පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, October 27, 2023

ඊශ්‍රායලයේ සහායට පැමිණි ඇමරිකානු නෞකාවන්ට ඉරානය පහර එල්ල කරයිද? - Will Iran attack American ships that came to Israel's aid?



මේ පිළිබඳ කතා කරන්නට පෙර මුලින්ම සිතියම දෙස අවධානය යොමු කිරීම වඩා හොඳ යැයි සිතමි.

ඉරානය මේ සිතියමේ ඇත්තේ දකුණු කෙළවරේය. ඊශ්‍රායලය, ම්‍යධරණී මුහුද සහ එක්සත් ජනපදයට අයත්, ප්‍රහාරක යානා ප්‍රවාහනය කරන නෞකාවන් ඇත්තේ වම් කෙළවරේය. ඉරානයේ සිට ඉරාකය, සිරියාව හෝ ජෝර්දානය පසුකරමින් පැමිණෙන්නට ඇති දුර සැතපුම් සිය ගණනකි.

එතරම් දුරකට ඉතා නිවැරදිව ප්‍රහාරයක් එල්ල කළ හැකි තරම් ඉහළ තාක්ෂණයෙන් යුක්ත ආයුධ ඉරානය සතුව නැත. ඔවුන් සතුව ඇති හොඳම අවිය වන්නේ inertially-guided missile  ය. මෙයට සිංහලෙන් ‘අවස්ථිති මගපෙන්වීමේ මිසයිල’ යනුවෙන් ද හැඳින්විය හැකිය. ගමන් කළ යුතු ස්ථානය ගණනය කොට තීරණය කිරීමේ හැකියාව මේවාට පවතී. නමුත් යුද විශේෂඥයන් පවසන්නේ සැතපුම් සිය ගණනක් ගමන් කරද්දී මේවා බොහෝ විට පතිත වන්නේ ඉලක්ක කළ ස්ථානයට සැතපුම් එකක් හෝ දෙකක් මෙපිටින් බවය. මේ වන විටත් යල් පැන ගිය තාක්ෂණයෙන් යුක්ත මේවායෙන් නෞකාවක් වැනි ගමන් කරමින් පවතින වස්තුවකට ප්‍රහාරයක් එල්ල කිරීමට භාවිත කිරීම නිෂ්පල කාර්යයකි. යම් හෙයකින් මේ මිසයිලයක් කෙසේ හෝ නෞකාව දෙසට ඉතා නිවැරදිව ගමන් කළේ යැයි මොහොතකට හෝ සිතුව ද, ඇමරිකා එක්සත් ජනපද නෞකාවන්ට inertially-guided missile  වලට පහර දී විනාශ කළ හැකි, ශබ්දයේ වේගය පරයා ගමන් කළ හැකි බැලස්ටික් යුධ ශීර්ෂවලින් යුක්ත තාක්ෂණය තිබෙන අතර ඔවුන් ඒවා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන් වූ අවස්ථාවන් ද බොහොමය. 

inertially-guided missile වලට පහර දී විනාශ කළ හැකි ඇමරිකානු යුධ නෞකාවක්

මීට අමතරව ඉරානයට හැකියාව පවතින්නේ ඇමරිකානු හමුදාවට කෙලින්ම මුහුණ මුහුණ සටනකට අවතීර්ණ වීමය. නමුත් ලෝකයේ ප්‍රබලතම හමුදාවක් ඇති ඇමරිකාව සමග එවැනි සටනකට එළැඹීමට තරම් ඉරානය අඥානයකු නොවනු ඇතැයි සිතේ. ත්‍රස්තවාදී කල්ලියක් ගතහොත් ඔවුන් සටන් කරන්නේ සැඟවීගෙන ය. ඔවුන් සිටින නිශ්චිත ස්ථානයක් පිළිබඳ අදහසක් නැත. නමුත් ඉරානය රටක් ලෙස ගතහොත් පැහැදිලි ස්ථානයක් පවතී. පැහැදිලි ඉලක්කයක් පවතී. ඇමරිකාවට පහර දීමෙන් සිදුවෙන්නේ හමාස්වරු ඊශ්‍රායලයට පහර දීමෙන් පසු ගාසා තීරයේ ගොඩනැගිලි සමතලා වූවා හා සමාන ප්‍රතිඵලයක් ඉරානයට අත්වීම පමණි. කෝටි ගණන් වටිනා ගොඩනැගිලි, දේපළ, මිනිස් ජීවිත විනාශ කරගන්නට ඉරානය වර්තමානයේ ඉදිරිපත් වේ යැය සිතිය නොහැකිය. 

එබැවින් ඔවුන් ඇමරිකාව සමග එළිපිට සටනකට එළැඹෙන්නට ඇති ඉඩකඩ බොහෝ සෙයින් අඩුය.


වැඩිදුර කියවීම්

හමාස් ත්‍රස්තයින් වනසන්නට ඊශ්‍රායලයෙන් ‘ස්පොන්ජ් බෝම්බ’

ඊශ්‍රායෙල් යුදෙව්වන් සහ මුස්ලිමුන් අතර පවතින සදාකාලික වෛරයට හේතුව මෙයයි





4 comments:

  1. අජිත් ධර්මකුමාර- ජර්මනියOctober 27, 2023 at 11:43 AM

    නිරන්ජන් කන්නන්ගරගේ මතය නිවැරදි බව මටත් සිතේ. කලක් රුසියාවේ අධ්‍යාපනය ලබා, මේ වන විට බටහිර වාසය කරනා මාත් මෙම බලවතුන් සමග සමීපව ආශ්‍රය කරමි. එමනිසා එය ඇත්ත බව සිතේ.

    ReplyDelete
  2. තනිකර පත්තරකාරයෝ හදන යුද්ධ . දිනන්නේ හැබැයි කේජිබි කාරයා පුටින් - නියම අජිත් ධර්ම

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න