඉල්ලන ගමන් අපි කථාව පටන් ගමු...ඉතුරු ටිකත් කියවන්න... ...
- Elon Musk නැමැති නූතන අනාගතවේදියාගේ නවතම පියවර - චතූගේ කථා ඊලොන් මස්ක් (Elon Musk)යනු කවුරුන් දැයි ඇමෙරිකානු පුරවැසියන් නම් හොඳින් දනිති. ඔහු මහා ව්‍යාපාරිකයෙකි, උපාධිධාරී ඉංජිනේරුවෙකි, නව නිර්මාණකරුවෙකි, අනාගත වේදියෙකි. මේ සියල්ලම එක්ව ගත් කල ඔහු ලෝකයේ වර්තමාන මුහුණත වෙනස් කරන යුග පුරුෂයෙක් ලෙසද සමහරුන් විසින් හඳුන්වන්නට යෙදෙයි. ඒ ඔහු විසින් දියත් කරන්නට යෙදී ඇති විප්ලවකාරී, සුපිරි ව්‍යාපෘති නිසාවෙනි.ඉතුරු ටිකත් කියවන්න... ...
- ලෝකයේ හොඳම පුස්තකාල - චතූගේ කථා දැනුම බෙදා හැරීම සඳහා මිනිස් ලෝකයේ භාවිතා වන සාර්ථකම උපාය මාර්ගය ලෙසින් පුස්තකාල හැඳින්විය හැකියි. අන්තර්ජාලය පැමිණෙන්නට පෙර නොදන්නා කරුණක් සොයා ගන්නට ඔබටත් මටත් අනිවාර්යයයෙන්ම ලඟම පිහිටි පුස්තකාලය වෙත යන්නට සිදුව තිබිණි. දැනුම් ගබඩා ලෙස සැලකෙන පුස්තකාල විශේෂ වන්නේ ඒවායේ ඇති අතිවිශාල පොත් සම්භාරය නිසා පමණක් නොවේ. යම් පුස්තකාලයක ඇති පොත්වල දුර්ලභ හා පැරණි බවත්, පවතින පොත් වල ගුණාත්මක බවත්, ...
- අනාගතයේ වීදුරුව : Gorilla Glass 4 - චතූගේ කථා පොදුවේ සිංහල භාෂාව හා පරිගණක තාක්ෂණික දේ ගැන පළවුනු මෙවැනි බ්ලොගයක වීදුරු ගැන පළවීම නරඹන ඔබට තරමක අමුත්තක් විය යුතුය. නමුත් Corning සමාගමේ විප්ලවීය නිර්මාණයෙන් පසු වීදුරු යනු තාක්ෂණ ලෝකයේ කාහටත් දැන් අමුත්තක් නොවේ. Corning සමාගම යනු ලෝකයේ ප්‍රමුඛතම තිර ආරක්ෂණ වීදුරු නිෂ්පාදන සමාගමකි. ලොව පුරා බොහෝමයක් ස්මාට් ෆෝන් හා ටැබ්ලට් පරිගණකයන් හි ස්පර්ශ-සංවේදී තිරයන් සීරීම්, වැටීම් හා ඉරි තැලීම් ...
- ස්මාට් ලෝකයේ ස්මාට් ඔරලෝසුව : Sony Smart Watch 2 - චතූගේ කථා Smart (ස්මාට්) යන ඉංග්‍රීසි වචනයේ අරුත වන්නේ “දක්ෂ” යන්නයි. අප වටා ඇති සෑම සියළු උපාංගයක්ම “ස්මාට්”කරණය වන මේ යුගයේ අතේ බඳින ඔරලෝසුවටත් ඒ ආකාරයෙන් දක්ෂ නොවී සිටිය නොහැකියි. සාම්ප්‍රදායික අත් ඔරලෝසුව සම්පූර්ණ වෙනසකට ලක් කරමින් එන ස්මාට් ඔරලෝසු නූතන ලෝකයට අමුත්තක් නොවේ. සරලවම කිවහොත් ස්මාට් ඔරලෝසු යනු හුදෙක් වේලාව බැලීමට පමණක් සීමා නොවී, වෙනත් පරිගණක හා සන්නිවේදන උපාංග සමග තොරතුරු ...
