Saturday 28 October 2023

වැඩි දෙනෙකුට නොතේරෙන කතාවක් - Perhaps married men will understand this

මේ පහත දැක්වෙන කෙටි සටහන මා ෆේස්බුක් අවකාශයේ පළ කළ විට එය සිය දෙනෙකු පමණ කියවා ඇති බව ද, ඉන් 45 දෙනෙකු විවිධාකරයෙන් ප්‍රතිචාර දක්වා ඇති බව ද මට පෙණුනි.

නමුත් ඒ පිරිස අතරින් මා කියා ඇති කතාව අවබෝධකරගෙන ඇත්තේ අතලොස්සක් බව ද ප්‍රතිචාරවලින් වටහා ගත හැකි විය.

මා දන්නා සිංහල බ්ලොග් කියවන්නන් යනු ෆේස්බුක්වාසීන්ට වඩා වෙනස් පිරිසක් නිසා, මේ පහත සටහන කියවන අයගෙන් නම් බහුතර පිරිසක් එයි අදහස නිවැරදිව වටහා ගනු ඇතැයි සිතමි.



සම්මුඛ පරීක්ෂණ වලදී අසනු ලබන සම්මත ප්‍රශ්න රාශියක් තිබේ. මේ ඉන් එකකි.
ඔබට එකම දිනයේ කර නිමා කළ යුතු වැඩ රාජකාරි රාශියක් ඇති විට ඒවා කළමනාකරණය කර ගන්නේ කෙසේද?

නිසි පරිදි සේවා සපයන ආයතනයක වසර දෙක තුනක් සේවය කර පළපුරුද්ද ඇති අයෙකු මෙයට දිය යුතු නිවැරදි උත්තරය හොඳින් දනී.

කාර්යය නිම කළ යුතු දිනය එළඹ තිබුනත් හදිසි අවශ්‍යතාවක් නැති නිසා සල්ලි ඉල්ලා ගත්ත හැකි දේ හඳුනා ගෙන එය කළමනාකරණය කිරීම

ඉතා වැදගත් අගයකින් යුතු කටයුතු වහා නිමා කිරීම

කාර්යය නිමා කිරීම සඳහා අවශ්‍ය පරිදි අතිකාල සේවය කර නියමිත කාර්යය අවසන් කිරීම

හැකියාව ඇති පරිදි වෙනත් අයට වැඩ පැවරීම (deligation)

අතිරික්ත කටයුතු සඳහා සම්පත් ලබා ගැනීම (sub contract)

ඒ අතර වේ.

ඒ සමගම මා පවසන තවත් කරුණක් නම්, ඔය මොන deadlines, due dates, priorities, contractual obligations තිබුණත් ඒ සියල්ල මැද ආයතනයේ තමන්ට ඉහළින් සිටිනා කළමනාකරුගෙන් යම්කිසි කාර්යයක් පැවරුවහොත් ඒ සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි.

සති අන්තයේ දිනවල උදෑසන මට මේ අවසානයට දක්වන ලද කළමණාකරන මූලධර්මය ඉතා ප්‍රයෝජනවත් වේ.


බලමු! - රසික සූරියආරච්චි

(image: created using an AI image creator via Bing to celebrate a milestone in my YouTube channel.)

9 comments:

  1. මැනේජර් කියපු දේ නොකෙරුවොත් මොකෑ වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නීති විරෝධී දෙයක් නොවේ නම් නොකර ඉන්න හේතුවක් නෑ නේ.

      Delete
  2. කතාව ඇත්ත.

    මම සාමාන්‍යයෙන් කාර්ය මණ්ඩල පුහුණුවලදි කියා දෙන දෙයක්, වැඩ ප්‍රමුඛතාව අනුව බෙදා ගන්න විදිහ ගැන. හදිසි සහ වැදගත් යනුවෙන්:
    1. හදිසි සහ වැදගත් ඒවා ඒ වෙලාවෙම පටන් ගෙන ඉවර කරන්න
    2. හදිසි නමුත් වැදගත් නැති ඒවා ඊ ළඟට
    3. වැදගත් නමුත් හදිසි නැති ඒවා ඊ ළඟට

    ඒ වගේ ම වෙනත් කෙනෙකුට පවරා ඉටු කරගත හැකි ඒවා ඒ විදිහට පවරා දෙන්න. ඒ වගේ ම ඒ විදිහට වගකීම පවරා දිය හැකි විදිහට සහාය කාර්ය මණ්ඩලය පුහුණු කර තැබීම වැදගත්.

