නිවස > Uncategorized > ප්‍රේමය සංසාරික ය.

ප්‍රේමය සංසාරික ය.

ඇල අයිනේ
මා හට දකුනෙන්
උරහිසට හිස තියං උන් දවසක
පලමු වරට ඔබ ආත්මයේ
ගැඹුර අත්වින්දෙමි.

එකහැල්මේ දිවෙන
ඩේජාවූ මතක අකුණුසැර සිනමාපටයකට
මොහොතකට මැදිවුනෙමි.

වෙනත් ආත්ම, ග්‍රහලෝක, මණ්දාකිණි
හරහා ආලෝක වර්ශ ගණනක් දිග
පරිච්ජේද රැසක
අපි එකම ආදරණීය චරිත
වලට පණපොවා ඇති බව හැගේ.

අවසනට විදි
නලලත සුවද
මීලග වතාවේ
අදුනාගනු පිණිසය.

ප්‍රේමය සංසාරික ය.

ප්‍රවර්ග:Uncategorized
  1. තවමත් ප්‍රතිචාර නොමැත.
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න