Saturday 12 August 2023

මුදලාලි ගෙ මෝඩ පුතා - A case for private universities!


පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන විවිධ අදහස් ආපහු ඇහෙන්න පටන් අරන්. මේ දවස්වල නං ඒකට මූලික හේතුව වෙලා තියෙන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මංඩලය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක්.

අපේ යුනිවසිටි කාලේත් ඔය වගේ කචල් තිබුණා විටින් විට. ඇම්බීබීඇස් දෙන තිප්පොලවල් ගැන විතරක් නෙමේ පොදුවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන.

ඒ වෙන කොට උසස් අධ්‍යාපන පනතට කරලා තිබුණු සංශෝධන නිසා පෞද්ගලික ආයතනවලට උපාධි දෙන්න බලතල පවරන්න ආණ්ඩුවට බලය ලැබිලයි තිබුණේ මට මතක හැටියට.

මේ සංශෝධනවලට එරෙහිව මහා විරෝධතා ව්‍යාපාරයක් පටන් ගත්තා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මංඩලය හෙවත් අපි කියපු විදියට අයියුඑස්එෆ් එකෙන්.

පේරාදෙනියේ අපි පිහිටුවලා තිබුණු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හෙවත් ඒසී එකෙන් ඒ හා සම්බන්ධ වැඩකටයුතු කරන්න පටන් ගත්තා.

විශ්වවිද්‍යාලයම පුරා විතරක් නෙමේ ඒ දවස්වල පේරාදෙණියේ ඉඳලා නුවරටමත් අපි පෝස්ටර් ගහනවා. සිගරට් බට් එක තීන්තවල ඔබලා, අලි මුඩුක්කුවෙන් ගන්න පෝස්ටර් කඩදාසිවල අකුරු අඳින එක හරිම ජොලි වැඩේ.

මේ දවස්වල අපි හිටපු නේවාසිකාගාරයේ තිබුණු කැෆටේරියා එක කළේ හොඳ ජොලි මුදලාලි කෙනෙක්. නියම කට්ට පෙනුමක් තිබුණු හින්දා කොල්ලෝ පොරට කාඩ් එකක් ගහලා තිබුණා නරියා මුදලාලි කියලා.

නරියා මුදලාලි ගැනත් හොඳ හොඳ කතා සිහිවෙනවා ලියන්න. නමුත් මේ අද කතන්දරේ මුදලාලිගේ පුතා ගැනයි.

මුදලාලි කොල්ලාත් උදේ හවා හිටියේ අක්බාර් එකේ කැෆටේරියා එකේම තමයි. මුදලාලි තාත්තා එතන නැති වෙලාවට කැෂියර් වැඩේ කලේත් පුත්‍ර රත්නයයි.

පොර අනිවාර්යෙන්ම අපිට වඩා බාල එකෙක්. ඒත් ඉස්කොලේ යන පාටක් නම් පේන්න තිබුනේ නෑ. සමහර විට ඕලෙවල්වලින් ම ඉස්කෝලෙන් අස්වෙලා තාත්තාගේ බිස්නස් එක පුරුදු වෙන්න පටන් ගන්න ඇති. කොහොම වුනත් තාත්තා වගේ නෙමේ ටිකක් මෝඩ පාටක් තමයි කොල්ලාගේ මූණේ තිබුනණේ.

සමහර විට මේ බත් තම්බන රස්සාවට තිබුණු අකමැත්ත හින්දා ඇතිවුණු දුක මූණෙන් පිළිබිඹු වුණා වෙන්න ඇති.

ඔන්න එක දවසක් අපි මහා පන්ති වර්ජනයක් කරලා, පිකටින් කරලා, විශ්වවිද්‍යාලය පුරා පෙළපාලියක් ගිහින්, ගලහ හන්දියේ රැස්වීමක් තියලා අන්තිමේදී දවල්ට කන්න අක්බාර් එකට ආවා.

මුදලාලි හිටියේ නෑ. කැෂියර් එකේ හිටියේ පුත්‍රයා.

පොර හිටියේ මාර ජොලියෙන් බව පෙණුනා. අර මූණේ මෝඩ පාට පැත්ත පලාතේවත් නෑ.

පස්සේ තමයි අපිට වැඩේ තේරුණේ!

කවුන්ටරේ දෙපැත්තේ තියෙන සින්ක් දෙක ලඟ ලොකු නෝටිස් බෝඩ් දෙකේ මහා පෝස්ටර් දෙකක් ගහලා. දෙකේම තිබුණේ එකම සටන් පාඨය.



මේ ලිපියත් කියවන්න:
ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රශ්ණයට විසඳුම පුද්ගලික විශ්වවිද්‍යාල නොවේ, මෙන්න මේක ය! දැවෙන ප්‍රශ්ණයකට මගෙන් පිදුරු ගොඩක්!
- Private money for higher education industry
https://rasikalogy.blogspot.com/2023/08/private-money-for-higher-education.html
- රසිකොලොජිස්ට්

(image: created using Bing AI image creater using DALL-E)

4 comments:

  1. මෝඩ වුණත් අවධානය ලැබෙනව නම්
    ඕනෙම දෙයක් කෙරුමට අපි සූදානම්
    ප්‍රශ්නය අපට නොපෙනෙයි අපෙ අනුවණකම්
    පොදුයි මේ දහම; මිනිහා පවතිනකම්

    ReplyDelete
  2. හෙහ්..හෙ 😂 මුදලාලිගේ පුට්ට්‍රරත්නය ඇමති කමකට සුදුසුයි එකෙන්ම

    ReplyDelete
  3. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවන්වට මගේ නම් විරුද්ධත්වයක් නැහැ. ලංකාවේ තත්වය නිසා . දැන් අවුරුදු දහයක විතර ඉඳන් පවත්වාගෙන යන අදහසක්

    ReplyDelete
  4. ඉතිං පොරට උපාධියක් හම්බඋනැයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.