    සියල්ලට ම කලින් මතක තබා ත යුතු දේ තමයි, තමන්ගේ ප්‍රධානියාගේ ප්‍රමුඛතාව තමන්ගේ ද ප්‍රමුඛතාව වන බව. ලොක්කා ඉල්ලන වැඩය, අනික් සියල්ලට ම කලින් ඉටු කළ යුතුයි. ඉටු කළ නොහැකි නම්, ඊට හේතු සහ නීතිමය පදනමත් එක්ක, ලොක්කා ට ඉතා ම ඉක්මණින් පැහැදිලි කළ යුතුයි.

    මම මේ දේවල් ඔලුවෙ තියාගෙන මේ ලියවිල්ල කියෙව්ව නිසා, මට මග ඇරුණු දේවල් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න. ඒක මට වැදගත්...

    ReplyDelete
    Replies
    1. සතියේ දිනවල කාර්‍යාලයේ දී කරන කියන දේ ගැන හිතමින් මේ කෙටි සටහන කිය වූ ඔබට මග හැරී ඇත්තේ මා සඳහන් කර ඇති "සති අන්තයේ දිනවල" යන්නයි.

      Delete
  3. මම මේකට කමෙන්ට් එකක් දැම්මා. නමුත් ඒක පේන්න නෑ.

    කාල කළමනාකරණය ගැන මමත් දේශනවලදි මේ වගෙ දෙයක් තමයි කියා දෙන්නෙ.

    වැඩ ප්‍රමුඛතා අනුව වර්ග කරගන්නව:
    1. වැදගත් සහ හදිසි - එවේලෙ ම කරන්න
    2. වැදගත් නැති හදිසි - ඊළඟට කරන්න
    3. හදිසි නැති වැදගත් - ඊට පස්සෙ කරන්න
    4. හදිසි නැති සහ වැදගත් නැති - වෙලාවක් ලැබුණ ම කරන්න.

    රාජ්‍ය සේවයෙ තියෙනව තුන්දා නීතිය සහ හත්දා නීතිය. ඒ කියන්නෙ, වැඩක් ආවම දවස් තුනක් ඇතුළත ඒක පටන් ගන්න ඔ්නෙ. ඒ වගේ ම දවස් හතක් ඇතුළත උත්තරයක් හෝ, පූර්ණ උත්තරයක් යවන්න කාලය මදි නම් අතුරු පිළීතුරක් යවන්න ඔ්නෙ.

    ඔය ඔක්කොට ම ඉහළින් "ලොක්කාගේ ප්‍රමුඛතාව ඔබගේ ද ප්‍රමුඛතාවයි" යන රීතිය ක්‍රියාත්මක වෙනවා. ලොක්කා නියෝග කරන වැඩ කඩිනමින් ඉටු කරන්න. කළ නොහැකි වැඩක් කරන්න කියයි නම්, ඒක කළ නොහැකි වීමට හේතුව සහ ඊට අදාළ රෙගුලාසි ඉතා ම ඉක්මණින් පෙන්වා දෙන්න.

    ReplyDelete
    Replies
    1. "ලොක්කාගේ ප්‍රමුඛතාව ඔබගේ ද ප්‍රමුඛතාවයි" යන්න සතියේ දිනවල කාර්‍යාලයේ දී මෙන්ම සමහරවිට ඊටත් වඩා වැදගත් වන්නේ "සති අන්තයේ" දිනවලදී ය.

      Delete
  4. මම සාමාන්‍යයෙන් වැඩ කරන්නෙත් එහෙම තමයි.
    සල්ලි ගෙවපු අයගේ වැඩ ඉස්සෙලම
    පරණ ජොබ් එකේ MD, tech director හරි අලුත් එකේ ඉහලම director ගේ වැඩක් නම් ඊළඟට
    මාත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියන් ඉන්න client ලා ඊළඟට
    ට්‍රේනින් එකක් තිබ්බොත් ඒක
    client ලා ට ෆ්‍රී කරන වැඩ
    අන්තිමට ටෙක් සපෝර්ට් අයගේ ප්‍රශ්න
    වෙලාව නැත්නම් ඩෙලිගේට් කරන්න පුළුවන් නම් ඒක කරනවා
    අතිකාල වැඩ පැයකට වඩා නොමිලේ කරන්නේ නැහැ . ඒත් ඉඳල හිටල තමා

    ReplyDelete
  5. ලොක්කගෙන් නං බේරුමක් ඇති
    ලොක්කිගෙන් නං එහෙම නැතුවැති

    ReplyDelete
  6. සති අන්ත වල වැඩ කරන්න පිළිවෙලක් නැහැ ... පුළුවන් තරම් නොකර ඉඳල බැරිම නම් තමා කරන්නේ ... හෙහ් හෙහ්

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.