ඊයෙ නිවාඩු දවසේ, සතියටම රෙදි මදින ගමන්, මම හෙඩ් ෆෝන් එක කනේ ගහගෙන ලැපියෙන් බලපු BULLETPROOF කියන මූවී එකේ Adam Sandler මෙහෙම කිව්වා මං අහගෙන. World is not black or white as you think. There is a large area of grey, where most people live. (ලෝකෙ උඹ හිතනවා වගේ කලු සුදු එකක් නෙවෙයි බං. ඒකෙ අලුපාටත් තියෙනවා. හුඟක් මිනිස්සු ...
පිදුම හිරුණිටමොරයා මුලින්ම මට දුන්නේ උගේ පොල් අඩියක්. මම වැඩි ආයාසයක් නැතුවම පහත් වුනා. උගේ දෙවෙනි එකත් ඒ වගෙම ගොං, පොල් අඩියක්. ඒකත් අමාරු එකක් නෙවෙයි. මම පහත් වුනාම, එකත් මගෙ හිස් මුදුනට පවන් සලාගෙන නිදහසේ ඇදිලා ගියා. නමුත් වැදුනා නම් හාන්සි තමයි.මේ මොහොතෙ, මම මේ ඉස්කෝලෙට අලුත්ම අත්දැකීමක් වන බොක්සිං පන්ච් එකක් එල්ල කලා නිරාවරණය වෙලා තියෙන මොරයගෙ ...
ඒ මම කොට අදින ඉස්කෝලෙ උගන්නන කාලේ. චිත්‍ර ඉගැන්නුවෙ නාලන්ද කියලා අනවර්ත නාමයක් තිබ්බ බුවෙක්. නේරු කිව්වම සරනේරුද කියලා අහන්නෙ පොර තමයි. මියුරල් හෙම ලෙසටම කරනවා. ඔන්න ඉස්කෝලෙ බිත්තියෙත් එකක් කරල තියෙනව මම දැක්කා ගිය වෙලාවක.මොකක්දෝ දානෙකට මාලු ගන්න, පොර තව බුවෙක් එක්ක ගිහින් පට්ට පාන්දර මාලු මාකට් එකට. (කොයි එකටද කියලා අහන්න එපා, කියන්නෙ නෑ) බලන බලන පැත්තෙ ඉන්නෙ ...
මෙවර කතාව පෝල් ජෙනිංස් ලියපු කතාවක්. ඇන්ඩි ග්‍රිෆිත්ස් වගේම ඔහුත් ඕස්ට්‍රේලියානු ලේඛකයෙක්. ඇත්තෙන්ම උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ඔහු අවුරුදු හයේදි බ්‍රිතාන්‍යයේ ඉඳලා පවුල පිටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමනය වෙද්දි ඔවුන්ට ඒ ගමන් වියදම ගියේ පවුම් දහයයි. ඉතිරිය ඕස්ට්‍රේලියානු රජය දැරුවා.පෝල් ජෙනිංස් මගේ ප්‍රියතම ලේඛකයෙක්. නැවතත් මම මේ උත්සාහ කරන්නේ මම රසවිඳි දෙයක් මා ලඟම රඳවා නොගෙන ඔබත් සමඟ බෙදා ගන්නයි. මෙවර මේ ...
බලංගොඩ කුලී නිවසේ ඉස්තෝප්පුවෙ බිම පෙරලිලා, ටෝච් එක කෑලි කෑලි වලට ගලවමින් හිටිය කුඩා හෙන්රිබ්ලොග්වෝකර්, ටෝච් බල්බ් එක කටේ දාගත්තෙ මොන එකකටද කියන දෙයියෝ තමයි දන්නෙ. කොහොම හරි, බල්බ් එක දිවෙන් පෙරලමින්, ටෝච් එකේ පිටිපස්සෙ මූඩියේ ස්ප්‍රිං එක එලියට අදින කොටම, අත වැදිලා එක බැටරි කෑල්ලක් රෝල් වේගන, රෝල් වේගන ඈතට ගියා. බ්ලොග්වෝකරුත් බැටරිය පස්සෙන් රෝල් වේගන, රෝල් වේගන, ගිහින් ...