- පරිගණක මවුසයේ නිර්මාතෘ ඩග්ලස් එංගල්බර්ට් ලොවෙන් සමුගනී - චතූගේ කථා මෙම ලිපිය කියවන ඔබේ අත මේ මොහොතේත් රැඳී ඇත්තේ මීට වසර 40 කට පෙර ඔහු විසින් නිපදවන ලද ඒ අපූරු නිර්මාණය මතයි. ඔබේ අත්ලට යටින් ඇති පරිගණක මවුසයේ නිර්මාතෘවරයා ඔහුයි. ලෝකය වෙනස් කළ තාක්ෂණික සංකල්ප රැසක් ලොවට ඉදිරිපත් කලේ ඔහුයි. ඩග්ලස් එංගල්බර්ට් නම් වූ මේ අසහාය පරිගණක පුරෝගාමියා වසර 88 ක් වූ සිය ජීවන කාලය නිමා කොට පසුගිය ජූලි 02 ...
- ලෝකේ වටේ විශේෂ තැන් වලට රවුමක් යමු - චතූගේ කථා අපේ පෘථීවිය - මිනිස් වර්ගයාගේ නිවහන - වන මේ ලෝකය පුරා දකින්නට, අසන්නට ඇති අරුම පුදුම දේ අනන්තයි - අප්‍රමාණයි. අපි හැමෝටම වගේ ලෝකේ වටේ ඇවිදලා ඒ විස්මය අත් විඳින එක අමාරු කාර්යයක්. එහෙම පුළුවන් වුනා නම් අපේ ලෝකය කොච්චර පුදුමාකාරද ? අද්භූත ද ? විස්මයජනක ද ? කියලා බලාගන්න තිබ්බා. කොහොම වුනත් පෘථිවිය මත ඇති විශේෂම තැන් කීපයක් ...
- දෙවසරක් සපුරන "චතූගේ කථා" වෙතින් පිදෙන බ්ලොග් ආචාරය - චතූගේ කථා දිනය - 2011 ජනවාරි 24 වැනි දිනනිමිත්ත - සිංහල බ්ලොග්කරණයට පිවිසීමනිර්මාතෘ - චතුරංග පෙරේරාබ්ලොගයේ නම - චතූගේ කථා ඉතින් යාළුවනේ... චතූගේ කථා එක්ක අවුරුදු දෙකකුත් ගතවුනා. ඇත්තෙන්ම මේ සටහන ලියවෙන්න ඕනේ 24 වැනිදා වුනත්, දවස් දෙකක් ප්‍රමාද වෙලා හරි මේ සටහන ලියවෙන්නේ මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න සහෘද ඔයාලා වෙනුවෙන්මයි.ඉතුරු ටිකත් කියවන්න... ...
- 2012 සහ, දෙක තුන වෙච්චි 2013... Flashback 2012 - චතූගේ කථා අවුරුද්දක් ගෙවී තවත් අවුරුද්දක් උදාවුනා. ඕක ඉතින් කැලැන්ඩරේ කොල ගැලවෙන එකයි, ඉලක්කම් හරඹයකුයි ඇර වෙන නම් ඇති දෙයක් නෑ. පෘථිවිය වෙනදා විදියටම කැරකෙනවා. උදේ වෙනවා - රෑ වෙනවා... අළුත් දවසක් එනවා... හරි හරි ඉතින්... බණ ඇති... මේකා මේ මාස ගාණකින් බ්ලොග් එක මතක් වෙලා ඇවිත් මෙතන බයිලා ගහනවා, නේද ? ඉතින්, අනං මනං නැතුව ඔන්න හැමෝටම සුභ අළුත් (පිළුණු ...
- Contact Lens (සිවි කාච) තිරයක් ඇසට සවි කරගන්න කැමති ද ? - චතූගේ කථා ඔබත් කෙදිනක හෝ ටර්මිනේටර් සිනමා පටය නරඹා ඇත්නම් එහි සයිබෝග් වරයෙක් ලෙස රඟන හොලිවුඩ් නළු ආනෝල්ඩ් ස්වැසනගර් ගේ දෘෂ්ඨිය පිළිබඳ මතක ඇතැයි සිතමි. ඔහුට සිය දෑස් තුලින් පෙනෙන දර්ශණයේ පරිගණක තිරයක මෙන් විවිධ දේ අක්ෂර වලින් සටහන් වී තිබෙනු ඔබට සිහියට නැගෙනු ඇත. ඒ ආකාරයේ ඩිජිටල් දත්ත ඇතුලත් දෘෂ්ඨියක් මනුෂ්‍යයින්ටත් ලැඛෙන්නට යන පුවතක් පසුගියදා වාර්තා වුනා. ඉතුරු ටිකත් කියවන්න... ...
