කන පිනනසිත හදනගිම් නිවනමියුරු බව.ප.ලි - මේ දවස් වල මම විභාගෙකට ලෑස්ති වෙනවා. බ්ලොග් ලියන්නවත් හිත හදාගන්න අමාරුයි. විභාගේ කරලා ඉවර උනාම ටිකක් දිග පොස්ටුවක් දාන්න හිතාගෙන අදත් මෙව්වා එකක් ලියන්න හිතුවා.මේ අදහස හිතට අවේ විභාග මානසිකත්වය පොඩ්ඩක් මග අරවාගන්න සින්දුවක් අහන වෙලාවක, අපේ හිතේ මොන තරම් ප්‍රශ්න තිබුනත් ඒවා ඔක්කොම අමතක කරවන්න හැකියාවක් සංගීතයට තියනවා. තමන් කවමදාවත් අහල නැති ...
ඉතාම කාර්ය බහුල සති කීපයකට පස්සේ තමයි අයෙත් අලුතෙන් පොස්ට් එකක් ලියන්න හිතුවේ. මම පහුගිය 6 වෙනිදා මගේ මව් රටෙන් පිට උනා. දැන් ඉතින් අයෙත් පරණ පුරුදු රටාවට හැඩගැහෙන්න උත්සහ කරනවා. තාමත් හරියට ඒක කරගන්න බැරි උනා. ඒ මදිවට මෙහෙ හොඳටම සීතලයි. මම කොහොමත් කම්මැලියනේ. මේ වගේ කලෙක තමයි මට අර කලින් කිව්ව බ්ලැන්කට් කතාව මතක් උනෙත්.හරියට ලියන්න දෙයක් හිතට ...
ඔබ ඇගේ මම ඇගේඔබ ඔබේ මම මගේඔබ මගේ මම ඔබේඑත් අන්තිමේ ඔබට ඔබද නැත මට මාද නැත.
ඊයේ මම අපහු යන්න ටිකට් එක ගත්තා. යන්න තියෙන්නේ දෙසැම්බර් 6 වෙනිදා. දැන් ඉතින් එක දිහා බල බල ඉන්නවා අයෙත් යන්න වෙනවනේ කියල හිත හිත. පටන් ගත්ත වැඩේ ඉවර කරන්නත් ඕනෙනේ... නෑදැයෝ, දෙමව්පියෝ යාළුවො ඔක්කොම දාල යන එකත් ලේසි වැඩක් නෙවෙයි. ඒත් ඉතින් බැඳගත්ත බෙරේ ගහන්න වෙනවනේ.ලංකාවෙන් ඈත් වෙන්නම ඕනේ අගේ තේරෙන්න. අම්මගේ කෑම, තමන්ගේ කාමරේ තියන උණුසුම, මිනිස්සුන්ගේ ඒ ...
නෙත් තෙමනසිත් තවනබස් මවනනිහඬ බව...................
අද දෙන්න හදන්නේ මට තියන තවත් උණකට සම්බන්ධ විස්තරයක්. මට වගේම ගැජට් ජානය තියන අයට නම් වැදගත් වෙයි. අපි කව්රුත් දැකල තියනවනේ රෑ අහසේ ගුවන් යානා යනකොට ඒවගේ විවිධ පාට වල විදුලි බුබුළු තියනවා. ඒත් මොනවාද ගුවන් යානා වල තියන ඒක ඒක පාට විදුලි බුබුළු සහ ඒවගෙන් වෙන කාර්යයන්? ඒ ගැන පොඩි විස්තරයක් තමයි ලියන්න බලාපොරොත්තු වෙන්නේ.මේ විදුලි බුබුළු පවතින ...
මම අද පොඩි කතාවක් කියන්න හිතුව. මේක හිනා යන කතාවක් නම් නෙවෙයි. ටිකක් දුක හිතෙන්නත් පුළුවන්. මටම වෙච්ච වැඩක්.මම විශ්ව විද්‍යාලෙට ගිය අලුතම ඉතින් තියන උණට දේශණ එක දෙකක ඉස්සරහම පේලියේ ඉඳගෙන ඉඳල තියනවා. ඒක දවසක් අපේ පළමුවෙනි කළල විද්‍යා දේශනයකට ගිහින් වාඩි උනා පළවෙනිම පේලියේ. දේශනය කරන මහාචාර්ය වරයාට කට්ටිය කිව්වේ Foetus Farooq (කළල ෆාරුක්). මෙයා ගැන කියන්න දේවල් ...
ආයුබෝවන්.... අද වෙනකොට මගේ කුඩා බ්ලොග් එකට පැමිණෙන්නන්ගේ ගණන 500ක් පැනල. ඉතා විශාල ජයග්‍රහණයක් නොවුනත් මේ පැත්තේ ඇවිත් බලල කොමෙන්ටුවක් දාපු, ෆලෝ කරපු හැමෝටම ස්තුතියි.... විශේෂයෙන් මට ගොඩක් ගුරුහරුකම් දෙන මට ගොඩක් උදව් කරන මගේ මිතුරා සාබිත්ට ගොඩක් ස්තුතියි.මගේ ලොකු ලොකු බලාපොරොත්තු නම් නෑ. ඉදිරියටත් මට දැනෙන දේවල් ගැන ලියන්නම්. පුළුවන් වෙලාවට ඇවිත් බලල යන්න................. ...