දැන් ඔයා හොඳටම දුර්වල වෙලා, අමාරුවෙන්නේ ඉන්නේ ... ඊට පස්සෙ, ඔයා ගිලෙන්න ඔන්න-මෙන්න ඉන්නකොට ඔයා දකිනවානේ, තල්මසෙක්.මොනවා? මතක නෑ? එහෙනම්... මෙන්න පළවෙනි කොටස.මෙන්න දෙවෙනි කොටස. ඉතින් ඊට පස්සේ...* තල්මසා ඔයාව ගණන් ගන්නේ නැති නම්, යන්න 20ට.* තල්මසා ඔයාව ගිල දානවා නම්, යන්න 21 ට. 20.තල්මසා ඔයාව ගණන් ගන්නේ නෑ... ඌ ඔයාව පහුකරගෙන යනවා. ඒ වුනාට උගේ පිටිපස්සෙන් මතුවෙච්ච මෝරා, එහෙම ...
මේ කතාව කියවනකොට ඔය තියෙන උපදෙස් අනුව එක පාරක විතරක් යන්න ඕනෙ නෑ. ඔය තියෙන විදියට කියවාගෙන යන්න. එතකොට මොකුත් මිස් වෙන්නෙත් නෑ. අනික එහෙම කියෙව්වාම තමයි ගතිය. රතු පාට කොටස කියවලා ඉවර වෙනකොට අමතක වුනොත් විතරක් උඩ තියෙන හයිලයිට් කරපු තැනට ගිහින් බලන්න. මම හිතන්නේ නෑ එච්චරටම අමතක වෙන අය ඉඳී කියලා. :Dඔයා අන්තිමට කලේ ඔලුව අත් දෙකෙන්ම බදාගෙන ...
මාරක කේක් වට්ටෝරුව. Cake of DoomA choose your own baking adventureකේක් එක බේක් කර ගැනීම: ඔබට අවශ්‍ය සාර්ථකව අවසන්වන වට්ටෝරුවක්ද? නැතහොත් විනාශයෙන් අවසන් වන වට්ටෝරුවද? මේ කතාවෙදි එය තීරණය කරන්නේ වෙනින් කවුරුවත් නෙවෙයි . ඔබමයි.ඔබේ නම ඇන්ඩි. හෙට මව් වරුන්ගේ දිනය. හෙට උදෙන්ම අවදි වී, ඇයට කේක් එකක් ඔබම සාදා, ඇයව විශ්මයට පත් කිරීමට ඔබ අදහස් කරනවා. එකම ගැටළුව ඔබ ...
මතකද පොඩි කාලේ? එක යුගයක් තිබුනා අපි කතා කරන්නම ආසා කක්කා කතා, චූ කතා. ඈක්කා! නමුත් ඒ ළමා මනස සංවර්ධනයේ එක අවස්ථාවක්. එහෙම නෙවෙයි කියනවා නම්, එක්කෝ ලැජ්ජාවට, නැතිනම් කුහක කමට, නැතිනම් ඇත්තටම අතීතය අමතක වෙලා.දැන් අපි සාමයේ අගය ගැන දේශණ පැවැත්තුවට, මතකද ඉස්සර, තුවක්කු, කැටපල්, බෝම්බ, කඩු, කිණිසි, දුණු, ඊතල වලින් සෙල්ලම් කලා. කවුරු මොනවා කිව්වත්, කොල්ලෝ ඒ දේවල් ...
පාර මැනපු හැටිතාත්තගෙ ගමට යන පාරෙ වෙල අයිනෙ තියෙන දැවැන්ත මාර ගස් පේලිය පහු කරගෙන යන හැම විටම මට මතක් වෙන්නෙ, එයින් ලොකුම මාර ගහ පෙන්නලා තාත්තා අපිට කියපු කතාවක්. ඒ කාලෙ ඉස්කෝලෙ දැනට වඩා ප්‍රායෝගික අධ්‍යාපනයට තැනක් තිබිලා තියෙනවා. දවසක් ගුරුතුමා පන්තිය කණ්ඩායම් දෙකකට බෙදලා කිව්වලු, පාර කොච්චර දිගද කියලා මැනගෙන එන්න කියලා. හැබැයි කණ්ඩායම් දෙක මැනීම පටන් ගන්න ...
