ආදරණීය මල්ලි! හෙටට ඔයා අපිව දාලා ගිහින් හරියටම සති තුනක් වෙනවා. කවදාවත් අපෙන් ඈත් වෙලා නොහිටිය ඔයා අපිව දාලා හදිස්සියේම යන්නම ගියා. පලවෙනිදා ඔයාගේ උපන් දිනේට කතා කරපු දවසේ කවදාවත් නැති විදියට මට එන්න කියල බල කරපු වෙලේ මම අසරණ වෙච්ච තරම දන්නේ මම විතරයි. ඒත් එවෙලේ දැනගෙන හිටිය නම් ඊට සතියකට පස්සේ ඔයා අපි හැමෝවම දාල යනවා කියල මම හැමදේම අත ...

අද අලුත් දවසක්..... ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්... අපි ජීවත කාලෙටම සැලසුම් හදාගෙන, බලාපොරොත්තු පුරෝගෙන ඉන්නකොට, දෛවය එක ක්ෂණයකින් ඒ හැමදේම වෙනස් කරලා අපි නොහිතපු දිහාවකට අපිව අරගෙන යනවා. බලාපොරොත්තු අපිව ජීවත් කරනවා.. හැම අලුත් දවසකටම අපිට ජීවත් වෙන්න හේතුවක් දෙනවා...එත් ඒ බලාපොරොත්තුව කවදාවත් අපිට ඉටු වෙනවා කියල පොරොන්දුවක් දෙන්නේ නෑ..2011 අවුරුද්ද පටන් ගන්නකොට මම ලංකාවේ ප්‍රසිද්ධ ජාතික පාසලක උසස් පෙළ ගණිත ගුරුවරියක්..2011 ...

ජීවිතය... සිරවී බිත්ති හතරකසිහින දකිමිලෝකය දකින්නටවිඳින්නට...හෙට දිනක...අද දින සැපයි... අඩුවක්ම නැත...එහෙත් මම කිරිල්ලියකි..කුමක් තිබුනත් කුමටද,තටු සිඳලූ කල..

ඔන්න ඉතින් කාලෙකට පස්සේ මටත් මතක් උනා මට බ්ලොග් එකක් තියෙනවා කියල. මටත් අමතක වෙලා තිබුන එකේ වෙන කාටවත් මෙහෙම එකක් තිබුන කියල මතක තියේවිද...දැන් ජීවිතේ වෙනස් එත් හැමදාම එක වගේ...ඒ නිසා වෙනසකටත් එක්ක ආයෙමත්ආදරණීය නවාතැනේ දොර විවර කරා නම් හොඳයි කියල හිතුනා...මෙදා පාර නම් ඇවිත් යන්න නෙමෙයි....කාලයක් ඉන්නයි හිත... ...

අවුරුද්දකට විතර පස්සේ ඔන්න මටත් මතක උනා බ්ලොග් එකක් තියෙනවා කියල. ගෙදර කම්මැලි කමේ ඉන්නකොට අහම්බෙන් වගේ මගේ බ්ලොග් එක ඇරලා පරණ බ්ලොග් සටහන් කියවනකොට මට අයෙමත් හිතුනා මොනවහරි ලියන්න. අන්තිමට බ්ලොග් සටහනක් ලියපු දවසට වඩා දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා.. දැන් මම චූටි ටීචර් කෙනෙක් නෙමේ .... විවාහයෙන් පස්සේ පොඩි කාලයක් ඇතුලත ගොඩක් දේවල් වෙනස් උනා. හරියට ග්‍රහයෙක් මාරු ...

අමතකව ගිය අතීතය ඇවිදින්දවා හළු කරයි ම සිත් මඬල......එදා නුඹ අයැදි විටමා නොදැන සිටියෙමිමෙතරම්මා නුඹට පෙම් කල වග...එදා ප්‍රතික්ෂේප කරනුඹ සිත් රිදෙව්වෙමි...සියල්ල අවසන්ය...අද සුසුමක් සමග මා තනිවීමි..... ...

අළුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියල හරි මට ඉවර කරන්න රාජකාරියක් තියේ. අපේ ඉතින් තිබ්බනේ අර සිහින බක් මහා උළෙල. හැමෝම ගිහින් ඇවිත් ඒක ගැන ලිව්වට මම ලිව්වේ නැනේ. ලිව්වේ නැත්තේ ඉතින් හරි වෙලාව එනකන් හිටිය නිසා තමයි ඉතින්. අවුරුදු උළෙල නම් සුපිරියි. ඒක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. අපේ සහෝදර සහෝදරියෝ පහු ගිය කාලේ ඒක ගැන ඇතිවෙන්න ලිව්වා.මම ...

පරණ අවුරුද්දක් ගෙවිලා ගිහින් අළුත් අවුරුද්දක් ලබන්න ඔන්න මෙන්න..ඒ අස්සේ මමත් සමරනවා මගේ 26 වෙනි උපන්දිනේ. උපන් දිනේ උනාට වෙනාද තරම් සන්තෝසයක් නෑ හිතේ. වයසට යන එක ඉතින් සතුටට පත වෙන කාරණයක් නෙවීනේ..ඒකට වඩා හිතේ දුක, අම්මල එක්ක සමරන අන්තිම අවුරුද්ද නිසා. කවුරුත් ඒක ගැන කතා නොකලට මම දන්නවා ඒක හැමෝම හිතේ කොනක තියාගෙන ඉන්නවා කියල.අවුරුදු 26 ක තිස්සේ අම්මලත් ...

සඳ ඔබ මගේ...මා දිවිය එලිය කලපෙම්බරාණෙනි...සෙනෙහස උතුරන...ඔබ හද තුල මමලැගුම් ගත්තෙමි...සත් සියක් සත් පියුම් පිපේවා...මලින් පිරී ගත් ලොවක් සැදේවාඒ ලොව රජ කුමරිය මම වෙන්නෙමිඔබ අත ගත් මා රැජිනියකි..... ...

කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලියන්නත් බැරි උනා. බස් පදින අය නම් දන්නවා මේ දවස්වල මට වැඩ තරම.  ඒ වැඩ අස්සේ අපේ මල්ලි ඊයේ එයාගේ 23 වෙනි උපන් දිනේ සැමරුවා. ඉපදුනේ අප්‍රේල් 1 වෙනිදා උනාට එයාගේ මතකයටයි මොලේටයි ගහන්න කෙනෙක් අපේ පවුලේ නම් නෑ. හරි උවමනාවෙන් ඉගෙන ගත්තා නම් අද එයා අපි හැමෝටම වඩා ඉහල තැනක ඉන්නවා. මගේ බ්ලොග් එක කියවන අය ...

සිහිය කියන දේ අපිට කොච්චර වටිනවද කියල තේරෙන්නේ සිහිය විකල් වුනු කෙනෙක් දැක්කමයි. අසිහියෙන් මොන තරම් දේවල් ඒ අය කරනවද. අපිට ඒ මනුස්සයට වැරැද්දක් කියන්නත් බෑනේ. සිහිය විකල් වුනු කෙනෙක් නැත්නම් සාමාන්‍යයෙන් කියන විදියට නම පිස්සෙකුට අම්මා තාත්තා කවුද කියලවත් අඳුරගන්න බෑනේ. ඒ වගේ කෙනෙක් ඒගොල්ලෝ කරන්නේ මොනවාද කියන්නේ මොනවාද කියල දන්නෙත් නෑ.සාමාන්‍ය මිනිස්සු වන අපිට ඒ අය කරන එක ...

