Tuesday 28 November 2023

ෆේස්බුක් එක ගැන පොඩි පහේ කතාවක් - About Facebook again!



අපේ සිංහල අයියලා අක්කලා සමහරු Facebook ගැන සඳහන් කිරීමේ දී එයට මූණුපොත, මුහුණු පොත, වත්පොත යැයි කියති.

මා ද දිගු කලකට පෙර එසේ ලියූවෙමි. පසුව මට සත්‍යාවබෝධ විය.

Facebook යනු වෙළඳ නාමයකි. කොටින් ම, Sunlight සබන් සහ Signal දත්බෙහෙත වැනිය. ඒවාට කිසිවෙකු "හිරුඑළිය" සහ "සංඥාව" යැයි නොකියති.

එසේම රසික යන්න ඉංග්ලිෂ් භාෂාවෙන් ලියන්නේ Rasika ලෙස මිස Connoisseur of the fine arts කියා නොවේ. සූරියආරච්චි යන්න ලියන්නේ Suriyaarachchi ලෙස මිස Officer in charge of the Sun කියා නොවේ.

එනිසා Facebook යන්න දෙකට කඩා වෙනම වචන දෙකක් ලෙස පරිවර්තනය කළ නොහැක. එසේ කළා වුව ද, එය ලිවිය යුත්තේ මුහුණපොත හෝ වතපොත කියා ඒකවචනයෙන් මිස මුහුණුපොත හෝ මූණුපොත හෝ වත්පොත කියා නොවේ.

එනිසා, Facebook යන්න සිංහලෙන් ලියනවා නම් ෆේස්බුක් ලෙස ලියන්න.

ස්තුතියි.

- රසික සූරියආරච්චි

ප/ලි:
සිංහල බ්ලොග් කලාව විනාශ මුඛයට ඇද වැටුණේ, ෆේස්බුක් එක නිසා ය. අද අප කලාතුරකින් සතියකට වරක් හෝ බ්ලොග් ලිපියක් ලිවූවද ඒවාට ද බොහෝ විට ෆේස්බුක් සම්බන්ධ වීම උත්ප්‍රාසය ජනිත කරයි.

මෙන්න මා ලියූ ෆේස්බුක් සම්බන්ධ බ්ලොග් ලිපි කිහිපයක්.

1. ෆේස්බුක් අවකාශය, බ්ලොග් ලෝකය සහ මගේ ලෝකය - Facebook, blogging and I
https://rasikalogy.blogspot.com/2017/07/facebook-blogging-and-i.html


2. ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියගෙන් නොසෑහෙන්න කෑවෙමි! - Oh, these Facebook group administrators
http://rasikalogy.blogspot.com/2017/07/oh-these-facebook-group-administrators.html


3. තවත් ෆේස්බුක් කචල් කතාවක් - Facebook fun
http://rasikalogy.blogspot.com/2017/07/facebook-fun.html


4. ඔබ වළ කජ්ජ ගැසූ පසු ඔබේ ෆේස්බුක් ගිනුමට කුමක් වේද? - Life after death
https://rasikalogy.blogspot.com/2015/05/life-after-death.html


5. ෆේස්බුකයියා - Who is he?
https://rasikalogy.blogspot.com/2017/07/who-is-he.html


6. ෆේස්බුකයියෙකුට වුණු ෆේස්බුක්මය ඇබැද්දියක් - My deepest sympathies
https://rasikalogy.blogspot.com/2017/08/499.html


7. සම්මාන නැති කතාවක් - Awardless
https://rasikalogy.blogspot.com/2019/09/awardless.html


8. ෆේස්බුක් විනෝද සාගරේ - Facebook: Entertainment Galore
https://rasikalogy.blogspot.com/2017/03/facebook-entertainment-galore.html


9. අජිත් පැරකුම් ජයසිංහ, ෆේස්බුක් දේශපාලනය සහ වෘත්තිය බ්ලොග්කරනය - Para the man...!
https://rasikalogy.blogspot.com/2016/03/para-man.html


14 comments:

  1. සිංහල බ්ලොග් කලාව විනාශ මුඛයට ඇද වැටුණේ, ෆේස්බුක් එක නිසා ය.- මේකට හේතුව ෆෙස්බුක් වල බ්ලොග් වලට වඩා වැඩි කියවන්නන් ප්‍රමාණයක් සිටීම හා එහි ඇතිවන සංවාද වඩා ඩයිනමික් ගතියක් තියෙන එක කියලා මට හිතෙනවා. ඒ වගේම ෆේස්බුක් ඇල්ගොරිදම් එක අනුව කෙනෙක් එය කියන්න්න සොයාගෙන එනවාට වඩා , කෙලින්ම ෆේස්බුක් එකෙන් අදාල කෙනා ලගටම පෝස්ට් එක ගෙනිහින් දෙනවා.

    නමුත් ෆේස්බුක් වල තියෙන එක අවාසියක් වෙන්නෙ පෝස්ට් එක දිර්ඝ කාලයක් නොතිබීම හා පහුකාලිනව තමන්ම ලියපු දේ සොයා ගන්න ට් ආපහසු වීම.

    බ්ලොග් කලාවට යලිත් පණ දීමට නම් මේ අවාසි සහගත දෙ සම්භන්ධයෙන් පියවර ගත යුතුයි...ඒකට එක විසදුමක් වෙන්නෙ පුලුවන් තරම් පෝස්ට වල කමෙන්ට් කරන එක. උදහාරනයක් ලෙස යමිකිසි පෝස්ට් එකකට දාන්න කමෙන්ට එකක් නැතත් , එය කියවූ බව සටහන කරන +++++++++++ වැනි කමෙන්ට් එකක් උනත් , අදාල බ්ලොග් රචකයා දිරිමත් කරන සටහනක් වේවී. - Mayya

    ReplyDelete
    Replies

    1. හොඳ අදහසක්. Mayya නම් කෙටි ප්‍රතිචාරයක් හරි දක්වනවා. Thanks

      Delete
    2. සෑහෙන නිවැරදි විච්චෙදනයක්. නියමයි මයියා.👌🙏

      Delete
  2. මම කියන්නෙ බුකිය කියලයි...

    ReplyDelete
  3. ඔයා තමා මූණුපොත කියන නම රෙජිස්ටර් කලේ ඉතින්. අපිනම් ෆේස්බුක් කියලම තමයි කිවේ. 😀

    ReplyDelete
  4. The word 'Rasika' could also mean a connoisseur of Art, Wine, Women, or music etc

    ReplyDelete
  5. http://hattorvittor.blogspot.com/2023/11/oh-no.html

    ReplyDelete
  6. මට නම් ෆේස්බුක් එකේ මොකුත් ලියන්න හිතෙන්නේ නැහැ .. දේසකයා සමග අටවා ගත්ත ගෘප් එකක පොඩ්ඩක් ලිව්වා .. දැන් එකත් නැහැ .. ෆේස්බුක් ආපු මුල් දවස් වල පෞද්ගලික දේවල් ලිව්වත් දැන් නම් සම්පුර්ණයෙන් ම නතර වෙලා ..

    ReplyDelete
  7. ෆේස්බුක් නිසා හැමෝම එහෙට දුවනවලූ
    දාස් ගණන් බ්ලොග් ලිපි ඒ නිසා තැවෙනවලූ
    දෑස් දල්වමින් සූරිගෙ ලිපි බලනවලූ
    සෝස් වගේ රසවත් ලිපි මෙහි තියනවලූ....

    ජයවේවා !!!

    ReplyDelete
  8. fb එක්ක විරසකයක් මගේ නැත
    blog වියමන් වඩා හොඳ යයි හැඟී ඇත
    කැඳවාගන්න රසිකයො බ්ලොග් අඩවි වෙත
    'ක්‍රම සහ විධි' අනුව වෙහෙසිය යුතුව ඇත

    ReplyDelete
  9. sidney city walata sinuwara kiyana eka dena upades.

    ReplyDelete
  10. නොකී කතා19 February 2024 at 20:32

    Facebook යන්න සිංහලෙන් ෆේස්බුක් ලෙස ලියනවා වගේම එසේ ලියන්නැයි පෙන්වා දෙන්න ගොස් ෆේස්බුක් පකීර් ලාගෙන් ඉල්ලං කෑවා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.