පළමු කොටසට මෙතනින්.තාත්තා කාමරෙන් එලියට යනවා.අම්මා ඇඳ ලඟ බිම දණ ගහගෙන, මගේ කම්මුලට හාදුවක් දීලා, එයාගේ අතින් මගෙ ඇරිලා තියෙන ඇස් පිහාටු වහනවා. හරියටම අර චිත්‍රපටිවල කරනවා වගේ. මේක කොච්චර හැඟීම්බර මොහොතක්ද කිව්වොත් තව පොඩ්ඩෙන් මට අමතක වෙලා ආයේ ඇස් අරිනවා. "ලෝකයා මොනවා කිව්වත්, ඔයා හොඳ දරුවෙක් වුනා මට," අම්මා කොඳුරනවා.ටිකකින් අම්මත් එලියට යනවා.දැන් මට ඇස් අරින්න බයයි, අම්මා එක ...
වෙලාව උදේ 8.15යි. මම තාම ඇඳේ. හරි නම් මට නැගිටින්න තිබුනේ මීට පැයකට කලින්. නමුත්, මම නෙමෙයි නැගිට්ටේ. දැන් ඔයාලට කුතුහලය නේ ඒ ඇයි කියලා දැන ගන්න? දන්නවද ඇයි කියලා? වෙන මොකුත් නෙවෙයි.මම මැරිලා.ම්ම්ම්ම්... ඇත්තටම නෙවෙයි. මම ඉස්කෝලෙ කට් කරන්න ඕනෙ නිසා මැරිලා වගෙ රඟපානවා. විතරයි.මට පුලුවන් වුනොත්, මොන ජාතියෙන් හරි, මම මැරිලා කියලා අම්මටයි තාත්තටයි ඒත්තු ගන්නාගන්න, ඒක ඉතිහාසයේම ...
ඔන්න මේ දැනුයි මම ස්ටේඩියම් එකේ ඉඳලා ආවේ. දැන් මේක නයෙක් කියලා උඹලා හිතනවා නම්, මට කරන්ඩ දෙයක් නෑ. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ. මං ඔය පොඩි කාලෙ ඉඳං එක්සසයිස් කරනවා කිව්වම, හැම එකාම අහන දේ තමයි, "ඉතිං යකෝ කෝ උඹ ඔච්චර නැහිලා හදා ගත්ත ඇඟ?" කියලා. මම ඉතින් ඔව්වට මොකුත් කියන්න යන්නේ නෑ බං, මෝඩයොත් එක්ක තර්ක කොරලා වැඩක් ...
මේ දැන් මාරම වැඩක් වුනානෙ බංස්ලා. මම දැන් පැයකට කලින් ගියා අපායට. අපාය කියන්නෙ මම උගන්නන එක පන්තියක්. දැන් උඹලා කියන්න එපා එහෙම කියන එක අසාධාරණයි කියලා. සීමිත විෂයමාලාවක් උගන්නන පන්ති (Limited curriculum classes) හදලා තියෙන්නෙ ඉස්කෝලෙ ඉන්න එපාම කරපු යමපල්ලො ටික දාලා. මේවායේ ඉන්නෙ ඇත්තටම ඉස්කෝලෙක තියාගන්න බැරි, නමුත් ළමා අයිතිවාසිකම් කේස් එක නිසා එලියට වීසිකරන්නත් බැරි ජීවී විශේෂයක්. ...
මේක ජෙනියා කිව්ව කතාවක් කිව්වට වැඩක් නෑ මොකද කොමෙන්ට් දාන බුවාලා අනිවා කියන්නෙ ඕක මට වෙච්ච වැඩක් කියලනෙ. 'අනික, උඹ කොහොමද ඔච්චර විස්තර දන්නෙ, ඕක උනේ උඹට නෙවෙයි නම්' කියලා කියන්න කී දෙනෙක් කටවල් මැදගෙන බලාගෙන ඇත්ද?කමක් නෑ ඕනෙ එකක්.මෙන්න කතාව.කට්ටිය ෂොපිං පාරක් දාලා, තෝසෙ කඩයකුත් වන්දනාමාන කරගෙන, කොටුව හරහා ඇවිදගෙන යනවා. මේ තෝසෙ වලත් තියෙනවනෙ ආවේනික ගති ලක්ෂණ. තිබහ ...