- ඇඟිලි සෙලවීමෙන් පරිගණකය හසුරුවන LEAP - චතූගේ කථා පරිගණකය සහ පරිගණක තාක්ෂණය කොතරම් දියුණුවට පත්වූවත්, මිනිසා පරිගණකය සමග සම්බන්ධ වන මූලික ආකෘතිය තවමත් වැඩි වෙනසකට ලක්වී නැත. පරිගණකය තරම්ම පැරණි යතුරු පුවරුවත් (Key Board), අවුරුදු 40 ක් පැරණි මවුසයත්, මෑතකදී කළ එළි පැමිණි ස්පර්ශ-සංවේදී තිර (Touch Screen) තාක්ෂණයත් පරිගණකය වෙත විධාන ලබාදීම සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේදයි. මේ සෑම උපාංගයක් හා ක්‍රමවේදයක් සමගම මිනිසා හා ...
- ඩ්‍රයිවර් නැතුව දුවන ගූගල් කාර් (Google Autonomous Car) – චතූගේ කථා අන්තර්ජාල දැවැන්තයා වන ගූගල් සමාගම තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වන අතරම අති විශාල පිරිවැටුමක් ද හිමි සමාගමකි. තමා උපයන ලාභය නොයෙක් ක්ෂේත්රයන්හි ආයෝජනය කිරීම ගූගල් සමාගමේ පිළිවෙතකි. පසුගිය වසරේදී වාර්තා වූ පරිදි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ ආයෝජනය කල ගූගල් සමාගම මෙවර සිය අවධානය යොමු කර තිබෙන්නේ ප්‍රවාහන ක්ෂේත්රය වෙතයි. ඒ මිනිස් අනුදැනුමකින් තොරව, සම්පූර්ණ ස්වයංක්‍රීයව ධාවනය වන කෘතිම බුද්ධි කාර් ...
- ශ්‍රවණ තත්ත්වයට හානි නොකර ශබ්ද ගොනු හකුලවන FLAC - චතූගේ කථා ශබ්ද ගොනු පිළිබඳව කථා කරන විටදී දත්ත හැකිළීම (Audio Compresson) පිළිබඳ ද කථා නොකරම බැරිය. ඒ, සම්පීඩනය නොකරන ලද ශබ්ද ගොනු ගබඩා කිරීමේදී අධික ධාරිතාවයක් වැය වන නිසායි. ශබ්ද ඉංජිනේරුවන් විසින් උසස් තත්ත්වයේ ශබ්ද ගොනු මාදිලිය ලෙස සලකන .WAV ගොනු මාදිලියේදී එක් විනාඩියක් සඳහා මෙගාබයිට 10 ක ඉඩක් වැයවේ. ඒ ආකාරයෙන් ගීතයක් පටිගත කළවිට එය මෙගාබයිට 50 කට ...
- 2013 දී එන DDR4 මතක පත් (DDR4 RAM) - චතූගේ කථා පරිගණක මතක් පත් (RAM) තාක්ෂණය ද අන් සෑම තාක්ෂණ ක්ෂේත්රයක් සේම අධි-වේගයෙන් ඉදිරියට යන ක්ෂේත්රයකි. දෙගුණයක දත්ත වේගයක් සමගින් 2000 වසරේදී එළි දුටු DDR තාක්ෂණය DDR2 හා DDR3 ලෙස මේ වන විට විශාල ප්‍රගතියකට ලක්ව ඇත. වර්තමානයේදී DDR3 මතක පත් සෑම උපාංගයකම පාහේ ක්‍රියාත්මක වනු දැකියි හැකියි. ඒ එහි අඩු මිල, ඵලදායිතාවය හා සුලභතාවය නිසායි. DDR3 තාක්ෂණයට ...