Inappropriate?For the first time in this year today I had to switch on my fan marking the end of the short but sweet Bangladeshi winter. Even though it took my good health away from me several times within last 3 months I am kinda in love with it.The feeling of warmth inside a nice blanket can be enjoyed only when ...
අද මම මේ කියන්න යන කතාව මගේ තාත්තා මට කියපු කතාවක්. මේ කතාවේ කථා නායකයාට අපි පුංචිබණ්ඩා කියල කියමු. මෙයා සෑහෙන අවුරුදු ගානකට ඉස්සර ඒ කිව්වේ ආණ්ඩුවේ ආයතන ලාභ ලබන කාලේ රජයේ ගොවිපලක හිටපු රාත්‍රී මුරකාරයෙක් (night watcher). මේ කතාව එයා කරපු මොලේ තියන වැඩක් ගැන.ඒ දවස් වල ඒ ගොවිපලේ ප්‍රධානියා මේ මුරකාරයෝ රෑට නිදිද බලන්න පොඩි නීතියක් දාල තිබුනලු. ...
මේ වීඩියෝවේ අයිතිකාරයා නම් මම නෙවෙයි. එත් මේක දැක්කම කට්ටිය එක්ක බෙදාගන්න ඕනේකියල හිතුන. තමන් උත්තරය හරියටම දන්නවා කියල දැනගෙන මෙයා මේ කරපු වැඩේ තමන්ව උස මහත් කරපු තාත්තට ලොකු ගෞරවයක් වගේම නිවෙදකයටත් පොඩි කනේ පාරක් කියල මට හිතෙනවා.මෙයා ගැන විස්තර තව ටිකක් තියනවා මෙතන http://en.wikipedia.org/wiki/John_Carpenter_(game_show_contestant) ...
මම දැන් මේ කියන්න යන්නේ අපේ දින 3ක ගමනේ දෙවන කොටස ගැන. එතරම් රසවත් නැතත් මා ලැබූ අලුත් අත්දැකීමක් නිසාම මේ ගැන බ්ලොග් සටහනක් කරන්නට සිතුනා. මේ කොටසේ ඇත්තේ බංගලාදේශයේ සිට ගොඩබිම් දේශ සීමාව හරහා ඉන්දියාවට ඇතුළු වීම සහ කල්කටා නගරයට පිවිසීම ගැන.ඩකා නගරයෙන් මෙතෙක් වෙලා පැමිණි බසයෙන් බැස තවත් ඒ වර්ගයේම බසයකට ගොඩවන්න අපට සිදු උනා. මේ බසයේ ...
ශ්‍රී ලාංකිකයන් හැටියට අපි හැම දෙනාම තේ හැදීමට සහ තේ බීමට ඉතාමත් දක්ෂයින්. එහෙත් Green Tea එහෙමත් නැත්තම් හරිත තේ ගැන අපි කතා වෙන්න පටන් ගන්නේ මෑතක පටන්. මේ ලිපිය හරිත තේ පිළිබඳව හෝ එහි ගුණ දොස් විස්තර කරන ලිපියක් නම් නොවේ. ඒ ගැන ඔබලා බොහෝ දෙනෙක් දැනටමත් දන්නවා ඇතැයි මා සිතනවා. මේ ලිපියෙන් මා අරමුණු කරගන්නේ රසවත් හරිත තේ ...
මේ මම කියන්න යන කතාව නම් අපේ විශ්ව විද්‍යාලයේ සිදු වුන එකක් ලු. ලු කිව්වේ මම ඒක වෙනකොට එතන නොහිටපු නිසා. මේ කතාවේ කතා නායකයා ටිකක් මහලු වියේ පසු වන මහාචාර්ය වරයෙක්, ජෛව රසායන විද්‍යාව පිලිබඳ ආසියවේ සිටින ප්‍රධාන පෙලේ මොළ කාරයන් ගෙන් එක්කෙනෙක්. ඒ වගේම සුපිරි මනුස්සයෙක්. තම සිසුන් ගැන සානුකම්පිතව සිතන ගුරුවරයෙක්. නත්තල් සීයා ගේ වගේ රැවුල නිසා ...
මම මේ කියන්න හදන්නේ මම ජීවිතේ ගිය දිගම ගමන ගැනයි. මම ඉගනගන්නේ බංග්ලාදේශයේ. අපිට විභාග කියන දේ අමුත්තක් නැති උනාට මේ පාර තියන එක නම් අපේ භාෂාවෙන් ටිකක් සීරියස්. ඒ නිසා ඒක කරන්න හිත හදාගන්න කියල හිතාගෙන තමයි ලංකාවට එන ගුවන් ටිකට් වල ගාන බැලුවේ. එක පැත්තකට විතරක් රුපියල් 42000ක්. තවම වැඩි වයසක් නැතිනිසා නොවෙන්න හාට් ඇටෑක් එකක් එනවා සුවර්. ...
දෙලොවක් අතර - කාලෙක ඉඳල සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න ඕනේ කමක් තිබුනත් සිංහල කොටන්න තියන නොහැකියාව නිසා එක අත් ඇරලා දාන්න සිද්ධ උනා. එත් ගුගල් එකට පින් සිද්ධ වෙන්න දැන් නම් වැඩේ ලේසියි.තියන වැඩත් එක්ක මේක මම කොච්චර දුරට කරයිද කියල නම් කියන්න බෑ එත් කමක් නෑ පුළුවන් විදියට මොනවා හරි ලියල යන්නම්. පුළුවන් වෙලාවට ඇවිත් කියවල බලල හරි වැරදි ...