Proxy කියන වචනය අන්තර්ජාලයේ සැරිසරන හැමෝටම බොහොම හුරුපුරුදු වචනයක්. බොහෝ දෙනා proxy වෙබ් අඩවි, වාරණය කරන ලද වෙබ් අඩවි වලට පිවිසීම සඳහා භාවිතා කරනවා. මීට අමතරවඅන්තර්ජාලයේ ආරක්ෂාකාරීව හා නිර්නාමිකව (anonymous) සැරිසැරීම, ip address එක සැඟවීම වැනි කාර්යන් සඳහා proxies යොදා ගන්නවා. ...

ස්ටැන්ෆර්ඩ් සරසවියේ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ පාසැල මගින් ඉදිරිපත් කරන පරිගණක විද්‍යාව පිලිබඳ පාඨමාලා 3ක් දැන් ඔබට අන්තර්ජාලය හරහා නොමිලේ හැදෑරීමට පුළුවන්. මෙම පාඨමාලා දේශන, පැවරුම් හා විභාග වලින් සමන්විත වන අතර පාඨමාලා කාලය සති 10කි. ...

අන්තර්ජාලය භාවිතා කරන අප හැම දෙනාටම තිබෙන ගැටළුවක් තමයි විවිධ වෙබ් අඩවි වලට පිවිසීමේදී ලබාදිය යුතු පරිශීලක නම් (username) හා මුරපද (password) මතක තබා ගැනීම. මේ ගැටළුවට විසදුමක් ලෙස බොහෝ දෙනා කරන්නේ abc,123 වගේ සරල මුරපදයක් භාවිතා කරන එක. තවත් සමහරු එකම මුරපදය හැම වෙබ් අඩවියකටම යොදා ගන්නවා. ...

සමහර පරිගණකවල පිටතින් පෙනෙන්නට ඇති CD/DVD drive වලට වඩා වැඩි ගණනක් "My Computer" හි තිබෙන ආකාරය ඔබ දැකල ඇති. මෙසේ වැඩිපුර ඇති CD/DVD drives මෘදුකාංග භාවිතයෙන් නිර්මාණය කල ඒවා මිස සත්‍ය වශයෙන්ම දෘඩාංග වශයෙන් පවතින ඒවා නොවේ. ...

මුද්‍රණයකිරීමට හා පිටපත්කිරීමට නොහැකිවන ලෙස සකස්කල PDF ෆයිල් වල එම අවහිරකම් ඉවත්කරගන්නා ආකාරය මෙම ලිපිය මගින් පැහැදිලි කරනවා.

Giveaway of the Day කියන්නේ දිනපතාම අලුත් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන වෙබ් අඩවියක්. මීට අමතරව Game Giveaway of the Day මගින් සමහර දිනවලදී පරිගණක ක්‍රීඩාද නොමිලේ ලබාදෙනවා.

මෙතෙක් කලක් චන්ද්‍රිකා තාක්ෂණය හරහා විකාශය වූ බෞද්ධයා රුපවාහිනී නාලිකාව දැන් සාමාන්‍ය රුපවාහිනී නාලිකාවක් ලෙසද නැරඹීය හැක.

ගොනු හකුළුවන මෘදුකාංග (file compression software) ගැන කතා කරනවිට බොහෝදෙනාට මතක්වෙන්නේ WinZip හා WinRAR යන ජනප්‍රිය මෘදුකාංග දෙකයි. නමුත් මේ මෘදුකාංග දෙකම මුදල් ගෙවා ලබාගත යුතු නිසා බොහෝ දෙනා මේවායේ නීතිවිරෝධී පිටපත් (pirated/cracked versions) භාවිතාකරන්න පුරුදු වෙලා තියෙනවා. ...

Adobe Photoshop වගේ මෘදුකාංග භාවිතයෙන් ඡායාරූප බැලු බැල්මට වෙනසක් නොපෙනෙන ආකාරයට edit කරන්න පුළුවන්. මේ විදියට edit කරපු ඡායාරූප හදුනාගන්න පුළුවන් ක්‍රමයක් ගැන අද මම ඔයගොල්ලන්ට කියල දෙනවා. ...

එකම වෙබ් අඩවිය විවිධ වෙබ් බ්‍රව්සර් වල හා මෙහෙයුම් පද්ධති හරහා නරඹන විට එකම ආකාරයෙන් දිස්නොවීම වෙබ් අඩවි නිර්මාණය කරන්නන්ට ගැටළුවක්.

අපේ පරිගණකයේ Desktop එකට ලස්සන Wallpapers වලින් හැඩවැඩ කරන්න පුළුවන් මෘදුකාංගයක් විදියට Webshots Desktop හදුන්වාදෙන්න පුළුවන්. Webshots වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට දැනට මිලියන 680 ඡායාරූප එකතුවක් ඔවුන් සතුව තිබෙනවා. ...

Previous Page