- ලෝකයේ වේගවත්ම කාර් - චතූගේ කථා 1. Bugatti Veyron Super Sport: උපරිම වේගය පැයට කිලෝමීටර 430 කි. (430 Kmph) තත්පර 2.4 කදී 60 mph* වේගයක් ගනී. Narrow Angle 8 Liter W16 වර්ගයේ අශ්ව බල 1200 ක ඇලූමිණියම් එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 2,400,000 කි. 2007 මාර්තු හිදී Bugatti Veyron රථය විසින් හිමි කරගෙන තිබූ වේග වාර්තාව SSC Ultimate Aero කාර් රථය විසින් පරාජය කරනු ලැබිණි. එයින් පසු Bugatti සමාගම විසින් Bugatti Veyron Super Sport මාදිලිය නිෂ්පාදනය ...
- අළුත් පරිගණක ගැජට් ගැන දැනගනිමු [#2] - චතූගේ කථා තාක්ෂණයේ දියුණුවත් එක්කම එළි දැක්වුනු අපූරු ගැජට් කීපයක් ගැන පහුගිය ලිපි කිහිපයකිනුත් ඉදිරිපත් කලා මතක ඇති. පරිගණක, සන්නිවේදන හා විනෝදාස්වාද යන ආකාරයෙන් අපේ එදිනෙදා ජීවිතය පහසු කරවන මේ නව තාක්ෂණික උපාංගයන් නූනන තාක්ෂණික විස්මයන් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඉතින් බලන්න, මේ ගැජට් අතර ඔබ සොයමින් සිටි ආකාරයේ උපාංගයක් තියෙන්නත් බැරිකමක් නෑ...ඉතුරු ටිකත් කියවන්න... ...
- ජංගම දුරකථනයෙන් රූගත කල ලොව ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය : Olive - චතූගේ කථා හොඳ සිනමා නිර්මාණයක් උදෙසා දක්ෂ නළු නිලියන්, හොඳ අධ්‍යක්ෂකවරයෙක්, දර්ශණීය පසුතල මෙන්ම උසස් ගණයේ කැමරා ද අත්‍යාවශ්‍ය සාධක වේ. සිනමාව සඳහා භාවිතා කරන්නේ උසස්ම ගණයේ තාක්ෂණයෙන් යුත් විශිෂ්ඨතම රූපරාමු ලබාදෙන ඉහළම තලයේ කැමරා උපකරණයි. එසේ වුවත් මේ විශේෂිත කැමරාවලින් තොරව ජංගම දුරකථනයක කැමරාවෙන් පමණක් රූගත කරමින් නිපදවන ලද සිනමා පටයක් ඇමෙරිකාවේ සිනමාහල් තුළ ප්‍රදර්ශණයට සැරසෙන බව කිවහොත් ඔබ මවිත වනු ...
- ලස්සනම ලස්සන පුංචි සත්ත්ව සුරතලුන් [රූප කථා] - චතූගේ කථා හුඟ කාලෙකින් ආයෙත් ආවා ලස්සනම ලස්සන පින්තූර ටිකක් අරගෙන... ස්වභාව ධර්මයේ ලස්සන කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑනේ නේද ? පෘථිවියේ උසස්ම සත්ත්වයා යැයි කියාගන්නා මනුෂ්‍ය සතා තමන්ම ඉපැදවූ ස්වභාව ධර්මයටත් උඩින් යන්න හැදුවත් තවමත් සොබා දහමේ විස්මිත නිර්මාණ එක්ක තරඟ කරන්න මිනිසාට හැකිවෙලා නෑ... අද රූප කථාවෙන් අරගෙන එන්නේ ඒ විදියට සොබා දහමේ අපූරු නිර්මාණ වුනු ලස්සන, ...
- මම පමණයි කුකුළා !!! [ජනකථා #2] - චතූගේ කථා මේ ජනකථා පෙළ සඳහා පළමු පියවර ලෙස කලින් ලිපියක් ඉදිරිපත් වුනා මතක ඇති... ඉතින් පොඩි (?) නිහැඬියාවකට පස්සේ මේ පළ වෙන්නේ දෙවැනි කොටස අදත් තව කථා දෙක තුනක් අරගෙන එන්නයි මේ සූදානම... කලින් ලිපිය බැලුවේ නැත්නම් මෙන්න මෙතනින් ගිහින් බලලා එන්න පුළුවන්...! ඉතින් මේ කථා පෙළ කියවන ඔක්කොගෙන්ම පොඩි ඉල්ලීමක් තියෙනවා... කථාව කියවද්දී චිත්ත රූප පෙලක් විදියට තමන්ට දැනුනු දෙය ...