මෙය මා ලිවීමට බලාපොරොත්තු වන පුවත්පත් ලිපියක් සදහා වේ.නැන්දම්මා ලේලි ගැටුම් පිළිබඳව ඔබේ අදහස කුමක්ද? එය නැවැත්වීමට දෙපාර්ශවය කලයුතු යැයි ඔබ සිතන්නේ කුමක්ද? මෙම අවස්ථාවේදි සැමියාගේ කලයුත්තේ කුමක්ද?ඔබේ අදහස් සමග ඔබගේ නම, වයස හා රැකියාව සඳහන් කරන්න. අදහස් දැක්වීම සියලු දෙනාටම විවෘතයි ...

නීල ගණදුර පැතිරෙන       අඹරේසරා සඳ කුමාරි පිපියන්    රහසේශ්වේත වූ වළා කුමාරෝ   රිසිසේවසාපන් මේ මා දිනමිණ  විගසේ(තේරුම: ගණ අඳුර පැතිරෙන අහසට එන්න සඳ කුමාරි, සුදු වලාකුළු විත් හිත් පරිදි වසන්න මේ මහා සුර්යයා)මිහිකලා දුකින් වියලී ඇත           සරියේමල්ඵල අතැර තුරුලිය හැඩවෙයි දුකිනේදියවලා නැගණි මුතු ඇට වැසි     දෙමිනේවසාපන් මේ මා දිනමිණ ...

මම සිංහල බ්ලොග් ලෝකයට අගන්තුකයෙක්මි. මම බ්ලොග් ලියන්නට පටන් ගෙන තවම ගත වී ඇත්තේ තෙමෙසක්‌ පමණි. ඒ තෙමසට මම බොහෝ දෙනා දැන හදුනා ගත්තෙමි. එහෙත්, සමහරුන්ව නිසි පරිදි හදුනා ගන්නට නොහැකි විනි. එසේ වුයේ නම් අද මෙය ලිය නොවන්නට ඉඩ තිබුණි. කෙසේ වුවත් විය යුතු සියල්ල සිදු වුනි. මූණු පොතේ බ්ලොග් මිතුරෝහිදී, කලක අඹ යහළුවකු මෙන් පෙනී සිට පසුව හදිසියේ ...

මෙය මා ලියන පුවත්පත් ලිපියක් වෙනුවෙනි...ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් ආදර සම්බන්ධතාවයක් පටන්ගත් පසු, බොහෝ විට ගැහැණු ළමයා ගේ මුළු ලෝකයම පිරිමි ළමයා වේ. ඇය තම මිතුරන් සමග ගත කරන කාලයද අඩු වෙයි. ලැබෙන සෑම නිදහස් වෙලාවක්ම තම පෙම්වතා සමග ගත කිරීමට උත්සාහ කරයි.එහෙත්, පිරිමි ළමයා තම මිතුරන් සමග රිසි සේ කාලය ගත කරයි. සම්බන්ධතාවය ඇරඹු පසුවත් ඔහු වෙනසක් නොමැතිව ...

මඩයා ඒ කියන්නේ අද කතාවේ කතා නායකයා කවුද කියල අපේ බස් පදින ජනතාවට නම් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මඩයා හරි මඩ අය්යා හරි කිව්වොත් ඕන කෙනෙක් දන්නවා. මේ හාදය බ්ලොග් ලෝකේ බොහොම ප්‍රසිද්ධ චරිතයක්. අවුලකට තියෙන්නේ මෙයාගේ යාලුවොන්ට හරිම වැඩ තමයි වෙන්නේ. මෙයාට නම් කිසිම අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා නෑ. ලිව්වොත් ලියන්නේ යාලුවෙකුට වෙච්ච සිද්ධියක්. එයා කියන විදියට නම් රහමෙර ...

තනිය සැපයිඑක්වී විදින දුකට වඩා...අසන්නට කෙනෙක් නැත...බලන්නට කෙනෙක් නැත...අද මා පමණි...ම ලෝකය කරකවමිරිසි පරිදි...යකා කළු නැතසිතු තරම්....

Previous Page