පළමු කොටස මෙතනින්...ජිනීවා වෙත ලඟාවීමෙන් අනතුරුව, අප්‍රකට හෝටලයක නවාතැන් ගත් ඉග්නේෂස් පැය අටක සුව නින්දක් ලැබීය. පසුදා උදෑසන ආහාර වේල ගන්නා ගමන්ම තමා නයිජීරියාවේදී කල ගවේශනයේදී සිය අත් අකුරින්ම පිළියෙල කරගෙන තිබූ බැංකු ලැයිස්තුව නැවත අධ්‍යයනය කලේය.ඔහුගේ හෝටල් කාමරයේ කවුලුවෙන්ද දිස් වූ, පටු මඟේ භාගයක්ම යටකර ඉදිකර තිබූ Gerber et Cie බැංකුවෙන්ම වැඩ ඇරඹීමට ඉග්නේෂස් තීරණය කලේය. හෝටලයෙන්ම දුරකථන අංකය ...
නයිජීරියාවේ මුදල් ඇමති ධූරයට ඉග්නේෂස් අගාර්බි පත්වීමේ පුවත ගැන උනන්දුවක් දැක්වූවේ අතලොස්සක් දෙනා පමණි. නිර්දය විවේචකයෝ කී ලෙසම පසුගිය වසර දාහතක කාලයක් තුල පත්වූ දාහත් වැනි මුදල් ඇමති ඉග්නේෂස් වූ විට එය අරුමයක්ද?සිය මුල්ම පාර්ලිමේන්තු ප්‍රතිපත්ති ප්‍රකාශයේදී, රාජ්‍ය අංශයේ ඔඩුදුවා තිබූ දූෂණ, අල්ලස් හා අක්‍රමිකතා මුලුනුපුටා දැමීමට පොරොන්දුවකුත්, දූෂිත නිලධාරීනට අනතුරු හැඟවීමකුත් කල ඉග්නේෂස්, කතාව නිමකලේ, තමන් නයිජීරියාවට "ෆුල් සුද්දයක්" ...
මට ඈතින් ඇහෙනවා එන්ජිමක ගුමු ගුමු හඬක්. මම මොකක් ගැනද මේ කතා කරන්නෙ කියලා නොතේරෙනවා නම්, මෙතන කොටලා, “දැන් ලඟද තාත්තෙ?” පළවෙනි කොටස කියවලාම එමුකො. ආහා!!! මම බලනවා මගෙ අත් ඔරලෝසුව දිහා. ඒ ගොල්ලනට එහෙනම්, විනාඩි පහලොවක්ම ගියා පරාජය බාර අරන්, ආපහු මාව ගන්න එන්න, ආ? මේකෙන් මට ඉගෙන ගන්න තියෙනවා හොඳ පාඩමක්! නමුත් දැන් දැන්, ඒ එන්ජිමේ ගුමු ගුමුව, ...
මගේ බ්ලොගර් අවුල දැන් කවුරුත් දන්නවනෙ. දන්නෙ නැති අය මෙතනින් ගිහින් බලන්නකො මගේ SOS පෝස්ට් එක. :)සරළව කිව්වොත් පබ්ලිෂ් කරන අලුත් පෝස්ට් රීඩර් වල වත් මගේ හෝ උඹලගේ බ්ලොග් රෝල් වලවත් අප්ඩේට් වෙන්නෙ නෑ, අඩියට වෙලා පරණ පෝස්ට් එකක් පෙන්නගෙන ඉන්නවා.මම කරපු දේවල් මෙන්න:ජාලේ හැමතැනම බැලුවා සර්ච් කරලා. ප්‍රශ්ණෙ විතරයි. කිසිම තැනක උත්තරයක් හම්බවුනේ නෑ. යාලුවන්ගෙන් ඇහුවා. හුඟදෙනෙක් කිව්වෙ ටෙම්ප්ලේට් ...
මගේ ඩෙනිමට අලුත් පෝස්ට් අප්ඩේට් නොවෙන ලෙඩක් හැදිලා.e-mail subscribe කරලා තියෙන අයට පෝස්ට් එක ගැන notification e mail එක එනවා.නමුත් Google Reader එකේ වත් බ්ලොග් රෝල් වල වත් අප්ඩේට් වෙන්නෙ නෑ.ඇත්තෙන්ම රීඩර් එකේ කෙසේ වෙතත් බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවෙන එක නම් හෙනම ඇණයක්.මේ ප්‍රශ්ණෙ තියෙන නදිනි ඇතුලු කීප දෙනෙක්ම ඉන්නවා. ඒ වගේම සරත්, මී පැටියා ඇතුලු තව කීප දෙනෙක්ම ...